Ja-ela Railway Station

Ja-ela Railway Station Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ja-ela Railway Station, Train station, Ja-Ela.

නැවතත් ජා-ඇලට නොඑන 704... 💔
08/08/2024

නැවතත් ජා-ඇලට නොඑන 704... 💔

කෝච්චිය පස්සේ එල්ලීගන යන LV...බලවේග කට්ටල හැරුනම අනෙක් හැම කෝච්චියකම අන්තිම පෙට්ටියේ LVයන අකුරු දෙක සඳහන් කරපු තහඩු කෑල්...
17/05/2024

කෝච්චිය පස්සේ එල්ලීගන යන LV...

බලවේග කට්ටල හැරුනම අනෙක් හැම කෝච්චියකම අන්තිම පෙට්ටියේ LVයන අකුරු දෙක සඳහන් කරපු තහඩු කෑල්ලක් එල්ලගන යනවා සමහරවිට ඔබ දැකලා ඇති.

මොකක් ද මේ LV කියන්නෙ ?

දුම්රියක අවසන් මැදිරියට නැත්නම් වැගන් රථයට යොදල තියන මේ තහඩු පුවරුවෙන් කියවෙන්නෙ " Last Vehicle" එහෙම නැත්නම් "අන්තිම වාහනය" යන්නයි.
ඔබ දන්නවා දුම්රියක් කියන්නේ එකිනෙකට අමුණපු මගී මැදිරි සහ/හෝ බඩුවැගන් ආදිය ගනනක එකතුවක්.
හැම දුම්රියක්ම ධාවනය කරවන්න කලින් ඒ දුම්රියේ අමුණලා තියන එක් එක් මැදිරි සහ/හෝ වැගන් මොනවාද යන්න ගැන ඒ දුම්රිය භාරව ගමන්ගන්නා නියාමක වරයා විසින් සටහන් කරගෙන දුම්රිය පාලක මැදිරිය වෙත තොරතුරු වාර්තා කරනවා. දුම්රියේ මැදිරි සහ/හෝ වැගන් කීයක් තියනවද ඒවා කුමන වර්ගයේ ඒවාද ඒවායේ අංක මොනවාද යන විස්තර දුම්රියේ නියාමක වරයා විසින් එලෙස ලබා දෙනවා. ඒත් සමගම දුම්රිය පිටත්වෙන්නට පළමුව එහි අන්තිම මැදිරියට හෝ වැගන්රථයට මේ LV අකුරු සඳහන් කරපු පුවරුවක් එල්ලනවා. එය දුම්රිය මෙහෙයුම් වලදී අනිවාර්යය කොන්දේසියක්...!
දැන් දුම්රිය ගමන් ආරම්භ කරපු තැන ඉදන් ගමන් අවසාන කරන තැන දක්වා පසුකරන හැම දුම්රිය ස්ථානයක දීම දුම්රිය ස්ථානාධිපතිවරු ඒ දුම්රියේ අන්තිම මැදිරියේ මේ LV අකුරු සඳහන් පුවරුව තිබෙනවාද කියලා නිරීක්ෂණය කරන්න ඔින. එයින් තහවුරු කරගන්න පුලුවන් දුම්රියට අමුණා තිබෙන සම්පූර්ණ මැදිරි සහ/හෝ වැගන් ප්‍රමාණයම ධාවනය වුනාද යන්න.
සමහර වෙලාවට යාන්ත්‍රික දෝෂ නිසා දුම්රියක මැදිරි ධාවනය අතරමැද දී ගැලවී යන අවස්ථා තියනවා. ඒ ඒවගේ අවස්ථාවක දුම්රියේ රියදුරා නොදැනුවත්ව දුම්රිය දිගටම ධාවනය කළහොත් අතර මැද දි ගැලවී ගිය කොටස එහෙමම පාරේ තිබියදී වෙනත් දුම්රිය එතැනින් ගමන්කරන්නට ඉඩ තිබෙනවා. මේ නිසා සම්පූර්ණ දුම්රියම ධාවනය වුනාද කියන එක ගැන දුම්රිය ස්ථාන දැනුවත්වී තිබීම අත්‍යාවශ්‍යයි. මෙන්න මේ අවශ්‍යතාවයට තමයි LV කියන අකුරු දෙක දුම්රියක අන්තිමට යොදලා තියෙන්නේ.
තවත් දෙයක් තියනවා. රාත්‍රී කාලයේ ධාවනය කරන දුම්රියවල මෙහෙම බෝඩ් එකක් දාල තිබුණට පිටත කෙනෙකුට දැකගන්න අමාරුයි. ඒ නිසා රාත්‍රී කාලයේ ධාවනය වන සෑම දුම්රියකම අන්තිම මැදිරියේ රතුපැහැති ආලෝකයක් නිකුත් කරන ලාම්පුවක් හෝ විදුලි බුබුලක් සවිකර තිබෙනවා.

