05/10/2016
අලගල්ල කන්ද | Potato mountain range
____________________________________
අලගල්ල කඳු පන්තිය පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේ ලංකාවේ කඳු නගින ඕනෑම කෙනෙක් වගේ දන්නා කඳු පන්තියක් තමයි අලගල්ල කියන්නේ.
මුහුදු මට්ටමේ ඉදන් 1,140 m විතර උසකින් තමයි අලගල්ල පිහිටලා තියෙන්නේ තරණය කිරීමේදී අවසාන කොටසේදී තරමක් අපහසු කොටසක් තිබුනද , තරණයට ඉතා අපහසු කන්දක් නොවේ. කන්ද තරණයට පහසුම මාර්ගය ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිටය. කොළබ සිට මහනුවර,බදුල්ල දක්වා ගමන් ගන්නා ඕනෑම දුම්රියක් ඉහල කෝට්ටේ නතර කරයි(නගරාන්තර සිග්‍රගාමි දුම්රිය හැර ).
එතැන් සිට දුම්රිය මගට ඉහලින් ඇති අඩි පාර දිගේ ගොස් පොත්තපිටිය ඉහලකොට්ටේ ජිප්රථ මාර්ගය ඔස්සේ ගොස් ලගා විය හැක. නැතහොත් ඔබගේම වාහනයක රඹුක්කන- හතරලියද්ද මාර්ගයේ පැමිණ පොත්ත්පිටිය මාර්ගයට හෝ ගලගෙදර- හතරලියද්ද මාර්ගයේ පැමිණ පොත්තපිටියට හෝ පිළිමතලාව- පොත්තපිටිය මාර්ගයේ පැමිණ පොත්තපිටියට ලගා විය හැක. ඉන් පසු පොත්තපිටිය තේ කර්මාන්තශාලාව අසල මාර්ගයේ ගමන් කර අලගල්ල පිවිසුම් මාර්ගයට පිවිසිය හැක.
කඳු මුදුනට මහනුවර කදු පන්ති මෙන්ම බතලේගල (Bible Rock) , සරදියෙල් ගල , නෙල්ලිගල, ද මාවනැල්ල හා රඹුක්කන නගර හොදින් දැකගත හැක.
අලගල්ල කඳු වැටියේ අනෙක් පස පිහිටා ඇති චෛත්‍ය වෙත පිවිසිමටනම් ගංගොඩ දුම්රිය ස්ථානයේ සිට පිවිසිය යුතුය එසේ නැතහොත් ඉහත සදහන් කල අලගල්ල ඉහලම සිට මද දුරක් කන්ද මුදුනේ ගමන් කර කඳු නැගීමට භාවිතා කරන කබයක්(rope) බාවිතා කර පහලට බැසිය යුතුය..
-------------------------------------------------------------
https://www.facebook.com/travelwithchathura.wayfarer/
https://www.chathura.ueuo.com
-------------------------------------------------------------