Wasantha Speed Coach - සුදු මැණික

Wasantha Speed Coach - සුදු මැණික Wasantha Speed Coach

🙏🙏🙏🙏
29/08/2023

🙏🙏🙏🙏

28/07/2023

💛🧡❤❤

😍😍❤❤
13/07/2023

😍😍❤❤

කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොතලිය පාලමෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(09) ...
09/07/2023

කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොතලිය පාලමෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(09) රාත්‍රි 8.00 ට පමන සිදුවූ අනතුරින් තුවාල ලැබූ

සියලු දෙනාටම ඉක්මන් සුව ලැබේවා..!
ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනාටම අමා මහ නිවන් සුවයම අත් වේවා..! 😢🙏

Copied

මැණික ත්‍රිකුණාමලේ ගිහින් එනගමන්.. 😍😍
03/07/2023

මැණික ත්‍රිකුණාමලේ ගිහින් එනගමන්.. 😍😍

ආයෙමත් රිවස්ටන් යමුද????? Kaveen Tharaka Dulan Sanjeewa
01/07/2023

ආයෙමත් රිවස්ටන් යමුද?????
Kaveen Tharaka Dulan Sanjeewa

Good Night 😴 🥱
21/06/2023

Good Night 😴 🥱

Respect 🙏❤❤
26/05/2023

Respect 🙏❤❤

හෙට දුර ගමනක් යන්න කලින් ලැහැස්ති වෙන එයා..
26/05/2023

හෙට දුර ගමනක් යන්න කලින් ලැහැස්ති වෙන එයා..

නින්ද ‍යනවද? නිදිමත එනවද? හයර් එකක් යනවනම් මේ ගැනත් හිතන්න...සමහර කොල්ලෝනම් දන්නේ නෑ. හැබැයි රියදුරෙක් කියන්නේ දෙවියෙක් ...
24/05/2023

නින්ද ‍යනවද? නිදිමත එනවද? හයර් එකක් යනවනම් මේ ගැනත් හිතන්න...

සමහර කොල්ලෝනම් දන්නේ නෑ. හැබැයි රියදුරෙක් කියන්නේ දෙවියෙක් වගේ. මොකද ඒ මනුස්සයගේ අතේ තමයි යන හැම කෙනාගේම ජීවිතේ රැඳිලා තියෙන්නේ.
වාහනේට වැදලා, ප්‍රාර්ථනාවක් කරලා, රෝද හතර එළියට ගන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව. එහෙම නේද?
ලොකු හයර් එකක් යනවනම් රියදුරු වගේම ඒ හයර් එක යන අයටත් ලොකු වගකීමක් තියෙනවා.
ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ හයර් යන අපේ මිනිස්සු ගැන...

සමහරු තේ එකක්වත් අරන් දෙන්නේ නෑ. සමහරු නිදාගන්න කියන්නෙත් වාහනේ. සමහරු කතාවක්වත් නෑ, ඉස්සරහ සීට් එකේ රජා වගේ වාඩිවෙලා ටික වෙලාවකින් පොල් ලී ඉරනවා. සමහර උදවිය අනේ ඔය දාලා තියෙන සිංදුව අඩු කරන්නකෝ... ඔන්න ඔහොමයි....

එහෙම කරන්න එපා.. ඔයාලව පරිස්සමට එක්ක යන්න තමන් එක්ක යන රියදුරු මහත්තයා ගැන අවදානය දෙන්න පවුලේ කෙනෙක්ටම වගේ. ඔයාලා සල්ලි දීලා තමයි හයර් එකක් යන්නේ. ඒ උනාට අපි හැමෝම ලේ මස් වලින් හැදුන මිනිස්සු. ඕගොල්ලොන්ට තේරෙන්න ඕනේ වාහනය පදවන විදියෙන් ඔහු වැඩ්ඩෙක්ද නැත්නම් ශුවර් නෑ වගේද කියලා. අවුල් වගේ නම් කියන්න හෙමින් යමු කියලා.

