Solo Travel King

Solo Travel King ට්‍රිප් යන්න කවුරුත්ම නැද්ද? තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න. මේ පේජ් එක බලන්න...

* උපන් වසර : 1985 කොළඹදි.
* පදිංචිය : හෙයියන්තුව (කැළණිය/කිරිබත්ගොඩට ආසන්න)
* අවිවාහකය
* රැකියාව : කොළඹ පුද්ගලික ආයතනයක (IT)
* විනෝදාංශ : Travelling , Software/Android App Developing, Watching Movies / Stage Dramas, Listen Songs, Electronics
* 2014 වසරේ ඉදලා තමයි Solo Travel කරන්න පටන් ගත්තෙ.
# ට්‍රැවල් කරපු එක ගැන ගමන් විස්තරයක් Word files වල ලියන්න පුරුදු වෙලා හිටියා.. එහෙම Word files ගොඩක්

මගෙ ලග තිබුනා. ඒවා මම ලග තියනවට වඩා උවමනා කෙනෙක්ට ප්‍රයෝජනයට ගන්න පුලුවන් වෙන්න තමයි මේ පේජ් එක හැදුවේ...

ශාන්තිපුර (ලංකාවේ උසම ගම) - The Eagle's Viewpoint | 2025-02-08 සෙනසුරාදාශාන්තිපුර මීට කලින් තිබ්බ වීව් පොයින්ට් එකට මම ග...
23/08/2026

ශාන්තිපුර (ලංකාවේ උසම ගම) - The Eagle's Viewpoint | 2025-02-08 සෙනසුරාදා
ශාන්තිපුර මීට කලින් තිබ්බ වීව් පොයින්ට් එකට මම ගිහින් තියනවා. එහි තිබ්බ එක අයින් කරලා අලුතින් හදපු මේ Eagle's Viewpoint එක පසුගිය ජනවාරි මාසේ 26 විවෘත කලේ.. ඉතින් ලංකාවේ කොහෙ හරි අලුත් ස්ථානයක් විවෘත උනාම ඉක්මනින්ම ඒක බලන්න යන පුරුද්දක් මට තියන නිසා මේ අලුත් Viewpoint එක බලන්න යන්න හිතුනා... ඉතින් උදේ 5 ට ගෙදරින් පිට වෙලා බස් එකක ගිහින් උදේ 5.25 ට කිරිබත්ගොඩ ඇවිත් පාර පැනලා. හොල්ට් එකේ හිටියා, නුවරඑළිය යන බස් එකක් එනකන්. මේ වෙලාවට CTB බස් එකක් හා AC Rosa බස් එකක් එනවා. මුලින් එන එකේ නගිනවා. උදේ 5.32 නුවරඑළි යන AC Rosa බස් එක ආවා. ඒ බස් එක උදේ 5.15 ට කොළඹින් එන්නෙ. මම බස් එකට නැගලා වාඩි උනා. රු.1160/- ටිකට් එකක් ගත්තා නුවරඑළියට. රම්බඩ උමගත් පාස් කරලා 9.15 ට බස් එක රම්බඩ තේ බොන්න නැවැත්තුවා. මම කෙටි කෑම කීපයක් අරන් කෑවා. බීම බිව්වා. 9.30 ට බස් එක ආපහු ගියා. ගූගල් මැප් බලන්, මම නුවර එළියටම නොයා, උදේ 10.10 ට ශාන්තිපුර ගමට යන පාර ලගින් බැස්සා. පාර පැනලා බස් එකක් එනකන් ඉන්නෙ නැතිව, View Point එකට මෙතැන් සිට කි.මි 2 ක දුරක් තියන නිසා, වටපිට බලබල කදුකර, තියුනු වංගු සහිත පාරේ පයින්ම ගියා. 10.35 වෙද්දි මම ඊගල් විව් පොයින්ට් පිවිසුමට ආවා. ටිකට් කවුන්ටරේට ගියා. මගේ NIC නම්බර් එක හා ෆොන් නම්බර් එකත් අහලා QR Code එකක් සහිත පොඩි ටිකට් එකක් දුන්නා. ටිකට් එක රු.300 යි. ඒ ටිකට් එක Scan කරලා ඇතුලට යන්න දුන්නා. පඩිපෙල් දිගේ උඩට ගියා. පළමු මහලෙ Barista අවන්හලකුත් තිබ්බා. එතනින් ඉහලට යන්න ආපහු ටිකට් QR එක Scan කරගන්න ඕනා. ඊලග මහලෙත් තේ අලෙවිකරන ලස්සන අවන්හලක්/ ශොප් එකක් තිබ්බා. වීව් පොයින්ට් ඉහලටම ගිහින් අවට සිරි නැරඹුවා. පොටො වීඩියො කලා. (පහල ලින්ක් එකෙන් කෙටි වීඩියෝව බලන්න) තවත් සෙනග ගොඩක් ඇවිත් හිටියා. නුවරඑළිය නගරය අවට, ග්‍රෙගරි වැව, පිදුරුතලාගල කන්ද පැහැදිලිව දැක්කා... පැයකට වැඩි කාලයක් එහි ගත කරලා, ආපසු පිටවෙන්න. අතුරු පාර දිගේ මහ පාරට ගියා. පාර පැනලා බස් හෝල්ට් එකේ හිටියා. ටික වේලාවකින් ආපු ශාන්තිපුර රෝසා බස් එකේ නැග්ගා. රු.60 ටිකට් ගත්තා නුවරඑළියට. විනාඩි 15 කින් පසු නුවරඑළිය බස්ටෑන්ඩ් එකට ආවා. බස් එකෙන් බැහැලා, පාර පැනලා. පෝස්ට් ඔෆිස් පැත්තෙත්, අවටත් ඇවිද්දා. දවල්ට කෑවා. මීට මාස කීපයකට කලිනුත් නුවරඑළි ඇවිත් නැවතිලත් ඉදලා ගිය නිසා, අද මෙහෙ නවතින්නෙ, ඇවිදින්නෙ නැතිව, ආපහු ගෙදර එන්න බස් ටෑන්ඩ් එකට ගියා. වැලිමඩ -කොළඹ බස් එකක් තිබ්බා. ගිහින් වාඩි උනා..රු.825 ටිකට් ගත්තා කිරිබත්ගොඩට. දංඕවිට තේ බොන්න නවතා ආපහු ගියා. හවස් වෙද්දි කිරිබත්ගොඩ බැස්සා. ගෙවල් පැත්තෙන් යන 236 මාබිම බස් එකේ ඇවිත් රෑ..7.30 වෙද්දි ගෙදර ආවා. වෙනදා වගේම මේ සටහන බස් එකේදිම ලිව්වා.
* මේ ගමනේ කෙටි වීඩියෝව බලන්න.. : https://youtu.be/Ac1EufW93FU
* Channel එකත් Subscribe කරන්න..
* කිරිබත්ගොඩ - ශාන්තිපුරට යන පාර ලගට AC Bus : පැය 04 විනාඩි 30 | ටිකට් රු.1160/-
* ශාන්තිපුරට යන පාර ලග - View Point පයින් : විනාඩි 25
* View Point - නුවරඑළිය Bus : විනාඩි 15 | ටිකට් රු.60/-
* නුවරඑළිය - කිරිබත්ගොඩ Semi Lux Bus : පැය 05 විනාඩි 15 | ටිකට් රු.825/-
* වියදම : රු.3000 ක් විතර
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index : https://www.facebook.com/share/1CXR2dx6ZD/
* යාලුවන්ටත් බලන්න Share කරන්න... තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න. මේ Page එක බලන්න. Follow කරන්න.. 52,000+ Followers !
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
The Eagle's Viewpoint | Shanthipura | Nuwara Eliya

