TripAds.lk

TripAds.lk Tripads.lk is an online platform created for travel enthusiasts and travel service providers to meet

Fully vaccinated ද ? Dose දෙකම ගත්තද ?එහෙනම් ඉස්සරහට පිටරට යන්න වගේම රට ඇතුලේ පොදු ස්ථාන වලට යන්නත් vaccine card එක අරන්...
23/10/2021

Fully vaccinated ද ? Dose දෙකම ගත්තද ?

එහෙනම් ඉස්සරහට පිටරට යන්න වගේම රට ඇතුලේ පොදු ස්ථාන වලට යන්නත් vaccine card එක අරන් යන්න වෙයි. Vaccine card එක අරන් යනවට වඩා ලේසී නේද ඒක ඔයාගේ ෆෝන් එකේ තබ්බොත්. ඒකට තමයි Smart Vaccination Certificate (SVC) එක ඕන වෙන්නේ.

මේක ගන්නේ කොහොමද?

ගන්න විදි දෙක්ක තියෙනව. Online ගන්නත් පුලුවන්. තමන් ඉන්න ලිපිනයට අදාළ MOH එකට ගිහිල්ලත් පුලුවන්.

මේක ගන්න මොනවද ඕන වෙන්නේ ?

NIC එක, Passport එක, Vaccine card එක

ගන්න විදිය

Online ගන්නව නම් දවස් 14ක් වගේ යනව. පහල තියෙන link එකට ගහිල්ලා අහල තියෙන දේවල් පුරවලා submit කරන්න තියෙන්නේ. https://covid-19.health.gov.lk/certificate/ (මේක රට යන්න ඉන්න අයටම හදපු එකක් නිසා රට යන්න ඉන්න දවස තහවුරු කරන Document එක්ක upload කරන්න තියෙනව.)

MOH එකට ගිහින් උඩ කියපු දේවල් ටික දෙන්න විතරයි තියෙන්නේ. විනාඩි 30ක් වගේ යද්දී වැඩේ කරගන්න පුලුවන්. ( අදාල MOH එකේ වැඩ කරන කට්ටිය අනුව තමයි )

මේ මොන ක්‍රමේට ගියත් අන්තිමට ඔයාගේ ෆෝන් එකට SVC එකේ Link එක එනව. ඒක තමන්ට අවශ්‍ය නම් print කරල හරි තියාගන්න පුළුවන්.

Smart Vaccination Certificate - Online Issuing Portal

අඩුම වෙලාවකින් සුපිරිම Trip එකක් Plan කරන්න එන්න Tripads.lk එකට
21/03/2021

අඩුම වෙලාවකින් සුපිරිම Trip එකක් Plan කරන්න එන්න Tripads.lk එකට

ඇල්ලේ යන්න Plan කරනවද? Trip එකක් යනවා නම් Tripads.lk තමයි. ඔබත් අදම Tripads.lk එන්න
10/03/2021

ඇල්ලේ යන්න Plan කරනවද?
Trip එකක් යනවා නම් Tripads.lk තමයි. ඔබත් අදම Tripads.lk එන්න

Happy Independence Day Sri Lanka 🇱🇰
04/02/2021

Happy Independence Day Sri Lanka 🇱🇰

හෙල්ලෙන ගල ගල පිට ගල යනු කළුපාහාන ප්‍රදේශයෙන් හමු වූ අසාමාන්‍ය පාෂාණ නිර්මාණයකි.  එය වසර දහස් ගණනක් තිස්සේ බිමට නොවැටී ස...
31/01/2021

හෙල්ලෙන ගල

ගල පිට ගල යනු කළුපාහාන ප්‍රදේශයෙන් හමු වූ අසාමාන්‍ය පාෂාණ නිර්මාණයකි. එය වසර දහස් ගණනක් තිස්සේ බිමට නොවැටී සමතුලිතව පිහිට ඇත.. එබැවින් එය “ගල + පිටා + ගල” ලෙස හැඳින්වේ. එසේම එය “හෙල්ලෙන ගල ” ලෙසද (ස්විං රොක්) හැදින්වෙන්නේ යමෙකුට ඇඟිල්ලෙන් වුවද චලනය කළ හැකි බැවිනි.

