DropMe Pvt Ltd

Directions

DropMe Pvt Ltd Drop Me is a people-powered Sri Lankan mobility platform where employees, partners, drivers, and leaders work together as one team.

We believe in growth, empowerment, and sustainable opportunities for everyone connected to Drop Me. 🚕💚

PART 06 – END-OF-DAY ACCOUNTABILITYEvery productive day deserves a proper wrap-up.Before signing off, our team shares co...
05/08/2026

PART 06 – END-OF-DAY ACCOUNTABILITY

Every productive day deserves a proper wrap-up.

Before signing off, our team shares completed tasks, ongoing work, and priorities for the next day. This helps maintain transparency, ensures smooth project continuity, and keeps everyone aligned regardless of where they're working.

Today's progress becomes tomorrow's momentum.

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමඟ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට, විශේෂයෙන් මධ්‍යම පළාත ඇතුළු කඳුකර ප්‍රදේශවලට තද ව...
04/08/2026

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමඟ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට, විශේෂයෙන් මධ්‍යම පළාත ඇතුළු කඳුකර ප්‍රදේශවලට තද වැසි, ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල සුළං තත්ත්වයන් පවතින බව නිල කාලගුණ නිවේදන මඟින් දැනුම් දී ඇත.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජලයෙන් යටවන මාර්ග, ගංවතුර තත්ත්වයන්, කඳු බෑවුම් ආශ්‍රිත නායයෑම් අවදානම් මෙන්ම දෘශ්‍යතාව අඩුවීම නිසා රිය ධාවනයේදී වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

ඔබගේ සහ ඔබේ ආදරණීයයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්,

✅ අවශ්‍යම ගමන් සඳහා පමණක් පිටත්වන්න.
✅ ජලයෙන් යටවූ මාර්ග හරහා ගමන් කිරීමෙන් වළකින්න.
✅ රිය ධාවනයේදී වේගය පාලනය කර ආරක්ෂිත පරතරයක් පවත්වා ගන්න.
✅ කඳුබෑවුම්, ගං ඉවුරු සහ නායයෑම් අවදානම් ප්‍රදේශවල ගමන් කිරීමේදී වැඩි සැලකිල්ලක් දක්වන්න.
✅ නිල කාලගුණ හා ආපදා කළමනාකරණ නිවේදන නිරන්තරයෙන් අනුගමනය කරන්න.

🚨 හදිසි අවස්ථාවකදී :
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) – 117
- ශ්‍රී ලංකා පොලීසිය – 119 / 118
- ගිලන් රථ - 1990
- ගිනි නිවීම – 110

DropMe Pvt Ltd ලෙස අපගේ ප්‍රමුඛත්වය වන්නේ ඔබගේ සුරක්ෂිත ගමනයි.
පරිස්සමින් ගමන් කරන්න. ආරක්ෂිතව ඔබගේ ගමනාන්තයට ළඟා වන්න. 🙏🇱🇰

සතුටේදී විතරක් නෙවෙයි, දුකේදීත්, අමාරුම කාල වලදීත් හෙවනැල්ලක් වගේ ලඟින් හිටපු, අඬද්දී හිනස්සපු, වැටෙද්දී අතින් අල්ලපු ඒ ...
30/07/2026

සතුටේදී විතරක් නෙවෙයි, දුකේදීත්, අමාරුම කාල වලදීත් හෙවනැල්ලක් වගේ ලඟින් හිටපු, අඬද්දී හිනස්සපු, වැටෙද්දී අතින් අල්ලපු ඒ යාලුවෝ... ඒ බැඳීම කොච්චර special ද? අද International Day of Friendship!

ඉස්කෝලේ කාලේ පිස්සු නටපු, කැම්පස් එකේ කට්ට කාපු, office එකේ stress එක නැති කරපු ඒ හොඳම යාලුවව අද මතක් කරන්න. ජීවිතේ කොච්චර busy වුණත්, සැබෑ මිත්‍රත්වයක් කවදාවත් පරණ වෙන්නේ නැහැ. කාලය, දුර කොච්චර වෙනස් වුණත්, ඇත්තම යාලුවෝ කවදාවත් අපිව දාලා යන්නේ නැහැ.