මහ දවල්ට, අව්ව සැරට හරි අමාරුයි. ඒ වගේම තමයි පැය ගානක් එක විදියට වාහනයක් පදවනකොට, AC නෙමේ, කොහොම ගියත් ඒක එහෙම තමයි. ඒ නිසාම නින්ද කියන එක එන්න පුලුවන්. දවස් ගානක් එක දිගට වාහනය පදවන අය ඉන්න පුලුවන්. ඒ අය ගැනත් අවදානය දෙන්න.
තේ එකක්, බුලත් විටක් කනවනම් ඒක, පොඩි කඩල පැකට් එකක් වගේ දුන්නට කමක් නෑ. කෑම කනකොට උනත් පුලුවන් නම් අහලා බලන්න මොකද බර ආහාර ගත්තම හරි අමාරුයි වාහනයක් පදවන්න. අපි හිතන්නේ නැති පුංචි දේවල් ලොකුවට බලපාන්න පුලුවන්.

සිංදුවක් පොඩ්ඩක් හයියෙන් දම්මොත් රෑට වගේ මොකුත් කියන්න එපා. මොකද ඒක දාන්නේ කම්මැලිකම, පාලුව මැකෙන්න. (කන් අඩි පැලෙන සද්දෙට නෙමෙයි) පුලුවන් නම් ඉස්සර ඉද ගන්න කියන්න රියදුරු මහත්තයා එක්ක කතා කරගෙන යන්න පුලුවන් කෙනෙක්. එහෙම නැතුව ඉද ගත්ත ගමන් ලී ඉරන කෙනෙක් නෙමේ.

මේ ටික ලියන්නේ හයර් යන අපේම අයට. ඔයාලා හිතන්නේ නැති පුංචි දේවල් නිසා ලොකු අනතුරුදායක දෙයක් වෙන්න පුලුවන්. ඉතින් ගමනක් යද්දි ඔයාලාගේ සැප පහසුව වගේම එයාගේ අවශ්‍යතාවයන් ටිකක් හොයලා බලන්න...

මේ ටික අපේ රියදුරු මහත්වරුන්ට.. 🙏

වාහනයක් අතට ගන්නකොට අපි කවදාවත් හිතන්නේ නෑ මෙහෙම හදිසියේ දෙයක් වෙන්න පුලුවන් කියලා. අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ දෙවියන්ගේ පිහිටෙන් පරිස්සමින් ගිහින් එන්න ලැබෙන්න කියලා.
වාහනයක් ගත්තම ඉගිල්ලෙන්න යන්න හදන්න කලින් හිතන්න, ඔයා එක්ක පිට මිනිස්සු ටිකක් යන්නේ ගමනක්, ඒ මිනිස්සුන්ව පරිස්සමින් එක්ක යන්න ඕනේ කියලා.

ඒ වගේම තමයි ස්පීඩ් එලවනවනම් ඔලුවේ තියන් යන්න, ඒ යන වේගෙන්ම තමන්ට වාහනය පාලනය කරගන්න හෝ නවත්ත ගන්න පුලුවන්ද කියලා. ඔය දේ කරන්න බැරිනම්, අනේ කරුණාකරලා තමන්ට පාලනය කර ගන්න පුලුවන්, වාහනයේ තරම දැනගෙන, ඒ ගානට රිය පදවන්න. මොකද මිනිස්සු කැමති නැනේ සල්ලි දීලා මැරෙන්න. අනික ඒකෙන් මේකෙන් පාරේ ඉන්න තව අහිංසක මනුස්සයෙක්ට කරදරයක් වෙන්න පුලුවන්. මනුස්සයෙක්ගේ ජීවිතේ වටිනාකම දන්නවනම් ඔයාලා කවදාවත් අනවශ්‍ය විදියට වාහනය පදවන්න එපා. තමන්ගේ පවුලේ අය යනවා කියලා හිතාගෙන යන්න ගමන යන්න.

