Dumi's Travel Desk

Dumi's Travel Desk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dumi's Travel Desk, Travel Service, Katunayake, Sri Lanka, Katunayaka.

01/02/2026

LAGs ගැන දැනගනිමුද?

😌😌😌

05/01/2026

Emirates EK652 from Male...

03/01/2026

Over the mountain peaks of Nepal, surrounded by the Himalayas during sunrise ❤️

Air India Flight AI213 from Delhi to Kathmandu

19/10/2025

Take off එකේදි සහ landing එකේදි window blinders open කරල තියන්න කියන්නෙ ඇයි?

ඇයි ඇයි ඇයි?

~ දුමියා ✌️

03/10/2025

FlyDubai ගුවන් සේවයත් power banks සඳහා සීමාවන් පනවයි!

පවර් බෑන්ක්ස් වලින් ගුවන් ගමන්වල සුරක්ෂිතතාව සඳහා ඇතිකරන බලපෑම ගැන මේ දවස්වල වැඩි වැඩියෙන් කතා වෙනවා. ඒ, බොහොමයක් ගුවන් සේවාවන් සිය ගුවන් යානා තුළදී පවර්බෑන්ක්ස් භාවිතා කිරීමට ඉඩ නොදීමට අරගෙන තියෙන තීරණයත් එක්ක.

මේ ඔස්සේම යමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛතම Hybrid ගුවන් සේවය වන Flydubai ගුවන් සේවයත්, පවර් බෑන්ක්ස් සඳහා යම් සීමාවන් පනවා තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතියට අනුකූලව එක් මගියෙක් සඳහා ගෙන යා හැකි උපරිම පවර් බෑන්ක්ස් ප්‍රමාණය එකකට සීමා කරල තියෙනවා. ඒත් එක්කම ඒ පවර් බෑන්ක් එකේ Watt hour අගයත් 100Wh හෝ ඊට අඩුවීම අනිවාර්යය වෙනවා. ඊට වැඩි වොට් අගයක් සහිත හෝ, වොට් අගය සඳහන් නොවන පවර් බෑන්ක්ස් ගුවන් යානය තුළට රැගෙන ඒම සඳහා Flydubai ගුවන් සේවය ඉඩ ලබා දෙන්නේ නැහැ.

කොහොම වුනත්, ගුවන් යානය තුළදී පවර් බෑන්ක් භාවිතාව සීමාකිරීමට ලක්කිරීමක් ඔවුන් තවමත් සිදුකර නැහැ..

Dumi's Travel Desk Tiktok account එකටත් පොඩි තට්ටුවක් දාල තියාගන්න

tiktok.com/.travel.desk

~ දුමියා ✌️

ඉන්දියාවත් ඩිජිටල් Arrival Card එකට!ලෝකයේ බොහොමයක් රටවල් වලට පිටස්තර ජාතිකයින් ඇතුළුවීමේදී "පැමිණීමේ පත්‍රිකාව" එහෙමත් න...
01/10/2025

ඉන්දියාවත් ඩිජිටල් Arrival Card එකට!

ලෝකයේ බොහොමයක් රටවල් වලට පිටස්තර ජාතිකයින් ඇතුළුවීමේදී "පැමිණීමේ පත්‍රිකාව" එහෙමත් නැත්තන් Arrival Card එක පිරවීම ආගමන නිශ්කාෂණ ක්‍රියාවලියේ අනිවාර්යය අංගයක්. සාමාන්‍යයෙන් මේ Arrival Card එකක් තුළ, මගියාගේ නම, ගමන් බලපත් අංකය වගේ විස්තර වලට අමතරව, අදාල රටෙහි සිටින කාලපරිච්ඡේදය තුළ නවාතැන් ගන්නා ස්ථානයේ ලිපිනය වගේ සරල තොරතුරුවල සිට, පසුගිය දින දින කිහිපය තුළ සංචාරය කළ රටවල්, ඔබට යම් බෝවන රෝග වැළඳී ඇත්නම් ඒ තොරතුරු ආදිය පවා ඇතුළත් කළ හැකියි. මේ Arrival Card එක මගියා විසින් අදාල රටෙහි ආගමන විගමන බලධාරීන් වෙත ලබාදෙන Self Declaration එකක්. ඒ නිසා මේක නෛතික ලියවිල්ලක්.

