Travel Trinco

Travel Trinco Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel Trinco, Travel Service, No64/2, Senanayaka Road, Kanthale, Trincomalee.

🏍️🌿 Two Wheel Dreams | වෙනස් විදියකට  #ලංකාව වටේ යන අපූරු  #සංචාරකයෝ! 🇱🇰✨​සමහරු travel කරන්නේ ඉක්මනින් ගමනාන්තයට යන්න......
19/08/2026

🏍️🌿 Two Wheel Dreams | වෙනස් විදියකට #ලංකාව වටේ යන අපූරු #සංචාරකයෝ! 🇱🇰✨

​සමහරු travel කරන්නේ ඉක්මනින් ගමනාන්තයට යන්න... ඒත් "Two Wheel Dreams" අපේ කොල්ලෝ කෙල්ලෝ ට්‍රැවල් කරන්නේ ගමන ඇතුළේ තියෙන සුන්දරත්වය විඳින්න! 🛣️❤️

​අපේ තියෙන විශේෂත්වය තමයි පරණ බයික්වලට (Vintage / Classic Bikes) තියෙන අසීමිත ආදරය! 🛵💨 පැරණි වාහනයක නගින සද්දෙට, ඒකෙන් දැනෙන අමුතුම ෆීල් එකට පෙම් බැඳපු මේ සොඳුරු එකමුතුව, ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම යනවා.

​ඒ විතරක් නෙවෙයි, ඔවුන් පරිසරයට පණ වගේ ආදරය කරන කණ්ඩායමක්. යන යන තැන පරිසරයේ සුන්දරත්වය විඳින ගමන්, පරිසරය ආරක්ෂා කරන්නත් අපි හැමවෙලේම කැපවෙනවා. 🌳🍃☀️

​ඔයාලත් පරණ බයික්වලටයි, පරිසරයටයි ආදරේ කරන සොඳුරු ට්‍රැවලර් කෙනෙක්ද? එහෙනම් අපේ මේ ලස්සන ගමනට එකතු වෙන්න! 👇

Two Wheel Dreamers
Travel Trinco Dewage Weerasooriya Agbo adventures අපි සමග සොදුරු කතාබහ අද හවස 05.00 බලමු.

​ 🏕️🏍️🇱🇰

📖 කලා ලොව බහුශ්‍රැතයා  #දමිත් අලුත්ගමගේ නිර්මාණාත්මක චාරිකාව🌻🌿🦋🇱🇰💯Travel Trinco  Dewage Weerasooriya අද අපි කතාවට ලක්‌ ක...
14/08/2026

📖 කලා ලොව බහුශ්‍රැතයා #දමිත් අලුත්ගමගේ නිර්මාණාත්මක චාරිකාව🌻🌿🦋🇱🇰💯

Travel Trinco Dewage Weerasooriya අද අපි කතාවට ලක්‌ කරන්නේ ත්‍රිකුණාමලයෙන් මෙරටට බිහිවූ තවත් එක් නිර්මාණ කරුවෙක් වන දමිත් අලුත්ගමගේ ආ ගමන් මග සොයා ගිය අපූරු කතාවක් හෙට හවස 05.00 ට

​වේදිකාව, සිනමාව සහ සාහිත්‍යය එකසේ මෙහෙයවන #ජාතික තලයේ #සම්මානලාභී කලාකරුවෙකු වන දමිත් අලුත්ගමගේ කලා ගමන අපූර්ව එකකි.

රංග මනුප්‍රිය සමග සම නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වූ සම්මානනීය "චෙරි උයන" (2012) හරහා වේදිකාවට පිවිසි දමිත්, එතැන් පටන් ප්‍රේක්ෂක අපේක්ෂාවන් අභිබවා ගියේය.

