28/12/2023
මගේ නම තමයි මැනිටොබා. මට ඒ නම ලැබුනෙ හේතුවක් ඇතිවයි. ඒ උනාට ඔයාලා හැමෝම දන්නෙ සුනාමි කෝච්චිය කිවුවම. මම ඒ කතාවත් ඔයාලට කියන්නම් මගේ ජීවිත කතාවත් එක්ක. මම ලංකාවට එන්න හේතුව ඔයාල දන්නවද
?1950 දි කොළඹදී පැවැත්වූ පොදුරාජ්ජ්‍ය මණ්ඩලයේ ප්‍රතිපලයක් වෂයෙන්ලු. කොළඹ ක්‍රමයනම් දකුණු හැ අග්නිදිග ආසියාවේ ආර්ථික හා සමාජ වර්දනය සදහා ලබාදෙන අධාරයක් වසයෙන්ලු.
මගේ දෙමව්පියන් ජීවත් වන කැනේඩියානු රජය තීරණය කරලතියෙනවා මගේ සහෝදරයෝ පස්දෙනෙක් ලංකා දුම්රිය සේවයට ලබාදෙන්න. ඒ අනුව 1954 දි මගේ සහෝදරයෝ තුන්දෙනෙක් (3)මුලින්ම ලංකාවට දීලා තියෙනවා.1955 දි මගේ අනෙක් සහෝදරයෝ දෙන්නත් හදාගන්න දීලාතියෙනවා. එයාලට දාලා තියෙන්නෙ මගේ මව් රටේ නගර වල නම්ලු.
ඒ ගැන සතුටු උන මගේ මව් රට කැනඩාව තීරණය කරලතියෙනවා තවත් අපි පස්දෙනෙක් (5)ලංකාවට දෙන්න.එයින් එක්කෙනෙක් තමයි මම. මටත් නම ලැබිලා තියෙන්නෙ මම කලින් කියපු විදියට. මාව හදාවඩා ගන්න ගත්තු අය මට 591 කියලා අංකයක් දීලා තියෙනවා.මම 1956 ලංකාවට ඇවිල්ලා ඉස්තිර පුරවැසි භාවය ගත්තා.
එදා ඉඳලා ලංකාවෙ මට දුවන්න පුකුවන් හැම පාරකම හිනා වේවි හූ කිය කිය දිවුවා. මගේ හුව ඇහෙන කොට සමහරු මාව බලන්න ආවා සමහරු මාත්තෙක්ක ගමන් යන්න ආවා. මගේ හුවට සමහර මිනිස්සු සහ සත්තු පණ කඩාගෙන දුවනවා. ඒ වෙලාවට මට හිනාව නතරකරගන්න බැරිකමට තවත් හුවක් කියාගෙන යනවා.
මම ගොඩක් ආසකලේ සීතලේ ගැහි ගැහි බදුලු යන්න. මොකද මම එනකන් එයාල මග බලස්ගෙන ඉන්නවා. තේ වතු මැදින් යනකොට ඒ මිනිස්සුන්ගෙ ජීවිත වල සුදරත්වය ගැන සතුටකුත් ගෙවන ජීවිතය ගැන දුකකුත් ඇතිවෙනවා. මගේ ජීවිත කාලෙ බොහෝ දවස්වලට දුක හිතෙන දේවල් සිඳුඋනා.
සමහර දවස් වලට කොච්චර හූ කියාගෙන ගියත් මිනිස්සු ඇවිත් ඕනෑකමින් මගේ ඇගේ හැපෙනවා සමහරු දන්නෙ නැතිව හැපෙනවා. ඒ දවස් වලට දුක දැනෙනවා.මට තවත් වැඩියෙන් දුක දැනුන දවසක් තමයි මගේ 571 සහෝදරයා 1985 දි ත්‍රිකුණාමලේ මොල්ලිපතනේදී LTTE ක්ලේමෝ බෝම්බෙකට අහුවෙලා විනාස උන දවස.