පොපම් වනාන්තරය | Popham's Arboretum | 2026 Augustමේ මාසයේ යන අනෙක් සංචාරය විදිහට මම ගොඩක් දෙනා දන්නේවත් නැති, තවත් ලස්සන...
18/08/2026

පොපම් වනාන්තරය | Popham's Arboretum | 2026 August
මේ මාසයේ යන අනෙක් සංචාරය විදිහට මම ගොඩක් දෙනා දන්නේවත් නැති, තවත් ලස්සන වනාන්තරයක් බලන්න ගියා.ඉතින් උදේ 5 ට ගෙදරින් ඇවිත්, බස් එකක ඇවිත් උදේ 5.30 ට කිරිබත්ගොඩට ආවා. දඹුල්ල පැත්තට යන ඕනම බස් එකක් එනකන් හිටියා. 5.40 ට ආව කදුරුවෙල යන බස් එකට නැග්ගා. දඹුල්ලට රු.600 ක ටිකට් ගත්තා. උදේ 7.40 ට කුරුනෑගල පහු කරලා, උදේ 8.55 ට දඹුල්ල හන්දියටම යන්න කලින් මම බස් එකෙන් බැහැලා ගූගල් මැප් බලන් දඹුල්ල බස් ටැන්ඩ් එකට ගියා. බස්ටෑන්ඩ් එකේ කඩේකින් උදේට කාලා තේ බිව්වා.ඊට පස්සේ කන්ඩලම පාරේ යන බස් එකක් හෙව්වා. බස්ටැන්ඩ් එකේ නවතා තිබ්බ, අංක 968- වෑවල බස් එකට නැගලා වාඩි උනා.රු.70 ක ටිකට් ගත්තා. උදේ 10 ට බස් එක පිටත් වුනා. 10.15 ට පොපම් එක ලගින්ම බස්ස ගත්තා ඩ්‍රයිවර්ට කියලා.මේ පැත්තෙ ගොඩක් දෙනාත්, බස් වල වැඩ කරන අයත් පොපම් කිව්වට දන්නේ නැති බව මට තේරුනා. සුද්දා හදපු තැන කිව්වම එයාලා දන්නෙ. ඉතින් පොපම් ඉස්සරහින් බැහැලා, පාර පැනලා ඇතුල් උනා. ඇතුල් වෙන තැනම හිටිය මහතා,මා සමග ඇවිත්, එහි ඔෆිස් එකට මාව යොමු කලා. මගදි පොපම් මහතා මුලින් විසූ නිවසත් දැක්කා. ඔහු පසුව විසූ නව නිවසේ ඔෆිස් එක තිබ්බෙ.ඔෆිස් එකේ හිටිය මහතා අතට අත දී මාව පිලිගෙන, ලොකු ටීව් එකක් ලග වාඩි කරවා මේ ස්ථානය ගැන සම්පූර්න විස්තරයක් ඇති වීඩියෝව බලන්න කිව්වා.ඊට පස්සෙ රු.250 ක ටිකට් පතක් දුන්නා. ඔහු මා එක්ක ඇවිත් වවුලන් වෙසෙන ලොකු කුලුනක් බලන්නත්, තව තැනක් බලන්නත් ගියා. ඊට පස්සෙ කැලෑව ඇතුලේ ඇවිදින්න යන්න කිව්වා. එහි. Yellow, Green, Pink, Blue ලෙස මාර්ග තියනවා. Green Lane එක 900 m, පැය බාගයකින් විතර ගිහින් එන්න පුලුවන්. Yellow Lane එක 2.3 km. පැය 1 යි විනාඩි 15 ක් විතර යනවා. මම Yellow line එකෙන් යන්න පටන් අරන් මගදි Green line එකට මාරු වෙලා පැයක් විතර ඇවිද්දා. කැලැ, ගස්, පාලම්, ජල ධාරා මගදි හමූ වුනා. කුරුල්ලන්, ලේනුන්, වදුරන් ආදී සතුන් දැක්කා. තැන් 2, 3 ක වාඩි වෙලා ඉන්න ස්තානත් තිබ්බා. මැද කොටසක ගිනි මැලයක් ගහගෙන රාත්‍රී කදවුරු කිරීමටත් පහසු කම් තියනවා දැක්කා. එතන වොශ් රූම්, සින්ක් පවා තිබ්බා. මේ පාට පාට ලේන් ඊතල මගින් අංක යොදා