Black Eagle Cabs & Rent A Car By You Rent Fleet Management Pvt LTD

Black Eagle Cabs & Rent A Car By You Rent Fleet Management Pvt LTD Your Travelling Partner We are leading cab service in Galle who offers very comfortable vehicles for all transportation needs at the cheapest rates.

ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍යය පිරි නිදුක් නිරෝගී සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!සිතන සිතුමන් පතන පැතුමන් එලෙසින...
13/04/2025

ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍යය පිරි නිදුක් නිරෝගී සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
සිතන සිතුමන් පතන පැතුමන් එලෙසින්ම ඉටු වේවායි Team Black Eagle අපි ප්‍රාර්ථනා කරන්නෙමු!!!

We wish you a merry christmas !
25/12/2024

We wish you a merry christmas !

15/12/2024
ඩොලී බබා
04/10/2024

ඩොලී බබා

ගොඩක් දවසක් තිස්සෙ ලියනවද නැද්ද කියල හිත හිත හිටියත් මේකෙ අඩුවක් නැති නිසා මේ ටික ප්‍රසිද්ධියේ ලියන්නම හිතුවා......ඇත්තට...
12/09/2024

ගොඩක් දවසක් තිස්සෙ ලියනවද නැද්ද කියල හිත හිත හිටියත් මේකෙ අඩුවක් නැති නිසා මේ ටික ප්‍රසිද්ධියේ ලියන්නම හිතුවා......ඇත්තටම මේක විශාල කරදරයක්ම වුණා.............

අපි imo,whatsapp,massenger,telegram හැම ආකාරයෙන්ම සන්නිවේදන මාධ්‍යයන් ඔබට විවෘත කරල තියෙනවා.නමුත් ඒ සියළුම මාධ්‍යන් වගකීමක් සහිතව භාවිතා කරන්න තරම් කාරුණික වන්න.

ඔබ සිටින්නේ ලංකාව තුළ නම් යම් හදිසි නොවන තොරතුරක් ලබා ගැනීම සදහා පමණක් මේ සමාජ මාධ්‍යයන් භාවිතා කරන්න.ඉතාම හදිසි පණිවිඩ සදහා මේවා භාව්තා කරන්න එපා..එ සදහා සාමාන්‍ය ඇමතුමක් ලබා දෙන්න.එහෙම ඇමතුමක් ලබා ගන්න තරම් මුදලක්(ඇත්තම කිව්වොත් අද බිත්තර රොටියක් කන සල්ලි වලින් unlimited package එකක් සතියකට ගන්න පුළුවන්) ඔබ වියදම් කරන්නෙ නැත්නම්/බැරිනම්(whatsapp වලින් වැළලෙන අංගවිකල ජීවිත වල උදාන වාක්‍ය තමයි අපි ඩේටා පැකේජ් විතරයි දාන්නෙ) ඔබත් සමග ලක්ෂ 30-150ක් වටින වාහනයක් Rent කරන්න අපි සූදානම් නැහැ.

අනිත් කාරණය අඩුම තරමෙ වට්ස් අප් එකේ DP එකක් වත් තමන්ට අදාළ Photo එකක් දාගන්න තරම් පරිණත වෙලා/හයියක් නැත්නම් අම්ම තාත්ත හරි කාගෙන් හරි ඉල්ල ගන්න කීයෙන් හරි ඩේටා පැකේජ් එක දාගන්න කෙනෙක් නම් කරුණාකර ඇමතුම් ලබා ගැනීමෙන් හෝ විස්තර ඉල්ලා සිටීමෙන් වළකින්න!!!!!

ඒ වගේම තමයි අපි මේ මාධ්‍යයන් තියල තියෙන්නෙ ලංකාවෙ නැති විදෙස් රටවල ඉන්න අපේ ගණුදෙනු කරුවන් වෙනුවෙන් යම් තොරතුරක් හෝ ඇමතුමක් ලබා ගන්න.....නමුත් කියන්න කණගාටුයි ඒ අය කෝල් ගන්නෙත් පාන්දර 1-2-3ට..ලංකාව සහ ඔබ ඉන්නා රට අතර කාල වෙනස පිළිබදව අවබෝධයක් ඇතිව ඇමතීමට කාරුණික වන්න.එසේ ගළපා ගැනීමට නොහැකි නම් Message එකක් තියන්න.අපි ප්‍රතිචාර දක්වන්නම්...එසේත් නොමැති නම් කතා කරන්නම ඕන නම් ඔබේ කවුරු හෝ ලංකාවෙ සිටින කෙනෙකුට අපේ අංකය ලබා දෙන්න.....