• Share the Love: මේ post එක ඔයාගේ best friend ට share කරලා, එහෙමත් නැත්නම් එයාගේ නම මෙතන tag කරලා "Thank you මගේ ජීවිතේට ආවට" කියලා කියන්න. ❤️

• A Priceless Bond: මොකද සැබෑ මිත්‍රත්වයකට වඩා වටින, හිතට නිදහසක් දෙන වෙනත් දෙයක් මේ ලෝකේ තවත් නැහැ.

DropMe පවුලෙන් ඔයාලා හැමෝටම Happy Friendship Day!

බෞද්ධ ඉතිහාසයේ මහා පෙරළියක් සිදු කළ, ශාසනික වශයෙන් අතිශය වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වන උතුම් ඇසළ පුර පසළොස්වක පෝය දි...
29/07/2026

බෞද්ධ ඉතිහාසයේ මහා පෙරළියක් සිදු කළ, ශාසනික වශයෙන් අතිශය වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වන උතුම් ඇසළ පුර පසළොස්වක පෝය දිනය අදයි.

මහමායා දේවිය කුස බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගැනීම, ගිහි ගෙය හැරදා මහා අභිනිෂ්ක්‍රමණය කිරීම සහ බුද්ධත්වයෙන් පසු පස්වග මහණුන් උදෙසා බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනාව වන "ධම්මචක්කප්පවත්තන සූත්‍රය" දේශනා කරමින් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කිරීම අද වන් දිනක සිදුවිය.
එපමණක් නොව, තීර්ථකයන්ගේ මානය බිඳලමින් බුදුන් වහන්සේ 'යමක මහා ප්‍රාතිහාර්යය' පෑම, තව්තිසා දෙව්ලොවට වැඩම කර මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කිරීම සහ භික්ෂූන් වහන්සේලා 'පෙර වස්' සමාදන් වීම ආරම්භ වන්නේද ඇසළ පෝය දිනයෙනි.

ශ්‍රී ලාංකේය ශාසනික ඉතිහාසයට ද ඇසළ පෝය ඉතා වැදගත් වේ. මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසු ලක්දිව ප්‍රථම දේශීය උපසම්පදාව වන අරිට්ඨ කුමරු ඇතුළු පිරිස සසුන්ගත වීම අද වන් දිනක සිදුවිය.
එසේම, දුටුගැමුණු මහරජතුමා රුවන්වැලි සෑ රදුන් ඉදිකිරීම සඳහා මංගල ශිලාස්ථාපනය සිදු කළේද උතුම් ඇසළ පෝය දිනයකය.

ඇසළ මාසය යනු හෙළ සංස්කෘතියේ අභිමානය ලොවටම කියාපාන මාසයයි. කිත්සිරිමෙවන් රජ දවස හේමමාලා සහ දන්ත කුමරුන් විසින් දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීමෙන් පසු අනුරාධපුරයෙන් ඇරඹි "දළදා පෙරහැර" අද දක්වාම අපගේ සංස්කෘතික මහා මංගල්‍යය ලෙස මහනුවර සෙංකඩගල පුරවරයේදී ඉතා අභිමානයෙන් යුතුව පැවැත්වේ. සතර මහා දේවාලයන්හි දෙවියන්ට සහ සමන්තාභද්‍ර වූ ශ්‍රී දළදා වහන්සේට උපහාර දක්වමින්, හෙළ කලාකරුවන්ගේ අසමසම කලා කෞශල්‍යයන්ගෙන් වර්ණවත් වන "මහනුවර ඇසළ මහා පෙරහැරේ" අසිරිය මුළු ලොවක්ම මවිත කරවන සුළුය.

ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් සිත පුරවා ගනිමින්, බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළ ඒ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමටත්, අපගේ ජාතික හා ආගමික උරුමයන් සුරක්ෂිත කිරීමටත් අද දින අදිටන් කර ගනිමු.

සැමට පින්බර ඇසළ පෝය දිනයක් වේවා! 🙏🌼
#දළදාපෙරහැර #මහනුවර #සෙංකඩගල #දළදාමාළිගාව #ඇසළපසළොස්වක #ධර්මචක්‍රය #බෞද්ධ #සම්බුදුදහම

PART 05 – MIDDAY PROGRESS UPDATESStaying connected doesn't stop after the morning check-in.Around midday, our team share...
22/07/2026

PART 05 – MIDDAY PROGRESS UPDATES

Staying connected doesn't stop after the morning check-in.

Around midday, our team shares progress updates, discusses ongoing work, and identifies any challenges that may require support. These updates help keep projects moving smoothly and ensure everyone stays aligned throughout the day.

Small updates create better outcomes.

අපි හැමෝටම ජීවිතේ කවදාහරි දවසක දැනිලා තියෙනවනේ "මේක නම් මට කරන්නම බැහැ" කියලා. සමහර හීන, සමහර targets එච්චරටම දුරයි වගේ ...
18/07/2026

අපි හැමෝටම ජීවිතේ කවදාහරි දවසක දැනිලා තියෙනවනේ "මේක නම් මට කරන්නම බැහැ" කියලා.
සමහර හීන, සමහර targets එච්චරටම දුරයි වගේ පේනවා. හැබැයි අමාරුම දේ තමයි පටන් ගන්න එක. පටන් ගත්තට පස්සේ, අර "බැහැ" කියපු දේ ඇත්තටම කරලා ඉවර කරාම දැනෙන සතුට... ඒක වෙනමම අභිමානයක්, වෙනමම feeling එකක්.

නෙල්සන් මැන්ඩෙලා කියන්නේ ඒ වගේ ලෝකෙටම ආදර්ශයක් වුණු, කිසිම දවසක තමන්ගේ අරමුණ අත් නොහල ශ්‍රේෂ්ඨ චරිතයක්. අද Nelson Mandela International Day එකේදී ඔයාගෙත් අතාරින්න හිතෙන ඒ හීනෙට ආයෙමත් පණ දෙන්න. මොකද, දිනනකම් හැමදේම පේන්නේ කරන්න බැරි දේවල් විදිහටයි. අමාරුයි තමයි, ඒත් ඔයාට පුළුවන්! 💪✨

• Today's Challenge: අදම ඔයාගේ අමාරුම target එකක් වෙනුවෙන් පළවෙනි step එක තියන්න.
• Keep Going: වැටෙන හැම වෙලාවකම මතක් කරගන්න, "අමාරුයි කියන්නේ බැහැ කියන එක නෙවෙයි" කියලා.

DropMe අපි හැමදාමත් ඉන්නේ ඔයාගේ ඒ success journey එකට support එකක් වෙන්න.

අපි හැමෝම ආදරය කරන, අපේ කතාවලට feeling එකක් දෙන ඒ පුංචි icons වලට අද තමයි විශේෂම දවස! අද World Emoji Day! සමහර වෙලාවට අප...
17/07/2026

අපි හැමෝම ආදරය කරන, අපේ කතාවලට feeling එකක් දෙන ඒ පුංචි icons වලට අද තමයි විශේෂම දවස! අද World Emoji Day!

සමහර වෙලාවට අපිට වචන වලින් express කරන්න අමාරු දේවල්, එක පුංචි emoji එකකින් කොච්චර ලස්සනට කියන්න පුළුවන්ද නේද?
යාලුවෙක් එක්ක chat කරද්දි යන 😂 එකේ ඉඳන්, ආදරේ කරන කෙනාට යවන ❤️ එක දක්වා, අපේ life එකේ හැම emotion එකක්ම දැන් මේ පුංචි emojis එක්ක බැඳිලා.

