නිස්සරණ චාරිකා

නිස්සරණ චාරිකා දේශීය පිංකම් , භාවනා වැඩසටහන් සහ වන්දනා ගමන් සංවිධානය කිරීම

නුවරට ලගම දුම්බර වනයේ සැගවුණු යන්නම ඕන සංචාරක පාරාදීසයක්👇😍🌸🌈🌺🐢🌲🧚🏻‍♀️👣❤️ All Right Reserved ©Fantastic Travelers ඔන්න අද ...
25/08/2025

නුවරට ලගම දුම්බර වනයේ සැගවුණු යන්නම ඕන සංචාරක පාරාදීසයක්👇😍🌸🌈🌺🐢🌲🧚🏻‍♀️👣❤️

All Right Reserved ©Fantastic Travelers

ඔන්න අද අලුත්ම සංචාරක පාරාදීසයක් ගැන තමයි Fantastic Travelers අපි කියන්න යන්නේ.

මේ තමයි පන්විල කියන සුන්දර ප්‍රදේශය.
Fantastic Travelers

මේක තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ. පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේය. නකල්ස් කදුවැටිය ආසන්නව දුම්බර මිටියාවතේ තියෙන මේ සුන්දර ප්‍රදේශයේ දිය ඇලි, නැරඹුම් ස්ථාන ඇතුලු කදු පන්ති කිහිපයක්ම බලාගන්න පුලුවන්.

මෙහෙ ආවොත් ඔයාලට,

දියඇලි විදිහට,
📌️හුන්නස්ගිරි ඇල්ල
📌️තලිය වැටුන ඇල්ල
📌️හුළු ගඟ ඇල්ල
📌️ජෝඩු ඇල්ල
📌️ලෙබනන් ඇල්ල
📌️කලු වල ඇල්ල
📌️සාරී ඇල්ල
📌️නකල්ස් ඇල්ල, බලන්න පුලුවන්.
Fantastic Travelers

කදු විදිහට,
📌️හුන්නස්ගිරිය කන්ද
📌️ගෝමරය ගල කන්ද
📌️Knuckles Five Peak බලන්න පුලුවන්

ඊට අමතරව,
🍀කැලෑබොක්ක
🍀හා තලේ පුංචි ලෝකාන්තය
🍀කබරගල End View point
🍀ලස්සන තේවතු
🍀පුංචි දිය පහරවල් ඇතුලු ලස්සන කොළපාට පිරුණ මං මාවත් වල ඇවිදින්න ඔයාට අවස්ථාව හම්බෙනවා🥳.

මේ තැන් වලට යන විදිහ මන් කෙටියෙන් කියන්නම්, Google map දාගත්තම ලේසීම ක්‍රමය හොයාගන්න පුලුවන්.

✅හුන්නස්ගිරි ඇල්ල

පන්විල සිට කිලෝමීටර් 6.5 ක පමන දුරි මෙය පිහිටා ඇති අතර එනවනම් පන්විල සිට හුන්නස්ගිරි කන්ඳ තරණය කරන්න පැමිණෙන #මාර්ගයේ එක් පසක මෙම ඇල්ල පිහිටා අත.

✅තලිය වැටුණු ඇල්ල (Fantastic Travelers)

හුළුගඟ නගරයෙන් වම් පසට ඇති අළකොල මාර්ගයේ කිලෝමීටර් 03 ක් පමණ ගිය පසු හමුවන අලකොල වතුයාය තුල මෙම ඇල්ල පිහිටා ඇත.

✅ලෙබනන් ඇල්ල

ගෝමරය නම රාජ්‍ය වතුයාය තුළ මෙම ඇල්ල පිහිටා ඇති අතර හුළුගඟ නගරයේ සිට බඹරැල්ල මාර්ගයේ ගොස් හාගල හන්දිය පසුකොට හමුවන කුඩා පාලම ලගින්ම වමට තියෙන ලියංගල නම් වතු නිවාස පාරේ ගිය පසු මෙම ඇල්ලට යන්න පුලුවන්.

✅කලුවල ඇල්ල

මේකටත් ලෙබනන් ඇල්ලට ගියා වගේ හුළුගඟ බඹරැල්ල මාර්ගයේ හාගල හන්දිය පසුකොට හමුවන කුඩා පාලම පසුකර ගිය පසු හමුවන තේ වතුයාය මැදින් ඇති පාරේ ගිය පසු මෙම ඇල්ල හමුවේ.

✅හුළුගඟ ඇල්ල

පන්විල සිට කිලෝමීටර් 10 පමන දුරින් ඇති හුලු ගග නම් සුන්දර නගරයේම මෙම ඇල්ල පිහිටා ඇත. ලේසීයෙන්ම හොයාගන්න පුලුවන් ඒ නිසා. නෑම නම් අනතුරුදායක වේ.

✅ජෝඩු ඇල්ල

හුළුගඟ නගරයේ සිට ගෝමරය මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ පැමිණි විට හමුවන සඳුන් අරණ භාවනා නම් මධ්‍යස්ථානයට පිවිසෙන මාර්ගයේ ටික දුරක් ගිය පසු මෙම ඇල්ල හමු වේ.

✅සාරි ඇල්ල

මේකටනම් හුලුගග ඉදන් කිලෝමීටර් 6ක් වගේ තියෙනවා. හුළුගඟ නගරයෙන් බඹරැල්ලට ඇවිත්, බඹරැල්ල ඉදන් නකල්ස් දෙමළ පාසල අසලින් වමට තියෙන පාරේ ගියාම මේ ඇල්ල හම්බෙනවා

✅නකල්ස් ඇල්ල

හුළුගඟින් බඹරැල්ල හරහා දවටගලට ‍යන පාර හරහා ඇති නකල්ස් දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 9ක් වගේ යද්දි මේ ඇල්ල හම්බෙනවා.

කදු නගින්න කැමති අයට මේ ටික
Fantastic Travelers

📌️නකල්ස් Five Peak

මේක ගොඩක් කදු නගින අයගෙ හිනයක් කොහෙම මෙහෙට යන්නේ. යන්නෙ මෙහෙමයි.පන්විල නගරයට ඇවිත් හුළුගඟ නගරය හරහා දවටගලට යන පාරෙන් දවටගලට ආවට පස්සෙ එතන ඉදන් Five Peak තරණය කරන්න පුලුවන් ඔයාලට.

