Agri-Biz

Agri-Biz Agri-Biz is mainly focusing to share updated agri-biz information with public share and join with us Stay informed. Grow smarter with Agri-Biz.

ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාර අති විශාල ප්‍රමාණයක් ඇති අතර ඉන් සමහරක් ඒවා ඉතා හොඳින් ලබා ලබන අතර සමහර ඒවා පාඩු ලබා පසුව අතහැර දමනු ලබයි. එයට ප්‍රධාන හේතු ලෙස නිසි වෙළද පොළ හදුනා නොගැනීම , නිසි ව්‍යාපාරික සැලසුම් වලින් තොර වීම, අගය දාමයෙහි ස්වභාවය නිසි ලෙස අවබෝධ කර නොගැනීම, ප්‍රවාහන සහ සැපයුම් නිසි ලෙස හදුනා නොගැනීම, නිෂ්පාදන වියදම කෙරෙහි අවබෝධයක් නොතිබීම, වැරදි ලෙස ශ්‍රමිකයන් පාලනය ආදී හේතු රාශියක් ද

ැක්විය හැක. මෙම ප්‍රධාන දුරුවලතා නිසි ලෙස අවබෝධ කර ගැනීම සහ ඒවාට නිසි විසදුම් ලබා දීම ඉතා නිවැරදිව සහ ක්‍රමානුකුලව කල යුතුය. ඒ සදහා ආර්ථික, පාරිසරික , සමාජ සහ කළමනාකරණ දැනුම නිසි ලෙස කෘෂි ව්‍යාපාරය තුලට අන්තර්ගත කල යුතුය. එම අරමුණ ඇතිව AgriServe consultancy Service ආරම්භ කරන ලදී. අපගේ තාක්ෂණික සහයෝගය අවශ්‍ය නම් අපිට ලියන්න, ඔබට අවශ්‍ය ඔනෑම කෘෂිකාර්මික ගැටලුවකට පිළිතුරු සපයන අතර ආරම්භයේදී තේ වගා බිම්, පොල් වගා බිම්, කුරුඳු වගා බිම් , එළවලු සහ පලතුරු වර්ග කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ඇත. Agri-Biz is your trusted knowledge hub for everything agriculture — from practical field-level guidance to cutting-edge agribusiness insights. We aim to empower farmers, agripreneurs, students, and professionals by sharing technical, educational, and business information across local and international agricultural landscapes. Our mission is to:

Deliver scientific farming knowledge in a simple, understandable way. Share agronomic practices, crop nutrition, and pest & disease management techniques. Promote agribusiness models, value chain opportunities, and market access strategies. Update you with the latest agriculture news, technologies, and success stories from Sri Lanka and around the globe. Build a strong and informed agri-community through knowledge sharing in Sinhala, English, and Tamil when possible. Whether you are a smallholder farmer, agribusiness startup, student, or rural advisor — Agri-Biz is here to support your growth and innovation journey in agriculture.

🔗 Stay connected.

08/09/2026

තායිලන්තයේ දී උක් වගාවෙන් කරන සරල නිෂ්පාදන

08/09/2026

තායිලන්තයේ Street Foods සංස්කෘතිය

09/08/2026
04/07/2026

ඔබ තවමත් අධිඝනත්ව තේ වගාව පොත කියවා නැතිද? එහෙනම් මෙන්න අනගි අවස්තාවක් අපගේ අධිඝනත්ව තේ වගාව පිලිබද පොත ඔබගේ නිවසටම ගෙන්වා ගන්න. හෝ අපව අමතන්න 0707532232

04/07/2026

වසර 300 කට වඩා පැරණි හල්දොල ,කිර්ණෞදාගම අඹ ගස

 now you can define your taste profile based on your taste we can make tea
14/06/2026

now you can define your taste profile based on your taste we can make tea

ඩයි නැතුව තේ බොමුද මෙන්න අවස්ථාවක්.

--ඔබගේ තේ එක ඔබම සදා ගන්න -- ලෝකයේම පළමු අවස්ථාව ශ්‍රී ලංකාවෙන්.

ශ්‍රී ලංකාව යනු ලෝකයේ ඉහළම ගුණාත්මය සහිත තේ නිෂ්පාදනය කරනු ලබන රටක් වන අතර ඉහළම මිල ගණන් ඔස්සේ ලෝකයට තේ අලෙවි කරන රටක් ලෙස ලොව පුරා ජනප්‍රිය වී ඇත.
නමුත් ශ්‍රී ලංකිකයින් ලෙස ලංකාවේ වෙළද පොළ තුල ඉහල ගුණත්මයකින් සහ රසයකින් යුක්ත තේ එකක් මිලදී ගැනීමට හෝ පානය කිරීමට ඇත්තේ අවම අවස්තාවකි.