*සටහන උපුටා ගැනීම #ලසරටුව_LAZARETTO වෙබ් පිටුවෙන්.

වර්ෂ 1980 දී විදේශිකයකු විසින් ගන්නා ලද මීගමුව දුම්රිය ස්ථානයේ සහ Class S7 , S6 බලවේග කට්ටවල  පින්තූර කීපයක්ඡායාරූප හිමි...
16/01/2024

වර්ෂ 1980 දී විදේශිකයකු විසින් ගන්නා ලද මීගමුව දුම්රිය ස්ථානයේ සහ Class S7 , S6 බලවේග කට්ටවල පින්තූර කීපයක්

ඡායාරූප හිමිකරු නොදනී.

අද දෙසැම්බර් 27 වෙනිදා.ඇත්තටම දෙසැම්බර් 27 කියන්නේ  ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඉතා වැදගත් වෙන ඓතිහාසික දවසක්. ඒ 1864 දෙසැම...
27/12/2023

අද දෙසැම්බර් 27 වෙනිදා.
ඇත්තටම දෙසැම්බර් 27 කියන්නේ ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඉතා වැදගත් වෙන ඓතිහාසික දවසක්. ඒ 1864 දෙසැම්බර් 27 වනදා හා හා පුරා කියලා ශ්‍රී ලංකාවේ පලමු දුම්රිය මාර්ගය විවෘත කරලා මංගල දුම්රිය ගමන ගිහින් අදට වසර 159 ක් සපිරෙන නිසා. ඉතින් ඒ ඓතිහාසික ගමන ගැන වගේම අපේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරම්භය තමා අපේ පලවෙනි ලිපියෙන්ම කථා කරන්න බලාපොරොත්තුව.

අපි බොහෝදෙනෙක් දන්න කාරණාවක් තමා ශ්‍රී ලංකාවේ පලවෙනි දුම්රිය ගමන ගියේ කොලඹ කොටුවේ (ඒකාලේ නම් හැදින්වුනා කියන්නේ කොටුව පර්යන්ත නැවතුම කියලා) ඉදන් අඹේපුස්ස දුම්රිය ස්ථානය දක්වා කියන එක. මෙම දුම්රිය ගමනේ විශේෂත්වය වන්නේ මෙම මාර්ගය විවෘත කිරීමේ උත්සවයට බෙල්ජියමේ සිංහාසනයේ උරුමකරු වෙන බ්‍රැබන්ට් ආදිපාදවරයා (පසුව බෙල්ජියමේ II ලියෝපෝල්ඩ් රජු බවට පත්වෙන) වේයන්ගොඩ සිට අඹේපුස්ස දක්වාත් ආපසු දුම්රිය එන ගමනේ අඹේපුස්සේ සිට කොලඹ කොටුව දක්වාත් දුම්රියේ ගමන් කිරීමයි. ඔහුත් සමග ලංකාවේ සිටි මේජර් ජෙනරාල් O'Brien සහ ඒ කාලයේදී ආණ්ඩුකාරවරයා නොමැති විට රටේ පාලන නිලධාරියා වූ Charles MacCathy ත් මේ මංගල දුම්රිය ගමනට සහභාගී වෙනවා.
පලමු දුම්රිය ගමනේ දුම්රිය රියදුරා වශයෙන් කටයුතු කරන්නේ 1865 දී දුම්රිය අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වූ, මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවරයා වූ Sir G.L. Molesworth විසින්ය. ඒවගේම ඔහු ඉන්දියාවේ ප්‍රථම දුම්රිය මාර්ගය තැනීමේදී එරට ඉංජිනේරුවරයෙකු වශ්‍යෙන්ද කටයුතු කර ඇති බවටයි සදහන් වෙන්නේ.

කෙටියෙන් අද දවසේ විශේෂත්වය ගැන කිව්වොත් එහෙමයි. ඒත් ඇයි එකපාරටම ලංකාවට දුම්රියක අවශ්‍යතාවයක් ඇතුවුනේ..???