මේ Arrival Card එක සාමාන්‍යයෙන් පොඩි පෝස්ට් කාඩ් සයිස් එකේ වගේ කොළයක් ගොඩක් වෙලාවට. අතින් පුරවල දෙන්න තමයි තියෙන්නෙ. නමුත් මෑත කාලයේ අපේ කලාපයේ බොහෝ රටවල් මේ කොළ පුරවන එකෙන් ඈත්වෙලා, අන්තර්ජාලය ඔස්සේ ඩිජිටල් ක්‍රමවේදයක් හරහා මේ පැමිණීමේ පත්‍රිකාව පිරවීම හඳුන්වා දුන්නා. මාලදිවයින, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව ඒවායින් සමහරක්.

ඒ අනුව යමින් ඉන්දියාවද, 2025 ඔක්තෝම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, මේ Digital Arrival Card ක්‍රමවේදය "e-arrival card" ලෙසින් හඳුන්වා දී තිබෙනවා. 2025 ඔක්තෝබර් මස 01 වැනිදා සිට ඉන්දියාවට ගමන් ගැනීමට බලාපොරොත්තුවන මගීන්ට, තමන් ඉන්දියාවට ළඟාවන වේලාවට පැය 72 කට පෙර සිට මෙම e-arrival card පත සම්පූර්ණ කර submit කළ හැකියි.

කෙසේ වෙතත්, පද්ධතිය සම්පූර්ණයෙන් ස්ථාපිත වන තුරු ඉදිරි මාස 6ක කාලයක් සඳහා දැනට ක්‍රියාත්මක අතින් පුරවන කාඩ්පත ද ඔවුන් පිලිගන්නා බව වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

ඉතින් ඉන්දියාවට යනවානම්, මෙන්න මේ ලින්ක් එකෙන් ඔයාගෙ තොරතුරු e-arrival card එකට ලබාදෙන්න.

e-Arrival https://indianvisaonline.gov.in/earrival/

~ දුමියා ✌️

මූලාශ්‍ර - Air India ගුවන් සේවය

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා වීසා අයැදුම් කිරීමේදි සැපයිය යුතු ලිපිලේඛණ වල වෙනසක් සිදු වී තිබෙනවා. ඒ අනුව, අලුතෙන් අය...
30/09/2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා වීසා අයැදුම් කිරීමේදි සැපයිය යුතු ලිපිලේඛණ වල වෙනසක් සිදු වී තිබෙනවා.

ඒ අනුව, අලුතෙන් අයැදුම් කරන සියළුම වීසා වර්ග සඳහා අයැදුම්කරුගේ ගමන් බලපත්‍රයේ ඉදිරිපස පිට කවරයේ පිටපතක් ලබාදිය යුතු වෙනවා.

වඩාත් නිරවද්‍ය ලෙස අයැදුම්කරුවන් පිරික්සුමට ලක්කිරීම මෙහි අරමුණ බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසන්නේ.

~ දුමියා ✌️

16/09/2025

16/09/2025

අපිට 250යි!!

ගුවන් සේවා ක්ෂේත්‍රය ගැන කතා කරගෙන යන Dumi's Travel Desk පේජ් එකට ආදරණීය හදවත් 250යි! අඩියෙන් අඩිය ඉස්සරහට යන අපේ පේජ් එකත් එක්ක එකතුවුණු ඔයාලට බොහොම ස්තුතියි!

ගඩොලින් ගඩොල හෙමි හෙමීට අඩුක් කරලා, අපි මේ බිත්තිය ලස්සනට බඳිනවා...