📌️හුන්නස්ගිරි කන්ද

පන්විල නගරයේ Post office එක ලගින් වමට තියෙන පාරේ කිලෝමීටර් 07 ක් වගේ යද්දි මේ කන්ද හම්බෙනව.

📌️ගෝමරය ගල (කන්දසාමි කන්ද)

හුළුගඟ නගරයෙන් #ගෝමරයට ඇවිත් ගෝමරය දෙමළ පාසල #අසළින් වමට තියෙන පාරේ යද්දි මේ කන්ද හම්බෙනවා. තව මේකට කන්දසාමි කන්ද කියලත් කියනවා. Fantastic Travelers

📌️ කබරගල End View Point

පන්විල ඉදන් මඩුල්කැලේ නගරය හරහා කබරගල බස් නවත්තන අන්තිම තැනට ආවට පස්සෙ, එතන ඉදලා මාතලේ පැත්තට පොඩි දුරක් යද්දි මේක හම්බෙනවා.

තව,
📌️හාතලේ පුංචි ලෝකාන්තය
📌️ කැළෑබොක්ක 360° View Point

තැන් දෙක බලන්න යන්නත් අමතක කරන්න එපා.

නුවර පැත්තේ අයට නම් දවසින් උනත් ගිහින් එන්න පුලුවන්, දුර අයට නම් දවස් දෙකකින් වගේ ම් ඔක්කොම කවර් කරන්න පුලුවන් ( කදු හැර ). Plan එකක් හදාගෙනම යන්න.

හැබැයි මේ පන් විල කියන්නේ ගොඩක් අය නොදන්න තාම නොඉඳුල් සුන්දර සංචාරක පාරාදීසයක්. ඒ ලස්සන බලන්න ලංකාවේ හැමෝටම අවස්ථාව තියෙනවා. ඒ නිසා තමා විස්තර ගෙනාවේ. ඒ වගේම ඔයාලා මේ ලස්සන තැන් සුරකින්නට වගකීමෙන් බැදෙනවා.

ඒ නම් ලස්සන ට්‍රිප් එකක් ගිහින් එන්න.

Good luck ❤️

සටහනේ සම්පූර්ණ අයිතිය Fantastic Travelers සතු බැවින් අනවසරයෙන් උපුටාගැනීම තහනම්🛑.

Some Photos Credit goes to Respective Owners | DM for Credit or Removal

_____________________________

Hotel offers update වෙන ලංකාවේ විශාලතම හා Active ම groups ජාලයට ඔයත් තාම join වෙලා නැත්තන් දැන්ම join වෙන්න👇

(සැ.යු. : විශාල ඉල්ලුමක් ඇති බැවින් අවශ්‍යම අය පමණක් Join වීමට කාරුණික වන්න❤️)

📌️Whatsapp Group
https://chat.whatsapp.com/LKaOQ8LCh1FB4SgmigbuAT

📌️Whatsapp Chanal
https://whatsapp.com/channel/0029VaACxX9K0IBkgbgoEv2w

📌️Telegram
https://t.me/+MlCbmf66pxllYjFl

📌️ අපේ FB Group එක පැත්තෙත් එන්න😍
https://www.facebook.com/groups/1354435694728176/?ref=share

දෙනියායේ ඇවිත් බලන්න පුලුවන් තැන් 20 සහ අදාල විස්තර🦀🦋🍓🦚🌱🐙🤩ඔන්න දැන් අප්‍රේල් එහෙම ලග ව්න නිසා ට්‍රිප් ප්ලෑන් කරන අයට වැද...
25/08/2025

දෙනියායේ ඇවිත් බලන්න පුලුවන් තැන් 20 සහ අදාල විස්තර🦀🦋🍓🦚🌱🐙🤩

ඔන්න දැන් අප්‍රේල් එහෙම ලග ව්න නිසා ට්‍රිප් ප්ලෑන් කරන අයට වැදගස් විස්තර අද Fantastic Travelers අපි ගෙනාවා.

පුංචි නුවරඑළිය විදිහට සමහරු හඳුන්වන දෙනියාය ප්‍රදේශය එහි ජෛව විවිධත්ව ලක්ෂණ සහ සුන්දරත්වය නිසා සංචාරකයන් අතර අතිශය ලෙස ජනප්‍රිය වී තිබෙනවා. ඉතින් අද අපි ඔබට කියන්නට සැරසෙන්නේ දෙනියාය ප්‍රදේශය ආශ්‍රිතව ඔබට නරඹන්න තියෙන තැන් ගැනයි. මාතර සිට දෙනියාය කරා යන ගමන අතරේදී ඔබට නරඹන්න පුලුවන් තැන් වගේම දෙනියායෙදී ඔබට නරඹන්න පුලුවන් තැන් ගැනත් මේ ලිපි‍යේදී ඔබව දැනුම් වත් කරනවා.

1. දෙනියාය ගැන දැනුවත් කිරීමක්
මාතර සිට අකුරැස්සට ඇවිල්ලා අකුරැස්සෙන් දෙනියාය පාරේ ඇවිත් පිටබැද්දර, මොරවක, කොටපොළ ආදී නගර කිහිපයක් පහු කරාම දෙනියාය නගරය මුණගැහෙනවා. විදේශීය සංචාරක ආකර්ශනය බහුලව දිනාගෙන තිබෙන දකුණුකරයේ සීත ප්‍රදේශයක් විදිහට දෙනියාය හඳුන්වන්න පුලුවන්. දෙනියායට යන අතරමග වගේම දෙනියායෙදීත් ඔබට වැඩිපුරම දකින්න ලැබෙන දෙයක් තමයි තේ වතු. නුවර එළියෙ වගේම විශාල තේ වතු වලින් පාර දෙපස හැඩ වෙලා තියෙන අයුරු ඔබට බලාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අකුරැස්ස දෙනියාය පාර කියලා කියන්නේ ලොකු වංගු සහිත, කඳු සහිත පාරක්. ඒ වගේම දෙනියායට යද්දී පාර දකුණු පැත්තෙන් නිතරම වගේ දකින්න තියෙන බෑවුම ගැනත් ඔබ දැනුවත් කල යුතුමයි.

