15/01/2024
Sri Dalada Maligawa
Sacred Place in Sri Lanka.
ශ්‍රී දළදා මාලිගාව ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ලෝක පූජිත වූ ශ්‍රේෂ්ඨ සිද්ධස්ථානයකී.
නොකඩවාම දිනපතා දෙස් විදෙස් බැතිමතුන් ගේ හා ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ විශේෂ ගෞරව පූජෝපහාරයට පාත්රවන්නා වූ මේ සිද්ධස්ථානය වර්ෂ 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.
අනුපමේය සංස්කෘතික වටිනාකමක් ඇති සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා මාලිගාව වාස්තු විද්‍යාත්මක ලක්ෂණ, උඩරටටම ආවේණික වූ ලක්ෂණයන්ගෙන් මෙන්ම ඉපැරණි දළදා මාලිගා නිර්මාණ ලක්ෂණයන්ගෙන් ද අනූනය. මහනුවර ශ්‍රී දළදා මාලිගය මහනුවර නගරයට නැගෙනහිරින් උඩවත්ත කැළය අසල රජ මාලිගාව ආසන්නයේ ඉදිකර ඇත. උතුරු දෙසින් රජ මාලිගය පිහිටා ඇත. දකුණු දෙසින් කිරි මුහුද හෙවත් මහනුවර වැවය. බස්නාහිරින් නාථ හා පත්තිනි දේවාල පිහිටා ඇත්තේය. ජීවමාන නිර්මාණයක් බඳු වූ ශ්‍රී දළදා මන්දිරයරන්, රිදී, ඇත්දල,පිත්තල ආදි කැටයම් යොදා සෝභාමානවත් කොට ඇත.
ඓතිහාසික සෙංකඩගලපුර මහනුවර ප්‍රථම දළදා මාලිගාව ගොඩනඟා ඇත්තේ ක්‍රි.ව. 1592-1604 අතර කාළය රජ කළ පළමු වෙනි විමලධර්මසූරිය රජතුමා විසිනි. එතුමා ඉදි කළ දළදා මාලිගාව පෘතුගීසි ආක්රමණිකයෝ විනාශ කළ බව ඉතිහාසයේ දැක්වේ. අනතුරුව එම දළදා මාලිගාව පිහිටා තිබූ ස්ථානයේම දෙවන රාජසිංහ රජු විසින් (ක්‍රි.ව. 1635-1687) මහනුවර දෙවන දළදා මාලිගාව ඉදි කර ඇත.
එය ද ලන්දේසිහු දවා අළු කර විනාශ කළ බවත්, අනතුරුව ක්‍රි.ව. 1687 දී රජ වූ දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් මහාර්ඝ තෙමහල් දළදා මන්දිරයක් ගොඩනංවා දළදා වහන්සේ එහි තැන්පත් කොට නානා විධ පුද සත්කාර සිදු කළ බව දළදා ඉතිහාසයේ දැක්වේ. එම දළදා මැඳුර කල්යත්ම දිරාපත්ව විනාශ වූයෙන් ඔහුගේ පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (ක්‍රි. ව. 1707-1739) වර්ථමානයේ දක්නට ලැබෙන දෙමහල් දළදා මාලිගාව ඉදි කර ඇත. ඉන්පසු සෙංකඩගල රාජ්‍යත්වයට පත් නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු ද ශ්‍රී නරේන්ද්‍රසිංහ රජු විසින් කර වූ ශ්‍රී දළදා මාලිගාව පිළිසකර කරවා ආරක්ෂා කළහ. කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජු මෙම දළදා මාලිගාව වර්ථමානයේ දක්නට ලැබෙන ස්වරූපයට මනාව ප්‍රතිසංස්කරණය කර ඇත. අටාස‍්‍ර ගොඩනැගිල්ල හෙවත් පත්තිරිප්පුව තනවා ඇත්තේ ක්‍රි. ව. 1798-1815 අතර මහනුවර රජකම් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසිනි.
Sri Dalada Maligava is a great shrine where the left tooth relic of Gautama Buddha resides.
In 1988, this shrine was declared a world heritage site by UNESCO, which has been receiving special respect from local and foreign devotees and tourists from all over the world.
The architectural features of Sri Dalada Palace, which is the crown jewel of all the Buddhist peoples of the world, have unique cultural features, as well as the ancient Dalada Palace design features. Sri Dalada Palace in Kandy is built near the royal palace near Udawatta Kalaya, east of Kandy city. To the north is the royal palace. To the south is the Milk Sea or Kandy Lake. Nath and Pattini temples are located in the west. Sri Dalada Mandirayaran, which is like a living creation, has been embellished with silver, ivory, brass etc. carvings.
Historic Senkadagalapura Kandy's first Talada Palace was built in AD. By King Wimaladharmasuriya the first who reigned between 1592-1604. History shows that the Portuguese invaders destroyed the Dalada Palace built by him. Then King Rajasingha II (1635-1687 AD) built the second Dalada Maliga in Mahnuwara at the same place where the Dalada Maliga was located.
It was also burnt to ashes by the Dutch, and then AD. According to the history of Dalada, King Wimaladharmasuriya II, who reigned in 1687, built a grand three-storied Dalada Mandir, enshrined Dalada there and performed various rituals. As the Dalada Mandura was destroyed due to decay, his son Sri Veera Parakrama Narendrasingha King (1707-1739 AD) built the present two-storied Dalada Maliga. After that, the Nayakkar dynasty Dravida kings who became Senkadagala also repaired and protected the Sri Dalada Palace built by King Narendrasingha. King Keerthi Sri Rajasingha Maha has thoroughly restored this Dalada Maliga to its present form. The Atasra building or Patthirippuwa was built in AD. W. By King Sri Vikrama Rajasinghe who ruled Kandy between 1798-1815.
Copied from Web.
Owner : Sri Dalada Maligawa