එබැවින් ඔබ කැමති පාට ,රසය, සුවද , ඔබ කැමති තේ වර්ගය , ඔබ තේ සදහා දක්වන විශේෂ අවදානය , උඩරට , මැදරට , පහතරට ද ආදී සියලු සාධක සලකා බලා

ඔබේ රස තේ එක ඔබේ කැමැත්ත පරිදි ඔබම විසින් ම නිර්මාණය කර ගැනීමට ශ්‍රී ලංකාවේ අතින් තේ නිපදවන්නන් කටයුතු කරමින් ඇත.

මේ අවස්ථාව උත්සහ කර බලන්න

පහත දිගුව භාවිතා කර ඔබේ බීමට කැමති තේ එකේ විස්තර අපිට කියන්න. https://forms.gle/vs66mtsfn3GFiiwx6
ඔවුන් ඔබගේ තේ එක නිර්මාණය කරණු ඇත.

තේ ඉඩමකට අවශ්‍ය පොහොර ප්‍රමන ගනනය කිරීම
07/06/2026

තේ ඉඩමකට අවශ්‍ය පොහොර ප්‍රමන ගනනය කිරීම

-තේ ඉඩමක අවශ්‍ය පොහොර ගණනය කිරීම -ලිපි අංක -01
(අදායමෙන් 10% ක් පොහොර වලට යොදමු )

තේ පොහොර මිල වැඩියි ,
අස්වැන්න නෑ ,
මිල අඩු කරන්න ,
දළු නැ ,
පොහොර සහනාධාරයක් අවශ්‍යයි මේ මෙදින වල තේ ගොවියන් විසින් නඟන මැසිවිලි කිහිපයකි.

නමුත් පොහොර යනු තේ වගාවේ ඉතාම නිවැරදි ලෙස කළමනාකරණය කල යුතු යෙදවුමකි. නමුත් පසේ pH අගය , කාබන් ප්‍රතිශතය සහ අනිකුත් පෝෂක සම්බන්ධ කරුණු ගැන තේ ගොවියන් වැඩි අවදානයක් යොමු නොකරන අතර ඔහේ පොහොර යොදන්නම් වලේ පොහොර යොදා අස්වනු බලාපොරොත්තුවෙන් සිටියි .

එබැවින් ඒ පිළිබද ලිපි කිහිපයක් ලිය පල කිරීමට සිතුණි.

--ඔබේ ඉඩමට කොපමණ පොහොර අවශ්‍යද ? -

තේ වගාව යනු සැබවින්ම Science සහ Economics ය එබැවින් ඒ පිලිබදව ඔබට නිසි අවබෝධයක් ඇතුව මෙය සිදු කල යුතුය.

උදාහරණයක් ලෙස ඔබගේ ඉඩමෙන් අක්කර එකකට දළු 550 Kg අවමය කඩන්නේ නම් ,
ඔබගේ ඉඩමේ මාස තුනක අස්වැන්න (550 X 3 = 1650) 1650 Kg ක් වේ.
එය කළු තේ ලෙස ගත හොත් (1650 x 21.5%) 354.75 Kg වේ.
ඔබ ඉඩමට සැපයිය යුතු N ප්‍රමාණය , කළු තේ බරින් 10% කි
එනම් (354.75 Kg x 10%) 35.46 කි.

ඔබ මෙය සැපයීමට U -709 පොහොර මිශ්‍රණය භාවිතා කරන්නේ නම් , එහි N -28% ක් ඇත.
එනම් ඔබට අවශ්‍ය U -709 පොහොර ප්‍රමාණය යනු 35.47 x 100/28 = 127 Kg , දළ වශයෙන් අපි 125 Kg යොදනු ලබයි.
එබැවින් මෙම N ප්‍රමාණය ලබා දීමට ඔබට විවිධ මිල ගණන් ඔස්සේ පොහොර මිශ්‍රණ කිහිපයක් ඇත. U -709, UT -752, U -834, UT-1625, T-1240 ආදී මිශ්‍රණ කිහිපයක් ඇත.
උදහරණ ලෙස ඔබ UT -752 පොහොර මිශ්‍රණය (N -26 %) ඇත ඔබට වැය කල යුතුවන්නේ LKR 30000.00 ආසන්න මුදලකි.

ඔබ අක්කර එකට 550 Kg කඩන්නේ නම් දළු මිල LKR 200.00 නම් , මාස තුකදී ඔබට LKR 330,000.00 අදායමක් ලැබෙන අතර පොහොර වලට වැය කල යුත්තේ ඉන් 10% ක් පමණි.

නමුත් ඔබේ පසේ pH පරීක්‍ෂා කර නොමැත ,
පසේ කාබන් නොමැත ,
අක්කරයට තිබිය යුතු ගස් ගන්න නොමැත ,
පස සේදී ගොස්ය,
අස්වැන්න ද ඉතා අඩුය,

එබැවින් සමහරු සමස්ත අදායමෙන් 50%, ක් පොහොර සදහා වියදම් කරයි. එබැවින් තේ වගාව එපා වී ඇත.