දෙනියායට එන ගමනෙදි බලන්න පුලුවන් තැන්.

--------------------------------------

1. ඕලු දොළ
ඕලු දොළ කියන්නේ මහා ලොකු තැනක් නම් නෙමෙයි. ඒත් බොහොම ලස්සන තැනක්. වතුරත් ගලා යන තැනක් ස්වභාවිකවම පොඩි විලක් වගේ හැදිලා තියෙනවා. ඒ හන්දා මෙතන නාන්න කියාපු තැනක් විදිහට හඳුන්වන්න පුලුවන්. මේක තියෙන්නේ අකුරැස්සේ ඉඳලා දෙනියාය පාරෙ එද්දි හමුවෙන හුලංදාව කියන ප්‍රදේශයේ. මෙතෙන්ට යන්න තියෙන්නේ වැල් පාලමක එහෙම ගිහිල්ලා. ඒ හන්දා ඕලු දොළට යන ගමන ඔබට අමතක නොවන ගමනක් වේවි.

2. එලමල්දෙණිය රජමහා විහාරය
එලමල්දෙණිය පන්සල බලන්න යන්න නම් පිටබැද්දරදී පොඩ්ඩක් පාර වෙනස් කරලා සියඹලාගොඩ පාරෙ ටික දුරක් යන්න ඔබට සිද්ධ වෙනවා. එහෙම යද්දි හමුවන පරගස්තැන්න හන්දියෙන් හැරිලා ගියාමයි ඔබට එලමල්දෙණියේ පන්සල හමුවන්නේ. රජමහා විහාරයක් වන මේ විහාරය වලගම්බා රජතුමාගේ කාලයේ හැදුව එකක් කියලයි සඳහන් වෙන්නේ. මේ පන්සල රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට පූජා කරපු එකක් කියලයි කියන්නේ. ඒ හන්දා දුකට පත්වෙච්ච ගොඩක් මිනිස්සු දෙවියන්ට දුක කියන්න මේ පන්සලට එනවා. බොහෝ විට ඔවුන්ට පිහිටක් ලැබුණු බවත් කියවෙනවා. කෙලින් උඩ බැලුවම පොඩ්ඩක් විතරක් ඇද වෙලා පේන අපූරු දිග පිය ගැට පෙළකින් මේ පන්සල සමන්විතයි. හැබැයි කකුලෙ එල්ලෙන කූඩැල්ලො ගැන නම් වගකීමක් ගන්න බෑ අපට.

3. ඇතාමළ ඇල්ල
දෙනියාය පාරේ පිටබැද්දර පහු කරලා ගමන් කරද්දී හම්බවෙන නිල් ඇල්ල වතුයාය ළඟින් දකුණු පැත්තට පල්ලෙහාට තියෙන පාරෙ පොඩි දුරක් ගියාම මේ ඇතාමළ ඇල්ල හම්බවෙනවා. මෙතැන ඉස්සර කාලෙක ඇතෙක් මළ නිසා ඇතා මළ ඇල්ල ලෙස ව්‍යවහාර වුණ බවයි කියවෙන්නේ. බොහෝ උස නැති එහෙත් අලංකාර දියඇල්ලක් විදිහට හඳුන්වන්න පුලුවන්. මෙතන නාන්නනම් හොඳ තැනක් නොවන බවත් ඔබට මතක් කල යුතුමයි.

4. ගැටබරු දේවාලය
දෙවුන්දර දේවාලය තරමටම ප්‍රකට ගැටබරු දේවාලය හාස්කම් වලින් පිරි තැනක් විදිහට විශ්වාස කෙරෙනවා. මෙතැනත් රජ්ජුරු බණ්ඩාර දෙවියොන්ට අයත් පූජා භූමියක් විදිහටයි හැඳින්වෙන්නේ. දෙනියාය පාරේ යන අතරමග කොටපොළ නගරයට ටිකක් මෙහායින් වම් අත පැත්තට උඩට තියෙන මාර්ගයක ගිහිල්ලයි ගැටබරුව දේවාලයට යන්න පුලුවන් කම තියෙන්නේ.

දෙනියායේ බලන්න තියෙන තැන්
-------------------------


1. හත්මාලේ ඇල්ල (සත්මහල් ඇල්ල)
ඉතාමත් අලංකාරම සහ සුවිශේෂීම භූ පිහිටීමක් තියෙන හත්මාලේ ඇල්ල පිහිටලා තියෙන්නෙ දෙනියාය නගරයෙ ඉඳලා බොහොම පොඩි දුරක් එහායින්. මොකක්ද මේකෙ තියෙන සුවිශේෂි කම කියලා ඔබ අහවි. දිය ඇල්ලක් කියන්නේ සාමාන්‍යයෙන් වතුර උඩ ඉඳලා පහළට වැටෙන තැනක් නේ. ඒත් මේ දිය ඇල්ලේ වතුර වැටෙන්නෙ තට්ටුවෙන් තට්ටුවට. එහෙම තට්ටු හතක් තියෙන හන්දා හත්මාලේ ඇල්ල කියලා මේකට කියනවා කියලයි කියන්නේ. ගිහිල්ලම බලන්න ඕන ලස්සන තැනක්. නාන්න බලාගෙන යන්න එපා. ටිකක් භයානකයි.



2. පැට්නා
දෙනියාය පල්ලෙගම ප්‍රදේශයේ තේ වත්තක් මැද තියෙන අපූරු තැනක් තමයි පැට්නා කියන්නේ. පැට්නා හි තියෙන්නෙත් අපූරු භූ පිහිටීමක්. සුලු දිය සීරාවක් ගලා එන, පල්ලෙහාට ලිස්සල එන්න පුලුවන් විදිහේ පැතලි විශාල ගලක් මෙහි තියෙනවා. ඒක හරියට සී සෝ එකක ලිස්සලා පල්ලෙහාට එනව වගේ. ඔබ නැරඹියම යුතු වෙනස් විදිහේ තැනක්. හැබැයි එද්දී ගේන පොලිතින් ප්ලාස්ටික් ඔබම අරගෙන යන්න කියන කාරුණික ඉල්ලීම ඔබෙන් කරන්නේ කෙටි කාලයක් තුළ සංචාරකයන් නිසා මෙතැන පරිසරයට වුණු විනාශය ඉමහත් නිසයි.

