SLTB-Udugama Depot

SLTB-Udugama Depot උඩුගම ඩිපෝව- ශ්‍රීලංගම | உடுகம டிப்பே?

"දැක්ම / Vision / நோக்கம்"

කලාපයේ විශිෂ්ඨතම මගී ප්‍රවාහකයා

பிராந்தியத்தின் அதிசிறந்த பயணிப் போக்குவரத்தாளர்

The excellent Transport Provider in the Region



"මෙහෙවර / Mission / குறிக்கோள்"

මහජනතාවට ආරක්ෂිත, විශ්වාසදායී, සුවපහසු මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවයක් සාධාරණ ගාස්තු ක්‍රමයක් යටතේ සේවයට කැපවූ පලදායී කාර්ය මණ්ඩලයක් මගින්, මහජනතාවට ආයතනයේ සියළුම සම්පත් උපරිම ප්‍රයෝජනයට ගනිමින් ආර්ථිකමය වශයෙන

් තුලනාත්මකව පවත්වාගෙන යාම.

பொதுமக்களுக்கு பாதுகாப்பான நம்பத்தகுந்த வசதிகளுள்ள வீதிப்பயணிப் போக்குவரத்துச் சேவையை சாதாரண கட்டண முறையின் கீழ் சேவை அர்ப்பணிப்புடன் செயலாற்றும் உற்பத்திவளமிக்க பணியாளரின் மூலம் சகல வளங்களையும் உச்சநிலையில் பயன்படுத்தி பெற்றுக்கொடுத்து பொருளாதார ரீதியில் சமநிலையைப் பேணும் நிறுவகமாக இயங்கல். To provide the public a safe, dependable and comfortable road passenger transport at a reasonable fare system through a staff dedicated to service and obtain the maximum utilization of all resources functioning as a financially viable organization.

03/03/2021
2016 සුබ නව වසරක් වේවා. !අපි ශ්‍රී ලංගම උඩුගම ඩිපෝව.
31/12/2015

2016 සුබ නව වසරක් වේවා. !
අපි ශ්‍රී ලංගම උඩුගම ඩිපෝව.

12/09/2015

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය
'' බස් රථ වෙන්දේසිය ''
-------------------------------------
භාවිතයෙන් ඉවත් කරනළද අබිලි බස් රථ
මාදිලි- ලංකා අශෝක් ලේලන්ඩ් , ටාටා , ඉසුසු
වෙන්දේසිය පැවැත්වෙන ස්ථානයන්
2015 සැප්තැම්බර් 07 - කැස්බෑව ඩිපෝව පෙ.ව.10.30 ට
2015 සැප්තැම්බර් 18 - යටිනුවර ඩිපෝව පෙ.ව.10.30 ට
2015 සැප්තැම්බර් 25 - අම්පාර ඩිපෝව පෙ.ව.10.30 ට
2015 සැප්තැම්බර් 30 - කිරිඳිවැල ඩිපෝව පෙ.ව.10.30
වෙන්දේසි දිනයට දින දෙකකට පෙර වෙන්දේසියට අදාළ බස් රථ එම ඩිපෝ අංගනයන්හිදී පරීක්ෂාකර බැලිය හැක.
වැඩිදුර විස්තර සහ කොන්දේසි අදාළ ඩිපෝවන්ගෙන් විමසා දැනගත හැක.
වෙන්දේසිකරු- ඩැලස් කෙලාට්ස් ඕක්ෂන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්.
www.auctionslk.com

18/07/2015

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය.

ඉතිහාසයෙන් බිඳක්...

1957 අංක 48 දරණ ගමනාගමන මණ්ඩල පනත සම්මත වීමෙන් එවකට පැවති පෞද්ගලික බස් සමාගම් සියල්ල රජයට පවරාගෙන ජනසතු කරන ලද අතර, 1958 ජනවාරි පළමුවැනිදා ''ලංකා ගමනාගමන මණ්ඩලය'' පිහි‍ටුවිණි.

එවකට අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක (S.W.R.D.Bandaranayaka) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ එවකට ගමනාගමන සහ විදුලිබල අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක(Maithripala Senanayaka)මහතා සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ පළමු සභාපතිවරයා වූ වී.ඒ.එච්. ද මෙල් (V.A.H.de Mel) මහතා ඇතුළු සම්භාව්‍ය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් ලංගමය පිහි‍ටුවීමේ නිල උත්සවය ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි. අනතුරුව අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස මෙරට පළමු ජනසතු බස් ඩිපෝව වන නිට්ටඹුව ඩිපෝවට අයත් 22 ශ්‍රී 1087 බස් රියට නැග ගමන්කොට, මෙරට ප්‍රවාහන ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක නියමුවා වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ සමාරම්භය සනි‍ටුහන් කළෝය.

මේ සමගම, එවකට පැවති පුද්ගලික බස් සමාගම් 76 කට අයත්ව පැවති බස් 3400 ක් සහ සේවක සේවිකාවන් 15000 කට පමණ රාජ්‍ය සේවයට ඇතුළත්වීමට වරම් හිමිවිය.

තමන් ගමන්මගේ 20වැනි වසර ගෙවෙන විට, එනම් 1978 දී ලංකා ගමනාගමන මණ්ඩලය, ''මධ්‍යම ගමනාගමන මණ්ඩලය'' ලෙස නම වෙනස් කරනලද අතර එතෙක් තනි ආයතනයක් ලෙස පැවති එය, ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩල 09ක් බවට විමධ්‍යගත කරනලදී
මේ සමගම 1978 දි නැවතත් පුද්ගලික අංශයට මගී ප්‍රවාහනයේ යෙදීමට අවසර හිමිවිය.

