Upul Pathirana Fans Page

Upul Pathirana Fans Page රටක් ආදරය කල අපි පැහැසරා සුපර් ලයින්

🌿🌿 බීජයක් සිටුවා අස්වැන්න නෙළන්නට කොපමණ කල් ගතවේද? 🫑🫑අපේ ගෙවත්තේ බීජයක් පැළ කරන අපි හැමෝටම තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි...
01/31/2026

🌿🌿 බීජයක් සිටුවා අස්වැන්න නෙළන්නට කොපමණ කල් ගතවේද?

🫑🫑අපේ ගෙවත්තේ බීජයක් පැළ කරන අපි හැමෝටම තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි, "මේකෙන් කවදාද අස්වැන්නක් ලැබෙන්නේ?" කියන එක. කාබනික ගෙවතු වගාවේදී රසායනික පොහොර භාවිත නොකරන නිසා වගාවට නිසි කාලය ලබා දීම සහ ඉවසීම ඉතා වැදගත්.

⭐බීජ පසට දැමූ දින සිට අස්වැන්න නෙළීමට ගතවන දළ කාලසීමාවන් අනුව අපට එළවළු ප්‍රධාන කාණ්ඩ කිහිපයකට බෙදා වගා සැලසුම් සකස් කරගන්න පුළුවන්.

📌ඉතා ඉක්මන් අස්වැන්න (දින 21 - 30 අතර) - පලා වර්ග 🌿

🔰ඔබ වගාවට අලුත් කෙනෙක් නම් හෝ ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් පලා වර්ග වලින් පටන් ගන්න.

🔸කංකුන් බීජ හෝ දඬු සිටුවා දින 25-30 කින් පලමු අස්වැන්න ගත හැක.
🔸තම්පලා දින 21-25 ක් වැනි ඉතා කෙටි කාලයකින් වගාව සරුවට වැඩේ.
🔸නිවිති බීජ දමා දින 30-45 අතර කොළ නෙළා ගත හැක. (වැල් නිවිති සඳහා මීට වඩා කල් ගතවේ).
🔸මොනරකුඩුම්බිය / සාරන ඉතා ඉක්මනින් වැඩෙන ඔසු ගුණැති පලා වර්ගයි.

✨පලා වර්ග සඳහා නයිට්‍රජන් බහුල පොහොර (ගොම පොහොර හෝ කොම්පෝස්ට්) නිතර යෙදීමෙන් අස්වැන්න ඉක්මන් කරගත හැක.

📌කෙටි කාලීන බෝග (දින 45 - 60 අතර) 🥕🥒

🔸මාස 1 ½ හෝ 2ක් ඇතුළත ඔබේ පිාගානට එකතු කරගත හැකි එළවළු වර්ගයි මේ.

🔸රාබු ගෙවතු වගාවේ වේගවත්ම බෝගයයි. බීජ දමා දින 45-50 කින් අල ගලවා ගත හැක.
🔸පඳුරු බෝංචි දින 45-50 දී කරල් හටගැනීම ආරම්භ කරයි. (වැල් බෝංචි සඳහා තව දින 10-15ක් අමතරව ගත විය හැක).
🔸 බණ්ඩක්කා දින 45-50 පමණ වන විට මල් පිපී කරල් හටගනී. දිනපතා හෝ දින දෙකකට වරක් අස්වැන්න නෙළා ගත යුතුය.
🔸කැකිරි / පිපිඤ්ඤා වැල වැඩී දින 50-60 අතර කාලයේදී ගෙඩි නෙළා ගත හැක.

📌මධ්‍ය කාලීන බෝග (දින 75 - 90+ අතර) 🍅🌶️

🎯මේවාට තරමක් වැඩි සැලකිල්ලක් සහ ඉවසීමක් අවශ්‍යයි. බොහෝ විට තවාන් දමා පැළ කර සිටුවීම වඩාත් සාර්ථකයි.

🔸 තක්කාලි බීජ දමා මාස 2 ½ - 3 කදී පලමු අස්වැන්න ලැබේ.
🔸මිරිස් / මාළු මිරිස් බීජ සිටුවා දින 75-90 කට පසු කරල් නෙළා ගත හැක. නිසි නඩත්තුව ඇත්නම් මාස ගණනාවක් පලදාව ලබා දෙයි.
🔸වම්බටු දින 80-90 කින් අස්වැන්න නෙළීම ඇරඹිය හැක.
🔸කරවිල / පතෝල / වැටකොළු මෙම වැල් වර්ග බීජ දමා දින 70-80 අතර කාලයේදී අස්වැන්න ලබා දීම ආරම්භ කරයි.