යන පාර සලකුනු කර තිබීම හරිම වැදගත්. පහල ලින්ක් එකේ තියන වීඩියෝව බලන්න.. මෙහි රු.3500 ක් ගෙවා ගයිඩ් කෙනෙක් ලබාගෙන රාත්‍රී සංචාර කරන්නත් පුලුවන්. රාත්‍රී උණහපුළුවන් සහ කබල්ලෑවන් නැරඹීමට අවස්ථාව තියනවා. රාත්‍රී සංචාර කරන්න විදේශියන් එහෙම එනවා කිව්වා. මෙසේ පැයකට වැඩි කාලයක් ඇවිදලා මම එලියට යන්න ආවා. ඔෆිස් එකේ සිටි මහතා නැවත හමුවුනා.ඔහුගේ නම මතක නෑ. ඔහු සමග මම ටික වේලාවක් කථා කලා. ඔහුගේ සුහදශීලී බව විශේෂයෙන් මතක් කරන්න ඕනා. මම සංචාරය කල වෙනත් මෙවැනි ස්ථානවල එවැනි අය හිටියේ නෑ. සංචාරය නිම කරලා ආපහු දඹුල්ලට යන්න මම එලියට ආවා. ඇතුල් වෙන තැන හිටිය මහතා මා එක්ක බස් එකක් එනකන් පාරේ කථා කර කර හිටියා. ඔහු මට බස් එකත් නවතා දුන්නා. ඔහුටත් මගේ විශේෂ ස්තූතිය. බස් එකට නැගලා රු.70 ටිකට් ගත්තා. දඹුල්ල බස්ටෑන්ඩ් එකට ආවා. කඩේකින් දවල්ට කෑවා. බස්ටැන්ඩ් ලග ඉදලා පයින් ගිහින් ඔරලෝසු කනුව ලගට ගිගින් කුරුනැගල පාරට ගියා. එවෙලෙ ත්‍රිකුනාමලේ සිට ආව සීටීබී බස් එකේ නැගලා වාඩි උනා. රු.600 ටිකට් ගත්තා. මගදි තේ බොන්නත් බස් එක නවත්වලා හවස 5.30 විතර වෙද්දි මම කිරිබත්ගොඩට ආවා. මම බස් එකෙන් බැස්සා.තවත් බස් එකක ඇවිත් හවස 6 විතර වෙද්දි ගෙදර ආවා. වෙනදා වගේම මේ සටහන බස් එකේදිම මගදි ලිව්වා.
* පොපම් වනාන්තරය ගැන අනෙක් විස්තරය පහල දාලා තියනවා. ඒකත් බලන්න.
* මම මෙහිදී කල විනාඩි 15 ක පමන වීඩියෝවත් අනිවාර්යෙන්ම බලන්න. ඔයත් යාලුවන් එක්ක, පවුලේ අයත් එක්ක, ආරක්ෂාකාරී වනාන්තරය සංචාරය කරලා බලන්න..
* විශේෂයෙන් කියන්න ඕනා පෙම්සුව විදීම විතරක් අරමුනු කරගෙන එන පෙම්වතුන්ට/පෙම්වතියන්ට නම් අනෙක් තැන් වගේ මෙතනට ඇතුල් කර ගන්නේ නම් නෑ. ආපසු හරවා යවනවා.
* දඹුල්ලේ සිට කණ්ඩලම පාරේ කිලෝමීටර් 2.5ක් පමණ දුරින් තමයි මේ වනාන්තරය තියෙන්නෙ.
* මේ ගමනේ විනාඩි 15 ක වීඩියෝව බලන්න. : https://youtu.be/SHMir9MM01M
* කිරිබත්ගොඩ - දඹුල්ල (බස්) : රු.600/- | පැය 03 විනාඩි 30
* දඹුල්ල - පොපම් වනාන්තරය (බස්) : රු.70 /- | විනාඩි 15
* ගමනට ගිය වියදම : රු.2500/-
* පොපම් වනාන්තරයේ වැඩිහිටියන්ට් ටිකට් මිල : රු.250/- ; ළමා : රු.50/-
* රාත්‍රී සංචාරය ගයිඩ් කෙනෙක් සමග ; රු.3500/-
* දුරකථන අංකය : 0662057960