මේ වගේම ලංකාවේ තවත් සුන්දරම ස්ථාන නැරබීමට https://tripads.lk/youtube වෙත දැන්නම් log වෙන්න

TripAds

පොත්ගුල් රාජමහා විහාරයරත්නපුර පොත්ගුල් රාජමහා විහාරය කඳු මුදුනක ඉදිකර ඇති මනරම් විහාරයකි. පළමුවන සියවසේදී වලගම්බා රජු (ක...
28/01/2021

පොත්ගුල් රාජමහා විහාරය

රත්නපුර පොත්ගුල් රාජමහා විහාරය කඳු මුදුනක ඉදිකර ඇති මනරම් විහාරයකි. පළමුවන සියවසේදී වලගම්බා රජු (ක්‍රි.පූ. 89-77) ලෙස හැඳින්වෙන වටා ගාමිනි අභයා රජු විසින් ඉදිකරන ලදැයි විශ්වාස කෙරේ. මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ (1747 - 1781) රජතුමා විසින් පොත්ගුල් විහාරය ප්‍රතිසංස්කරණය කර ඇත

මේ වගේම ලංකාවේ තවත් සුන්දරම ස්ථාන නැරබීමට https://tripads.lk/youtube වෙත දැන්නම් log වෙන්න

රත්නපුර නගරයට ආසන්නව පිහිටා තිබෙන මෙම පොත්ගුල් රජමහා විහාරය 1වන සියවසේ වට්ට ගාමිණී අභය නැතහොත් වලගම්බා රජු විසින...

රුවන්වැලි මහ සෑ රජුන් වැදපුදා ගමුමේ නව වසරේ අපි මුලින්ම යන්නේ රුවන්වැලි මහසෑ රජුන් වැදපුදා ගන්න...රජරට අහසේ සුදට සුදේ බබ...
28/01/2021

රුවන්වැලි මහ සෑ රජුන් වැදපුදා ගමු

මේ නව වසරේ අපි මුලින්ම යන්නේ රුවන්වැලි මහසෑ රජුන් වැදපුදා ගන්න...
රජරට අහසේ සුදට සුදේ බබළමින් උසට දිස්වන රුවන්වැලි සෑය අප රටේ බොදු සැදැහැවතුන්ගේ වැඩිම වන්දනාවට පාත්‍ර වන දාගැබක් කිව්වොත් නිවැරදී..
රුවන්වැලි සෑය “රුවන්මැලි සෑය” නමින් ද, මහාථූපය නමින් ද, ස්වර්ණමාලි මහ චෛත්‍යය නමින් ද හැඳින්වෙනවා.
මෙලෙස නම් ලැබීමට හේතුවූ ජනප්‍රවාද මෙසෙයි...
දුටුගැමුණු රජ කාලයේ මෙම ථූපය ඉදිකිරීමට යන අවස්ථාවේ ඉදිකිරීමට නියමිත භූමියේ තෙලඹු ගසක් තිබිලා තියෙනවා...
නමුත් එය කපා දැමීමට සිදු ව තිබෙනවා..
එම ගසේ වැඩ සිටි දේවතාවියකට උපහාර පිණිස මෙය ස්වර්ණමාලි මහා චෛත්‍යය යන නම ලැබූ බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා...
එවකට රටේ ඉදිවූ විශාලම දාගැබ මෙය නිසා වංශකතාකරුවන් මේ දාගැබ මහා ථූපය නමින් ද හඳුන්වා තිබෙනවා.
රුවන්වැලිසෑය කරවූයේ දුට්ඨගාමිණී මහරජතුමා විසින්...
නමුත් රජුට එහි වැඩ නිම කිරීමට ඉඩ ලැබුණ් නැහැ.
රජුගේ මරණයෙන් පසු ඔහුගේ සහෝදර සද්ධාතිස්ස රජු දාගැබේ ගර්භයෙන් ඉහළ සිට වූ ඉතිරි වැඩ නිම කළ බව මහාවංශය සඳහන් කරනවා.
දාගැබේ එකල උස රියන් 120ක් හෙවත් අඩි 300ක් පමණ වුණු බව ඉතිහාසයේ සඳහන්.
අද එහි උස අඩි 338ක්. චෛත්‍යයේ විෂ්කම්භය අඩි 3790ක්. කොත පමණක් (චූඩා මාණික්‍යය සමඟ) අඩි 25ක් පමණ උසයි.
දාගැබ් මළුවේ පැත්තක දිග අඩි 465ක් වෙනවා.
දාගැබ් මළුවට වැටෙන වැහි වතුර එක්රැස්වීමට එසමයේ වෘත්තාකාර පොකුණු හතරක් ඉදිකර තිබුණා. අද ඉන් පොකුණු තුනක් විනාශ වෙලා...
දාගැබ් මළුවට පිවිසීම සඳහා පුරාණයේ දොරටු හතරක් සිව් පසින් ඉදිකර තිබුණා.
ඒ අතරින් නැගෙනහිර, උතුරු, සහ බටහිර දොරටු අදත් දක්නට තිබෙනවා. දකුණු දොරටුව නටබුන් වෙලා.
රුවන්වැලි දාගැබ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අනුරාධපුර පුජා නගරයේ ථුපාරාමය,ශ්‍රී මහාබෝධිය, බසවක්කුලම වැව යනාදියට මැදිව පිහිටි බෞද්ධ පුජ්‍යස්ථානයක්...
අටමස්ථානයන්ගෙන් ද එකක්...
සුදට සුදේ බබළන රුවන්වැලි සෑය වැදපුදා ගන්න ඔබත් යන්න...

