𝐇𝐄𝐑𝐈𝐓𝐀𝐆𝐄 𝐎𝐅 𝐂𝐄𝐘𝐋𝐎𝐍

𝐇𝐄𝐑𝐈𝐓𝐀𝐆𝐄 𝐎𝐅 𝐂𝐄𝐘𝐋𝐎𝐍 ඓතිහාසික, පූජනීය ස්ථාන,සිද්ධස්ථාන,නටඹුන්, මෙන්ම පාරිසරික,සුන්දර ස්ථාන සොයා ගෙන යෑම.(උරුමය සොයා)

07/03/2026

වන්දනීය පූජනීය අති උතුම් ගෞතම සිරිපා වන්දනා කරමු🙏
's peak fans

With Amila Sandaruwan Kumara – I just got recognised as one of their top fans! 🎉
26/02/2026

With Amila Sandaruwan Kumara – I just got recognised as one of their top fans! 🎉

🙏උතුම් වන්දනීය සිරිපා  පද්මය  වන්දනා මාන කරන්නට තිබෙන මාර්ග 8න් ! අප්‍රකට මාර්ග 2න්. 1ක් මෙවර වන්දනා සමයේ කරුණා කර ගැනීම...
26/02/2026

🙏උතුම් වන්දනීය සිරිපා පද්මය වන්දනා මාන කරන්නට තිබෙන මාර්ග 8න් !

අප්‍රකට මාර්ග 2න්. 1ක් මෙවර වන්දනා සමයේ කරුණා කර ගැනීම මම භාග්‍ය වන්ත උනා! ඒ සුමන සමන් දෙවි කරුණාවෙන්🙏

පූජනීය දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී වන්දනාමාන කරගමු.🙏
05/02/2026

පූජනීය දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී වන්දනාමාන කරගමු.🙏


Indian Bick වල Uchchimuni  ගිය සොදුරු අත්දැකීම මෙලෙස  ඔබට දිගැහැරේ.💚 fans
01/02/2026

Indian Bick වල Uchchimuni ගිය සොදුරු අත්දැකීම මෙලෙස ඔබට දිගැහැරේ.💚
fans

This Video Time Stamps___________________________________HERITAGE OF CEYLON YouTube අඩවිය Subscribe කරන්නත් අමතක කරන්න එපා..https://www.youtube.com/channel/U...

පුලුවන්  හැමෝම එන්න පෙබරවාරි '4'  මාලිගාතැන්න රජමහා විහාරයට පිනඇතිව නිදහස සමරමු
14/01/2026

පුලුවන් හැමෝම එන්න පෙබරවාරි '4' මාලිගාතැන්න රජමහා විහාරයට පිනඇතිව නිදහස සමරමු

🙏දුරුතු පොහොය වැදගත්කම🙏දුරුතු පොහොය (ජනවාරි මාසයේ පොහොය දිනය වේ.) වර්ෂයේ මුල්ම මාසය මෙන්ම ලංකාවාසී අපට ඉතාමත් වැදගත්ම පො...
03/01/2026

🙏දුරුතු පොහොය වැදගත්කම🙏

දුරුතු පොහොය (ජනවාරි මාසයේ පොහොය දිනය වේ.) වර්ෂයේ මුල්ම මාසය මෙන්ම ලංකාවාසී අපට ඉතාමත් වැදගත්ම පොහොයක් වන්නේ බුදුන් වහන්සේ ලංකාවට පළමු වරට වැඩියේ දුරුතු පොහොය දිනයේ වන නිසාය.