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලංකාවේ පදිංචි වූ ඉංග්‍රීසි ජාතික එෆ්.එච්.පොපම් (F. H. (sam) Popham ) මහතා 1963 දී අක්කර 7.5 ක අතහැර දැමූ වල් පඳුරු සහිත කැලෑ ඉඩමක් ආශ්‍රිතව මෙම වන උද්‍යානය ආරම්භ කරලා තියෙන්නෙ.ඔහු එහි තිබූ දේශීය ගස් පැළ වටේ තිබුණු අනවශ්‍ය පඳුරු ඉවත් කරලා, ඒ ගස් ස්වභාවිකව වැඩෙන්න ඉඩ දුන්නාලු. ඒ නිසා කලින් තිබුණු පඳුරු සහිත කැලෑ ප්‍රදේශය ඝන වියළි කලාපීය වනාන්තරයක් බවට පත්වුණාලු. පසු කාලෙක ඔහු 1989 දී මෙම ඉඩම පර්යේෂණ සහ අධ්‍යාපන කටයුතු සඳහා NIFS (එවකට IFS) ආයතනයට පරිත්‍යාග කර තිබෙනවා. NIFS ආයතනය ඉඩම භාරගත් පසු, ඒකට යාබදව තිබුණු තවත් අක්කර 27 ක ඉඩමක් ලබාගෙන Arboretum එක තවත් විශාල කළා. දැන් මෙය අක්කර 36 ක් විශාලයි. නැවත නවීකරණය කර පරිසර හිතකාමී සංචාරක උද්‍යානයක් ලෙස මෙය නැවත විවෘත කරලා තියෙන්නේ 2023 ජූලි මස 20 වන දින එකල පරිසර අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ මහතා අතින්. දැනට රජය මගින් පාලනය වන්නේ. මෙහි වළි කුකුළා, අළු කෑදත්තා, අළු දෙමලිච්චා, වත නිල් මල් කොහා, බිඟුහරයන්, සුදු රෙදි හොරා, උණහපුළුවා සහ කබල්ලෑවා වැනි සතුන් බලා ගන්න පුලුවන්. ක්ෂීරපායින් විශේෂ 25 ක්, සංක්‍රමණික පක්ෂීන් 83 ක්, සමනළයින් විශේෂ 75 ක් සහ බත්කූරන් වර්ග 12 ක් ඉන්න බව සදහන් වෙනවා. දිවා කාලයේ සංචාරකයින්ට පක්ෂීන්, සමනළයින්, ගස් වර්ග හා බිම්මල් නැරඹීමට සහ වනාන්තර ස්නානය සඳහා වර්ණ හා ඊතල මගින් සලකුණු කළ ස්වාභාවික මංපෙත් 4 ක් (හරිත, නිල්, රෝස, කහ) තියනවා. රාත්‍රී සෆාරිය රාත්‍රී 7.00 සිට 10.00 දක්වා මාර්ගෝපදේශකයින් සමඟ සංචාරය කරමින් විශේෂයෙන්ම උණහපුළුවන් සහ කබල්ලෑවන් නැරඹීමට අවස්ථාව තියනවා. මෙහි ඇති පොපම් මහතාගේ නව නිවස හා තවත් ඉදිකිරීම සදහ ජෙෆ්‍රි බාවා මහතාගේ දායකත්වයත් ලබා ගෙන තිබුනලු. මෙම ස්ථානය Assisted Natural Regeneration (ANR) ක්‍රමය අධ්‍යයනය කිරීමට වැදගත් පර්යේෂණ ස්ථානයක්. ඒ නිසා වනාන්තර පරිසර විද්‍යාඥයන් සහ උද්භිද විද්‍යාඥයන් බොහෝ දෙනෙක් මෙය පර්යේෂණ සඳහා භාවිත කරනවා.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
පසුගිය සියලුම සංචාරයන් Index : https://www.facebook.com/share/1CXR2dx6ZD/
* යාලුවන්ටත් බලන්න Share කරන්න... තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න. මේ Page එක බලන්න. Follow කරන්න.. 51,000+ Followers
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
NIFS Sam Popham's Arboretum - Kandalama, Dambulla