3. සිංහරාජය
ලෝක ප්‍රකට ජෛව විවිධත්ව පද්ධතියක් වන සිංහරාජ වනාන්තරයේ එක් ප්‍රවේශ දොරටුවක් දෙනියාය පල්ලෙගම ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. සිංහරාජය ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. නිවර්තන වැසි වනාන්තර කාණ්ඩයට අයත් වන සිංහරාජ වනාන්තරය දිය ඇළි විශාල ප්‍රමාණයක්, වන සතුන්, ශාක විශාල ප්‍රමාණයක් තමන්ගේ තුරුළේ හංගන් ඉන්න සොබාදමේ අපූරු නිමැවුමක්.

දෙනියායට එන ඔබට නවාතැන් ලබාදෙන්න ඉතා හොඳ තත්ත්වයකින් යුතු නවාතැන් බොහෝ ප්‍රමාණයක් ඉදිවෙලා තියෙනවා. සිංහරාජය නරඹනවනම් ඒ ඇතුළේ තියෙන නවාතැනේ නවතින්නත් ඔබට හැකියාව තියෙනවා.

ඒ වගේම සිංහරාජය ඇතුළට යද්දී ඔබේ දුරකථනයේ සිග්නල් නැත්තටම නැති වෙලා යනවා. ඒ හන්දා සිංහරාජය නරඹන්න යනවනම් ඒ ගැන ඔබේ ළබැඳියන්ට දැනුම් දීලම යන්න.

සටහන Fantastic Travelers සතුවේ

චායාරූප මුල් හිමිකරුවන් සතුයි

𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚

💚DM For Credit Or Removal, Credit Always Goes to respective owners💚






🇱🇰


මෙලොවින් වඳවූ බවට සැක කළ ආවේණික උඩවැඩියා විශේෂයක් වසර 160 කට පසු  නැවත හමුවේ.මෙලොවින් වඳවූ බවට සැකකල Orchidaceae පවුලට අ...
13/07/2025

මෙලොවින් වඳවූ බවට සැක කළ ආවේණික උඩවැඩියා විශේෂයක් වසර 160 කට පසු නැවත හමුවේ.

