16/03/2026
බොහෝ දෙනා අතර පැතිරෙන වැරදි අදහසක් තමයි “බ්‍රොයිලර් කුකුලන්ට හෝමෝන දෙනවා” කියන කතාව.
නමුත් ලංකාවේ කිසිදු වාණිජ බ්‍රොයිලර් ෆාම් එකක හෝමෝන භාවිතා නොකරයි.
👉 හෝමෝන භාවිතා කළා නම් ඒවා එන්නත් (injection) ලෙස ලබා
දිය යුතුය.
👉 එය ඉතා මිල අධික සහ වෙළඳපොළ farming සඳහා ප්‍රායෝගික
නොවන ක්‍රමයක් වේ.
👉 එමෙන්ම වතුර හරහා හෝ ආහාර හරහා හෝමෝන ලබා දීම
සාර්ථක නොවේ.
🐥 එහෙනම් බ්‍රොයිලර් කුකුලන්ට මුල් දිනවල ජලයට දමන්නේ මොනවද?
බොහෝ ෆාම් වල මුල් දිනවල ලබා දෙන දෑ මෙවැනි දෑය:
1️⃣ ග්ලුකෝස් – transport stress අඩු කිරීමට
2️⃣ විටමින් – පැටවුන්ගේ ශරීර ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිශක්තියට
3️⃣ මුල් දින 3කට ප්‍රතිජීවක – මුල් බැක්ටීරියා ආසාදන වලක්වා ගැනීමට
4️⃣ IB / ND වැනි රෝග සඳහා එන්නත් – මිනිසුන්ට දෙන එන්නත් වැනි
ආරක්ෂිත රෝග වැළැක්වීමක්
(බොහෝ විට වියදම් හේතු නිසා සමහර ෆාම් වල එන්නත් සියල්ලම භාවිතා නොකරන අවස්ථාද ඇත.)
📈 බ්‍රොයිලර් ඉක්මනින් වර්ධනය වීමට හේතුව කුමක්ද?
බ්‍රොයිලර් කුකුලෙකු 35 දිනක් තුළ සාමාන්‍යයෙන් ~2.2-2.3 kg වැනි බරක් ලබා ගනී.
එයට හේතු ප්‍රධාන වශයෙන් දෙකක් පමණි:
✔ දශක ගණනාවක් තිස්සේ සිදු කර ඇති ප්‍රවෙණිගත අභිජනනය
(Selective breeding)
✔ විද්‍යාත්මකව සකස් කළ පෝෂණ වලින් පරිපූර්ණ ආහාර
නමුත් එම ආහාර, ගම් කුකුලෙකුට දුන්නට එවැනි වේගයකින් වර්ධනය නොවේ, එය ජාන මිශ්‍ර වීම නිසා.
🧬 බ්‍රොයිලර් පැටවුන් ලැබෙන්නේ කොහෙන්ද?
ලෝකයේ බ්‍රොයිලර් Grandparents අභිජනනය කරන ඉතා සීමිත ගෝලීය සමාගම් කිහිපයක් පමණක් ඇත.
උදාහරණ;
• Grandparent stock
• Parent stock
එම සතුන් ආරක්ෂිත පරිසරයක අධික වියදමක් දරා නඩත්තු කටයුතු කරයි.
⚠️ බ්‍රොයිලර් කර්මාන්තයේ සැබෑ ගැටළුව
සමහර ෆාම් වල පරිපාලන ගැටළු සහ biosecurity දුර්වලතා නිසා:
• CRD
• E.coli
• Salmonella
වැනි රෝග ඇති විය හැක.
එවැනි අවස්ථාවල ප්‍රතිජීවක භාවිතා කිරීමට සිදු විය හැක.
⚠️ අවසාන කාලයේ ප්‍රතිකාර කළහොත්
ඒ ප්‍රතිජීවක residue මස් හරහා මිනිසුන්ට පැමිණිය හැක.
එමඟිantibiotic resistance ඇති වීමේ අවදානමක් ඇත.
🌍 ලෝකයේ නව ප්‍රවණතාවය
මේ නිසාම අද:
✔ යුරෝපා සංගමය ඇතුළු රටවල් බොහෝ හානිකර ප්‍රතිජීවක තහනම්
කර ඇත.
✔ ගොවි මහත්වරුන් biosecurity, management, probiotics
සහ නව ජෛව තාක්ෂණ ක්‍රම භාවිතා කරමින් antibiotic-free
poultry production වෙත මාරු වෙමින් සිටී.
🇱🇰 ශ්‍රී ලංකාවද ඒ දිශාවට ගමන් කරමින්
සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රතිජීවක අඩු poultry නිෂ්පාදන ක්‍රම ක්‍රියාත්මක කරමින් සිටී.