Travel Bear

Travel Bear Providing services for travelers

26/12/2024
කියන්න බලන්න කොහෙද කියලා 😃
26/12/2024

කියන්න බලන්න කොහෙද කියලා 😃

මීදුමෙනුයි, සීතලෙනුයි අඩුවක් නැති     | 🍀හෝර්ටන්තැන්න 🔹පිහිටීම සහ වැදගත්කමශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම වනෝද්‍යානය...
25/12/2024

මීදුමෙනුයි, සීතලෙනුයි අඩුවක් නැති | 🍀හෝර්ටන්තැන්න

🔹පිහිටීම සහ වැදගත්කම

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම වනෝද්‍යානය වන මෙය ජෛව විවිධත්වය මෙන්ම, පුරා විද්‍යාතමක වශයෙනුත් මෙම වනෝද්‍යානය ඉතා වැදගත් තැනක් ගන්නවා.

මධ්‍යම කදුකරයේ පිහිටා තිබෙන මේ ව්නෝද්‍යානය මුහුදු මට්ටමේ සිට උසින් මීටර් 1200-2300 පමණ වෙන අතර ලංකාවෙ පිහිටි උසම තැනිතලා භූමිය වනවා

මෙම වනෝද්‍යානය ගැන කල පරීක්ෂණ අනුව මෙහි ශාක වර්ග 101ක් පමණ තිබෙන අතර ඉන් 49ක්ම ශ්‍රී ලංකාවට ආවේණික ශාක වර්ග වෙනවා. ශාක ඝණත්වය අනුව හෙක්ටයාර එකකට ශාක 2861 පමණ වෙනවා. ඒ වගේම මෙහි පක්ෂීන් වර්ග 98ක්, ක්ෂීරපායි වර්ග 14ක්. උභය ජීවින් විශේෂ 20 පමණ සහ සමනල විශේෂ 40ක් පමණ හදුනාගෙන තියෙනවා.

🔹 Travel Guide
හෝර්ටන්තැන්නට ඇතුල්වෙන්න පුලුවන් මාර්ග 4ක් තිබෙනවා

1. ඔහිය හරහා
හපුතලේ සිට පැමිණෙන ඔයාට පහසුවෙන්ම ලගා විය හැකි මාර්ගය වෙන්නෙ ( ඔහිය සිට කි.මී 3 පමණ දුරක් තියෙනව )
🚂දුම්‍රියෙන් : #ඔහිය railway station එකෙන් බැහැලා වාහනයක් හෝ ත්‍රීවිල් එකක් කතා කරගෙන එන්න පුලුවන්.
🚌බස් එකේ එනවනං ටිකක් අමාරු වෙයි. සීමිත බස් ගණන්ක් තමයි තියෙන්නෙ.

හොදම දේ දුම්‍ රියෙන් හෝ පෞද්ගලික වාහනයකින් එන එක.🚘🏍

හපුතලේ ➡️බොරලන්ද ➡️ඔහිය ➡️හරහා හෝර්ටන් තැන්න.

2. පට්ටිපොල හරහා
නුවරඑළිය හරාහා එන ඔයාට පහසුවෙන්ම හෝර්ටන්තැන්නට ලගා විය හැකි මාර්ගය වන්නෙ. පට්ටිපොල පිවිසුම් මාර්ගයයි.

🚂දුම්‍රියෙන් නං පට්ටිපොල එකෙන් බැහැල වාහනයක් 🚘 හෝ ත්‍රීවිල් රථයක් 🛺 කතා කරගන්න.
පෞද්ගලික වාහනයක එනවනං මේ තියෙන්නෙ එක.

හොදම දේ දුම්‍ රියෙන් හෝ පෞද්ගලික වාහනයකින් එන එක.🚘🏍

3. ඩයගම හරහා
මෙම මාර්ගයෙහි වාහන වලින් ඇතුල්විය නොහැකියි. සංවේදී පරිසර කලාපයක් තුලින් තමයි අපිට හෝර්ටන්තැන්නට යන්න තියෙන්නෙ. ඇත්තටම එය හොද තීරණයක්. ඩයගමට එන්න ඕන තලවකැලේ හරහා

🚂දුම්‍රියෙන් නං ඔයා බහින්න ඕන #තලවකැලේ railway station එකෙන්. බැහැලා ඩයගම බස් එකක නැගලා ඩයගම හන්දියට එන්න. ඩයගම හන්දිය ඉදන් ඩයගම හෝර්ටන්තැන්න පිවිසුම් මාර්ගයට ත්‍රී විල් රථයක හෝ වාහනයක එන්න වෙනවා.