දියසරු උයන | Diyasaru Park | 2026 Augustකොළඹ , ශ්‍රී ජයවර්ධනපුර, දියවන්නාව ආශ්‍රිතව තෙත්බිම් කීපයක්ම තියනවා. ඒ අතරින් දි...
13/08/2026

දියසරු උයන | Diyasaru Park | 2026 August
කොළඹ , ශ්‍රී ජයවර්ධනපුර, දියවන්නාව ආශ්‍රිතව තෙත්බිම් කීපයක්ම තියනවා. ඒ අතරින් දියත උයන, බැද්දගාන තෙත්බිම් උද්‍යානය, රැම්පාට් තෙත්බිම් උද්‍යානය හා දියසරු උද්‍යානය ප්‍රධාන ඒවායි. පක්‍ෂීන්, සමනලුන්, කිඹුලන් සහ ජලජ ජීවීන් නැරඹීමට මෙන්ම සොබාදහම් ඇවිදීම් කරන්නත්, විවේකීව ගත කරන්නත්, පෙම්වතුන් පෙම්වතියන් මේ ස්ථාන වලට එනවා. ඉතින් කලින් කිව්ව ඒවායින් මම දියසරු උයනට ගිහින් තිබ්බෙ නෑ. අනිත් ඒවා නම් කීප වරක්ම ගිහින් තිබ්බා. මේ පේජ් එකෙන් ඒවා ගැන පෝස්ටු පවා දාලා තියනවා. ඉතින් පහුගිය දවසක මම මේ දියසරු උයන පැත්තේ ගියා. මේ උයන තියෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අසලින්ම තියන ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාරේ. ගූගල් මැප් එකෙන් හොයා ගන්න ලේසියි. අක්කර 60 ක භූමි ප්‍රමාණයක පැතිරී තිබෙන මෙම උද්‍යානය 2017 වසරේ විවෘත කරලා තියෙන්නෙ. නිමැයුම් කරුවා වන්නේ ඉංජිනේරු එන්. එස්. විජේරත්න මහතා. ඇතුල්වීම සඳහා රුපියල් 100ක මුදලක ටිකට් එකක් ගන්න ඕනා. වාහන නැවතීමට විශාල රථ ගාලක් තියනවා. උද්‍යානයේ බලන්න තියන දේවල් ගැන පුවරු තැනින් තැන තියනවා. මෙහි යන විට සමණල උයන, විශාල උන පඳුරු, වැටකෙයියා පඳුරු, හඳුන් දිවියන්, මත්ස්‍ය විශේෂ, කුරුල්ලන්, කිඹුලන්.. ආදී බොහෝ දේවල් බලා ගන්න පුලුවන්.ඇල මාර්ගයේ යන්න බෝට්ටු සේවයක් තියනවා. වාඩි වෙලා ගත කරන්න බංකු තැනින් තැන තියනවා.... ඉතින් මම මේ දිය සරු උයනේ කල විනාඩි 10 ක වීඩියෝව පහල ලින්ක් එකෙන් බලන්න.
* විනාඩි 10 ක වීඩියෝව බලන්න : https://youtu.be/SBoQXNBmDAI
* Solo Travels 100 ගනනක් බලන්න...
පසුගිය සියලුම සංචාරයන් Index : https://www.facebook.com/share/1CXR2dx6ZD/
* යාලුවන්ටත් බලන්න Share කරන්න... තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න. මේ Page එක බලන්න. Follow කරන්න.. 51,000+ Followers
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Diyasaru Park

