Udawalawa උඩවලව

Udawalawa උඩවලව Visit srilanka 🖤

 #අලි_මරණ_උඩවලව ඊයේ රාත්‍රියේ හෝ අද උදෑසන  (2026 08 15 / 16) උඩවළවේ ජාතික වන උද්‍යානය තුළ කොටා රෝඩ් එකේ සියඹලා ගස පාමුල ...
16/08/2026

#අලි_මරණ_උඩවලව ඊයේ රාත්‍රියේ හෝ අද උදෑසන (2026 08 15 / 16) උඩවළවේ ජාතික වන උද්‍යානය තුළ කොටා රෝඩ් එකේ සියඹලා ගස පාමුල දඩයක්කරුවන්ගේ වෙඩි පහරින් අලියෙකු මිය යයි.
දරුණු නියන් සමයේ ජාතික වන උද්‍යානය තුළ පහේ කණුව බීට්ටුව ගෝනවිද්දගල බංගලාව සහ උද්‍යානය මූලස්ථානය තුන්පැත්තකින් වටව තිබියදීත් මෙසේ ජාතික වන උද්‍යානය තුළම වැව් පිටියේ රාත්‍රියේ ආහාර ගනිමින් සිටි මේ සත්වයා දඩයක්කාරයෝ මරනකම් නිලධාරීන් මර නින්දේ පසුවෙන්න ඇති.
මෙතනින් එහාට කතා කරල වැඩක් නෑ.
වැඩ්ඩො නොමැති උඩවළවේ උද්‍යානය තුළම අලි මරනව කියන්නෙ වනජීවී උනුත් පරිස්සමෙන් ඉදහල්ල.උබලගෙ පුකටම වෙඩි තියල යාවි.
මතකනෙ එක වතාවක් දෙවතාවක් නෙවෙයි නෙ මේ.
කාල බීල සැපේම ඉදහල්ල.
තමුන්ගෙ ජීවත් වීමට ඇති එකම නීරස කර්කශ භූමියේ ගිනිමද්දහනෙ වැව් පිටියෙ තණකොළ කන්න බැරි නිසයි මේ සතුන් රාත්‍රියේ පිටියේ ඉන්නෙ.
ඒක උන්ගෙ භූමිය මිසක් දඩයක්කරුවන් ගේ භූමිය නෙවෙයි.
රාත්‍රිය පිටිය කියන්නෙ දඩයක්කරුවන් ගේ රජ පිටිය වෙලා.
මේ සියබල ගහට කතාකරන්න පුළුවන් නම් කියවි ඔතන නිදහසේ ඉන්න අලි එලවල රෑට දඩයක්කාරයෝ සතුන්ගේ මරණ වරෙන්තුව ලියන හැටි.
මෙතනට දඩයක්කාරයෝ එන්නෙ පනහඩුව ඇත් අතුරු සෙවන පහේ කණුව හතේ කණුව සේරම අඩවි බීට්ටු අතරින්.
විළිලැජ්ජාම දේ උන් පිටියේ රඟනව විතරක් නෙවෙයි නිලධාරීන් ට කෝචෝක් කරල ගේම දෙන්නෙ.
උන් සේරම හයෙන් පස්සෙ කාල බිල සැපේ හැමනෙනව.
දැන් මේක කියනකොටම මාව අන්ෆ්‍රෙන්ඩ් කරනව,බ්ලොක් කරනව.ආයිත් කෙළවෙනකොට රික්වෙස්ට් දානවා.
අවුලක් නෑ ඒත් මම ඉන්නවා😁

නියන් සමයේ රේඩ් එකක් යන්න බැරි නිලධාරීන් ඉන්න හාමතේ කන්න වතුර නැතුව තමන්ගෙම භූමියේ කාලකණ්ණි විදියට පිටින් ආපු දඩයක්කාරයෝ තියන වෙඩි පාරකින් මැරෙන්න තරම් මේ සතුන් කොයිතරම් අවාසනාවන්තද😪
එසේම නිලධාරීන් කොයිතරම් මූසල අශික්ෂිත කාලකණ්ණි විදියට මුනුවත රකිනවද?
ඔය අනෙක් උන් එක්කනම් ඕන තර්කයක් කියන්න ලියන්න හැංගිමුත්තන් කෙළින්න පුළුවන් .
හැබැයි මම එක්ක නම් බෑ.
මම උඩවළවේ ජාතික වන උද්‍යානය තුළ සහ ඔය අවට දේවල් හොයන්නෙ නැත්තෙ ඇත්තටම හොයල නෙවෙයි කියල නෙවෙයි හිතලවත් වැඩක් නැති නිසා.
මේ අලියා මරල අද උදේ වෙද්දී වල් හරක්,තිත් මුවන් ගෝනුන් කීයක් එළියට එන්න ඇද්ද
කොච්චර මදු මේ වෙද්දී ඕක ඇතුළෙ දැනටමත් තියෙනවාද
මේ විදියට වෙඩි තියල වන අලි සහ අනෙකුත් සතුන් තමුන්ගෙම නිශ්චිතව වෙන් කල භූමියේ සදාකාලිකවම අබ්බගාත වෙලා තියෙනවාද

අවුලක් නෑ සෆාරි ජීප් එකකට තගයක් දාල දඬුවම් දීල හවසට බෝතලයක් ගහල ගන්න පඩියට අපි ණය නෑ කියලා හෑල්ලකුත් ගහගෙන සැපේ ඉන්න.

