04/05/2024
knuckles දුම්බර මිටියාවතේ
https://youtu.be/F4P9KKBpjo8?si=0pH11b1DFxk74PQe
Knuckles දුම්බර මිටියාවතේ දින 03 ක සංචාරය සදහා මා එක්ව මිතුරන් තිදෙනා තොරා ගත්තේ වල්පොලමුල්ල හරහා දුම්බර , අනන්තතටාකය සහා දුවිලි ගමන් මගයි. පුරා 34 - 37Km ගමන් මග තැන්නක ඇවිදයාමකයි සිතා ගියත් අප සංචාරය මුලුල්ලේම හමුවූයේ දළ බෑවුම් සහා නැග්මවල් ය. ගමන් මගේ මං සළකුණු පිළිබද අවබෝදයක් තිබුනත් තැන්න ඉදිරියට ඇතැයි සිතා ගමනේ වේගය අඩාල කිරීම අප කල මහත් අනුවණකමකයැයි දැන් සිතේ.
මාතලේ සිට ඉලුක්කුබුර බසයේ උදෑසන 6 ට පමණ ගොඩ වූ අප ලක ලැහැස්ති වූයේ ඇටන්වල බලා යෑමටයි. උදෑසනම බසය පිරී ඉතිරීගියේ කාර්යබහුල වටපිටාවක් ඒ අවට සකසාලමිනි. බොහෝවිට ඒ අප සතියේ දිනක එයට ගොඩ වූ නිසා වන්නට ඇත. වැසි නැති වුවත් මාතලේ රිවස්ටන් පසු කොට යන ඒ ගමනේ සුන්දරත්වයේ අඩුවක් නැත. පිරී ඉතිරීගිය බසයෙන් අපහසුවෙන් බැස ගත් අප ඇටන්වල දක්වා ගමන් අරඹන ලදි . මානිගල සහා වල්පොලමුල්ල දක්වා දිවෙන මාර්ගය සොයා ගැනීමට අපහසු වූයේ නැත. එතැන් සිට 3 km කට ආසන්න ගමන්ක් වල්පොලමුල්ල දක්වා මද නැග්මක් සහිතව යෑමට තිබිනි. ගමනේ වේගය අඩාල වූයේ Office Meeting එකකට zoom හරහා ලොග් වීමට සිදුවීමත් ඒ සදහා පැයකට ආසන්න කාලයක් වැය කිරීමට සිදුවීමත් ය . එය අවසානයට මත්තෙන් යළි ගමන් ආරම්බයට අප එලඹුනි. වල්පොලමුල්ල ඉතිරිව තිබූ අබලන් ගෙයක් සහා ඒ ආසල ඇති දොඩම් ගස අපගේ තිබහා වැඩි කිරීමට තරම් සමත් විය. පසු දොඩම් ගෙඩි කිහිපයක් නෙලා ගත් අප ඉදිරිය්ට ඇදුනේ පලමු වතුර පාර සොයාගැනීමේ අටියෙනි. උදෑසන 11 පමණ වන විට ලගා වූ අප දොඩම් යුශ පානයක් සකසා ගැනීමෙන් පසුව මැගී නුඩ්ල්ස් කිහිපයක් සකසා ගෙන සප්පායම් විය.
ආහාරයෙන් විනාඩි 15 ක පමණ විවේකයෙන් වතුර බෝතල් ද පුරවා ගත් අප දළ බෑවුමක් සමගින් ගමානාරම්භ කරන ලදි . පෙර කිවූ පරිදි සිතා සිටියේ සෑම මොහොතකම ඉදිරිය තැන්න ඇතැයි කියාය. විශාල වශයෙන් ගිමන් හරිමින් ගිය අපට වැදාහේන ඔයට ලගවූ විට දෙලෝ සිහි වුනි. වේලාව සවස 5ට ආසන්නයි. ඩ්‍රෝනය යවා ගමන් මග අදුනාගත්තද දුම්බර වෙත තව සැලකිය යුතු දුරක් ඇති වීමත් විජලනය වීම නිසා මස් පිඩු පෙරලීමත් සහා අදුරු වැටීමට මත්තෙන් දුම්බර වෙත ලගා වීමට නොහැකිවේදෝ යන සැකය නිසා දෙලෝරත්විය. නමුත් සවස 6.20 පමණ වන විට දුම්බර වෙත ලගා වූ අප . අපේ පළමු රාත්‍රිය එහි කදවුරු බැදීය. විඩා හල අප කුඩාරමත් අටවා ටික වෙලාවකින් භාජන සෝදා ගැනීමට ජල පහර දෙසට යාමට සැරසීමත් සමග අප මිතුරු ආකාශ් ඉදිරියේ ඇති ඇල වුනු ගල මැදට පැන්නේ ක්ශණයකිනි ගත වු සැනින්ම මාත් ඔපාතත් දුටුවේ ඔහු පහලට ලිස්සා යන බිහිසුණු දර්ශනයයි. අඩි 7කට වඩා ලිස්සා ගිය ඔහු එතැන් සිට තවත් අඩි 7ක් පමණ ගල් අතර අඩියක් පමණ වතුර පිරුණු දෙබොක්කාවකට පතිත වුනි. ඉදිරියට ඇල වුවහොත් ඔලුව වැදු ඔහු නිසැකවම මිය යන අතර පිටිපසර ඇලවී වැටුනහොය්ත් සුශුම්නාවට හානි වී විනාඩි ගනනක් යන අතර තුර මිය යනු නොඅනුමානය. නමුත් වාසනාවකට ගල් තැලුමක් පමනක් ඉතිරි කරමින් ඔහුගේ ජිවිතය රැකෙන ලදි. ආපසු ගල්පොත්ත මත නැගි ඔහු නැවත කකුලේ වෙදනාවත් ඔලුවේ වේදනාවත් සමග කුඩාරම තුලට වූයේ අප සිත් තුල සියුම් බියක් ජනිත කරමිනි. යුහුසුලුව ඔහුව පරීක්ශා කොට ප්‍රථමාධාර ලබාදි විවේක ගැනීම්ට සලස්වා පසුදා උදෑසන වන තුරු රැදි සිටිනවා වෙනුවට කල හැකි අන් යමකි නොවිනි. ඉතින් එතැන් පටන් විඩියෝවෙන් ඉතිරිය නරඹන මෙන් ඔබට ආරාදනා කරමි
🌿 Camping Knuckles Mountain Range | Dumbara Travel Vlog | Sri lanka Survival Camping | Traveler Anjana අසාර්ථක ගමනාන්තයක්...