Dolukanda Hike With Sirimewan

Dolukanda Hike With Sirimewan Dolukanda is a picturesque mountain located in Sri Lanka, renowned for its rich biodiversity and scenic beauty.

Situated in the Kurunegala District, it is a popular destination for hikers and nature enthusiasts.

Travel with Mewan
21/11/2025

Travel with Mewan

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

18/03/2025
කැනඩාවෙ සිට පැමිණ දොළුකන්ද ලස්සනලු
09/12/2024

කැනඩාවෙ සිට පැමිණ දොළුකන්ද ලස්සනලු

01/11/2024

තව අවුරුදු 100කින් එ කියන්නෙ 2124 වගේ වෙද්දි අපි හැමෝම අපේ නෑදෑ හිතමිතුරන් සමඟ පොලව යට මිහිදන් ව සිටිනු ඇත.

අප බොහෝ වෙහෙස මහන්සි වී ගොඩනඟා ගත් අපගේ නිවෙස්වල ආගන්තුකයන් ජීවත් වනු ඇත. අද අප සතුව ඇති සියල්ල ඔවුන් සතු වනු ඇත. අප විශාල මුදලක් වියදම් කළ ගෙවල් දොරවල් , මෝටර් රථය ඇතුළුව අපගේ සියලු දේපළ නොදන්නා සහ තවමත් නූපන් අය අයිතිවාසිකම් කියමින් සිටිනු ඇත. අපගෙන් පැවත එන අය, අප කවුරුන්දැයි යන්න පවා නොදන්නා අය වනු ඇත.

අපි මියගිය පසුව අපිව තව අවුරුදු කිහිපයක් ඔවුන්ගේ මතකයේ රැඳෙනු ඇත. පසුව අපි කාගේ හෝ පොත් රාක්කයක පින්තූරයක් පමණක් වන අතර වසර කිහිපයකට පසු අපගේ ඉතිහාසය, ඡායාරූප සහ අපේ නම් පවා ඉතිහාසයෙන් අමතක වී යනු ඇත. අප ජීවත් වු බවටද මතකයක් නැති වනු ඇත.

ගැබුරින් සිතා බැලුවොත් අපි මේ සියල්ල සාක්ෂාත් කර ගැනීමේ සිහිනය කෙතරම් නූගත් සහ දුර්වල එකක් දැයි අපට වැටහෙනු ඇත.

මතක ඇතුව ජීවත් වෙන්න.. මේ ගෙවෙන මොහොත විදින්න.. ආදරණීයන් සමහ සුන්දර මතක ගොඩ නගාගන්න.. ජීවිතයේ සෑම මිනිත්තුවක්ම මිල කළ නොහැකි වන අතර කිසි විටෙකත් නැවත සිදු නොවනු බව මතක තබා ගන්න.

30/10/2024

ආයුබෝවන්
ආදරණීය මිතුරු මිතුරියනි
නොවැලැක්වියහැකි හේතුවක් නිසා පසුගිය ටිකේ ඔබ හමුවට ඒමට නොහැකිවීම ගැන කමන්න.

ඓතිහාසික දෝල පබ්බත නොහොත් දොඵකන්ද (වෙදැදුරු) බුද්ධදාස රජතුමාගේ ඔසු උයන නමින් ප්‍රසිද්ධ අති රමණීය කඳුවැටියකි.කුරුණෑගල නගරයේ සිට 25 km දුරින් පිහිටා ඇත.
ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙහි ඉතා වටිනා ඖෂධ වර්ග රාශියක් දක්නට පුලුවන.සිංහරාජයට සමාන කම් ඇති පරිසර පද්ධතියකට උරුම
දොඵකන්ද අවට ගම්වල පාරම්පරි හෙළ වෙදකම කරන වෛද්‍ය වරු
තවමත් සිටීම මොනතරම් භාග්‍යයක් ද ?.
හෙළ වෙදකම හා බැදුණු දොඵකන්ද පිළිබඳව ඓතිහාසික තොරතුරු මෙන්ම රසවත් ජනකතා රාශියක්
සමග ඔබ හමුවට පැමිනීමට බලාපොරොත්තුවෙන් අදට සමුගන්න මට අවසර.
මම සිරිමෙවන් චන්ද්‍රසිරි.
( National Artists photographer,
Musician EX sri Lanka Navy band)
2024.10.30.:10.16 am

සිංහරාජයට සමාන පරිසර පද්ධතිය මැඳින් දොඵකන්ද මුදුනට...
18/08/2024

සිංහරාජයට සමාන පරිසර පද්ධතිය මැඳින් දොඵකන්ද මුදුනට...