මෙලොවින් වඳවූ බවට සැකකල Orchidaceae පවුලට අයත් ආවේණික උඩවැඩියා විශේෂයක් වන Vanda thwaitesii නම් ශාක විශේෂය නකල්ස් ප්‍රදේශයෙන් නැවත සොයාගැනීමට අප පර්‍යේෂණ කණ්ඩායමට පුළුවන් වුණා. මේ සම්බන්ධව පර්‍යේෂණ පත්‍රිකාව පල වුණේ බ්‍රිතාන්‍යයේ Kew උද්‍යානයේ නිල සඟරාවක් වන Kew Bulletin කියන සඟරාවේ අද දිනයේ. ඒ ශාකය මුල් වරට වාර්තා වූ 1861 වසරෙන් පසුව අවුරුදු 160කට පසුයි.
මෙම ශාක විශේෂය මුල් වරට Vanda thwaitesii යන නමින් වාර්තා කරන ලද්දේ 1898 දී JD Ho**er විසින් වන අතර ඒ Henry Trimen විසින් රචිත The handbook to the flora of Ceylon හි 4 වෙනි වෙළුම යටතේය.ඒ Haramanis de Alwis විසින් අඳින ලද C.P 3378 අංකය යටතේ ජාතික ශාකාගාරයේම තැම්පත් කර ඇති Illustration දෙකක් පදනම් කරගෙනයි.
ඊට පෙර මෙම ශාකයම 1861 දී Henry Thwaites විසින් Aerides tesellata නමින් මෙම චිත්‍ර පදනම් කරගෙනම නම් කර තිබුණද එම Aerides tesellata යන නම Vanda tesellata වලට ඊට කලින් යොදාගෙන තිබූ නිසා JD Ho**er, Henry Thwaites ගේ නමින් Vanda thwaitesii 1898 දී නැවත නම් කරන ලදී. නව ශාක විශේෂයක් ලෙස නම් කළද කිසිදු නිදර්ශකයක් මෙම ශාක විශේෂය සම්බන්ධයෙන් තැන් පත් කර නොතිබූ අතර 1861 න් පසු 2021 වන තුරුම මෙහි කිසිදු වාර්තාවක් සඳහන් නොවුනු නිසා වඳවූ ශාකයක් ලෙස මූලාශ්‍ර කිහිපයකම සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් 1998 දී ඉන්දියාවෙන් Sathish Kumar සහ Suresh Kumar විසින් මෙම ශාක විශේෂය නැවත සොයාගත් බවට වාර්තා කර අතර එබැවින් ලංකාවෙන් වඳවූ ශාකයක් බවට සැලකූවත් ඉන්දියාවෙන් හමුවන ශාකයක් බවට සලකන ලදී. 2014 වසරේදී ඩේලි මිරර් පුවත්පතේ පල කල ප්‍රවෘත්තියකින් අජන්ත පලිහවඩන මහතා විසින් නැවත මෙය සොයාගත් බවට පළ කල තිබුණද එහි ඡායාරූප සලකන විට (විශේෂයෙන් Lip එක) බොහෝදුරට එය Vanda thwaitesii නොව Vanda teatecea වල දෙමුහුමක් වන බව අප කණ්ඩායමේ මෙන්ම බොහෝ පර්‍යේෂයකයන්ගේ අදහසයි. මෙය විද්‍යාත්මකව පළ කර හෝ කිසිදු නිදර්ශකයක් ශාකාගාරයේ තැන්පත් කර නොමැත. මේ නිසාම 2020 රතු දත්ත වර්ගීකරණය සම්බන්ධ විශේෂඥ කමිටුවේදී යෝජනා වූයේ වසර 150කට වඩා වැඩි කාලයක් වාර්තා නැති නිසා වඳවී ගිය බවට- Extinct ලෙස වර්ගීකරණය කරන ලෙසයි.
තත්වය මෙසේ තිබියදී රන්ගල ප්‍රදේශයේ ප්‍රදීප් කොඩිතුවක්කු මහතා විසින් මා හට පුද්ගලිකව මෙන්ම "ඔසුපැල හඳුනාගනිමු" නම් ෆේස් බුක් සමූහයේ හඳුනාගැනීමට පළකළ එක් ඡායාරූපක් ගැන අප කීපදෙනෙකුගේම අවධානය යොමු වූණා. පැත්තට පළකර තිබූ එම ඡායාරූපය කිසිසේත් හඳුනාගැනීමට ප්‍රමාණවත් නොවුණත් අපේ කුතුහලය නිසාම ඕක ගැන හොයන්න පටන් ගත්තා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස ප්‍රදීප් මහතා එම ඡායාරූප ගත්ත පැළය (ගඟේ වැටිලා තිබිලා ගෙදර ගෙනල්ලා තිබුණු(2015-16 කාලයේ) ) මාවිසින් නිරීක්ෂණය කරන ලද අතර ඒ වනවිටත් ඔසුපැල සමූහයේ පළවූ ඡායාරූප ය නිසා දිගින් දිගටම ප්‍රදීප් මහතාගෙන්, විශාල මුදල් ප්‍රමාණ වලට එක් එක් පුද්ගලයන් පැලය ඉල්ලා සිටිය නිසා ලංකාවේ ශාක සම්බන්ධව විතැන් සංරක්ෂණයට තමන්ගේ Mandate එකෙන්ම වගකියන ආයතනයවන ජාතික උද්භිද උද්‍යානයේ එකතුවට පැළය ජාතික ශාක ගවේෂණ වැඩ පිළිවෙළ යටතේ ආචාර්‍ය සුභානි රණසිංහ මහත්මියගේ අධීක්ෂණය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල දැනුවත් භාවය සහිතව මා විසින් ගෙන එනු ලැබුවා (පැලේ ආරක්ෂාවට). මම ඔය පැලේ Prof. Siril Wijesundara සර්ටත් ආපු වෙලාවක පෙන්නුවම සර්ත් කීවෙ බොහෝ දුරට මෙය Vanda thwaitesii විය යුතුයි කියලා. ඔන්න ඔය සැකය නිසාම 2020 රතු දත්ත ලැයිස්තුව මුද්‍රණයට යවන්න අවසන් මොහොතේ අපි කතා බහ කරලා EX කියන කාණ්ඩයට ඇතුලත් නොකර 2012 ලිස්‍ට් එකේ CRPE (Possibly Extinct ) කියන කාණ්ඩයේම තිබ්බා. ඉතින් දින සති මාස ගණන් බලන් හිටපු ශාකයේ අන්තිමට අවුරුද්දකට විතර පස්සෙ මල් පිපුණා.යන්තම් මල් 3යි. ඒ වෙනකොට තියෙන එකම ගහ ශාකාගාර නිදර්ශකයකට දැම්මොත් ආයෙත් වඳවුණා තමා (Publication එකකට Specimen නැතිවත් පාඩුයි) ඔය හින්දම ඕකෙ පිපුණු මල් 3න් එකක් හිමේෂ් අයියයි මායි පරිස්සමට කපලා ඔය පර්‍යේෂණ පත්‍රිකාවෙ තියෙන ඡායාරූප ටික ගත්තා සහ එම කොටස් පරිස්සමට FAA (Formaldehyde :Acetic: Alchohol) වල Preserve කරා. ඉතුරු මල් දෙක අපි Manually Pollinate කරලා සහ ඒකෙන් ආපු කරල් උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවෙ Floriculture Unit එකේ Seed Culture කරා ඒකෙදි නියෝජ්‍ය අධ්‍යක්ෂ සේනාරත්න සර්, තරිඳු විජේසුන්දර, ශෙහාන්, පසන් වික්‍රමසිංහ, සහ සවින්ද්‍යා මධුමාලි දායකත්වය දුන්න අවාසනාවට යම් මට්ටමකට පැල ඇවිල්ලත් යම් මට්ටමකට වර්ධනය වෙලත් පැළ ටික බේරගන්න හැකියාවක් ලැබුනෙ නෑ. (ඒ දවස්වල කොවිඩ් වසංගතෙත් දරුණුවට). පස්සෙ ඒ ශාකය මුලින් ප්‍රදීප් අයියට හම්බුණ අවට අපි කරපු ගවේෂණයක ප්‍රථිපලයක් විදිහට ඇටඹ ගහක සහ නා ගහක තව පැල 3-5 අතර සංඛ්‍යාවක් ස්වභාවික පරිසරයෙන් හම්බුණා. ඒ කියන්නෙ ලෝකෙටම ඔය පැල ටිකයි. ගාඩ්න් එකේ පැලෙයි විතරයි තියෙන්නෙ(3-7ත් අතර ගාණක්). ඒ හින්දා හොයන් ගිහින් ගහ වටේට ටික් ටොක් කරන්නයි, ගහට වඳින්නයි, සිවුරු අන්දන්නයි වගේ වැඩ කරන්නෙපා. ඉදිරි සංරක්ෂණ කටයුතු අදාල ආයතන කරලා යම් පැල ප්‍රමාණයක් හදාගන්නකන්.

