07/07/2023
වැකුම් පැක් රික්ත ඇසුරුම් ක්‍රමය භාවිතා කරන්නේ ආහාර නිශ්පාදන මුද්‍රා තැබීමට පෙර වාතය ඉවත් කිරීමෙන් පසු ඇසුරුම් කිරීමට ය. එය ආහාර සැලකියයුතු කාලයක් නරක් වීමෙන් ආරක්ෂා කරන අතර දිගු කාලීනව ආහාර නිෂ්පාදන නැවුම්ව තබා ගැනීමට වඩාත්ම ලාභදායී විකල්පයයි.
විදෙස් ගතවන ඔබට ඔබ ගෙනයන ආහාර නිශ්පාදන වැකුම් ඇසුරුම්/රික්ත ඇසුරුම් කිරීම මගින් අත්වන ප්‍රතිලාභ.
ආහාරවල මුල් පෝෂණ අගය දිගු කාලයක් තබා ගනී.
ආහාරවල අව්‍යාජ රසය (The authentic taste), වයනය සහ රසය , (texture & flavor of food) ආරක්ෂා වේ. එපමණක්ද නොව, එය ස්වභාවික සුවඳ පවත්වා ගනිමින් ආහාර විජලනය වීම නතර කරයි.
ඉඩකඩ ඉතිරි කරන කාර්යක්ෂම ඇසුරුම් ක්‍රමයක් වීම : ආහාර ඇසුරුම් පරිමාව අවම විම.
ආහාර ගෙනයාමට ඔබ වීදුරු හෝ ප්ලාස්ටික් භාජන භාවිතා කරන්නේ නම් ඔබගේ බහාලුමේ හෝ බෑගයේ අති විශාල ඉඩ ප්‍රමානයක් අත්පත් කරගන්නා අතර, එය වෙනත් දේ ගබඩා කිරීම අභියෝග කරයි. රික්ත බෑග් ඇසුරුම්කරණය සරල සහ ඵලදායී වන අතර එය ආහාර පහසුවෙන් අවම ඉඩ ප්‍රමාණය ගනිමින් ආහාර ඇසුරුම්(වීදුරු හෝ ප්ලාස්ටික් භාජන ) සදහා වන බර අඩු කරයි.
ආහාරයක් කල්තබා ගත හැකි කාලය වැඩි කිරීම: (Increased shelf life)
පොලිතීන් පැකට් මෙන් නොව රික්ත මුද්‍රා භාවිතයෙන් ආහාරවල සමස්ත ආයු කාලය 3 සිට 5 ගුණයකින් වැඩි වේ. බැක්ටීරියා, දිලීර වර්ධනය අවම කිරීම. වාතය සමඟ ප්‍රතික්‍රියා කිරීම අවම කිරීම.
බාහිර ද්‍රව්‍ය වලට මුද්‍රා තැබූ බාධකයක් ලෙස ක්‍රියා කිරීම මගින් ආහාර ආරක්ශා වීම හා ආහාර වල අඩංගු තෙල් වැනි දෑ බාහිරට විවෘත නොවීම : (Sealed barrier from external elements)
වැකුම් මුද්‍රා තැබීම නිසා ඔබේ ආහාර තුළට දූවිලි අංශු ඇතුළු නොවේ. එසේම නිෂ්පාදිතය කෘමීන්, තෙතමනය, දූවිලි වැනි හානිකර බාහිර අංශු වලින් ආරක්ෂිතව පවත්වා ගනී. ආහාර වල අඩංගු තෙල් වැනි දෑ බාහිරට විවෘත නොවීම නිසා පහසුවෙන් ගමන්මලු තුල ගබඩා කල හැකි වීම.