කොළඹ බස් ගමනට අලුත් ඩිජිටල් මුහුණුවරක්! Metro Bus (LMT-GO) වෙතින් පහසු ගමන් අත්දැකීමක්!මේ ලගකදි ඉදලා ආරම්භ කල මෙට්‍රො බස...
08/08/2026

කොළඹ බස් ගමනට අලුත් ඩිජිටල් මුහුණුවරක්! Metro Bus (LMT-GO) වෙතින් පහසු ගමන් අත්දැකීමක්!

මේ ලගකදි ඉදලා ආරම්භ කල මෙට්‍රො බස් එකක , මට පසුගිය දිනක යන්න ලැබුනා. තවම මේ බස් රථ කඩවත-මාකුඹුර අතර හා මාකුඹුර-පිටකොටුව අතර පමනක් ධාවනය වෙන්නේ. විදේශ රටවල් කීපයකම සංචාරය කරලා තියන මම මෙවැනි බස් වල ගමන් කර තිබෙනවා. ඒත් අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයත් දියුනු විය යුතුයි. ඒ ගැන සතුටුයි.

METRO බස් එක එනකම් හෝල්ට් එකේ පැය ගණන් බලන් ඉන්න ඕන නෑ... Metro Bus එක තියෙන තැන, එන්න යන වෙලාව ඔක්කොම Smart Phone එකෙන්ම බලාගන්න පුළුවන්!

* බස් රථය දැනට තිබෙන ස්ථානය සහ ඔබ සිටින බස් නැවැතුමට පැමිණෙන වේලාව තත්පරයෙන් තත්පරය සජීවීව බලාගන්න පුලුවන්.
* යන්න ඕන ස්ථාන 2 දුන්නාම සුදුසුම බස් මාර්ගය, ගාස්තුව සහ යන වේලාව ඇප් එකෙන්ම දැනගන්න පුලුවන්.
* සෑම බස් හෝල්ට් එකකම නවත්වන්නෙ නම් නෑ. මේ නිසා ගමනට ගතවන කාලය අඩුයි.
* සාක්කුවේ මාරු සල්ලි හොය හොයා ලතැවෙන්න ඕන නෑ, ඇප් එකෙන් QR Code scan කරලා ලේසියෙන්ම ගෙවීම් කරන්නත් පුලුවන් .
* ඩෙබිට් හෝ ක්‍රෙඩිඩ් කාඩ් එකෙන් ද බස් එක ඇතුලෙදිම ගෙවීම කරන්නත් පුලුවන්.
* ආබාධිත අයට විශේෂ පහසුකම්: Wheelchair bays කල්තියා වෙන් කරගැනීමේ පහසුකම තිබෙනවා.
* සියලු තොරතුරු සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා 3න්ම ලබාගැනීමේ හැකියාව තිබෙනවා.
* ලබන මාසයේ සිට තවත් රූට් 9 කට මේ බස් රථ සේවාව ආරම්භ වෙනවලු.
📲 LMT-GO App එක App Store / Google Play Store.
* My Short Video Clip : https://youtube.com/shorts/Csr8VWcKpfQ
* Solo Travels 100 ගනනක් බලන්න...
පසුගිය සියලුම සංචාරයන් Index : https://www.facebook.com/share/1CXR2dx6ZD/
* යාලුවන්ටත් බලන්න Share කරන්න... තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න. මේ Page එක බලන්න. Follow කරන්න.. 51,000+ Followers
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.

මහියංගන, දඹාන වැදි ගම්මානය හා 18 වංගු සංචාරය | 2020-03-09 ඉරිදා උදේ පාන්දර 4 පහු උන ගමන් 3 වීල් එකක ඇවිත් 4.15 ට විතර කි...
06/08/2026