ආපස්සට හැරිල බලද්දී කැලේට කොළේටත් නැති රටටත් නැති තමුන්ගෙ පවුල් ජීවිතයටත් නැති කාලකණ්ණි විශ්‍රාම ජීවිතයක් ගෙවන්න පුළුවන්.එච්චරයි සරලව මම දන්නෙ.

අවසානයේ කියනව උඩවලව ජාතික වන උද්‍යානය කියන්නෙම සුපිරිම වල්මස් ෆාම් එකක් විදිහට පවත්වාගෙන යන රජයේ ජාතික වන උද්‍යානයක් කීවත් වැරැදි නෑ.

මෙලෙස තම නිජබිම තුළම වෙඩිකා මියයන මේ සතුන් රටට ලෝකෙට පොඩ්ඩක්වත් නයනැති ගමක මිනිසුන් වෙනුවෙන් කිසිදු ඇගයීමක් වගකීමක් ලාබප්‍රොයෝජනයක් නැතුවම බඩට තණකොළ නැතුව ජීවත් වෙන මේ ලෝකයේ මිහිපිට ජීවත් වෙන ශ්‍රී ලංකාවට ආවේණික ශ්‍රී ලාංකීය ආසියාතික වන අලියායි.
දවසේ පැය් 24 තුළ සතියේ දින හතේ මාස පුරා අවුරුද්දක් පුරා ලෝකයේ ආසියාතික වන අලි දකින්න පුළුවන් එකම භූමිය රජය සතු එකම ජාතික වන උද්‍යානය උඩවළවේ ජාතික වන උද්‍යානය පමනමයි.
එනිසා එය රැකීම ස්වාධීන ගමක් රැකීම ලෝකය ඉදිරියේ තවදුරටත් හෑල්ලුවට බාල්දුවට ලක් නොවී කරන්න.
සෆාරි ජීප් රථයේ නැගි විදේශීය සංචාරකයන් අසාමාන්‍ය මුදලක් වැය කර මුලින්ම වැව් පිටියට උදේ පාන්දරම අලි බලන්න යන්නේ කොයිතරම් හැඟීමෙන් ආශාවෙන්ද සතුටින්ද
වියදම් කල මුදලට උදේම අඬන්න උනාම වේදනාවෙන් මිය ගිය මේ අලියා දෙස බලා ඔවුන් හූල්ලන්නේ මිහිමත ජීවත් වන කෲරත්වය පිරි ම්ලේච්චත්වය අසත්පුරුශත්වය පිරි භූමියේ නැවතත් පය නොගහන සහ සතුන්ට මෙතරම් රාජ්‍ය අනුග්‍රහයෙන් සාපරාධි කෲරකම් කරන රටකට කවදාවත් දියුණුවක් නොලැබේවායි ප්‍රාර්ථනා කරමින්.
එනිසා මේ වන අලි මරණය හුදෙක් තවත් මරනයක් නොව පැහැදිලි රාජ්‍ය ආරක්ෂාව පිරි ගැසට් කල ජාතික වන උද්‍යානය තුල රාජ්‍ය අනුග්‍රහයෙන් රාජ්‍ය නිලධාරීන් එක්ව කරන ලද කෲරතර සත්ව ගාතනයකි.
ඊළඟ වැහි කන්නයට වෙනදා මෙන්ම තවත් අක්කර සිය දහස් ගණනක සේරම එකතුවෙලා වෙණද වගේම ගංජා වවපල්ල.
එතකොට නිලධාරීන් වගේම රජයත් සතුටින්.
උපුටා ගැනීම
U.S.Weerathunga
2026 08 16

ඇඹිලිපිටිය අවට දන්සල් ලයිස්තුව 🥰 සේව් කරල තියාගන්න අනිත් අයට බලන්න ශෙයා කරන්න !
28/06/2026

ඇඹිලිපිටිය අවට දන්සල් ලයිස්තුව 🥰 සේව් කරල තියාගන්න අනිත් අයට බලන්න ශෙයා කරන්න !

27/06/2026

ඇඹිලිපිටිය අවට පොසොන් දිනයේ ජනයාට හිරිහැර වන ආකාරයේ බයික් ,ත්‍රීවිල් අනෙකුත් වාහන වලට වැඩ වරදින ලකුණු ! #ඇඹිලිපිටිය

16/06/2026

හෙටදින 2026.06.17 උඩවලව ප්‍රදේශයේ ජල කප්පාදුවක්!
උදෑසන 9:00 සිට රාත්‍රී 22:00 දක්වා.

02/06/2026

හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන නැරඹීම සදහා සංඛපාල රජමහා විහාරයට විශාල වශයෙන් සැදැහැවතුන් පැමිනෙමින් පවතිනවා ゚viralシ

13/05/2026

උඩවලවට වසන්තය ඇවිල්ලා, ජලාශයේ වාන් දොරටු විවෘතයි 😍❤️

01/05/2026

අද දින උඩවලව(සෙවනගල) කටුපිල වැවේදී අවුරුදු 16ක තරුණයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇත එම තරුණයා රත්නපුර ප්‍රදේශයේ පදිංචි
කරුවකු බවයි පැවසෙන්නේ

23/04/2026

ඇඹිලිපිටිය බස් නැවතුම ගැන මගීන්ගේ චෝදනා. වගකිව යුතු පාර්ශ්වයන් මැදිහත් වන තුරු ශෙයා කරමු !

රස්නෙයි 🥵🥵🥵
25/03/2026

රස්නෙයි 🥵🥵🥵

Address

Udawalawa
70190

Website

Alerts

Be the first to know and let us send you an email when Udawalawa උඩවලව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category