~ දුමියා ✌️

ඩුබායි ගුවන්තොටුපොලට Hearing Loops ❤️❤️ඩුබායි සහ සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන්තොටුපොලවල් කියන්නෙ සිවිල් ගුවන් සේවා...
16/09/2025

ඩුබායි ගුවන්තොටුපොලට Hearing Loops ❤️❤️

ඩුබායි සහ සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන්තොටුපොලවල් කියන්නෙ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයට හැමදාම අලුත් news අරන් එන ගුවන්තොටුපොලවල් දෙකක්.

ශ්‍රවණ ආබාධිතතා ඇති අය වෙනුවෙන් hearing loops 520 ක් ස්ථානගත කිරීමට ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොල සැලසුම් කර තිබෙනවා. Hearing Loop කියන එකට සිංහල වචනෙ හොයන්න ගියාම සමනල් ගැටේ වැටෙන හින්දා ඒ වචනෙම පාවිච්චි කරන්නම්.

දැනටමත් ක්‍රියාත්මක වෙන Public Address system එකටම සම්බන්ධ කරලා, යම් ප්‍රදේශයක් ආවරණය වන පරිදි wire loop එකක් අදිනවා. මේ wire loop එක මගින්, ශ්‍රවණාබාධිත පුද්ගලයින් පාවිච්චි කරන ශ්‍රවණාධාර උපකරණ වල telecoil එකට (T setting එක) සෘජුවම සංඥා නිකුත් කරන චුම්භක ක්ෂේත්‍රයක් නිර්මාණය කරනවා. එතකොට වෙන්නෙ, මොනවාහරි නිවේදනයක් යනකොට ඒ ශබ්දය බාහිර බාධාවලින් (වටපිටාවේ ශබ්ද, දෝංකාරදීම්) තොරව පැහැදිලිව ශ්‍රවණාධාර උපකරණය හරහා අදාල උපකරණය පැළඳගෙන ඉන්න අයට ඇහෙන්න සැලසෙන එක. ඕක තමයි මේ hearing loop එකකින් වෙන්නෙ. ශ්‍රවණාධාර පළඳින පුද්ගලයින්ට තියෙන්නෙ තමන්ගෙ ශ්‍රවණාධාර උපකරණය T setup එකේ තියාගන්න එක.

අපේ එයාපෝට් එකේ public area එකේ අඩුම තරමෙ AED ( Automated External Defibrillator) එකක් වත් නැතිකොට, ලෝකයේ වෙන එයාපෝට් හිතල තියෙන දුර නේද...

දුමියගෙ Travel Desk එකට තට්ටුවක් දාල තියාගන්න. ලබන සතියේ ගේනවා හොඳ හොඳ කතා ටිකක්...😋

~ දුමියා ✌️

14/09/2025
ජීවිත 2977 ක් අහිමි කරවූ 9/11 ප්‍රහාරයට ඊයේ වනවිට වසර 24ක් ගතවී ගිහින්.සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකය ලෙස ස...
12/09/2025

ජීවිත 2977 ක් අහිමි කරවූ 9/11 ප්‍රහාරයට ඊයේ වනවිට වසර 24ක් ගතවී ගිහින්.

සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකය ලෙස සැලකෙන 9/11 ප්‍රහාරය සිදුවුණේ 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා. ඇමරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය, පෙන්ටගනය ඉලක්ක කරගනිමින් සහ ධවල මන්දිරය ඉලක්ක කරගනිමින් පැහැරගත් මගී ගුවන් යානා යොදාගෙන මේ ප්‍රහාර සැලසුම් කර තිබුණා.

මේ සඳහා අල් කයිඩා සංවිධානයට අයත් ත්‍රස්තවාදීන් 19 දෙනෙකු විසින් ඇමෙරිකානු ගුවන් යානා 4ක් පැහැර ගැනුනා.