මහියංගන, දඹාන වැදි ගම්මානය හා 18 වංගු සංචාරය | 2020-03-09 ඉරිදා
උදේ පාන්දර 4 පහු උන ගමන් 3 වීල් එකක ඇවිත් 4.15 ට විතර කිරිබත්ගොඩට ආවා. බස් හෝල්ට් එකේ හිටියා. පාන්දර 4.30 ට ආව මහනුවර යන සීටීබී බස් එකේ නැග්ගා. ගොඩක් දුර හිටගෙන ගියේ. මගදි සීට් එකක් ලැබුනා. උදේ 7.00 ට නුවරට ආවා. බස් එකෙන් බැහැලා උදේට කෑවා.. බස්ටෑන්ඩ් එකේ තිබ්බ මහියංගන යන සීටීබී එකේ නැගලා වාඩි උනා. උදේ 8 ට බස් එක පිටත් උනා. 18 වංගු වීව් පොයින්ට් එකටත් යන්න ඕන නිසා එතනට ටිකට් ගත්තා. රු.110 ක් වුනේ 2020 වසරේ දි. හුන්න්ස්ගිරියෙන් බස් එක 9.40 ට තේ බොන්න නවත්වලා ආපහු ගියා. උදේ 10.15 වෙද්දි 18 වංගු වීව් පොයින්ට් ලගට බස් එක ආවා. බැහැලා වීව් පොයින්ට් එකට ගිහින් අවට ලස්සන බැලුවා. ඊට පස්සේ 18 වංගුවේ පයින් යන්න හිතුනා. පයින් යන්න පටන් ගත්තා අවට බල බල. වංගු අංක 1 සිට 4 දක්වාම පයින්ම ගියා. හරිම මහන්සියි, කදුකර නිසා. ඉතින් වංගු 18 ම යන්නෙ නැතුව වංගු 4 න් ගමන නැවැත්වුවා. 11 ට විතර ආව අම්පාර යන බස් එකක නැග්ගා. රු.50 (2020) ටිකට් ගත්තා. 11.30 ට මහියංගනෙන් බැස්සා. මහියංගනෙ බස් ස්ටෑන්ඩ් ගීහින් දඹාන යන බස් හෙව්වා. බස් එකක් තිබුනේ නෑ. ඉතින් අම්පාර යන බස් එකක් එනකන් හෝල්ට් එකේ හිටියා. 11.55 ට ආ අම්පාර බස් එකක නැග්ගා. රු.45 (2020) ටිකට් අරන්, දවල් 12.25 වෙද්දි දඹාන හංදියෙන් බැහැලා 3වීල් එකක රු.250 (2020) ක් ගෙවා 12.35 ට ආදි වාසී වැදි ගම්මානයට ගියා. රු.50 (2020) ටිකට් අරන් වැදි ගම්මානය ඇතුලට ගියා. වැද්දන්, වැදි නැටුම්, වැදි කටුගේ, වැදි නායකයා, තිසා හාමිගේ නිවස, වැදි ගම්මානය බැලුවා. මෙහෙම හවස 2 වෙනකන් වැදි ගම්මානයේ ගත කලා.ඊට පස්සේ මෙහෙන් පිට වෙන්න පාරට ආවා. 3විල් එකක් හොයා ගන්නත් බැරි උනා. එතනට විනෝද චාරිකාවකට ආව බස් එකක රියදුරු මහතා එක්ක කථා කරලා ඒ බස් එකේ හවස 2.15 ට විතර ප්‍රධාන පාරට ආවා. හවස 2.40 ට ආව බස් එකක නැගලා, හවස 3 වෙද්දි මහියංගනයට ආවා. බස් එකෙන් බැහැලා දවල්ට කෑවා. ඊට පස්සෙ 3වීල් එකකින් රු.120 (2020) ට මහියංගන පන්සලට ආවා. වැන්දා. ඊට පස්සේ ප්‍රධාන පාරට ඇවිත් මහියංගනය යන බස් එකක නැග්ගා. මහියංගනෙන් බැහැලා හවස 4.30 ට මහනුවර යන බස් එකක නැග්ගා. බස් එක රාත්‍රී 7.10 වෙද්දි නුවරට ආවා. බස් එකෙන් බැහැලා කොළඹ යන සීටීබී බස් එකක වාඩි වුනා. 7.30 ට බස් එක පිටත් උනා. වරකාපොල බස් එක තේ බොන්නත් නවත්වලා ආපහු පිටත් වෙලා, රෑ 10.45 ට කිරිබත්ගොඩින් බැස්සා. බස් නැති නිසා, විතර 3වීල් එකකින් රාත්‍රී 11 ට ගෙදර ආවා.
* Solo Travel King Youtube Channel : https://www.youtube.com/
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
පසුගිය සියලුම සංචාරයන් Index : https://www.facebook.com/share/1CXR2dx6ZD/
* යාලුවන්ටත් බලන්න Share කරන්න... තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න. මේ Page එක බලන්න. Follow කරන්න.. 51,000+ Followers
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Mahiyanganaya , Dambana , 18 bends

02/08/2026

Jogging Track | ශරීර සුවතා මං තීරුව | Biyagama | 2026 August

මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy | 2026-01-15 බදාදා2026 වසරේ පලවෙනි සංචාරය ලෙස පසුගිය මාසයක අලුතෙන් විවෘත කල නුව...
01/08/2026