♦️​වේදිකා නිර්මාණකරුව👇💥💯
ඔහුගේ නිර්මාණශීලිත්වය "සුරඟනක් බඳු පුරගණක්" (2014) සහ "NAKED" (2015) නමින් පර්යේෂණාත්මක, සංවාද රහිත දිගු නාට්‍ය දක්වා විහිදී ගියේය. විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් පසු 2020 දී "සය" නම් කෙටි නාට්‍යය හරහා දායකත්වය ලබා දුන් ඔහු, 2024 දී "හෙළපති සුඛති" සම්මානිත කෙටි නාට්‍යයත්, 2025 දී "Little Island හෙවත් පුංචි දූපත් වැසියෝ" ළමා නාට්‍යයත් ප්‍රසිද්ධ වේදිකාවට දායක කළේය.

♦️​ජංගම සිනමාවේ විප්ලවය👇👍💯🇱🇰
මොරවැව ගම්මානයෙන් ඇරඹුණු "පොකට් සිනමා" ජංගම සිනමා ව්‍යාපෘතිය හරහා, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගම්මාන 17ක් ආවරණය කරමින් දරුවන් සමඟ කෙටි චිත්‍රපට නිර්මාණය කිරීමට ඔහු පෙළඹුණේය. මෙය සමාජීය මෙහෙවරක් සේම නිර්මාණාත්මක දායකත්වයක් විය.

♦️​සම්මානිත සිනමාකරු👇👉
ඔහුගේ "දුව දුවා වැඩි සේක" (2022) කෙටි චිත්‍රපටය අන්තර්ජාතික සහ ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය. මීට අමතරව "සිත්තරාගේ මරණය" සහ "ඒක සුරංගනා කතාවක්" යන කෙටි චිත්‍රපට ජාතික තලයේ ඇගයීමට ලක් විය.

♦️​කතුවරයා සහ රංග වින්‍යාස ශිල්පියා👇🌿🌻
2023 දී ඔහු "බයිස්කෝප් ඉස්තෝප්පුවට හෙවත් ජංගම සිනමා ශාලාව අතරතුර සටහන්" නමින් කෘතියක් ජනගත කළේය. එසේම, ඔහු ප්‍රසිද්ධ වේදිකාවේ නාට්‍ය කිහිපයක රංග වින්‍යාස ශිල්පියෙකු ලෙසද කටයුතු කරයි.

​රචකයා, අධ්‍යක්ෂවරයා, සිනමාකරු සහ රංග වින්‍යාස ශිල්පියා යන භූමිකාවන් රැසක් එකලෙස හැසිරවන දමිත් අලුත්ගම, මෙරට කලාවට නව මානයක් එක් කරන සැබෑ නිර්මාණකරුවෙකි.

14/08/2026

නැගෙනහිර #අහස යට, #භක්තියේ සහ #වර්ණයන්ගේ #තාලයට නටන "ත්‍රිකූණාමලයේ #කාවඩි"...! 🔱🥁

​මුහුදු හුළඟත් එක්ක මුසු වුණු උඩුක්කි හඬ, හදවත නතර වෙන තරම් ලස්සන භක්තියක්...
කොච්චර දැක්කත් එපා වෙන්නේ නැති, ත්‍රිකුණාමලයටම විතරක් ආවේණික වුණු මේ සුන්දර සංස්කෘතික උරුමය අත්විඳින්නම ඕනේ එකක්! ✨

​📍 Trincomalee, Sri Lanka 🇱🇰

​ ​

11/08/2026

අපේ තෙත් බිම් ගිලගන්නා "යෝධ නිදිකුම්බා" හඳුනාගනිමු.

👉ඔබේ අවධානයට!
මේ වීඩියෝවේ පෙනෙන්නේ නිකම්ම නිකම් කරල් විශේෂයක් නෙමෙයි. මේ තමයි ලංකාවේ පරිසර පද්ධතියට විශාල තර්ජනයක් වෙලා තියෙන "යෝධ නිදිකුම්බා" (Mimosa pigra).