👉 ඇමෙරිකන් ගුවන් සේවයේ AA 011 ගුවන් යානය - ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුණෙහි ගැටීමට

👉 යුනයිටඩ් ගුවන් සේවයේ UA175 දරණ ගුවන් යානය - ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ දකුණු කුළුණෙහි ගැටීමට

👉 ඇමෙරිකන් ගුවන් සේවයේ AA 077 දරණ ගුවන් යානය - පෙන්ටගනය වෙත කඩා වැටීමට

👉 යුනයිටඩ් ගුවන් සේවයේ UA 093 දරණ ගුවන් යානය - ධවල මන්දිරය වෙත කඩා වැටීමට

මෙයින් අවසාන අවස්ථාව හැර මුල් අවස්ථා තුනම සාර්ථක වුණා. ඒ, ඇමෙරිකානු ආර්ථිකයට සුවිශාල පාඩුවක් ඇතිකරමින්.

👉 මෙම සිද්ධිය හේතුවෙන් අමෙරිකානු කොටස් වෙළෙඳපොළ දින 4ක් වසා තැබීමෙන් සිදු වූ වෙළෙඳපොළ වටිනාකම කඩා වැටීම ඩොලර් ට්‍රිලියන 1.4 ක්.

👉 රක්ෂණ සමාගම් විසින් ඉතිහාසයේ ගෙවනු ලැබූ විශාලතම වන්දි මුදල - ඩොලර් බිලියන 40කට වැඩියි.

👉 නිව් යෝර්ක් නගරය නැවත ප්‍රතිස්ථාපනය වෙනුවෙන් වැය වූ මුදල ඩොලර් බිලියන 40කට වැඩියි.

👉 මෙම ප්‍රහාරයේ සෘජු සහ වක්‍ර බලපෑම් නිසා ගතවූ වසර 20ක් පුරාවට සිදු වූ සම්පූර්ණ ආර්ථික හානිය ඩොලර් ට්‍රිලියන 2කට වැඩියි.

පැහැරගත් ගුවන් යානා 4න් තුනක් යොදාගනිමින් කළ මෙහෙයුම් සාර්ථක වීමත් එක්කම සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් බරපතල ගැටළු මතුවුණා. ප්‍රහාරය සඳහා තෝරාගනු ලැබූ ප්‍රහාරකයින් 19 දෙනා අතුරින් බොහෝ අය ගුවන් නියමු පුහුණුව ලැබූ අය. ඔවුන් ගුවන් යානා පැහැරගැනීම සිදු කලේ ඉතා සරල ක්‍රම උපයෝගී කරගනිමින්. ඇතැම් ගුවන් යානා පැහැර ගනු ලැබූයේ කඩදාසි කපන පිහි (paper cutters) උපයෝගී කරගෙන. ගුවන් නියමු කුටියට ඇතුල් වෙලා ගුවන් නියමුවන් බියට පත්කිරීම හෝ ම/රණයට පත්කිරීම සිදු කරනු ලැබුවා. ඇතැම් ගුවන් යානා පැහැරගත්තේ අසත්‍ය බෝම්බ තර්ජන ඇමතුම් ලබා දෙමින්. ඒ නිසා, 9/11 ප්‍රහාරය පසු කාලයක සිවිල් ගුවන් සේවාවේ විශ්වාසනීයභාවය, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳව දැඩි විධි විධාන ක්‍රියාත්මක කිරීමට හේතු වූවා.

👉 ගුවන් නියමු කුටියේ ආරක්ෂාව.

ගුවන් නියමුවන් කුටිය ඇතුළෙන් අගුල් දාගත්තම පිටතින් විවෘත කිරීමේ හැකියාවක් නැහැ.