මහියංගණයෙහි පිහිටි “මහානාග” නම් උයනේ යක්ෂ ගෝත්‍රිකයන් සහ නාග ගෝත්‍රිකයන් දෙපිරිසක් අතර ඇතිවු (ආරවුලක්) අරගලයක් හට ගෙන තිබිණි. බුදුන් වහන්සේ එහි වැඩම කොට ඔවුන් ඇමතීමට උත්සාහ දැරුව ද තමන්ගේ පරිසරයට පැමිණි අමුත්තා කරදරයක් යයි සිතූ යක්ෂයෝ අවි අමෝරා ගෙන බුදුන් වහන්සේට එරෙහිව නැඟී සිටියහ. යක්ෂ ගෝත්‍රිකයන් දමනයට නම් ඔවුන් බියට පත් කර සිටිය යුතු බව සිතූ බුදුන් වහන්සේ වර්ෂාව, අකුණු සහ මහා මේඝයක් ඇති කර යක්ෂයින් බිය වද්දවා පසුව ඔවුන්ගේ බිය පහ කළ අතර පසුව යක්ෂයෝ ගිරි දිවයිනට පලා ගියහ. එහි පැමිණ සිටි සුමන (සමන්) නම් දෙවියන් පූජාවට සුදුසු දෙයක් ඉල්ලා සිටි විට බුදු හිමියන් කෙස් මිටක් දී ඇති අතර සුමන දෙවියන් විසින් බුදුරජුන් වැඩ සිටි ස්ථානයෙහිම එම කේශ ධාතු තැන්පත් කොට අඩි 10ක් උස ස්තූපයක් කර වූ අතර මියුගුණ හෙවත් මහියංගණ චෛත්‍ය එම ස්තූපයයි.