පින්තූර මුල්හිමිකරු සතුයි
Credit goes to

අනුරාධපුරයේ විතරක් නෙමෙයි , ලංකාව වටේම තියන සිද්දස්ථාන වැඳපුදා ගන්න අවශ්‍ය නිවාඩු නිකේතන , සංචාරක හෝටල් ආදී සියලුම දේ නොමිලේම හොයාගන්න තියන smart ම විදිය, https://tripads.lk/

රෝඩ් ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවානම්,මේක බලන්නම ඕන වීඩියෝ එකක්...මේ වගේම ලංකාවේ තවත් සුන්දරම ස්ථාන නැරබීමට https://t...
25/01/2021

රෝඩ් ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවානම්,
මේක බලන්නම ඕන වීඩියෝ එකක්...

මේ වගේම ලංකාවේ තවත් සුන්දරම ස්ථාන නැරබීමට https://tripads.lk/youtube වෙත දැන්නම් log වෙන්න

A Road Trip around Sri Lanka in covering Riverston, Polonnaruwa, Thanamalwila starting from Colombo. The whole trip consists of 1000km in 3 different climate regions. Capturing the beauty of Srilanka in every aspect this was an exciting journey. 

තට්ටු තුනේ දිය කොමළී- කඩියන්ලෙන ඇල්ලඅද අපි කතා කරන්නේ කැටබුල ඇල්ල එහෙමත් නැත්නම් කඩියන්ලෙන ඇල්ල ගැන..කොටස් තුනකට ගලා යන ...
24/01/2021

තට්ටු තුනේ දිය කොමළී- කඩියන්ලෙන ඇල්ල

අද අපි කතා කරන්නේ කැටබුල ඇල්ල එහෙමත් නැත්නම් කඩියන්ලෙන ඇල්ල ගැන..
කොටස් තුනකට ගලා යන මේ දිය ඇල්ල හරිම අපූරුයි..
ඔයාලා දන්නවාද මේ ඇල්ලේ තුන්වෙනි කොටස බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකල ආරුක්කු 3ක් සහිත පාලමක් යටින් තමා ගලාගෙන යන්නේ..
මේ ඇල්ල තියෙන්නේ කඩියන්ලෙන ගමේ ඉතින් ඒ නිසා මේ ඇල්ලට මේ නම දාලා තියෙනවා..
ඒ වගේම මේ ඇල්ල අසල තේවත්තක් තියෙනවා එය කැටබුල වත්ත කියලයි හදුන්වන්නේ අන්න ඒ නිසා මේ දියඇලි කොමළිට කැටබුල ඇල්ල කියලත් කියනවා..
නාන්න නම් ස්ථාන කිහිපයක්ම තියෙනවා හැබැයි ඉතින් වතුර වැඩිකාලේට නම් පරිස්සමින් හොදේ...
ආරුක්කු පාලම යටින් ගලා හැලෙන දිය දහර ස්වභාවික නාන තටාකයක් වගේ නාන්න පුලුවන් තැනක් තියෙනවා..
මේ කියන ආරුක්කු තුනේ පාලම උඩින් තමයි නාවලපිටිය - හැටන් හා නාවලපිටිය - තලවාකැලේ මාර්ගය දිව යන්නේ....
වැස්ස කාලෙක නම් ඇල්ල සුදට සුදේ ගලා හැලෙනවා..
ඇල්ලේ උඩම තට්ටුව ළඟටම යන්න පඩිපෙළක් එහෙමත් තියෙනවා.
එතන නාන්නත් පුළුවන්. නාන්නත් පුළුවන් කියලා කියන්නේ තමන්ගේ පරිස්සම තියාගන්න..
කැටබුල ඇල්ලෙන් කුඩා ජල විදුලි බලාගාර දෙකක් පෝෂණය ලබන අතර එක් කුඩා බලාගාරයකින් කැටබොලා වතුයායට විදුලිය ලබාදෙනවා.
මේ ඇල්ලට වතුර ගෙන එන්නේ ඇල්ලටම කිලෝමීටර් කිහිපයක් ඉහළින් ආරම්භවෙන ජල පෝශක වලින්..

