23/05/2026
ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තරයට! 🚢 මොරිෂස් රාජ්‍යය වෙනුවෙන් සීනෝර් නිපදවන අඩි 55 දැවැන්ත යාත්‍රාවේ ප්‍රගතිය ගරු අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට!
ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහ තාක්ෂණික දක්ෂතාවය ලෝකය හමුවට රැගෙන යමින්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සීනෝර් පදනම මගින් මොරිෂස් රාජ්‍යය වෙනුවෙන් නිපදවනු ලබන අඩි 55ක් දිගැති දැවැන්ත යාත්‍රාවේ අවසන් අදියරේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ගරු ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා 2026.05.21 වන දින මට්ටක්කුලිය යාත්‍රාංගණයේ විශේෂ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.
මෙම සුවිශේෂී ව්‍යාපෘතිය හරහා දේශීය බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්රයේ නව පෙරළියක් සිදු කිරීමට සීනෝර් ආයතනය සමත්ව ඇති අතර, යාත්‍රාවේ නිමාව සහ එහි ප්‍රමිතිය පිළිබඳව ගරු අමාත්‍යතුමාගේ ඉහළ ඇගයීමක් හිමිවිය.
මෙහිදී අදහස් දැක්වූ ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ,
🔹 නෝර්වේ සහ ජපානය වැනි දියුණු රටවලින් ලබාගන්නා නවීනතම තාක්ෂණය ඉදිරියේදී සීනෝර් ආයතනය වෙත අනුගත කරන බව.
🔹 එමගින් ඉදිරි කාලය තුළ සීනෝර් ආයතනයේ යාත්‍රා නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව.
🔹 සීනෝර් ආයතනය ජාත්‍යන්තර මට්ටමේ ප්රමුඛ පෙළේ Dockyard එකක් බවට පත් කරමින්, දේශීය අපනයන ආදායම ශක්තිමත් කිරීම අමාත්‍යාංශයේ ප්‍රධානතම අරමුණක් බව.
දේශීය ධීවර කර්මාන්තය නංවාලීමට අමතරව, මෙලෙස විදේශීය ඇණවුම් සාර්ථකව නිම කරමින් රටට විදේශ විනිමය රැගෙන ඒමට සීනෝර් ආයතනය තබන මෙම පියවර සමස්ත ලංකාවටම මහත් අභිමානයකි!