තව දෙයක් අමතක වුණා ඉන්දියාවේ සතිෂ් කුමාර් ,සුරේෂ් කුමාර් දෙපලට හම්බුණ Vanda thwaitesii කියන විශේෂය 2021දි Martin Motes විසින් එය නැවත සොයාගත්ත Prof. Sathish Kumar මහතාගේ නමින් Vanda sathishii ලෙස වෙනස් විශේෂයක් ලෙස නම් කරපු නිසා Vanda thwaitesii නැවත ආවේණික වඳවූ ශාකයක් බවට පත්වුණා. අපේ පර්‍යේෂණ පත්‍රිකාව පිළියෙල කරන අතර අපි මහාචාර්‍ය. සතිෂ් කුමාර් මහතා සහ ආචාර්‍ය මාටින් මෝටිස් දෙන්නවම සම්බන්ධ කරගෙන ඔවුන්ගෙත් අදහස් ලබාගත්තා. ඔවුන් ඉතාම සතුටින් නොපැකිළව අපිට තොරතුරු සියල්ල ලබා දුන්නා. ඒ නිසාම Vanda sathishii සහ Vanda thwaitesii විශේෂ දෙකක් බවට සහතික කරගන්න අවස්ථාව ලැබුණා. ඒ නිසාම Vanda thwaitesii ආවේණික විශේෂයක් බවට නැවත ස්ථාපිත වෙනවා වගේම Ho**er ගෙ Description එකේ Type Specimen එකක් සඳහන් නොවන නිසා CP 3378 යටතේ තිබ්බ එක Drawing, දෙකෙන් එකක් Holotype එක විදිහට Designate කරන එකත් මේ පර්‍යේෂණයෙන්ම සිදු කරා. ඉතින් මේ පර්‍යේෂණය කරගෙන අතර ජාතික ශාකාගාරයේ සුභානි රණසිංහ මැඩම් වගේම මාදොල මල්ලිගෙයි මගෙයි දැන් Supervisor මහාචාර්ය දීප්ති යකන්දාවල මැඩම් අපේ පිටිපස්සෙන් හිටියා ක්ෂේත්‍ර කටයුතු වගේම පර්‍යේෂණ පත්‍රිකාව පිළියෙල කරද්දිත්. තව ඉතින් යමු කීවොත් අපායට හරි යන්න එන Dr. හිමේෂ් අයියා සහ මගෙ Labmate ඉන්ද්‍රකීල මාදොල මල්ලි කැලේ දිග ඇලවල් දිග බඩගාන්න ආවා විතරක් නෙවේ ලස්සනට Drawing එකයි Map එකයි හදන්නත් දායක වුණා. ඉතින් ඔය හැමෝගෙම එකවගේ දායකත්වයකින් තමා මේ වැඩේ මේ විදිහට එලියට එන්නෙ. මේක කුඩා පැලයක් සහ සහ අලංකාර මල් නිසා විසිතුරු විශේෂයක් ලෙස ලොකු විභවයක් තියෙන ශාකයක් ඒ නිසා රටට ලොකු වාණිජ වටිනාකමක් තියෙනවා. මෙච්චර හෑල්ලක් නොලියා බෑ උදව් කරපු හැමෝවම සඳහන් කරන්න.උදව් කරපු වගේම අකුල් හෙලපු අයටත් බොහොම ස්තුතියි(කවුද කියලා හදවත දන්නවා ඇතිනෙ).මීටත් අමතරව ශාක ගවේෂණ වැඩසටහනට මූල්‍ය අනුග්‍රහය දුන්න Botanic Gardens Trust Fund එකට, එවකට ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය ශෙලෝමි ක්‍රිෂ්ණරාජා මෙනවිය, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පර්‍යේෂණ ආචාර්‍ය Achala Attanayake මහත්මිය, පැලේ පරිස්සමට දැනටත් බලාගන්න වනෝද්‍යාන පැල තවානෙ වීරසිංහ අයියා සහ ගෝලයෝ පිරිස, සහ ජාතික ශාකාගාරයේ කාර්‍යමණ්ඩලය වගේම අන්තිමට අපි පැලේ බලන්න, කැලේ රිංගන්න ගිය හැම දවසකම තමන්ගෙ ගෙදර වැඩ පවා පාළු කරගෙන කන්න බොන්න දීලා අපි පස්සෙන් ආපු ප්‍රදීප් අයියට විශේෂම ස්තුතිය.

සටහන: භාතිය ගොපල්ලව මහතා.

✒ Research team: භාතිය ගොපල්ලව, ඉන්ද්‍රඛීල මාදොල, Dr. හිමේෂ් ජයසිංහ, Prof.දීප්ති යකන්දාවල, Dr. සුභානි රණසිංහ.
🔗 DOI: 10.1007/s12225-025-10280-1
📰 Issue: Royal Botanic Gardens, Kew, 2025
📅 Published: 10 July 2025

♡ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
#පරිසර_සමාගම

උදෙන්මපන්සල් ගිහින් ඊට පස්සෙ පටන් ගත්තාවඳින්න දන්සල්...කුරක්කන් කැඳදන්සලෙන් පටන් අරන්බෙලි මලුත් බිව්වා...ඊට පස්සෙ අහුවුන...
10/06/2025

උදෙන්ම
පන්සල් ගිහින්
ඊට පස්සෙ පටන් ගත්තා
වඳින්න දන්සල්...

කුරක්කන් කැඳ
දන්සලෙන් පටන් අරන්
බෙලි මලුත් බිව්වා...

ඊට පස්සෙ
අහුවුනේ
අයිස්ක්‍රීම් කට කපලා
හිනාවක් ගියාට
වහිනවා හොඳටෝම...

වහින නිසා
අයිස් පෝලීමේ
කවුරුත් නෑ
අපිත් කොටුවුනා එතනට
ඇති වෙන්න කෑවා අයිස්ක්‍රීම්....

පානුත් තිබුනා
රයිස් තිබුනා
ඔය ඔක්කොමත් කෑවා...

ඒ අතරේ
තව අයිස්ක්‍රීම් දන්සල්
හත අටකුත් අහුවුනා
ඒවත් කෑවා...

ඉස්සො දාලා
කඩල තෙම්පරාදු කරලා
දන්සලක් තිබුනා
මං කාපු රසම කඩල කෑවේ අද....

සව් තිබුනා
ඔය හැම දේම
ආසාවෙන් බිව්වා
වැස්ස කියලා බලන්නෙ නැතුව...

ඇත්තම කිව්වොත්
අපේ රටේ මිනිස්සු
හරි කැමතියි තව කෙනෙක්ට
දෙයක් කන්න දීලා
ඒ දිහා බලලා සතුටු වෙන්න...

කොයිතරම්
දනය රැස් කරත්
අපි ඒ හැම දේම දාලා
අරන් යන්නෙ පිං පවු විතරමයි...

ඉතිං
දන්සලක් දෙන්න
හිතක් පහල වූ තැන ඉදලා
ඒ සදහා උපකාර කර හැමෝටම ...

බොහොම පිං...