පෞද්ගලික වාහනයක ආවොත් ඩයගම පිවිසුම ආරමභ වෙන තැන දක්වාම වාහනයෙන් එන්න පුලුවන්.
තලවකැලේ ➡️ ඩයගම ➡️ හෝර්ටන්තැන්න.

4. නන්පේරියල් හරහා

ඔයා    #යාපනය  ගිහින් තියෙනව නං නවතින්න හොදම Hotel/ Resort එක මොකක්ද ?
25/12/2024

ඔයා #යාපනය ගිහින් තියෙනව නං නවතින්න හොදම Hotel/ Resort එක මොකක්ද ?

ලංකාවෙ සුන්දරම වෙරළ තීරයක් වන දික්වැල්ල මුහුදු තීරයේ පිහිටා තියෙන සියලුම පහසුකම් වලින් සමන්විත තරු 5 හෝටලය. Beach Side H...
24/12/2024

ලංකාවෙ සුන්දරම වෙරළ තීරයක් වන දික්වැල්ල මුහුදු තීරයේ පිහිටා තියෙන සියලුම පහසුකම් වලින් සමන්විත තරු 5 හෝටලය. Beach Side Hotels වලින් Ratings ඉහලින්ම තියෙන Hotel එකක් වන මෙය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතර ඉතා ප්‍රසිද්ධ සහ ආකර්ෂනීය තැනක්.

☘Dickwella Resort & Spa
📞0412 255 271

නුවරඑළිය මෙච්චර ලස්සන Bungalow  එකක් තියෙනවා කියලා දැනන් හිටියද ?😮☘ Stafford Bungalow📞077 391 6931
23/12/2024

නුවරඑළිය මෙච්චර ලස්සන Bungalow එකක් තියෙනවා කියලා දැනන් හිටියද ?😮

☘ Stafford Bungalow
📞077 391 6931

බස් එක කොහෙද නවත්තන්නෙ 😃
23/12/2024

බස් එක කොහෙද නවත්තන්නෙ 😃

කියන්න බලන්න කොහෙද කියලා
22/12/2024

කියන්න බලන්න කොහෙද කියලා

පුරාණ ඉතිහාසයක් ඇති ත්‍රිකුණාමලයේ  වෙල්ගම් වෙහෙර ☸🙏ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුර මාර්ගයේ සැකැපුම් 08 ක් පමණ දුරින් පරියකුල...
22/12/2024

පුරාණ ඉතිහාසයක් ඇති ත්‍රිකුණාමලයේ වෙල්ගම් වෙහෙර ☸🙏

ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුර මාර්ගයේ සැකැපුම් 08 ක් පමණ දුරින් පරියකුලම යනුවෙන් හැදින්වෙන ප්‍රදේශයේ ලස්සන බෞද්ධ පන්සලක් ඇති අතර මෙය වෙල්ගම් රජමහා විහාරය යනුවෙන් හදුන්වයි. පන්සල අසල කදු ගැටයේ ඇති භාතිය තිස්ස (ක්‍රි.ව. 143-167) රජුගේ සෙල්ලිපියෙහි සදහන් පරිදි මෙම විහාරයේ පැරණි නාමය වෙල්ගම අබහර විහර නම් විය.

අනුරාධපුර යුඟයේ මුල්ම බෞද්ධ ශ්‍රේෂ්ඨ නරපතියා වු දේවානම්පියතිස්ස රජු විසින් (ක්‍රි.ව.307-267) දෙතිස් ඵලරුක බෝධි අංකුරයක් රෝපණය කරවීමෙන් මෙම විහාරය කරවු බව වංශ කථාවල කියවේ.

ඉන්පසු පලමුවන බාතිය, දෙවන අග්බෝ, පළමුවන විජයබාහු, පළමුවන පරාක්‍රමභාහු වැනි අති ශ්‍රේෂ්ඨ නරපතියන් විසින් වරින් වර මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කළ බව සෙල්ලිපි සාක්ෂි දරයි.