කැලණි පෙරහර පැවැත්වෙන්නේ දුරුතු මාසයේදීය. දුරුතු පොහොය දින සිදු වූ අනෙකුත් වැදගත් සිදුවීම්... බුදුන් වහන්සේ මහා ප්‍රඥාව ලෝක සත්ත්වයා හට දේශනා කිරීමේ මුල් පියවර තබන ලද්දේ ද දුරුතු පොහෝ දිනකදීය. ඒ උරුවෙල දනව්වට වැඩම කොට අහංකාර තුන්බෑ ජටිලයන් වූ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් පමණ දෙනාට සදහම් මාර්ගය පහදා දෙමිනි. තමා විසින් දහම් දේශනා කොට අරහත් භාවයට පත් තුන් බෑ ජටිල තෙරුන් සහ ඔවුන්ගේ පිරිවර සමඟ මගධය වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුට දහම් දෙසා රජු සහ ඒ නුවර වැසියන් තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත් කළේ ද දුරුතු මාසයේදීය. බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද මෙම පොහොය දිනයේය. දොළොස් පොහොයේ සමාරම්භක පොහොය වන්නේ දුරුතු පොහොයයි. මේ පොහොය ඉතාම වැදගත් වන්නේ සියලු පොහොයන්ට වස්තු විෂය වන පරිසරය සැකසීම අනුවය. වසරක් ගෙවී තවත් වසරක් උදා වන මේ මොහොතේ පසුගිය වසරේ ලත් අත්දැකීම් සම්බන්ධව අවලෝකනය කොට නව වසරට ඒ අත්දැකීම් කොතරම් දුරට බලපාන්නේ ද යන්න සම්බන්ධව මෙනෙහි කළ යුතු හොඳම කඩඉමකි. එමෙන්ම දුරුතු පොහොය වඩාත් වැදගත් වන්නේ අප සම්මා සම්බුදු තිලෝගුරු බුදු පියාණන් වහන්සේ දුකේ වෙළී - පැටලී සිටින සියලු සත්ත්වයා එම විමුක්ති මාර්ගයෙන් ගලවා ගැනීමට ප්‍රථම පියවර තබන ලද්දේ ද දුරුතු පෝයදාය. බුදු බව ලබා නව මසකින් පසු උරුවෙල් දනව් පියසෙහි තුන්බෑ ජටිල‍යන් වන උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ප්‍රධාන කොටගත් දහසක් පමණ සව්වන් සදහම් මාර්ගයට යොමු කරවන ලද්දේ දුරුතු පෝදා බැවිනි. මහියංගණයට වැඩම කොට යක්ෂ ගෝත්‍රිකයන්ට දහම් දෙසා විමුක්ති මාර්ගය හෙළි කිරීම ද මේ පොහෝ දා සිදු වූ තවත් වැදගත් සිදුවීමකි. බුදුරජුන්ගේ කේශ ධාතු නිදන් කිරීම මත දෙවියකු විසින් ඉදි කරන ලද ප්‍රථම දාගැබ වන්නේත් මහියංගණ දාගැබයි. දුරුතු පෝදා අපට ලැබුණු අති උත්තම දායාදයකි. අප රටට වැඩම කළ බුදුරදුන් නිසා අපේ සමා‍ජයේ පෙර නොවූ විරූ පෙරළියක් උදා විය. මානව සමාජය විවිධ ආකල්පවල එල්බ ගෙන සිටි හෙයින් නිසි මාර්ගය නැත්නම් විමුක්ති මාර්ගය කුමක්ද යන්න සොයා ගැනීමට නොහැකිව මංමුළා වූ පිරිසක් බවට පත්ව සිටියහ. මිනිසා ගස්වලට වන්දනය කළේය. තවත් පිරිසක් ගල්වලට වැඳුම් පිදුම් කළහ. ඇතැමෙක් හිරුට වන්දනය කළහ. තවත් සමහරෙක් සඳුට වැඳුම් පිදුම් කළහ. සමහරු අනංගයාට වැඳුම් පිදුම් කළහ. අනංගයා යනු ආදරයට අධිපතියාය. ආදරයට අධිපති අනංගයාට වැඳුම් පිදුම් කළ හොත් තමන්ට විමුක්ති මාර්ගය ලැබේ යැයි සිතූහ. සමහරු නාගයා සංකේතයක් කොට ගෙන වන්දනය කළහ. රාගයෙන් කෙරෙන්නේ තමන්ගේ ඇලීම් - ගැලීම් තවත් පෝෂණය කිරීමකි. ඇලීම් ප්‍රහීණ කළ යුතුව තිබියදී තවදුරටත් එහි එල්බ ගන්නේ නම් සිදු වන්නේ සසරේ දිගුවීම පමණි. අපට අවශ්‍ය වන්නේ සංසාරය කෙටි කර ගැනීමය. නාගයාට වන්දනය කිරීමෙන් හැඟී යන්නේ එය කෙටි කර ගැනීම නොව තව තවත් එයට එල්බ ගැනීමකි. නාග වන්දනය එදා කොතරම් ජනප්‍රිය වීද යත් රජවරුන්ගේ නමේ අගට නාග යන පදය යෙදෙන්නට පුරුදු වූහ. චෞරනාග, මහානාග, වීරනාග, ඉල නාග ආදී නම් එයට හොඳම නිදසුන්ය. මෙවන් පරිසරයක සිටි ජනකායට බුදුවරුන් ලක්දිවට වැඩම කළ එම අඳුරු වලාකුළු පටලයෙන් නැති නම් භව කඩතුරාවෙන් වැසුණු ජනකාය යහමඟට ගන්නට දැරූ තැතද ඉතා ප්‍රශංසනීයයි. ඉන් අනතුරුව උගත් පරපුරක් බිහි වී මහ කැලෑව එළිපෙහෙළි වී ගල් ලෙන්වලට වී සඟරුවන දහම් පොත් ලියන්නට පෙලඹුණේ ද මේ දුරුතු පුන් පොහෝදාය. බුද්ධිමත් කැටයම් ශිල්පියා මේ මඟින් කළේත් බුදු මහිමය කියාපෑමය. අදත් එම කැටයම්වලින් ජීවමාන වන්නේ බුදු ගුණයි. බුද්ධ චරිතයයි. බුද්ධ ධර්මයයි. මේ දක්වා පැමිණි ගමන් මඟට ප්‍රවේශයක් වූයේ දුරුතු පොහොයයි.