06/06/2026

--- තේ පොහොර මිල වැඩි නෑ , ගසකින් දළු 4 යි --

තේ පොහොර වල මිල ඉතා අධික බව ගොවියන් චෝදනා කරන අතර මේ වන විට පොහොර භාවිතා කිරීම අඩුකර ඇත. මෙය තේ වගවේ අස්වනු තවදුරටත් ඉදිරියේදී පහළ දැමීමට ඍජු ලෙස දායක වනු ඇත. එබැවින් තේ වගාවට පොහොර යෙදවීමට ගොවියන් උනන්දු කරවීම මේ අවස්ථාවේදී රාජ්‍ය , පුද්ගලික සහ අනිකුත් හැම දෙනාගේම යුතුකමකි. එය සැබවින්ම තිරසාර තේ වගාවක් පවත්වා ගැනීමට ඉතා ඍජු දායකත්වයක් සපයනු ඇත.

තේ ගොවියන් ලෙස මෙම ගණනය ගැන අවදානය යොමු කරනු ඇතැයි ලියුම් කරු ලෙස මම විශ්වාස කරමි
ඔබගේ අක්කරයක තේ ඉඩමට පොහොර යොදන්නේ නම්, දළ වශයෙන් මිටි තුනක් (U -709) යොදන්නේ නම් අවම රුපියල් 45000 ක වියදමක් පොහොර සඳහා ගොවියකු වැය කල යුතුව ඇත. ප්‍රශනය ඇත්තේ ඔවුන්ගේ ඉඩම් වල අවම අස්වනු ප්‍රමාණයයි. අක්කර එකට 1000Kg කඩන්නේ නම් පොහොර මිල ප්‍රශනයක් නොවනු ඇත.
මේ ගණනය දෙස බලන්න , දළු 1Kg මිල රු 200.00 ක් නම් අවම වශයෙන් (45000/200) දළු කිලෝග්‍රෑම් 225 ක් පොහොර සඳහා වෙන් කල යුතුය. එනම් මසකට 75Kg වෙන් කල යුතුය.

දළු ලෙස ගතහොත් , දළු 75000 ක් මේ සඳහා අයින් කල යුතුය. ඔබේ ඉඩමේ තේ ගස් (අක්කර එක්ක ) 5000 ක් වත් පවතීන් නේ නම් , එකගසකින් මසකට දළු 15-16 ක් ඉවත් කල යුතුව ඇත.
ඔබ දළු රවුම් 4ක් කඩන්නේ නම් , එක ගසකින් දළු 4ක් ඉවත් කර ගත යුතුය.
එනම් ඔබ ගසකින් දළු 4 බැගින් , දළු 4 ට , දළු 16 ක් මසකට ඉවත් කර , ගස් 5000 කින් දළු දළු 80000 ක් ඉවත් කර එනම් අමුදලු 80Kg පොහොර දැමීම සඳහා වෙන්කරගන්නේ නම් තවමත් පොහොර මිල වැඩි නැතිය. නමුත් ප්‍රශනය වන්නේ

- පසුගිය වසර කිහිපය පුර නැවත වගාව හෝ පාළු සිටුවීම කර නොමැති නිසා අක්කර එක්ක ගස් 4500 ක් නොමැත්තේය -
- ඉඩමේ පාළු වැඩිය , අස්වැන්න අඩුය
- පසේ සහ පෝෂක වල කාර්යක්‍ෂමතාවයද දැඩි ලෙස පහළ ගොස්ය
-සේවක වියදම් අහස උසය -
-ජීවන වියදම ද අහස උසය -
- එබැවින් මුදලේ වටිනාකම තේ ගොවියාට දැඩි ලෙස දැනේ-
එබැවින් තේ ඉඩම් වල අස්වනු වැඩි කිරීමේ තිරසාර ක්‍රමවේදයක් ඉක්මණින් අවශ්‍යව ඇත. එසේ නොවුන හොත් කර්මාන්තය වැඩිකල් නොපවතිනු ඇත.

30/05/2026

පොල් වගාවේ දක්නට ලැබුණු නමුත් එතරම් ප්‍රභල නොවන පොල් පලිබෝධකයෙක් ලෙස පොල් පත්‍ර කනින්නා දැක්විය හැකිය. මෙය ප්‍රථම වරට ලංකාවේදී වාර්තා වුයේ 1970 දී පමණය. පසුව ක්‍රමයෙන් ලංකාවේ පොල් වගා කරන ප්‍රදේශ වල බහුලව ව්‍යාප්ත විය. පසුව ස්වභාවික සතුරු කෘමියකු භාවිතා කර ඉතා සාර්ථක ලෙස පාලනය කර ඇත. මෙය පලිබෝධකය රසායනික මෙන්ම ජීව විධ්‍යත්මකව පාලනය හැකි කෘමියෙකි. වැඩි විස්තර සදහා අපගේ video නරඹන්න

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Agri-Biz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Agri-Biz:

Shortcuts

Share