ඇත්තටම ශ්‍රී ලංකාව තුල දුම්රිය සේවයක් ආරම්භ කල යුතුයි කියලා පලමුවෙන්ම කථාබහ වෙන්න පටන් ගත්තේ 1842 තරම් ඈත අතීතයේදී. මේ කාලය වෙනකොට ලංකාවේ කෝපි වගාව ද බෙහෙවින් ප්‍රචලිත වෙලා තිබුනු නිසා යුරෝපීය වැවිලිකරුවන්ට තමන්ගේ ඒ වැවිලි භෝගයන් ඉක්මනින් හා ආරක්ෂාකාරීව කොලඹ වරාය දක්වා ප්‍රවාහනය කරන්න ක්‍රමවත් ප්‍රවාහන මාධ්‍යයක් අවශ්‍ය වුනා. කොහොම වුනත් තමන්ගේ යෝජනාව ආණ්ඩුව වෙත ඉදිරිපත් කරලා දිගින් දිගටම කරපු සාකච්චා වල ප්‍රතිඵලයක් විදිහට ලංකා දුම්රිය සමාගම, එහෙම නැත්නම් Ceylon Railway Company (C.R.C) 1845 දී Philip Anstruther ගේ සහභාගිත්වය යටතේ ශ්‍රී ලංකාව තුල දුම්රිය මාර්ග ඉදිකිරීම සදහා පිහිටුවනවා. ඒ පිහිටුවාගත් සමාගමේ ඉංජිනේරුවන් විසින් 1846 දී ලංකාවේ දුම්රිය මාර්ගය තැනීම සදහා මූලික සමීක්ෂණ කටයුතු ආරම්භ කෙරුනා.
1857 දී ලංකාවට ආව කැප්ටන් මෝර්ස් සියලු භූ විෂමතා සහ අනිකුත් සාධක සැලකිල්ලට අරගෙන කොලඹ ඉදන් මහනුවර දක්වා විකල්ප මාර්ග 6ක් සහිතව මාස දෙකකින් තමන්ගේ වාර්ථාව යටත් විජිත ලේකම් වරයාට ඉදිරිපත් කෙරුවා. ඒ කාලේ ඇස්තමේන්තුව අනුව පවුම් 856,557 ක් මේ සදහා අවශ්‍ය බව නිර්දේශ කෙරුණා. ඒ කාලෙට අනුව මේ මුදල ඉතා විශාල ධනස්කන්දයක් වුනු අතර දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී පැන නගින දුෂ්කරතා, එනම් උමං විදීම, පර්වත කඩා ඉවත් කිරීම, ඒවා කඩා ඉවත් කිරීමේදී අවට නිවැසියන් ඉවත් කිරීම, නිම්නයන් අතර පස් පුරවා කදු යා කිරීම, වගුරු බිම පිරවීම, පාලම සහ බෝක්කු ඉදිකිරිම වැනි ඒවා සදහා මේ සා විශාල මුදලක් වය වෙන බව අවාසනයේ ඇස්තමේන්තු ගත වුනා.

කොහොමහරි 1858 අගෝස්තු 03 දින පළමු පස් පිඩැල්ල ආණ්ඩුකාර හෙන්රි වෝර්ඩ් මහතා අතින් කැපෙන්නේ දැන් මරදාන දුම්රිය ස්ථානය පිහිටා තිබෙන ස්ථානයේදී. ඉතින් මේ මාර්ගය ඇතිරීම භාර සිලෝන් රේල්වේ කම්පැනි (C.R.C) හි කොන්ත්‍රාත්කරු වූ W.T. Doyne වැඩ කටයුතු අරඹලා ටික කාලෙකින් මහත් වූ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔහුගේ නිගමනය වුයේ ඇස්තමේන්තු ගත මුදලින් මෙම භාරධුර කාර්ය නිම කල නොහැකි බවයි. එහිදී ඔහු විසින් හේතු විදිහට දක්වලා තියෙන්නේ කැළණි ගඟ හරහා පාලමක් ඉදි කිරීමේ දුෂ්කරතාව, රඹුක්කන සිට කඩුගන්නාව තෙක් ආනතියක් ආකාරයෙන් දුම්රිය මග ඉදිකිරීම සදහා යොදාගන්නට සිදු වන සුක්ෂම මිනුම් කිරීම සදහා වැය වන මුදල, කැලණිය සිට රාගම දක්වා වගුරුබිම පස් වලින් පුරවා සමතලා කිරීම වගේ හේතු. මේවා සැලකිල්ලට ගත විට C.R.C ට මෙම දුම්රිය මාර්ගය ඇතිරීමට ඇස්තමේන්තුගත මුදලට වඩා වැඩි වැඩියෙන් මුදල් අවශ්‍ය වුනා. ඒත් අවසානයේ සිදු වුයේ ලංකා ආණ්ඩුව C.R.C සමග තිබූ ගිවිසුම අවලංගු කොට ඔවුන්ගේ යෙදවූ ප්‍රාග්ධනය නිදහස් කිරීමයි. පසුව දුම්රිය මාර්ග ඉදිකිරීමේ කාර්යය ලංකාණ්ඩුව විසින් බාරගන්නා ලද්දේ Ceylon Government Railway යන ව්‍යාපාර නාමය යටතේය. අද වෙනකොට ශ්‍රී ලංකා දුම්රිය සේවය ලෙස හදුන්වනේ මේකමයි. ලංකාණ්ඩුව ටෙන්ඩර් පත් කැදවීමක් සිදු කල අතර එහි ලාභදායිම සැලසුමට ලංකාණ්ඩුව එකග වෙනවා. එහි කොන්ත්‍රාත්කරු වුයේ W.F.G Faviell මහතා ය. ඉහත කී කැප්ටන් මෝර්ස් මහතා සමග අන්යෝන්‍ය සුහදතාවකින් කටයුතු කල Faviell මහතා දෙදෙනාගේම දක්ෂතා උපයෝගී කොට ගනිමින් 1864 දී අඹේපුස්ස දක්වා දුම්රිය මාර්ගය තනා නිම කරනවා.