දුර යද්දි නිදිමතක් දැනෙනවනම් ආයේ හිතන්න එපා, නවත්තන්න වාහනේ පොඩ්ඩක් අයින් කරලා. බහින්න සීට් එකෙන්. මූණ ටිකක් හෝදගෙන වාහනේ වටේ රවුමක් ඇවිදලා එන්න. පාර ටිකක් විනාඩියක් දෙකක් බලන් ඉදලා ආපහු ගමන ආරම්භ කරන්න. තව ඉස්සරහට ගිහින් නවත්තනවා කියන සිතුවිල්ලට ඉඩ දෙන්නම එපා.මොකද ඊලඟ තත්පරේ ඔයාගේ මනස වෙන තැනකට ගියොත් ඇහැ පියවෙන එක නවත්තන්න බෑ. එහෙම උනොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ. නිකන් බොරුවට වාහනෙත් හප්පගෙන, යන මිනිසුන්ටත් හානි කරලා, තමන්ටත් අලාභ කර ගන්නේ මොකටද. එක විනාඩි දෙකක් ඇති ඒ දේ නවත්ත ගන්න.
නින්ද මඟහැරෙන ටොපියක්, බුලත් විටක් කඩල ටිකක් අරන් යන්න කොහේ හරි යන්න කලින්ම.

අනිත් කාරණය තමයි වේගය. හරියට පාරේ නීති රීති වලට රිය පදවන්න. කවදාවත් වරදින්නේ නෑ. නීතියක් කඩනවනම් ඒ අපි ඉරක් කපන එක. දවල්ට නම් කරන්නම එපා. මොකද එහා පැත්තෙන් එන වාහනේ පේන්නේ නෑ අපිට. රෑකට අපිට ආලෝක පහන් වලින් හරි පේනවා. ඉස්සර කරනවනම් බලන්න ඔයා යන වේගෙන් ඒ යන වාහනය ඉස්සර කරන්න පුලුවන් කොතනින්ද, ඉස්සහිං වාහනයක් ආවොත් ඔයාට ආපහු ඔයාගේ ලේන් එකේ ඇතුලට ගන්න පුලුවන් වෙයිද, ඉස්සර කරන වාහනේ රියදුරු හරවන්න ඉඩ තියෙනවද, වෙලාව ඇතිද කියන එක තීරනය කරලයි අපි වාහනයක් ඉස්සර කරන්න ඕන.
පස්සේ තියන් ඇවිත් එක පාරට මූණ ඔබලා බලන්න එපා ඉස්සර කරන්න පුලුවන්ද කියලා. අඩි 5ක්, 10ක් පස්සෙන් ඉදන් බලන්න ඉස්සහින් වාහනයක් එනවද කියලා. නැත්නම් ඉස්සරහ යන වාහනෙට හෝන් එකක් ගහලා දන්වන්න මම ඉස්සර කරනවා කියල. එහෙමයි වාහනයක් ඉස්සර කරන්න ඕන. මතක ඇතුව සිග්නල් දාන්න. ආපහු ලේන් එකෙන් ඇතුලට ගන්නකොටත් සිග්නල් දාන්න ඕන හරි විදියට නම්.

ගෙදරින් පිටත් වෙන්න කලින් හුලං, තෙල්, වාහනේ ඔයිල් මට්ටම, වතුර මට්ටම හරියට බලන්න. බ්‍රේක් තත්වය බලන්න. කැඩෙනකම් ඉන්න එපා පොඩි පොඩි අඩු පාඩු හදා ගන්න. ටයර් ගෙවිලානම් දාගන්න මොකද අපි හම්බකරන් කන වාහනේ.

ඔන්න ඔය ටික සිහියේ තියන් පරිස්සමින් පාරේ යන්න වැදගත් රියදුරු මහත්වරු වගේ...
එහෙනම් ජය වේවා..

Sameera Chathuranga
( උපුටා ගැනිමකි)

Address

Kosgama
10730

Opening Hours

Monday 00:00 - 12:00
Tuesday 00:00 - 12:00
Wednesday 00:00 - 12:00
Thursday 00:00 - 12:00
Friday 00:00 - 12:00
Saturday 00:00 - 12:00
Sunday 00:00 - 12:00

Telephone

+94711762824

Website

Alerts

Be the first to know and let us send you an email when Wasantha Speed Coach - සුදු මැණික posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wasantha Speed Coach - සුදු මැණික:

Share