👉 SRA - Security Restricted Articles

ඒ කාලෙ කුඩා අත් පිහි, පේපර් කටර්ස් වගේ දේවල් අතේ ගෙනියන්න තහනමක් තිබුණෙ නැහැ. නමුත් 9/11 සිදුවීමෙන් පසු ගුවන් ගමනකදී මගීන්ට, ගුවන් යානයට හෝ ගුවන් කාර්‍යයමණ්ඩලයට හානි සිදුකළ හැකි යැයි ආරක්ෂක අංශයට හැඟෙන ඕනෑම දෙයක් SRA යටතේ ඉවත් කිරීමට බලය ලබා දී තිබෙනවා.

👉 LAG restriction implementation

Liquids, Aerosols සහ Gels ගෙන යා හැකි උපරිම ප්‍රමාණය සීමා කෙරුනා.

👉 Advanced Passenger Screening & profilling.

වඩාත් විධිමත් කරන ලද පරීක්ෂා කිරීම් මගීන් වෙනුවෙන්ද නියම කෙරුනා. විශේෂයෙන්ම ඇමෙරිකාව TSA (Transportation Security Administration) පද්ධතිය ස්ථාපිත කළා. මේ පද්ධතිය මගින් සැක කටයුතු ඕනෑම අයෙකුගේ නමේ කොටසක්, ගමන් බලපත්‍ර අංකයක් ආදිය භාවිතයෙන් ඇමෙරිකාවට ඇතුල්වීමට ඕනෑම රටකින් ගුවන් යානයට check in වන අවස්ථාවේදීම නැවැත්වීමට හැකියාව තිබෙනවා. (ඔවුන් දන්නෙ මුහුණ විතරයි කියමු? එහෙනම් ඒ හා සමාන මුහුණක් සහිත අයට ඔවුන් නිකුත් කළ සියළුම ගමන් බලපත්‍ර, වීසා ආදිය ආපස්සට tally කරලා, ඒ සියළුම දෙනා වුණත් අදාල ගුවන්තොටුපොලින් පිටත්වීම වැලැක්වීමට තරම් මේ පද්ධතිය දැන් ශක්තිමත්)

ඉඳ හිට විවිධ සිදුවීම් අපට අසන්නට ලැබුණත් වර්තමාන ලෝකයේ තිබෙන ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍යය තමයි ගුවන් ප්‍රවාහන මාධ්‍යය. ඔයා කාර් එකක යද්දි මැ/රෙන්න තියෙන අවස්ථාව සිදුවීම් 5000කට 1ක්. නමුත් ගුවන් යානයක කඩා වැටීමක් නිසා එහෙම වෙන්න තියෙන හැකියාව මිලියන 11කට 1ක්. පාරේ වෙන ගොඩක් අනතුරුවල උණුසුම සෝඩා බෝතලේ කැඩුවා වගේනෙ? දවස් 2-3ක් මතක තියෙයි එතනින් එහාට ඉවරයි. මේ ළඟදි සිදුවුණ ඇල්ල බස් රථ අනතුර දිහා බලන්න. ඒ ළඟ ළඟම තව අනතුරු කීයක් වුණාද. නමුත් සිවිල් ගුවන් සේවය එහෙම නැහැ. එක පොඩි සිදුවීමක් උනත් දිගින් දිගටම විමර්ශන සිදු කෙරෙනවා. වැරැද්ද වෙලා තියෙන්නෙ කොතනද කියන එකත් එක්කම, නැවත එහෙම නොවෙන්න පූර්වෝපායන් නියම කරනවා. මේ හැම සිදුවීමක්ම ඒ ඒ රටවල සිවිල් ගුවන් සේවා අධිකාරීන් විසින් විමර්ශනය කරනවා.

ඒ වගේම ඔබව සුරක්ෂිතව ගමනාන්තය කරා ගෙනයාම වෙනුවෙන් සුදුසුකම්ලත්, පුහුණුවලත් පිරිස් හැම ගුවන්තොටුපොලකම සේවයේ නියැලී සිටිනවා.

~ දුමියා ✌️

Address

Katunayake, Sri Lanka
Katunayaka
11450

Alerts

Be the first to know and let us send you an email when Dumi's Travel Desk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category