B.M.N.සඳූ බස්නායක ✍️

පාද යාත්‍රා 2024 විශේෂ බස්රථය 2024 ජුනි මාසෙ 29 සවස 5 ට කඩවතින් පිටත් වේ ...කඩවත කිරිබත්ගොඩ පෑලියගොඩ ඔරුගොඩවත්ත බොරැල්ල ...
22/06/2024

පාද යාත්‍රා 2024

විශේෂ බස්රථය
2024 ජුනි මාසෙ 29 සවස 5 ට කඩවතින් පිටත් වේ ...

කඩවත කිරිබත්ගොඩ පෑලියගොඩ ඔරුගොඩවත්ත බොරැල්ල රාජගිරිය නුගේගොඩ මහරගම කොට්ටාව
දක්ශින අධිවේගී මාර්ගය ඔස්සේ මත්තල වැල්ලවාය මොණරාගල සියඹලාණ්ඩුව පොතුවිල් පානම හරහා ඔකද ...
078-7677697

2024 ජුනි මාසෙ 15 සෙනසුරාදා සෝමාවතීය සෑ රදුන් වන්දනාව සහ2024 ජුනි මාසෙ 16 ඉරිදා සේරුවාවිල  සෑ රදුන් වන්දනාව සෝමාවතීය - ස...
01/06/2024

2024 ජුනි මාසෙ 15 සෙනසුරාදා සෝමාවතීය සෑ රදුන් වන්දනාව

සහ

2024 ජුනි මාසෙ 16 ඉරිදා
සේරුවාවිල සෑ රදුන් වන්දනාව

සෝමාවතීය - සේරුවාවිල වන්දනා 2024

නිස්සරණ චාරිකා
078-7677697

මීලග වන්දනා වැඩසටහන 2024 අප්‍රේල් මාසෙ 23 අඟහරුවාදා (පෝයදා ) සිරිපාදේ වන්දනාව
16/04/2024

මීලග වන්දනා වැඩසටහන 2024 අප්‍රේල් මාසෙ 23 අඟහරුවාදා (පෝයදා ) සිරිපාදේ වන්දනාව

🌹 තෙරුවන් සරණයි පිංවත් ඔබට☸️☸️☸️ *සොලොස්මස්ථාන වන්දනාව* ☸️☸️☸️🙏🙏  රුවන්වැලි සෑ රදුන්  වන්දනා 🙏🙏   🙏 සවස 7/30 ට රුවන්වැලි...
10/04/2024

🌹 තෙරුවන් සරණයි පිංවත් ඔබට

☸️☸️☸️ *සොලොස්මස්ථාන වන්දනාව* ☸️☸️☸️

🙏🙏 රුවන්වැලි සෑ රදුන් වන්දනා 🙏🙏

🙏 සවස 7/30 ට රුවන්වැලි සෑ රදුන් අබියසදී පූජාවන් වැඩම කර වීම ,

🌹 භව රෝගයට හේතුවන මිත්‍යා දිට්ඨි සිට මිත්‍යා සමාධි දක්වා වු රෝග 8 පෙන්වා දුන් ගුණයට පිදෙන මහා ඖෂධ අෂ්ඨපාන පූජාව

🌹භව රෝගයෙන් නිට්ටාවටම සුවපත් වීම සදහා අප්‍රමාණ දම් ඖෂධ ගුණ ඖෂධ ලොවට විද්‍යමාන කලා වූ ගුණය උදෙසා පූජා කෙරෙන මහා ඖෂධ 108 පූජාව

🌹 සිව් අරිසස් නගා දුන්නු ගුණය උදෙසා පිදෙන මහා චතු මධුර පූජාව

🌹 රාග ද්වේශ මෝහ යන අකුසල් පහත් දේවල් සුන්කර පංචකාමය නැමැති මල් පා පෑගෙන දුවිල්ලක් සේ තථාගතයන් වහන්සේගේ පාමුල තබන මහා පුෂ්පෝපහාරය - ( මල් චෛත්‍යය අනූරූ) -

🌹 දහම් ගුණ සුවද විහිදෙන්නා වුද අවිද්‍යා තණ්හා සිතුවිලි ක්‍රියා වදන් අළු බවට පත්වීම උපමා කර පෙන්වු සමාධිය වඩන මහා හදුන්කූරු 108 පූජාව

🌹 රාගය ද්වේෂය මෝහය කියන්නා වූ දාහය අස් කරගෙන අරි අටඟි මග වඩන්නට පෙන්වා දුන් ප්‍රඥා ගුණයට පිදෙන පහන් 108 මහා ආලෝක පූජාව

🌹 අප්‍රමාණ සම්බුදු ගුණකදට උපහාර පුදමින් නැගෙන බලාශිර්වාදයන් විහිදුවා පතුරුවා හරිමින් ඖෂධ ගුණ මතුකරමින් කායික , මානසික රෝග සුවවීමට මෙන්ම සසර ගණුදෙනු පියවීමට ප්‍රත්‍ය පරිසරය සැකසෙන මහා පුණ්‍යානුමෝදනාවෙන් පිංකම නිමාවට පත්විය .

🌸 තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...
🌸 ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්
🌸 ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්
🌸 ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්
🌸 දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....

🏵️ දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්

🏵️ නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.

🙏 සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්.....

☸️ 2024 අප්‍රේල් මාසෙ 08/09 වන්දනාවට සම්බන්ධ වු

🌹 අනුරාධපුර රුවන්වැලි සෑ විහාරාධිකාරී තැන්පත් ,
රජරට විශ්ව විද්‍යාලයේ කුලපති, නම කියන්න අවසරයි , අතිපුජනීය ශාස්ත්‍රපති පණ්ඩිත ඊතල වැටුනු වැවේ ඤාණතිලක ලොකු හාමුදුරුවෝ ,

🌹නම කියන්න අවසරයි අතිපුජනීය අකුරුමුල්ලේ සෝබීත ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේටත්

🌹 නම කියන්න අවසරයි , අතිපුජනීය පොල්පිටියේ වජිරබුද්ධි ලොකු හාමුදුරුවන් වහන්සේටත්

🌹 මේ දිනවලදී අසනීපයෙන් පසුවන නම කියන්න අවසරයි අතිපුජනීය රන්මුතුගල සද්ධාසිරි ස්වාමීන් වහන්සේටත්