අනිත් වැදගත්ම කාරණාව අපි සාමාන්‍ය දුරකථන අංක 4ක් මෙහෙයවන ගමන් තමයි මේ Whatsapp,Imo,Telegram ,Massenger භාවිතා කරන්නෙ.ඒ නිසා සාමාන්‍ය ඇමතුමක ඉන්න වෙලාවට ලැබෙන අනිත් ඇම්තුම් Busy දානවා..ඒ වෙලාවට පොඩ්ඩක් ඉවසන්න තරම් කාරුණික වන්න.....

🙏 දැන් ඉතින් කියන්න එපා ඒ ඒ අංක සහ whatsapp,Telegram,Imo,viber වලින් දුරකථන ටික මෙහෙයවන්න ඇති තරම් පිරිසක් ගන්න කියලා.....මේ තියෙන වියදම් එක්ක මේ තත්වයෙන් හරි අපි ආයතන පවත්වාගෙන යන්නෙ බොහොම අමාරුවෙන් ..............

ඒ නිසා වගකීමක් ඇතිව ☎ භාවිතකරන්නට තරම් කාරුණික වන්න!!!

මේක කාරුණික ඉල්ලීමක් 🙏

Theme ekata galapennama Black.........
25/08/2024

Theme ekata galapennama Black.........

ආයුබෝවන් හැමෝටම !ගොඩක් දවසකින් page එකේ මේ වගේ post එකක් දාන්නෙ.ඇත්තම කිව්වොත් අපි මීට කලින් මේ වගේ post එකක් දාලම නැහැ....
19/08/2024

ආයුබෝවන් හැමෝටම !

ගොඩක් දවසකින් page එකේ මේ වගේ post එකක් දාන්නෙ.ඇත්තම කිව්වොත් අපි මීට කලින් මේ වගේ post එකක් දාලම නැහැ.....

මේ දාන්නෙ Happy Customer කෙනෙක් ගැන.අපේ ආයතනය පටන් අරන් දැන් අවුරුදු 14ක්.ඒත් මේ දක්වා අපි එකම post එකක් වත් Happy Customer කියල දාල නැහැ.ඒ එහෙම දාන්න තරම් විශේෂත්වයක් නැති නිසා.මොකද දවසකට ගණුදෙනුකරුවන් 10-15ක් විතර වාහන Rent ගන්නවා සහ ගෙනත් දෙනවා.ඉතින් අපිට ඒක නිසා Happy Customer කියලා photo දාන්න උවමනාවක් නැහැ.ඒ වගේම පෞද්ගලිකවම අපි විශ්වාස කරන්නෙ ඒ අයගෙ පුද්ගලිකත්වය රකින්න ඕන.ඒ නිසා හයර් එකක්,Rent එකක් ගියාට අපි ඒ ගැන publish කරන්නෙ නැහැ.

📢එහෙනම් ඇයි මේ post එක දාන්නෙ? ඔව් හේතු ගොඩක් නිසා.....
මේ විදේශිකයන් දෙන්නා අපිට හම්බ වෙන්නේ මීට අවුරුදු 3කට වගේ කලින්...ඒ හම්බ වෙලා වාහනේ ගන්නවා මාසෙකට.ඒ මාසෙ අන්තිමේ ඔවුන්ට වාහනේ තව කාලයක් දික් කර ගන්න ඕන වෙනවා....ඒත් දවසින් දවස ඒකෙ payment එක පරක්කු වෙනවා...පස්සෙදි අපි සල්ලි ඉල්ලන කොට සල්ලි ටික ටික දුන්නා.නමුත් මොකක් හරි ගැටළුවක් කියල අපි තේරුම් ගත්තා.....හොයල බලන කොට Account hold වෙලා...ඉදපු villa එකෙනුත් එළියට දාලා..කන්න බොන්නවත් විදිහක් නැතුව ඉදලා.......