තවත් මගේ සහෝදරයෙක් 1992 යාපනේට ලියුම් අරං ගහින් ඉද්දි LTTE ත්‍රස්තවාදීන් රේල් පාර විනාස කරලා 1993 -1997 වෙනකන් කන්කස්ස්න්තුරේ හිරවෙලා හිටියා. අපිව බලාගන්න රත්මලානේ ඉන්ජිනේරු අංශයේ කර්මාන්ත ශාලා අංක 14 මහත්වරුයි හමුදාවේ නිලධාරියි එකත්වෙලා නැවෙන් කොළඹට ගෙනාවා.මගේ ජීවිත කාලෙ වැඩියෙන්ම දුක සහ බය දැනුනෙ 2004 දෙසැම්බර් 26 වෙනිදා.එදත් මට යන්න තිබුනෙ මාතර මාත් උදෙන්ම මාව චෙක් කරගෙන ගමනට සුදානම් උනා සන්තෝසෙන්.
මොකද දීර්ග නිවාඩු වලට මිනිස්සු ගමන් යන්නේ සතුටෙන් එදවස්වලට මිනිස්සුන්ගෙ මුණ හරිම ලස්සනයි. හරියටම උදේ 0655 ඉස්ටේසමේ යාලවන්ට හූ කියාගෙන කොටුවෙන් පිට උනා. එදා හරියටම වෙලාවට ද. කළුතරටත් ආවා. වෙනදට රුහුණු කුමාරිට කතාකරල යන්න කළුතර ටිකක් වෙලා ඉන්නවා. එත් එදා කළුතරිනුත් හරියටම වෙලාවට ගියා. පයගලදී රුහුණු කුමාරිට පොඩි කින්ඩියක් දාගෙන ගියා.
මාව හසුරුවපු ප්‍රනාන්දු මහත්තයා වේගෙන් යන්න දක්ෂයි. අලුත්ගමදී හමුවෙන සාගරිකත් එදා හමුඋනේ ඉදුරුවෙදි. අම්බලන්ගොඩටත් වෙලාවටම ආවා. වෙනදට බඩු බාන්න විනාඩි 12ක් 15 ක් විතර ඉන්නවා. එත් එදා කිරි හට්ටි 15 ක් විතරයි තිබුනෙ එකත් බාල හරියටම 0918 අම්බලන්ගොඩන් පිටඋනා. තෙල්වත්ත හරියෙදි මිනිස්සු කලබලෙන් දුවනවා දැක්කා. පරලියේදී රතු එලිය නිසා මාව නැවතුනා.
ප්‍රනාන්දු මහත්තයත් මාත් එක්ක හිටියා. ආපු රැල්ල නිසා ගමේ මිනිස්සුත් මම එල්ලගෙන යන යාලුවන්ගෙ ඇගේ නැග්ගා. එත් ආපු රැල්ලට මාවයි පිටිපස්සේ හිටපු යාළුවො ටිකයි තල්ලුවෙලා ගියා. මම හොදටම අබලන් උනා. මං අරන්ගිය මිනිස්සු 1700 ගෙ ජීවිත අහිමිඋනා කියලා කියනවා.එදා මාව අබලන් වූ විදියට මම හිතුවෙ නැවතත් මට ඔබට සේවය කරන්න බැරිවෙයි කියලා. එත් රත්මලානේ කර්මාන්ත ශාලා 14 කාර්ය මණ්ඩලයෙ අපිරිමිත කැපවීම නිසා වසර හතරකට පසToratu සුනාමි අනුස්මරණයට එදා මගේ නියමකත් සමග මට නැවත එන්න පුළුවන් උනා. සුනාමි සිද්දියෙ තොරතුරු ගොඩක් කිවුවෙ නියාමක මහතා කියපු විස්තර.
අපි දහ දෙනා ලංකාවෙ දුම්රිය මගීන් අතර ඉතාම ජනප්ප්‍රිය මෙන්ම ගොඩාක් දෙනෙක් අපිට හරිම ආදරෙයි. ඔවුන්ට කැනේඩියන් එන්ජිම ගැන හොද විශ්වාසයක් තියෙනවා.591 මගේ වයස අවුරුදු 67 ක් එත් දැනට ඉතිරිව ඉන්න අපි නම දෙනා 569,570,572,573,591(මම මැනිටොබා )592,593,594,595 ඉදිරියටත් හොඳ සේවයක් ලබා සුදානමින් ඉන්නවා. ඒ අපි ශ්‍රී ලංකාවෙ මිනිස්සුන්ට ආදරේ නිසයි.
(තොරතුරු දු. දෙ. සටහන් 🙏 )