26/01/2026
LRDC සේවා සමාගමේ මඩකලපුව,කන්තලේ හා ත්රීකුණාමලයේ සේවයේ නියුතු "ආරක්ෂක නිලධාරීන්/නිලධාරිනියන්" 40 දෙනෙකු සඳහා 2026 ජනවාරි මස 24 දින ත්රීකුණාමලය මට්ටිකඩිය ජල සම්පාදන මණ්ඩල ශ්රවණාගාර පරිශ්රයේ දී පුහුණු වැඩමුලුවක් පවත්වනු ලැබීය.
මෙම අවස්ථාව සදහා LRDC සේවා සමාගමේ කළමණාකාරිනි මානව සම්පත් ,කළමණාකරු ශ්රම සැපයුම්,සහකාර කළමණාකාරිනි පාලන ඇතුලු ප්රධාන කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වු අතර මේ සදහා ආරාධිත දේශන සදහා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ආරක්ෂක අධිකාරී S.A.සමරසේකර මහතා,ත්රීකුණාමලය වරායා පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් වීරසිංහ හා පොලිස් සැරයන් ජයසිංහ යන මහත්වරු සහභාගී වන ලදී
මෙම අවස්ථාවේදී ආරක්ෂක සේවාවේ රාජකාරි ස්භාවය-රාජකාරී වගකීම් නායකත්වය , නිල ඇඳුම පැලඳිය යුතු ආකාරය හා නායකත්ව පුහුණුව හා අභියෝග වලට මුහුනදීම,
ආයතනයේ විනය ක්රියා පටිපාටිය හා සිවිල් නීතිය ,පෞද්ගලික ස්වස්තතාව ,ආචාරශීලීත්වය , පාරිභෝගික සේවාව , සිවිල් නීතිය,ගිනි නිවීම,සුභ සාධනය සහ කාර්යාල රාජකාරී සේවාවන් පිලිබදව දැනුවත් කරන ලදී.