• The Unspoken Words: දුක හිතුනම යවන 🥺 එක, කේන්ති ගියාම දාන 😡 එක නැතුව දැන් අපේ digital life එකක් ගැන හිතන්නවත් බැහැ. වචන 100කින් කියන්න බැරි දේ සමහරවිට එක අතක් වනන 👋 emoji එකකින් අපි තත්පරෙන් කියනවා.
• DropMe Moments: අපි DropMe එකෙත් විශ්වාස කරන්නේ ඒ වගේ simple දේවල් වලින් ලොකු happiness එකක් අපේ පාරිභෝගිකයින්ට දෙන්න පුළුවන් කියලයි.

අද දවසේ ඔයාගේ favorite ම emoji එක මොකක්ද? පල්ලෙහායින් comment කරගෙන යන්න! 👇

PART 04 – MANAGING PRIORITIESEvery week starts with a plan, but sometimes priorities change.From urgent requests to unex...
15/07/2026

PART 04 – MANAGING PRIORITIES

Every week starts with a plan, but sometimes priorities change.

From urgent requests to unexpected challenges, our IT team stays flexible and ready to respond when it matters most. While keeping ongoing projects on track, we ensure critical tasks receive immediate attention.

Planning gives us direction. Adaptability keeps us moving.

විද්‍යුත් ප්‍රවාහනයේ අනාගතය එක්ව නිර්මාණය කරමු! 💚BMICH හි පැවති 2026 EV Motor Show තුළ HERMI EV Solutions සමඟ එක්ව, Drop...
13/07/2026

විද්‍යුත් ප්‍රවාහනයේ අනාගතය එක්ව නිර්මාණය කරමු! 💚

BMICH හි පැවති 2026 EV Motor Show තුළ HERMI EV Solutions සමඟ එක්ව, DropMe ලෙස ශ්‍රී ලංකාවේ ස්මාර්ට් සහ තිරසාර ප්‍රවාහනයේ අනාගතය ජනතාවට සමීප කිරීමට අපට හැකි වුණා.

අපගේ ප්‍රදර්ශන කුටියට පැමිණි සියලු දෙනාටත්, Test Drive අත්දැකීම විඳගත් අයටත්, DropMe පවුලට නව රියදුරන් ලෙස එක්වූ සැමටත් අපගේ හෘදයාංගම ස්තූතියි.

📸 මේ ඒ අමතක නොවන මතකයන් කිහිපයක්.

The future is electric. The future is connected. And the journey has only just begun. ⚡🚖

DropMe – Your Trusted Mobility Partner.

12/07/2026

මහනුවර... ඔබේ උණුසුම් පිළිගැනීමට හෘදයාංගම ස්තූතියි! 💚

AutoVision Kandy 2026 මෝටර් රථ ප්‍රදර්ශනයේදී HERMI EV Solutions සමඟ එක්ව, DropMe හි ස්මාර්ට් ප්‍රවාහන දැක්ම මහනුවර ජනතාවට සමීප කරමින්, අපගේ රියදුරු ප්‍රජාවට නව අවස්ථා සහ විශේෂ ප්‍රතිලාභ හඳුන්වා දීමට අපට හැකි වුණා.

ප්‍රදර්ශන කුටියට පැමිණි සියලු දෙනා සමඟ අදහස් හුවමාරු කරගනිමින්, DropMe පවුලට නව රියදුරන් රැසක් එක්කර ගනිමින්, අපගේ ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළා.

🎥 මේ ඒ අමතක නොවන මොහොතවලින් කිහිපයක්.

ඔබගේ විශ්වාසය සහ සහයෝගය අපව තවත් ඉදිරියට ගෙන යන ශක්තියයි. නැවත හමුවෙමු! 🚖✨

Address

BMICH, Bauddhaloka Mawatha, Colombo 07
Colombo
00700

Website

Alerts

Be the first to know and let us send you an email when DropMe Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share