🌹 අප නිස්සරණ චාරිකා අනුශාසක නිස්සරණ සොලොස්මස්ථාන වන්දනා අනුශාසක නිස්සරණ අසරණ සරණ සමිතිය ආරම්භක සභාපති , නිවෙන අරණ අෂ්ඨ සේනාසනාධිපති නම කියන්න අවසරයි , අතිපුජනීය ඇහැලේපොළ තණ්හංකර ස්වාමීන් වහන්සේටත්

🌹 අඹන්පොල පදිංචි පින්වත් සාගර මහත්තයා ඇතුළු පවුලේ සැමත්

🌹 අනුරාධපුර පදිංචි පින්වත් ඇන්ටන් සුමේද මහත්තයා ඇතුළු පවුලේ සැමත්

🌹 කොට්ටාවෙ පදිංචි පින්වත් ක්‍රිශාන්ත මහත්තයා ඇතුළු පවුලේ සැමත්

🌹 දෙහිවල පදිංචි පින්වත් තනුජ මහත්තයා ඇතුළු පවුලේ සැමත්

🌹 වත්තල පදිංචි පින්වත් වසන්තා මහත්මිය ඇතුළු පවුලේ සැමත්

🌹 මාතලේ පදිංචි පින්වත් හැරල්ඩ් මහත්තයා සහ පින්වත් මාලනී මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාත් ඔවුන්ගේ පවුල් වල සියලුම දෙනාත්

🌹 පන්නිපිටිය පින්වත් රත්නපාල ගම්ලත් මහත්තයා ඇතුළු පවුලේ සැමත්

🌹 රාජගිරිය පින්වත් තනුජා මහත්මිය ඇතුළු පවුලේ සැමත්

🌹 මාතර පදිංචි පින්වත් ගයා දළුගොඩ මහත්තයා ගේ මෑණියන් ඇතුළු පවුලේ සැමත්

🌹 නිදුක් වෙත්වා...
🌹 නීරෝගි වෙත්වා...
🌹 සුවපත් වෙත්වා ...

🌿 කායික සුවයෙන් සුවපත් වෙත්වා ...
🌿 මානසික සුවයෙන් සුවපත් වෙත්වා ...

⚜️ ශ්‍රද්ධාවෙන්..
⚜️ සීලයෙන්..
⚜️ දහම් දැනුමින්..
⚜️ ත්‍යාගයෙන්..
⚜️ ප්‍රඥාවෙන්...
⚜️ වීර්යෙන්..
⚜️ සිහියෙන්..
⚜️ සමාධියෙන්...
⚜️ වැඩෙත්වා...

🔅 ආයුෂයෙන්..
🔅 වර්ණයෙන්..
🔅 සැපයෙන්..
🔅 බලයෙන්..
🔅 යසසින්..
🔅 කීර්තියෙන් වැඩෙත්වා...

🌹 අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...

🌿 ඇසිල්ලක් පාසාම

☸️ බුදු ගුණ..
☸️ දම් ගුණ..
☸️ සඟ ගුණ.. සිහි වෙත්වා ...

🔆 කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...

🔆 යන එන මග තොට..

🔆 ගමන බිමන..

🔆 නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා...

🌸 ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...

🌸 අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා...

🌿 ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්න්ට පින් පුරන්ට වාසනාවන්ත වේවා...

🌿 අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....

🌿 ඔබ සැමට තෙරැවන් සරණයි !!!🌷🌷

නිස්සරණ සොලොස්මස්ථාන වන්දනාව
නිස්සරණ අසරණ සරණ සමිතිය
නිස්සරණ සේයා
නිස්සරණ චාරිකා
නිස්සරණ TV

🌸 තෙරුවන් සරණයි පින්වත් සැමටම ,

☸️ සැමටම දීර්ඝායුශ වෙත්වා ,

☸️ පිංකමට සම්බන්ධ නොවු පින්වත් සැම මේ පින අනුමෝදනා වෙත්වා .

සිරිපාදේ 2024 - 02සිරීපාදෙ වන්දනාවගමන් ආරම්භ කිරීම 2024 අප්‍රේල් මාසෙ 23 අඟහරුවාදා ( පෝයදා )උදේ 6 ට කොට්ටාවෙන් කොට්ටාව ම...
28/03/2024

සිරිපාදේ 2024 - 02

සිරීපාදෙ වන්දනාව

ගමන් ආරම්භ කිරීම

2024 අප්‍රේල් මාසෙ 23 අඟහරුවාදා ( පෝයදා )
උදේ 6 ට කොට්ටාවෙන්

කොට්ටාව
මහරගම
නුගේගොඩ
නාවල
රාජගිරිය
මරදාන
දෙමටගොඩ
වැල්ලම්පිටිය
කොලොන්නාව
අංගොඩ
කඩුවෙල
බණ්ඩාරවත්ත
බියගම
දෙල්ගොඩ
කිරිබත්ගොඩ
කඩවත
යක්කල
නිට්ටඹුව
ඌරාපොල
ගෝණගල්දෙනිය
රැවන්වැල්ල
කරවනැල්ල
යටියන්තොට
කිතුල්ගල
ගිණිගත්හේන
වටවල
හැටන්
මස්කෙලිය හරහා
නල්ලතන්නිය
සහ ආපසු එම මාර්ගය ඔස්සේ

Ac සහිත බස්රථය

24 බදාදා

දිය නොමුසු කිරි ආහාර පූජාව
බත් දන්සැල
මළුව පිරිසිදු කිරීම
කෙම්මුර පූජාව
පොල් පහන් 28 පූජාව
මැටි පහන් 108 පූජාව
හැරමිටි පරිත්‍යාග

ආදි පිංකම් වලට සම්බන්ධ වෙන්න පුළුවන්
විස්තර සදහා +740471973 ඔස්සේ වට්සැප් පණිවිඩයක් එවන්න

එම වට්සැප් සබැඳිය පහතින් ...

https://wa.me/qr/FVDCZALZHTWJL1

අප්‍රේල් මාසෙ 18 ට පෙර දැනුම් දෙන්න කාරුණික වෙත්වා .

Address

Madinnagoda Road
Rajagiriya
10100

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when නිස්සරණ චාරිකා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share