Southern Express Cash On Delivery - Currier Service

Southern Express Cash On Delivery - Currier Service You Select - We collect.

04/04/2025
11/06/2024

මාතර අපිව පුංචි කාලෙට ආයෙමත් අරගෙන යන පින්තූරයක්..

ගම කොහෙද කියලා ඇහුව ගමන් මාතර කියලා අපි කියන්නේ මහ උජාරුවෙන් ඒකේ පොඩි ගැම්මක් තියෙන නිසා.. පොඩ්ඩක් ඉතිං මාතරට එන්න බස් එකක එන්න ඕන ඒකනේ ඇත්තම කතාව අපි ගොඩක් අයගේ.. ඉස්සර පුංචි සංදියේ මොකාක් හරි උවමනාවකට මාතර නගරෙට අම්මා එක්ක හරි තාත්තා එක්ක හරි ආවම තේ එකක් බීලා යමු කිව්වම ඊට වඩා සතුටක් නෑ..

ඒ හැම වෙලාවකම වගේ තාත්තා එක්කරගෙන යන්නේ අද මාතර ගාලු පාරේ Cargils Food City එක තියෙන තැන ඉස්සර Broadway Film Hall එකට අල්ලපු වැටේ තිබ්බ GOB එකට.. ඒක හරි ලස්සන තැනක්.. අදටත් මතකයි ඒ Quality එක මාතර එහෙම නිස්කලංක වටපිටාවක් එක්ක නිදහසේ තේ එකක් බොන්න තැනක් නැති තරම්. සුදු සරමට අත්කොට සුදු කමීසේ යටකරලා කලු බෙල්ට් එකක් බැඳගත්ත වේටර් මහත්වරු එක්කෙනෙක් හෝ දෙන්නෙක් හිටියා මතකයි ආගන්තුක සත්කාර බොහෝම හොඳට දන්න.. වැදගත් විදිහට එන මිනිස්සුන්ට සලකන. මාලු බනිස් සීනි බනිස් වගේ බේකරි කෑම වර්ග ගණනාවක් තිබුනා ලොකු මිලක් නෑනේ ඉස්සර කොහොමත්. තේ එක දෙන කෝප්පේ ඉඳන් තිබුනා පිළිවෙලක් පිරිසිදුකමක්.

කාලයත් එක්කම මේ GOB එක වැහිලා ගියා අද මේ ගොඩනැගිල්ලත් නෑ මයේ හිතේ. ඇත්තම කතාව මේ Quality එක Maintain කරන හරියාකාර මාතර නගරේ මැද තේ එකක් පිළිවෙලකට නිදහසේ බොන්න හෝටලයක් නෑ මම දන්න තරමට.. එකකට එකක් අනෙක් දේවල් හරියන්නේ නෑ.. වටපිටාව හොඳ උනොත් කෑම අවුල් එක්කෝ තේ නෑ මැෂිමේ හැදෙන තේ විතරයි, එක්කෝ ඉන්න වේටර්ලාගේ කියුම් කෙරුම් අවුල්, එක්කෝ ගිණි ගණන්, ඒකයි මේ GOB එකේ අඩුව අදටත් මාතර මිනිස්සුන්ට මහලොකුවට දැනෙන්නේ.

මාතර ඇත්තම කතාව කිව්වොත් "මාතර බත් කඩ" ලෝකේ වටේ ලංකාව වටේ හැමතැනම තිබ්බත් මාතර නගරාසන්නයේ එහෙම හරියාකාරව කන්න බත් කඩයක් නෑනේ අදටත්. උදේ කෑම බැලුවොත් සමහරු දෙන්න පටන්ගන්නේ උදේ 8 - 9 වෙලා. ඒත් උණුවට රසට මාතර ටවුමේ නම් මාතර රහට කන්න තැනක් නෑ.. මාතර ජාමේ බේරගන්න මාතර කෑම රහට කන්න බොන්න තැනක් මෑත කාලයේ අධිවේගී මාර්ගයෙන් එලියට එද්දි ගොඩගම "මාතර කෑම" කියලා අපේ හිතවත් ඉසුරු අයියා කරගෙන යන නිසා ලැජ්ජාවක් නැතුව ඕන කෙනෙක් එක්කන් ඇවිත් ගෙදර වගේ කන්න දෙන්න පුළුවන්.. ඒත් මාතර නගරාසන්නයේ නම් නෑ..