ලංකාවට ප්‍රථම දුම්රිය එන්ජිම ආනයනය කරනු ලබන්නේ 1864 ජනවාරි මාසයේදී ය. ඒ එන්ජිම භාවිත කරන ලද්දේ කොන්ත්‍රාත්කරුවන් විසින් වන අතර ඔවුන් මෙය භාවිත කලේ මාර්ගය තැනීම සදහා අවශ්‍ය කරන කම්කරුවන් සහ බඩු බාහිරාදිය ප්‍රවාහනය කිරීම සදහායි. ලංකා ඉතිහාසයේ පළමු දුම්රිය ගමන වන කොටුව පර්යන්ත නැවතුමේ සිට අඹේපුස්ස දක්වා වූ රාජකීයන්ගේ දුම්රිය ගමනටද යොදාගන්නේ මේ දුම්රිය එන්ජිමයි. එය 4-4-0 ආකාරයේ එන්ජිමක් වූනු අතර එය ටොන් පහක ගල්අගුරු සහ වතුර ගැලුම් 1500 ක් ගෙන යා හැකි වන පරිදි නිෂ්පාදනය කර තිබුණා. මෙම සියලු දේ සමග මෙම එන්ජිමේ සම්පුර්ණ බර ටොන් 59 ක් වුනා. මේ පලමු දුම්රිය එන්ජිම 1926 දක්වා සාර්ථකව ධාවනය වුනත් 1926න් පස්සේ ධාවනයෙන් ඉවත් කෙරුනා කියලා සදහන් වෙනවා.

අඹේපුස්ස දක්වා ඉදිකරපු මේ දුම්රිය මාර්ගයේ දිගින් අඩි 800 කින් යුක්තව අඩි 25 පරතරය ඇති ගල් කණු 12 ක් සහ යකඩ කණු 8 කින් යුක්තව කැළණි ගඟ හරහා ඉදි කරන ලද කැළණි දුම්රිය පාලම මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේදි වැදගත් නිර්මාණයක් බවට පත් වෙනවා. ප්‍රධාන කුලුණු ඉදි කිරීමේදි ඉහල කොටස අඩි 6 සහ පහල කොටස අඩි 7 විශ්කම්භය ඇති වානේ සිලින්ඩර මගින් ශක්තිමත් කල අතර ඒවා අඩි 45-50 දක්වා පොලොව යටට ගිල්වනු ලැබූ අතර පාලම මතුපිට වැලි සහ බොරලු අතුරලා තිබෙනවා. ඒත් අධික වර්ෂාව නිසා මධ්‍යයේ වූ කණුවක් කඩාවැටීමක් සිදු වූයෙන් මධ්‍යට අඩි 80 පරතරය ඇතිව කොටස් 6ක් සහ පාලමේ දෙපසට අඩි 25 පරතරය ඇති යකඩ බාල්ක යෙදු කණු කොටස් 6 බැගින් යොදා නැවත පාලම ඉදි කිරීම සිදු කෙරෙනවා. මුලින් ද්විත්ව මාර්ගයක් ලෙස සැලසුම් කර තිබුනත් පාලම ඉදිකර වසර 30 ගියාට පසුවයි දෙවන මාර්ගය පාලම මතින් ඉදි කෙරෙන්නේ. කොහොමවුනත් අවසානයේ පාලම මතින් ද්විත්ව මාර්ගය ඉදි කර අවසන් වූ පසු ඉන්ජිනේරුවන්ගේ අදහස වූයේ එකම අවස්ථාවේ පාලමේ දුම්රිය මාර්ග දෙක මතින්ම දුම්රියන් දාවනය වීමට තරම් පාලම සවි ශක්තිමත් නොමැති බවයි. නමුත් 1950 දී පාලමේ සවි ශක්තිය නිර්ණය සදහා පිහිටුවන ලද විමර්ශන කමිටුව විසින් නවීන උපකරණ හා තාක්ෂණය භාවිතයෙන් සිදු කරන ලද පර්යේෂණයන්ගේ නිගමනය වුයේ එකවර පාලම මතින් දුම්රිය දෙකක් ධාවනය වීමට ශක්තිමත් වන බවයි.