📌 දිගු කාලීන බෝග (මාස 4 - 6 හෝ ඊට වැඩි) 🎃

🎯ඉඩකඩ ඇති ගෙවත්තකට මේවා ඉතා සුදුසුයි.

🔸 වට්ටක්කා අස්වැන්න නෙළීමට මාස 3 ½ සිට 4 ½ දක්වා කාලයක් ගතවේ.
🔸 මඤ්ඤොක්කා / බතල අල වර්ග හොඳින් මේරීමට මාස 5-6ක් වත් අවශ්‍ය වේ.
🔸 ඉඟුරු / කහ මේවා සිටුවා මාස 8-9 කට පසුව (කොළ මැලී ගිය පසු) අස්වැන්න නෙළා ගත යුතුය.

💡 සාර්ථක ගෙවතු හිමියෙක් වීමට කුඩා උපදෙස්

🥬 පලා සහ බෝංචි හැර අනෙක් බොහෝ එළවළු සඳහා දිනකට පැය 4-6 ක තද හිරු එළිය අවශ්‍ය බව මතක තබා ගන්න.
🥬 කාබනික වගාවේ රහස ඇත්තේ පසෙහිය. කොම්පෝස්ට්, වියළි ගොම සහ කොහු බත් මිශ්‍ර කර කාබනික පොහොර යොදා පස සකසා ගන්න.
🥬 බීජ පැළ වන අවධියේදී පස තෙතමනයෙන් තබා ගැනීම අනිවාර්ය වේ.

▪️සැකසුම හැඩකාර ගෙවත්ත වෙනුවෙන් ඇඩ්මින් ප්‍රියන්තිකා දිල්රුක්ෂි.

වසර තුනක වම්බටු මිලෙහි සාමාන්‍ය අගය🍆 දඹුල්ලේ වම්බටු මිල: වසර 3ක මිල විචලනය පිළිබඳ විශ්ලේෂණය (2023-2025)දඹුල්ල ආර්ථික මධ්...
01/24/2026

වසර තුනක වම්බටු මිලෙහි සාමාන්‍ය අගය
🍆 දඹුල්ලේ වම්බටු මිල: වසර 3ක මිල විචලනය පිළිබඳ විශ්ලේෂණය (2023-2025)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය වසර තුනක දත්ත දෙස බැලීමේදී, වම්බටු මිල කාලයත් සමඟ විශාල ලෙස උච්චාවචනය වන ආකාරය දැකගත හැකිය. ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ද මෙය ඉතා වැදගත් මගපෙන්වීමක් වනු ඇත.
📊 මිල රටාවේ ප්‍රධාන නිරීක්ෂණ:
• අඩුම මිල වාර්තා වන කාලය (පෙබරවාරි - මාර්තු): මහ කන්නයේ අස්වනු වෙළඳපොළට බහුලව ලැබෙන මෙම කාලසීමාවේදී වම්බටු කිලෝවක මිල රු. 100 - 180 වැනි අවම අගයකට පත්වේ. පාරිභෝගිකයන්ට මෙය ඉතා වාසිදායක කාලයකි.
• උපරිම මිල වාර්තා වන කාලය (අප්‍රේල්): සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ පවතින දැඩි ඉල්ලුම නිසා අප්‍රේල් මාසයේදී කිලෝවක මිල රු. 650 දක්වා ඉහළ යන ආකාරය දැකගත හැකිය. මෙය වසරේ වාර්තා වන ඉහළම මිල මට්ටමයි.
• වසර අවසානයේ මිල ඉහළ යාම (නොවැම්බර් - දෙසැම්බර්): අධික වර්ෂාව නිසා සැපයුම සීමා වීම සහ උත්සව සමයේ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී මිල රු. 500 සීමාව ඉක්මවා යයි.

💡 ගොවීන් සඳහා උපදෙස්:
ඔබ වගා සැලසුම් සකස් කිරීමේදී, අප්‍රේල් මාසයේ මුල හෝ නොවැම්බර්/දෙසැම්බර් කාලසීමාවන් තුළ අස්වනු නෙළීමට හැකි වන සේ වගාව ආරම්භ කරන්නේ නම්, වසරේ උපරිම ලාභයක් ලබා ගැනීමට වැඩි ඉඩකඩක් පවතී. මාර්තු මාසයේදී අස්වනු වෙළඳපොළට එවීමෙන් ලාභය අවම විය හැක.
Copied Asanka anurudda

#කෘෂිකර්මය #ගොවිතැන #දේශීයගොවිතැන #ගොවිපොළ

01/11/2026

Address

Sri Lanka � & USA �
Houston, TX

Telephone

+94718006161

Website

Alerts

Be the first to know and let us send you an email when Upul Pathirana Fans Page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share