23/04/2024
දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (23) උදෑසන අභාවප්‍රාප්ත විය.
මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා පේරාදෙණිය හා මොරටු විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹීය.
දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) හා අතිරේක සාමාන්‍යාධිකාරි (යටිතල පහසුකම්) පදවි ඇතුළු දුම්රිය ක්ෂේත්රයේ ඉහළ පදවි රැසක් ද ඔහු විසින් හොබවනු ලැබීය.
එතුමාට උතුම් නිවන් සුව ලැබේවා !