31/07/2024

# # ආයුබෝවන් සුභ දවසක් වේවා # #
දොඵකන්ද ඉපැරණි රජ දවස දොල පබ්බත නමින්
හඳුන්වා ඇත.
මහසෙන් මහ රජුගෙ දෙවැනි පුත්
ජෙට්ඨතිස්ස රජුගේ පුත්,බුද්ධදාස රජතුමා ( සුප්‍රසිද්ධ වෙද රජුගගේ)
ඖෂධීය උයන ලෙස මෙය හඳුන්වයි
මේ පිලිබඳ ගෙතුණු ජන කතා ජන කවි රාශියක් ඇත.
ඉදිරියේදී ඒවා එකින් එක ඉදිරිපත් කිරීමට අදහස් කරමි.
ජන කවියක්.
**************
දොඵකන්දේ ගල දෝ
අර පෙනෙන්නේ
ගල මුදුනේ රන් තොරණකි
දිලෙන්නේ
රන් තොරණේ රණ ගිරවෙකි
ලගින්නේ
දොඵකන්දේ දෙවියොයි අපි
රකින්නේ...

සිරිමෙවන් චන්ද්‍රසිරි
2024.07.31- 09:42 am

සුභ දවසක් වේවා දොඵකන්ද පිළිබඳව ජන කවියක්*******************පටුන ගම් හොඳයි දොඵකන්ද දෑලේඵල වැල හොඳයි ඒ කන්දේ හිමාලේ ගල් වැ...
28/07/2024

සුභ දවසක් වේවා
දොඵකන්ද පිළිබඳව ජන කවියක්
*******************
පටුන ගම් හොඳයි දොඵකන්ද
දෑලේ
ඵල වැල හොඳයි ඒ කන්දේ
හිමාලේ
ගල් වැඩ හොඳයි දුටුගැමුණුගෙ
රජ කාලේ
මුහුඳ පෙනෙයි දොඵකන්දට
වයිතාලේ......
** ගල් වැඩ
අනුරාධපුර යුගයේ දුටුගැමුණු රජ සමයේ හෙළයේ මහා කලාකරුවන් කලු ගලින් කල නිර්මාණ රාශියක් දකින්නට ඇත.මෙම විශිෂ්ට නිර්මාණ කීපයක් දොඵකන්ද යාබද පිහිටි අරන්කැලේ පුරාවිද්‍යා භූමියේ දී
දැකගැනීමට පුලුවන.
** ඵල වැල
දොඵකන්ද හනුමන්තා විසින් හිමාලයෙන් ගෙනා කොටසක් බව ජනප්‍රවාදයේ ඇත.අති දුර්ලභ බෙහෙත් පැලෑටි මෙන්ම පළ තුරු වර්ග බොහොමයක් අදටත්
දොඵකන්දේ දකින්නට පුලුවන.
** පටුනු ගම්
අති සුන්දර පරිසරයක පිහිටි
රමණීය දොඵකන්ද අවට පිහිටා ඇති සිසිල් දිය පිරුණු ඇල දොල
සාරවත් කෙත්වතු වලින්
අලංකාර වූ ගම් කීපයකි.
(හුණුපොල,නැලව,හකිරිල්ල,
වෑවලගම,දොඵව,සිංහපව්ව,
අරන්කැලේ )
**මුහුද පෙනෙයි වයිතාලේ **
( වයි තාලය යනු හිමිදිරි යාමයයි.)
දොඵකන්ද මුදුනේ රැයක් පහන් කරන අයෙකුට බටහිර හලාවත
දෙසින් මුහුද දැකගැනීම රමණීය දසුනකි.
පුර සඳ ඇති රැය ගල මුදුන
මනරම් යැ...
සිරිමෙවන් චන්ද්‍රසිරි
2024.07.28.
කවියේ පැදි

Address

Arankale Road
Kumbukwewa

Telephone

+94718504596

Website

Alerts

Be the first to know and let us send you an email when Dolukanda Hike With Sirimewan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dolukanda Hike With Sirimewan:

Share

Category