©📝 උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

Viceroy Special 👆එහි ආරම්භය සහ ඉතිහාසය🔺නිෂ්පාදන වර්ෂය: 1928🔺නිෂ්පාදකයා: බ්‍රිතාන්‍ය කාර්මික සමාගමක් වන කැරලිසල් ඇන්ඩ් කම...
18/11/2025

Viceroy Special

👆එහි ආරම්භය සහ ඉතිහාසය

🔺නිෂ්පාදන වර්ෂය: 1928
🔺නිෂ්පාදකයා: බ්‍රිතාන්‍ය කාර්මික සමාගමක් වන කැරලිසල් ඇන්ඩ් කම්පනී (Kitson & Company)
🔺මුල් නම: "වයිස්රෝයල්ටි ක්ලාස්" (Viceroyalty Class) නම් වූ ඉහළ ප්‍රභූ පංතිගත දුම්රියක් ලෙස නිර්මාණය කරන ලදී.

🚂.දුම්රියේ විශේෂ ලක්ෂණ

මෙය අංක 251 වූ බුෂල් (Beyer Peacock) වර්ගයේ දුම් එන්ජිමකි. එවකට එය ඉතා අධි තාක්ෂණික නිමැවුමක් විය.
එය ඉතා අලංකාර හා ගාම්භීර පෙනුමක් ගන්නා ලද අතර, විශාල රෝද සහ ප්‍රමාණාත්මක තැනුම් කලාව බ්‍රිතාන්‍ය ඉංජිනේරු ශිල්පය පිළිබිඹු කරන්නක් විය.

🚂ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ එයට ලැබී ඇති ස්ථානය.
බ්‍රිතාන්‍ය යුගයේ : Viceroy Special යනු බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ - භාණ්ඩ ප්‍රවාහනය ට හා එය එකල රජයේ වැදගත්ම පුද්ගලය රැගෙන යෑමට භාවිතා කරන ලදී. ශ්‍රී ලංකාවට ස්වාධීනත්වය ලැබුණු පසුව, මෙම දුම්රිය රජයේ පොදු ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කරන ලදී.

කාලයක් ගත වීමත් සමග, මෙම දුම්රිය ජාතික උරුමයක් බවට පත්විය. එය ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ ස්වර්ණමය යුගයේ සහ දේශයේ කාර්මික ප්‍රගතියේ සාක්ෂියක් ලෙස පවතී.

🚂 මෙම ඓතිහාසික දුම්රිය සංරක්ෂණය කර (Colombo Fort Railway Station) ආසන්නයේ ප්‍රදර්ශනයට තබා ඇත. එය බොහෝ විට දුම්රිය කෞතුකාගාරයේ (Railway Museum) කොටසක් ලෙස දැක ගත හැකිය. 🚂 භාවිතයේ යෙදවීමේ හැකි හොද තත්වයේ තිබෙන දුම්රියන් ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය සදහා භාවිතා කරන අතර එයින් රටට මහගු සේවයක් ඉටුකරනු ලබයි.

තවද සමහර විශේෂ අවස්ථා වලදී, ඓතිහාසික දුම්රිය භාවිත කිරීමේ සමාජය (Heritage Railway Society of Sri Lanka) වැනි සංවිධාන මගින් මෙම දුම්රිය නැවත ජීවමාන කර විශේෂ දුම්රිය ගමන් සංවිධානය කරනු ලබයි.

©📝 Amila Sandaruwan Kumara
📸 අන්තර්ජාලයෙනි
🎥© Amila Sandaruwan Kumara

Address

Gampaha
11056

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐇𝐄𝐑𝐈𝐓𝐀𝐆𝐄 𝐎𝐅 𝐂𝐄𝐘𝐋𝐎𝐍 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share