පින්තූර මුල්හිමිකරු සතුයි
Credit goes to

කඩියන්ලෙන ඇල්ල විතරක් නෙමෙයි, ලංකාව වටේම තියන නවාතැන් , රෙස්ටුරන්ට් ඇතුලු trip එකට අවශ්‍ය හැමදෙයක්ම හොයාගන්න තියන smart ම විදිය, https://tripads.lk/

නිදහසේ ඉන්න සීතාවක Park යමුද?අද අපි කතා කරන්න යන්නේ ලස්සන උද්‍යානයක් ගැන.. ඒ නමින් සීතාවක තෙත් බිම් උද්භිද උද්‍යානයයි......
22/01/2021

නිදහසේ ඉන්න සීතාවක Park යමුද?
අද අපි කතා කරන්න යන්නේ ලස්සන උද්‍යානයක් ගැන.. ඒ නමින් සීතාවක තෙත් බිම් උද්භිද උද්‍යානයයි...
සීතාවක උද්භිද උද්‍යානය ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති උද්භිද උද්‍යාන පහ අතුරින් අවසානයට ඉදිකල උද්‍යානයයි...
අනිත් උද්‍යානය ටිකත් මතක් කරන්නම්කෝ පේරාදෙණිය උද්භිද උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය තමා...
අපි කියන සීතාවක උද්‍යානය තියෙන්නේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ..
මේ උද්‍යානය 2014 වසරේ අගභාගයේදී තමා මහජනයා වෙත විවෘත කරනු ලැබුවේ...
මේ උද්‍යානය භූමිය අක්කර 105ක භූමියක් පුරා විහිදෙනවා...
මේ උද්‍යානය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ අභියෝගයට ලක්ව ඇති පහත රට තෙත් කලාපීය වනාන්තර වල ඇති වෘක්ෂලතාදිය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමට සුරුකුම් මධ්‍යස්ථානයක් ලෙස මෙය ඇරඹීමයි...
මේ උද්‍යානය තුල භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර තියෙනවා...
එනම්, තේ වගාව, මීවන උයන, රුක් උයන්, තර්ජිත ශාක එකතුව, තාල ශාක එකතුව, මුදුන් උයන/ රෝස උයන, මධ්‍යම තෘණ පිටිය සහ වැව ලෙසයි..
තරුණ ආදරවන්තයින්ගෙන් නම මේ උද්‍යානයට අඩුවක් නම් නෑ...
රිසිසේ පරිසරය විදිමින් ඇවිද යන්න කදිම තැනක්...
කොළඹ ඉදලා පොඩි වෙලාවකින් යන්න පුලුවන් නිසා අත්නොහැර ඒ අත්දැකීම විදින්න ඔබත් මෙහි යන්න....

පින්තූර මුල්හිමිකරු සතුයි
Credit goes to

සීතාවක විතරක් නෙමෙයි, ලංකාව වටේම තියන නවාතැන් , රෙස්ටුරන්ට් ඇතුලු trip එකට අවශ්‍ය හැමදෙයක්ම හොයාගන්න තියන smart ම විදිය, https://tripads.lk/

අම්බලන්තොට, නෝනගම  පිහිටි "ඔච්චම වෙරළ" තීරයට trip එකක් යමුද?මේ වගේම ලංකාවේ තවත් සුන්දරම ස්ථාන නැරබීමට  https://tripads.l...
22/01/2021

අම්බලන්තොට, නෝනගම පිහිටි "ඔච්චම වෙරළ" තීරයට trip එකක් යමුද?

මේ වගේම ලංකාවේ තවත් සුන්දරම ස්ථාන නැරබීමට https://tripads.lk/youtube වෙත දැන්නම් log වෙන්න

දකුණු පළාත‍ේ තිබෙන්නා වු මනරම් මුහුදු වෙරළවල් අතරින් ඉතාමත් ආකර්ශණිය මුහුදු වෙරලක් ලෙස න‍ොනගමට නුදුරින් තිබෙන්...

කල්පිටිය මුහුදු පතුලේ කොරල්පර බලමු....https://bit.ly/38wipxG මේ වගේ තවත් ලස්සන Travel Vlogs බලන්න, දැන්ම log වෙන්න...
14/01/2021

කල්පිටිය මුහුදු පතුලේ කොරල්පර බලමු....

https://bit.ly/38wipxG මේ වගේ තවත් ලස්සන Travel Vlogs බලන්න,
දැන්ම log වෙන්න...

A coral reef is an underwater ecosystem characterized by reef-building corals. Reefs are formed of colonies of coral polyps held together by calcium carbonate. Most coral reefs are built from stony corals, whose polyps cluster in groups.Coral belongs to the class Anthozoa in the animal phylum Cnidar...

Address

Kelaniya
11300

Alerts

Be the first to know and let us send you an email when TripAds.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TripAds.lk:

Share

Category