මාතර හෝටල් හිමියන්ට ආයෙත් යන්න පුළුවන් නම් අවුරුදු 10-15 ආපස්සට මේ GOB එකට ඇයි මිනිස්සු මේ තරම් ආදරේ කියලා හොයලා බලලා තමන්ගේ හෝටලේ අඩුපාඩු හදාගන්න.. GOB වගේ වෙන්න බැරි උනත් ආසන්නයටවත් යන්න පුළුවන් වෙයි.

කාටහරි රිදුනානම් අඩුපාඩු හදාගන්න. දැනුනා නම් මතක් උනා නම් දැනුන දේ ලියාගෙන යන්න.. 🥰

- පින්තූරේ දැක්කම පුංචි දුකක් එක්ක හිතිච්ච දේවල් ලියපු මම මාතර එකෙක් ලක්ෂාන් මනුරංග -

08/11/2022

🔴 ඔබේ මාධ්‍ය සිහින සැබෑ කරන්න මීඩියා මහගෙදර අපි මාතරට.. 📞 කතා කරන්න - 0703 115 116 | +94 70 311 5116 Whatsapp

01. අවු. 08-15 දක්වා දරුවන්ට රූපවාහිනී සහ ගුවන්විදුලි ළමා නිවේදක පුහුණු පාඨමාලාව.
02. අවු. 15ට වැඩි ඔබට රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදක පුහුණු පාඨමාලාව.

🔴 සඳහා ලියාපදිංචිය දැන් ඇරඹුනා..

• ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ උපදේශකත්වයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සම්පත්දායකත්වය.
• පාඨමාලා කාලය මාස 4ක් වන අතර 100%ක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත වේ.
• පාඨමාලාව සාර්ථකව නිමාකරන ඔබට වටිනා සහතික පත්‍රයක් පිරිනැමෙන අතර දක්ෂතාවය මත විශේෂ අවස්ථා හිමිවේ.
කතා කරන්න.

✅ දෙසැම්බර් මාසයේදී පාඨමාලා ද්විත්වයම ආරම්භ කෙරේ.

මීඩියා මහගෙදර - Academy of Media & Arts
හීන පොදි බැඳන් එන්න අපි ඔබට පාර කියන්නම්.

18/06/2022

හිතට වදින්න - කාටත් දැනෙන්න HIGH QUALITY VIDEO AD එකක් හදාගන්න කතා කරන්න අපට - 0702 113 114

වැඩේ මොකක් වුනත් ඉක්මනින්ම අඩුම මිලට වැඩේ කරලා දෙන්න අපි සූදානම්..

🔴 මාතර උපකාරක පන්ති ගුරුභවතුනි, පාරිභෝගික හිතවතුනි, ව්‍යාපාරික හිතවතුනි, මේ පණිවිඩය ඔබටයි.!• CASH ON DELIVERY• HOTLINE -...
21/11/2020

🔴 මාතර උපකාරක පන්ති ගුරුභවතුනි, පාරිභෝගික හිතවතුනි, ව්‍යාපාරික හිතවතුනි, මේ පණිවිඩය ඔබටයි.!
• CASH ON DELIVERY
• HOTLINE - CALL / WHATSAPP `0702 113 114

🔴• ගෞරවනීය උපකාරක පන්ති ගුරුභවතුනි, ඔබෙන් ඉගෙනුම ලබන දරුවන් වෙත මේ දිනවල අවශ්‍ය කරන නිබන්ධන, ප්‍රශ්න පත්‍ර දරුවන්ගේ අතට ම පරිස්සමෙන් ගිහින් දෙන්න අප සූදානම්..

🔴• කාර්යබහුල ජීවිතයක් ගතකරන ඔබේ පහසුව වෙනුවෙන් අවශ්‍ය ඕනෑම බඩු භාණ්ඩ ලැයිස්තුවක් අපට එවන ඔබ හට ඒ සියල්ල ම හොඳම තත්වයෙන් අතට ම ගෙනත් දෙන්න අප සූදානම්..