10 වන සියවස අගභාගයේදි රජරට සොළි පාලනයට යටත්ව පැවැති යුඟයේදි මෙම විහාරය රාජරාජ පෙරුම් පල්ලි ලෙස හදුන්වා ඇත. සොලීන් විසින් බෞද්ධ වෙහෙර විහාර කෘර ලෙස විනාශ කරනු ලැබුවත් සොලීන් ආරක්ෂා කල විහාරයක් වන්නේ මෙම වෙල්ගම් රජමහා විහාරයයි. මෙයට හේතු වි ඇත්තේ වෙල්ගම්බල කොටුවේ දෙමළ බෞද්ධයන් සිටිමයි. විහාරයෙන් හමුවු ක්‍රි.ව. 1022-1057 සමයට අයත් දමිළ සෙල්ලිපි අතුරින් අටකම මෙම විහාරය වෙල්ගම් වේර යනුවෙන් දක්වා ඇති අතර තවත් තැන්හි එය රාජ රාජ පෙරුම් පල්ලි ලෙස

පොලොන්නරු යුගයේ ලක්දිව ශ්‍රේෂ්ධතම විහාරයක් බවට වෙල්ගම් වෙහෙර පත්ව තිබිණි. නමුත් කෝට්ටේ යුගය වන විට රජරට මෙන්ම වෙල්ගමද අලි, කොටි, වලසුන්ගේ ක්ෂේම භූමියක් බවට පත්විය.

අනුරාධපුර පොලොන්නරුව දඹදෙනි රාජ සමයෙහි බොදුනුවන්ගේ මුදුන් මල්කඩ වු වෙල්ගම් රජමහා විහාර සංකිර්ණය හා මනාවතු නුවර අද නටඹුන් වි ඇති අයුරු සංවේගයෙන් ඔබට සියැසින් දැකිය හැක. වෙල්ගම් වෙහෙරේ නටබුන් අතරෙහි පිළිම ගෙයක්, බුදු පිළිම, දාගැබ්, මුරගල්, වේ. තවද මෙහි චෛත්‍ය තුනක නටබුන් හමුවි ඇත. ඉන් විශාලතම දාගැබ චතුරස්‍රයේත් අනෙක් දෙක කදුවැටිය මතත් පිහිටා ඇත.මේ කදුවැටියේ පිහිටා ඇති දාගැබ් දෙක ඉතාමත් පැරණිය.

පෙරියකුලම් වැවට නුදුරින් දීර්ඝ කාලයක් තිස්සේ වනාන්තරයේ ගිලි තිබු වෙල්ගම් රජමහා විහාර නටඹුන් අවට දමිල ගම්වාසින් විසින් ඊශ්වර දේවාලයක නටඹුන් යැයි සිතා නාතනාර් කෝවිල ලෙස හැදින්වු බව සදහන් වේ. පසුව 1929 දි වෙල්ගම් විහරා නටඹුන් ශ්‍රි ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සොයා ගන්නා ලද අතර 1934 දි මෙම ස්ථානය පුරාවිද්‍යා ආරක්ෂිත සංචිතයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි.

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අතර තුරදි එල්.ටි.ටි.ඊ බෙදුන්වාදීන් කිහිපවතාවක්ම මෙම විහාරයට ප්‍රහාර එල්ල කර ඇති අතර දැනට වෙල්ගම් රජමහා විහාරය නැවත ගොඩනැගීමට ගරු විහාරාධිපති හිමියන් අප්‍රමාණව වෙහෙසයි.

යන්නම ඕන තැනක් ❤☘Wild Coast Tented Lodge
21/12/2024

යන්නම ඕන තැනක් ❤

☘Wild Coast Tented Lodge

Guess the hotel 😄
21/12/2024

Guess the hotel 😄

Address

Sri Jayewardanepura Kotte
10110

Telephone

+94776789957

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Bear posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category

Welcome to BUDGET TRAVELER

Are you looking to Adventure , Hike , camping or planning a trip. You are in the right place. From Budget traveler We are here to inspire you to plan your next adventure. Join with us and fill you bucket list with amazing destinations.