​🛑 ඇයි මේක මෙච්චර භයානක?
​මෙය ඉතාම ආක්‍රමණශීලී විදේශීය ශාකයක්.
​අපේ දේශීය ශාක සහ තණබිම් යටපත් කරලා, කැලෑවක් වගේ වැවෙනවා.
​වැව්, ගංගා සහ කුඹුරු අසල වේගයෙන් පැතිරෙන නිසා ජල වහනයට බාධා ඇති කරනවා.
​ගවයන්ට තණකොළ කෑමට ඇති ඉඩකඩ අහිමි කරනවා. ​මෙම එක් කරලක බීජ දහස් ගණනක් තියෙනවා, ඒවා ජලය මගින් පහසුවෙන් ප්‍රවාහනය වෙලා ඕනෑම තැනක පැළ වෙනවා.

​🌿 අපිට කළ හැක්කේ කුමක්ද?
​හඳුනාගැනීම: ඔබේ ප්‍රදේශයේ, කුඹුරේ හෝ වැව් ඉවුරේ මේ ශාකය තියෙනවා නම් හඳුනාගන්න.
​මුලිනුපුටා දැමීම: කුඩා පැළ තිබේ නම්, බීජ හටගැනීමට පෙර මුලින්ම ගලවා ඉවත් කරන්න.
​නොසැලකිලිමත් ලෙස ප්‍රවාහනය නොකිරීම: මෙම කරල් සහිත අතු පස් හෝ වෙනත් දේ සමඟ වෙනත් ප්‍රදේශවලට ගෙනයාමෙන් වළකින්න.
​පොදු දැනුවත් කිරීම: ඔබේ ගමේ මහා සභාවට, කෘෂිකර්ම නිලධාරීන්ට හෝ ගොවි සමිතියට මේ ගැන දැනුම් දෙන්න.
​අනාගත පරපුර වෙනුවෙන් අපේ පරිසරය රැකගැනීමට එක්වෙමු! ✊🌍

​ ​

කරලා ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න. අපේ පරිසරය ආරක්ෂා කරගැනීමට උදව් වන්න! 🚫🌱

Visit Sri lanka Travel Trinco Dewage Weerasooriya
11/08/2026

Visit Sri lanka Travel Trinco Dewage Weerasooriya

මතක රැදුන ලස්සන තැනක් 🌿🐘🌻🍃🇱🇰💯
09/08/2026

මතක රැදුන ලස්සන තැනක් 🌿🐘🌻🍃🇱🇰💯

06/08/2026

රසම රස #උදුවඩයක්‌ කාලා #ඉගුරු පෙන්ටියක් #බොනවා මෙන්න තැන👉 #කන්තලේ ඉදන් #සේරුවිලට යනකොට #මහවැලිය පහුවෙනවත් එක්කම තියෙන්නේ 👇👇👇

 #රසම රස  #උදුවඩේ එකක් කාලා  #රසම රස  #ඉගුරු  #පෙන්ටියක් බොන්න නම් මෙන්න තැන  #කන්තලේ ඉදන්  #සේරුවිල යන අතර මග තියෙන්නේ ...
06/08/2026

#රසම රස #උදුවඩේ එකක් කාලා #රසම රස #ඉගුරු #පෙන්ටියක් බොන්න නම් මෙන්න තැන #කන්තලේ ඉදන් #සේරුවිල යන අතර මග තියෙන්නේ මෙතැනින් #උදුවඩයක්‌ කෑව අය Comment එකක් දාන්න

05/08/2026

යුග #දෙකක මියැසි #අරුමය OF #සංගීත ප්‍රසංගය #අගෝස්තු 06 #සවස 07.00 ට කන්තලේ #නගරශාලාවේ පැවැත්වේ.
ඔබත් එන්න පමා නොවී #සංගීතයක අරුමය විදින්න.

මී කිරි කිව්වොත් කන්තලේ තමයි👇😂💯😍🚣‍♂️🧜‍♀️
05/08/2026

මී කිරි කිව්වොත් කන්තලේ තමයි👇😂💯😍🚣‍♂️🧜‍♀️

Address

No64/2, Senanayaka Road, Kanthale
Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Trinco posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category