🔴• තොග හෝ සිල්ලර සුපිරි වෙළඳසැලක් පවත්වාගෙන යන ඔබට පාරිභෝගිකයන් අපේක්ෂා කරන භාණ්ඩ ඔවුන්ගේ නිවසට ම ගෙනගොස් දී ඔබට මුදල් ගෙනැවිත් දෙන්න අප සූදානම්..

🔴• ස්වයං රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන ඔබ හට අප සමඟින් එක්ව පාරිභෝගිකයන් අතටම නිෂ්පාදන ගෙන ගොස් භාර දී මුදල් ඔබට ලබාදෙන්නට අප සූදානම්.

• දිනෙන් දින නවීකරණය වන මාතර ජීවන රටාවට නවමු අත්දැකීම් සමීප කරවන අප සමඟින් ඔබත් එක්වන්න..

පලමු පාරිබෝගිකයින් 100 දෙනා හට 25% ක වට්ටමක්.මාතර ඔබට SHOPPING කරන්න දැන් හරි ලේසියි..LOYALTY කාඩ්පත් හිමියන්ට සෑම වතාවක...
20/11/2020

පලමු පාරිබෝගිකයින් 100 දෙනා හට 25% ක වට්ටමක්.
මාතර ඔබට SHOPPING කරන්න දැන් හරි ලේසියි..
LOYALTY කාඩ්පත් හිමියන්ට සෑම වතාවකම 10%ක වට්ටමක්.
CASH ON DELIVERY
CALL NOW - 0702 113 114

▪ පවත්නා තත්වය හමුවේ ඔබේ පහසුව වෙනුවෙන්ම වඩාත් සමීප සේවාවක් සැපයීමේ අරමුණින් එලඹෙන සති අන්තයේ සිට මාතර පුරවරයේ පාරිබෝගික...
20/11/2020

▪ පවත්නා තත්වය හමුවේ ඔබේ පහසුව වෙනුවෙන්ම වඩාත් සමීප සේවාවක් සැපයීමේ අරමුණින් එලඹෙන සති අන්තයේ සිට මාතර පුරවරයේ පාරිබෝගික ඔබ වෙනුවෙන් සේවා සැපයීම ආරම්භ කරනා වග සතුටින් දන්වා සිටින්නෙමු.

▪ අපගේ සේවාවන් ලබා ගැනීමට 070 2 113 114 අපගේ සේවා මධ්‍යස්ථානය අමතන්න..
▪ පලමු පාරිබෝගියන් 100 දෙනා උදෙසා 25% ක වට්ටමක් ලබා දීමට ද අප සූදානම්..

මාතර දිස්ත්‍රික්කයේ ඔබත් කොවිඩ් වසංගතයෙන් අපහසුතාවයට පත්ව සිටින මේ අවස්ථාවේ සෞඛ්‍යාරක්ෂිතව ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් නිවසටම ...
19/11/2020

මාතර දිස්ත්‍රික්කයේ ඔබත් කොවිඩ් වසංගතයෙන් අපහසුතාවයට පත්ව සිටින මේ අවස්ථාවේ සෞඛ්‍යාරක්ෂිතව ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් නිවසටම ගෙනැවිත් බරදෙන්නට අප සූදානම්.
තවද උපකාරක පන්ති ගුරු භවතුන්ට තම දරුවනට නිබන්ධන, ප්‍රශ්ණ පත්‍ර පන්ති කාඩ්පත් පවා නිවෙසටම ගොස් බාරදී මුදල් අයකිරීම් වේ නම් එයද වගකීමෙන් ඔබට ගෙනැවිත් බාරදෙන්නට අප සූදානම්..
වෙලඳසැල් හිමියනි ඔබට ලැබෙන භාන්ඩ ඇණවුම් වලට අදාල භාණ්ඩ පාරිබෝගිකයන් අතටම බාරදී මුදල් ගෙනැවිත් දෙන්නටද අප සූදානම්..
මේ සියලුම සේවාවන් අත්විඳින්නට අප සමඟින් එක්වන්න.
කතා කරන්න අපට 0702 113 114

Address

No. 10/20B
Matara
81000

Telephone

+94702113114

Website

Alerts

Be the first to know and let us send you an email when Southern Express Cash On Delivery - Currier Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share