ඒ වෙලාවෙදි අපි වාහනේට deposit ගනිපු ඩොලර් 500ත් ආපහු දීලා එයාලට වාහනෙත් පැදල සල්ලි දෙන්න සකස් කරා..ඒ වෙලාවෙදි තවත් යම් මුදලක් අපි අපේ අතින් දුන්නා..මාසයයි දවස් 10ක් වගේ යද්දි එයාල Account එකේ තිබුණු ගැටළු සියල්ල විසදා ගත්තා....ඒ වෙනකන් සෑහෙන්න දුක් වින්දා......

ගැටළු විසදෙන කොටම මට ලැබෙන්න තිබුණු මුදල් විතරක් නෙමෙයි මාස 6කට ඉස්සරහට සල්ලිත් ගෙව්වා...Villa එකක් වසර ගණනකට අර ගත්තා....

ඒ අතරෙ සැරින් සැරේ ඒ රටට ගිහින් ආවා...යන එන හැම වෙලාවෙම Deposit නෙමෙයි මාස ගණන් ඉස්සරහට සල්ලි ගෙවල තිබුණු වාහනෙත් දීල ගිහින් ආවම ආයෙත් ඉල්ල ගත්තා.කිසිම දවසක දවස් ගණන් කරේ නැහැ.......

එච්චරක් නෙමෙයි.එතනින් පස්සෙ ඒ රටෙන් එන 50-100ක විතර අයට වාහන Rent කරන්න අවස්ථාව අපිට හදල දුන්නා......

ඉතින් Australia පුරවැසිබාවය ලබාගෙන ව්‍යාපාර ජාලයක් අරඹන්න ඔවුන් අද දිනයේ ලංකාවෙන් වසර 3කට ආසන්න කාලයකට පස්සෙ සමුදීලා යනවා....

ඔවුනගේ ඉල්ලීමත් එක්කම අපි පළවෙනි සැරේට Happy Customer post එකක් දානවා....

ඉතින් Team Black Eagle අපි ඔබට සුභ ගමන් වගේම අනාගත සියළුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නට ප්‍රාර්ථනා කරනවා.........

📢📢බිස්නස් කියන්නෙ සල්ලිම නෙමෙයි.....මනුස්සකමත් ඒ එක්කම තියාගන්න.......බල්ලො මරල හරි සල්ලි හොයන්න යන්න එපා........යම් දවසක සතුටු වෙන්නට ඔබටත් හැකි වේවි! ව්‍යාපාරික ජිවිතයේ අපි ආයතනයක් වශයෙන් අද ගොඩක් සතුටු වෙන දවසක්.......

සල්ලි දීලනේ Rent එකට ගත්තේ  😁😲🤔
14/08/2024

සල්ලි දීලනේ Rent එකට ගත්තේ 😁😲🤔

පතන පැතුමන් සිතන සිතුමන් එසේම ඉෂ්ඨ වෙලා කොටින්ම කියනවනම් වෙන්න ඕන හැමදේම එසේම වෙන සුභම සුභ උපන් දිනයක් වේවා!!!!"Happy bi...
19/05/2024

පතන පැතුමන් සිතන සිතුමන් එසේම ඉෂ්ඨ වෙලා කොටින්ම කියනවනම් වෙන්න ඕන හැමදේම එසේම වෙන සුභම සුභ උපන් දිනයක් වේවා!!!!

"Happy birthday to an invaluable member of our team! Your hard work, dedication, and positive attitude make you an asset to our company. Wishing you a fantastic day filled with joy and celebration!"

ගිහින් බලන්න
13/05/2024

ගිහින් බලන්න

Address

Kithulampitiya Road, Kalegana, Karapitiya
Galle

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94777900943

Alerts

Be the first to know and let us send you an email when Black Eagle Cabs & Rent A Car By You Rent Fleet Management Pvt LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Black Eagle Cabs & Rent A Car By You Rent Fleet Management Pvt LTD:

Share