1866 දී දුම්රිය මේ දුම්රිය මග පොල්ගහවෙල දක්වා සාදා අවසන්කර භාණ්ඩ හා මගී ප්‍රවාහනය සදහා විවෘත කර තිබෙනවා කියලා සදහන් වෙනවා.
වර්ථමාන ගම්පහ සහ අඹේපුස්ස දුම්රිය ස්ථානයන් අලුතින් ඉදිකල ඒවා වේ. පැරණි දුම්රිය ස්ථානයන් ඔබට දුම්රියේ ගමන් කරනවිට දැකගන්න පුලුවන්.

ශ්‍රී ලංකා දුම්රිය සේවයට විශිෂ්ඨ සේවාවක් ඉටුකල, දුම්රියේ ස්වර්ණමය යුගයේ ලංකාවට පැමිණි පොඩ්ඩා
12/04/2023

ශ්‍රී ලංකා දුම්රිය සේවයට විශිෂ්ඨ සේවාවක් ඉටුකල, දුම්රියේ ස්වර්ණමය යුගයේ ලංකාවට පැමිණි පොඩ්ඩා

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්..! ❤🇱🇰
11/09/2022

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්..! ❤🇱🇰

13/08/2022
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 09.30 ට ( 2022.08.12  ) ගමන් ආරම්භය කොට ත්‍රීකුණාමලය දක්වා ධාවනය වූ දුම්රිය අද දින ...
13/08/2022

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 09.30 ට ( 2022.08.12 ) ගමන් ආරම්භය කොට ත්‍රීකුණාමලය දක්වා ධාවනය වූ දුම්රිය අද දින (2022.08.13) අලුයම 05.25 ට පමණ චීනවරාය දුම්රිය ස්ථානයේ දී පීලීපැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් චීන වරාය දුම්රිය ස්ථානයේ වේදිකාවට අලභානී සිදුව ඇති අතර පීලී පැනීමට ලක් වූ දුම්රිය මේ වන විට පීලී ගතකර චීන වරාය සිට ත්‍රීකුණාමලය දක්වා ධාවනය කොට ඇත

2022/08/13 මීගමුව සිට මඩු පාර දක්වා ධාවනය වු විශේෂ දුම්රිය M4 752 සමග
13/08/2022

2022/08/13 මීගමුව සිට මඩු පාර දක්වා ධාවනය වු විශේෂ දුම්රිය M4 752 සමග

පුත්තලම Line එකේ වේගවත්ම ධාවකයා..                     CHILAW EXPRESS කොළඹ කොටුව         4.45 PMමරදාන                    ...
05/08/2022

පුත්තලම Line එකේ වේගවත්ම ධාවකයා..
CHILAW EXPRESS

කොළඹ කොටුව 4.45 PM
මරදාන 4.50 PM
දෙමටගොඩ 4.55 PM
මීගමුව 5.46 PM
කොච්චිකඩේ 5.55 PM
බෝලවත්ත 6.00 PM
ලුණුවිල 6.09 PM
නාත්තන්ඩිය 6.20 PM
කුඩාවැව 6.28 PM
මාදම්පේ 6.34 PM
හලාවත 6.45 PM

ජුනි 27 සිට සඳුදා සිට සිකුරාදා දක්වා (නිවාඩු දින හැර) ධාවනය වේ.
26/06/2022

ජුනි 27 සිට සඳුදා සිට සිකුරාදා දක්වා (නිවාඩු දින හැර) ධාවනය වේ.

Address

Ja-Ela

Opening Hours

Monday 04:15 - 21:25
Tuesday 04:15 - 21:25
Wednesday 04:15 - 21:25
Thursday 04:15 - 21:25
Friday 04:15 - 21:25
Saturday 04:15 - 21:25
Sunday 04:15 - 21:25

Telephone

+94112236409

Website

Alerts

Be the first to know and let us send you an email when Ja-ela Railway Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category