28/02/2026
🛑විශේෂ නිවේදනයයි🛑
මේ වන විට මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන අයහපත් තත්වය හේතුවෙන්, එම ගුවන් කලාපය හරහා ගමන් ගන්නා ගුවන් ගමන්, සැලකිය යුතු ප්‍රමානයක් අවලංගු වී ඇත.
මෙය ගුවන් මාර්ගය පාර්සල් යැවීමේදි, අදාල ගමනාන්තයන් වෙත යෑමේදි, ඍජුව හා වක්‍රව යම් බලපෑමක්, ඉදිරි දින කිහිපයේ ඇතිවිය හැකිය.
(මැදපෙරදිග කලාපයේ රටවල්, එංගලන්තය, ජර්මනිය ඇතුළු යුරෝපයේ සියලුම රටවල්, ඇමරිකාව, කැනඩාව, ඊශ්‍රායලය සයිප්‍රසය වැනි රටවල් මේ අතර ඇත)
එම නිසා ඔබ කුමන හෝ ආයතනයකින්, ගුවන් මගින් ඉක්මන් සේවාවන් පාර්සල් යැවීමට අදහසක් ඇත්නම්, හැකිතාක් දින 14ට වැඩියෙන් කල්තබා ගත හැකි ආහාර පමනක් ඉදිරි දින කිහිපයේ යැවීමට වග බලා ගන්න.
ඔබ ශ්‍රී ලංකාවේ සිට, ආහාර ගුවන් මගින් එම කලාපයේ රටවල් වලට අලෙවි කරන අයෙක් නම්, තත්වය යහපත් වන තුරු ඇනවුම් ලබා ගැනීමෙන් වලකින්න.
(ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, දකුනු කොරියාව, වැනි රටවල් සදහා මේ මොහොත වන විට මේ නිවේදනය අදාල නොවේ)
Due to the current situation in the Middle East, many flights passing through this airspace have been cancelled. This may cause direct and indirect delays in parcel deliveries and flights to various destinations in the coming days.
Affected regions include:
- Middle East countries
- European countries (including England, Germany)
- America
- Canada
- Israel
- Cyprus
If you're planning to send parcels by air, please consider:
- Please send only non-perishable items. While food items may be sent, they must have a confirmed shelf life and stability of more than 14 days to account for potential transit extensions.
This notice does not apply to Australia, New Zealand, Japan, South Korea, etc. as of now.
Issued on 28/02/2026
1900HRS