01/10/2021
🌎 ලෝක ළමා දිනය.. 🏃🧘🙋💁
ඒ අද , ඔව් ඔක්තෝබර් පළවෙනිදා,
එකම ආදරණීය ලෝකයක් බලාපොරොත්තු වන දැයේ සුවහසක් දූ දරුවන්ට පළමුවෙන්ම ඔවුන්ට වෙන්වු දවසේ නිදුක් , නිරෝගී සම්පත්තිය ලැබේවා යි මම ප්‍රාර්තනා කරනවා.. 🙏🙏🙏
පුංචි දරුවනේ ඔයාල ගැන ලෝකයම හිතුවත්, අපේ මේ පුන්චි රට ඇතුලෙ ඔයාල ගැන ඇත්තටම හිතනවද කියන ප්‍රශ්නාර්ථය මට තියෙනව. ⁉️️හැම දෙයක්ම වචන මාත්‍රයකට විතරක් සීමා වෙලා කියලයි මට හිතෙන්නෙ.🤔
ලෝකයක් 🌎 රටක් 🇱🇰 ඉදිරියට යන්න නම් ඒ රටක ,අනාගතය ඒ කියන්නෙ පුන්චි ඔයගොල්ලන්ගෙ ලෝකය රැකගන්න ඕනි.ඒ සුරක්ෂිතතාවය ඔයාලට ලබා දෙනව කියල කියන්නෙ,එක දවසකට විතරක් සීමාවෙලා සරුවපිත්තල ලෝකයක් ඔයාල ඉදිරියේ මවාපාල සැනකෙලි, තෑගි බෝග, කෑම බීම පෙන්නල නම් නෙවෙයි..😲
පුන්චි ඔයාලව සමාජයීය වශයෙන් සුරක්ෂිත වෙන්න ඕනි වගේම යහපත් ආකල්ප, සහ සාරධර්ම පිරි සමාජයක් තුල නිදහස්, නිවහල් චින්තනයකින් ඔයාලගෙ හැකියාවන් ලෝකයට ගෙනියන්න පුලුවන් විදියේ පරිසරයක් නිර්මාණය වෙන්න ඕනි..👍 ඒත් අවාසනාවකට අපේ රටේ ඒ සුන්දර පරිසරය ඔයාලගෙන් උදුරගෙන තමයි ළමා දිනය නාම මාත්‍රිකව විතරක් පවත්වන්නෙ..
ආදරණීය දුවේ පුතේ 😍ලෝක ළමා දිනය කියල එක දවසක, මනෝලෝකයක් තුළ අතරමන් වෙනව වෙනුවට, හැම දවසක්ම ඔයාටම වෙන් වුන දවසක් කරගන්න..,ආදරය දයාව කරුණාව ලෝකයට බෙදන්න පුලුවන් 💕, පිනට කුසලයට නැමුණු ,🧘 🙏පවට ,අකුසලයට බියවන , 🙍 හිතක් ඇති කරගන්න අද දවස අදිටන් කරගන්න කියල මම ඔයාලගෙන් ඉතාමත් සෙනෙහසින් ඉල්ලනව.. 😍💕
ඒ වගේම ඔයා,
උපන් මාතෘ භූමියට ආදරය කරන්න.. 🇱🇰
පරිසරයට ආදරය කරන්න.. 🌳
මනුෂ්‍යත්වයට ගරු කරන්න.. 🙋
ළමා කාලය තුල ඇති කරගන්නා යහපත් ආකල්ප, යහපත් ගුණාන්ග පුන්චි ඔයගොල්ලන්ගෙ ළමා ලෝකය ලස්සන කරනව වගේම අනාගතේ අපේ පුන්චි රටත් ලෝකේ සුන්දරම තැනකට අරගෙන යන්න අද දවසේ ඔයාලගෙ අදිෂ්ඨානය මහ මෙරක් තරම් වටිනා දෙයක් වේවි.. 👍👍💕
රැල්ලට , තරගෙට දුවන්නෙ නැතිව ඔයාටම ආවේණික වුණු මැණිකක් 💎 වගේ වටින ඔයාගෙ ලස්සන ළමා කාලය ඔයාම ලස්සනට ඔප දාල ලෝකයටම වටිනා මැණිකක් 💎 වෙන්න ලැබෙන්න කියල මගේ ආදරණීය දූල පුතාල හැමෝම වෙනුවෙන් මන් අද දවසේ ප්‍රාර්තනා කරනව.. 💕😍🙏
වෙර දරමි දල්වන්න
එකම එක පහනක් වුව..
දැල්වෙන්න ඉඩ හරිමි
මග නොදැන,
කලුවරේ වුව යන අයට,
මග සොයා ගනු පිණිස..
අදුර අතගගා සරනා අයට
අදුර විනිවිද එළිය දකිනු ලෙස..
දැල්වූයේ එක් පහනක් වුව,
නොතැවේවි නම් සිත,
රාත්‍රියට මහ එළියකි එය
ප්‍රභාශ්වර කිරණ විහිදී යන..
නොඅහුරා මග හොදින්,
ඉඩ දෙමි දරුවනේ..
වෙන්න එක පහනක්,
බැති සිතින් දැල්වුණ.!!!!!
-💕ශාලිකා දිගෝආරච්චි