1987 අංක 23 දරණ ජනතාසන්තක ප්‍රවාහන සේවා පනතට අනූව, නැවතත් 1990 දෙසැම්බර් 18 දින සිට එවකට පැවතියාවූ බස් ඩිපෝ, ස්වාධීන බස් සමාගම් බවට පත් කරන ලද අතර, ඒ අනූව ජනතා සන්තක බස් ඩිපෝ 93 ක් ඇති කෙරුණි.
ඒ සමගම ලංගමයේ නාමය ''ජනතා සන්තක ප්‍රවාහන සේවය'' යනුවෙන් වෙනස් විය.

මෙසේ පිහි‍ටුවනු ලැබූ ජනතා සන්තක ප්‍රවාහනසේවය අපේක්ෂිත ආකාරයට සාර්ථක නොවීම හේතුවෙන්, නැවතත් 1996 අංක 30 දරණ ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත(සංශෝධිත) මගින් ලංගම ප්‍රාදේශිකයන් වශයෙන් බෙදා, පොකුරු බස් සමාගම් පිහි‍ටුවනු ලැබිණි. කෙසේවුවද එවකට පැවති උතුරු ප්‍රාදේශිකය මෙසේ වෙනස් නොකර මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේම පාලනය කෙරුණි. මෙයාකාරයට පොකුරු බස් සමාගම් 11 ක් පිහි‍ටුවිණි.

1958 දී පිහි‍ටුවනු ලැබූ ලංගමය විවිධාකාර වෙනස්වීම් වලට මුහුණදී, නැවතත් 2005 දී සම්මත කරගත් 2005 අංක 27 දරණ ලංකා ගමනාගමන මණ්ඩල පනත අනූව, එවකට පැවති පොකුරු බස් සමාගම් සියල්ල විසුරුවාහැර නැවතත් ආරම්භයේ පැවති පරිදිම සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ පාලනයවන පරිදි මධ්‍යගත කර ''ලංකා ගමනාගමන මණ්ඩලය'' පිහි‍ටුවනු ලැබිණි.
පසුව මෙම නාමය ''ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය'' වශයෙන් වෙනස් කෙරුණි.

ශ්‍රී ලංගමයේ නාමය වෙනස්කම් වලට ලක්වූ ආකාරය.

1) ලංකා ගමනාගමන මණ්ඩලය [ 1958 – 1977 ]

2) ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය [ 1977 – 1983 ]

3) ලංකා ගමනාගමන මණ්ඩලය [ 1983 – 1991 ]

4) ජනතා සන්තක ප්‍රවාහන සේවය [ 1991 – 1997 ]

5) පොකුරු බස් සමාගම් [ 1997 – 2005 ]

1. කොළඹ මෙට්‍රොපොලිටන් බස් සමාගම
2. ගම්පහ බස් සමාගම
3. රජරට බස් සමාගම
4. සබරගමුව බස් සමාගම
5. නුවර එළිය බස් සමාගම
6. කළුතර බස් සමාගම
7. මහනුවර බස් සමාගම
8. රුහුණ බස් සමාගම
9. ඌව බස් සමාගම
10. වයඹ බස් සමාගම
11. නැගෙනහිර බස් සමාගම

6) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය [ 2005 සිට මේ දක්වා ]

සටහන - දර්ශන චන්දිමාල්
©SLTB_UG_2015JULY18

දාම්මල - උඩුගමඅපේ තවත් සගයෙක්© SLTB_UG_2015JUNE27
27/06/2015

දාම්මල - උඩුගම
අපේ තවත් සගයෙක්

© SLTB_UG_2015JUNE27

මෙත් සිසිලෙන් සැනහෙන පොසොන් මංග්‍යයක් වේවා !
02/06/2015

මෙත් සිසිලෙන් සැනහෙන පොසොන් මංග්‍යයක් වේවා !

සිත් පුරා මෙත් මල් පිබිදෙනදම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !අපි උඩුගම ඩිපෝව.© SLTB_UG_2015MAY02
02/05/2015

සිත් පුරා මෙත් මල් පිබිදෙනදම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
අපි උඩුගම ඩිපෝව.
© SLTB_UG_2015MAY02

දුකට සැපට පිහිටට එන උඩුගම ඩිපෝවේ හදිසි ආපදා රථය.22 ශ්‍රී 9051 - ලංකා අශෝක් ලේලන්ඩ්.©SLTB_UG_2015MAR02
02/05/2015

දුකට සැපට පිහිටට එන උඩුගම ඩිපෝවේ හදිසි ආපදා රථය.
22 ශ්‍රී 9051 - ලංකා අශෝක් ලේලන්ඩ්.

©SLTB_UG_2015MAR02

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සිරිසුභ සිංහල දමිළ අලුත් අවුරුද්දක් වේවා !!!
14/04/2015

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සිරිසුභ සිංහල දමිළ අලුත් අවුරුද්දක් වේවා !!!

02/04/2015
:) (y)
01/03/2015

:) (y)

Address

Udugama

Alerts

Be the first to know and let us send you an email when SLTB-Udugama Depot posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SLTB-Udugama Depot:

Share