මහනුවර වෝටර් වල්ඩ් | Water World – Kandy | 2026-01-15 බදාදා
2026 වසරේ පලවෙනි සංචාරය ලෙස පසුගිය මාසයක අලුතෙන් විවෘත කල නුවර වෝටර් වල්ඩ් යන්න හිතුවා. ඉතින් අද නිවාඩු දවසක් නිසා පාන්දරම බස් අඩු වෙයි කියලා හිතලා, ගෙදරින් උදේ 5 ට 3වීල් එකක් කථා කරන් කිරිබත්ගොඩට ආවා. නුවරට යන්න බස් එකක් එනකන් හෝල්ට් එකේ හිටියා. උදේ 5.20 ට ආව මහනුවර යන සීටීබී බස් එකට නැග්ගා. සෙනග පිරිලා නිසා හිටගෙන ගියේ. රු.372 ටිකට් ගත්තා. පැය 2 ක් විතර පහු උනාම වාඩි වෙන්න සීට් එකක් ලැබුනා. උදේ 8.10 ට බස් එක නුවරට ආවා. පැය 3 කින් පස්සේ ආව නිසා බෝගම්බර පාරේ වොශ් රූම් පැත්තෙත් ගිහින් ආවා.. රු.30 යි. ඊට පස්සේ වෝටර් වල්ඩ් යන්න බස් හොයන්න ගියා. ඊයේ මම නුවර වෝටර් වල්ඩ් කෝල් කරලා බස් ගැන අහලා තිබ්බේ.. ඔරලොසු කනුව ලග හොල්ට් එකේ බස් තියෙන්නෙ... මම ඔරලොසු කනුව ලගට පයින් යද්දි මගදි බෝගම්බර ලගදි තලාතුඔය 639/5 බස් එක නවලතා තිබ්බා. (වෝටර් වල්ඩ් කිට්ටුවට වගේ යන්න පුලුවන් සිංහාරගම පාරේ යන බස් හෙව්වත් ඒවා නිතර නැති නිසා තලාතුඔය බස් එකට නැග්ගා.) උදේ 8.25 ට තලාතුඔය බස් එක ගියා. රු.60 ක ටිකට් ගත්තා. 8.55 ට බස් එක ගිහින් ඉවර වෙන තලාතුඔය බස් ටැන්ඩ් බැස්සා. එතැන් සිට කි.මි 2.8 වගේ ගූගල් මැප් පෙන්නපු නිසා, 3 වීල් එකක ගියා. රු.400 යි. (ගාන නම් වැඩියි වගේ) 9.05 ට වෝටර් වල්ඩ් ලගින්ම බැස්සා. ඒක 9.30 ට අරින නිසා බලන් හිටියා. තව කීප දෙනෙක් ඇවිත් හිටියා. ටිකට් කවුන්ටර් 9.30 ට ඇරියම ටිකට් එකක් ගත්තා. ෆුල් පැකේජය රු. 1200 යි. ඒකට මාලුන්ට, කුරුල්ලන්ට කැම දෙන්න හා වායු රයිෆල් වෙඩි තැබීම අමතර දේවල් දෙනවා. හාෆ් පැකේජ් ටිකට් එක රු.850 යි. ටිකට් අරන්, මුලින් තිබූ කෘතිම දිය ඇල්ල පහු කරන් , ලස්සන මාලු ටැංකි, මාලු රැසක් බලමින් උමග තුලින් පොටෝ වීඩියෝ කරමින් ගියා. ලස්සනයි. පහල වීඩියෝව බලන්න... මාලු බලලා. කුරුලු පැත්තට ගියා. එක කුඩුවක විතරයි කුරුල්ලො නම් හිටියේ. ඒක ඇතුලට ගිහින් කුරුල්ලන්ට කෑම දාන්න දෙනවා ෆුල් ටිකට් අයට. නැත්නම් එතනදි ගෙවලත් ගන්න පුලුවන්. ඊට එහා ළමයයින්ට සෙල්ලම් කරන්න සීසෝ, ඔන්චිල්ලා.. වගේ තව ඒවා කීපයක් තිබ්බා. වොශ් රූම් තිබ්බා. කැන්ටිමකුත් තියනව. ඒත් ඒකේ කෙටි කැම තිබ්බෙ නැ. අයිස් ක්‍රීම්, පොඩි බිස්කට් පැකට් වගේ ඒවා තිබ්බෙ. තවත් ඉදිකිරීම් ගොඩක් කරමින් තිබුනා... කැලනිය එකට වඩා විශාල උවත් ඒ තරම් දියුනු නැ තවම. * මම තායිලන්තයේ හා සිංගප්පූරුවේ සංචාරවලදීත් මෙවැනි/මීට වඩා අත්දැකීම් ලබා තිබුනත්. එවැනි රටවලට නොගොස් ලංකාවේ අයට මෙවැනි දේවල බලා ගැනීමට තියන එක ගැන අගය කරන්න ඕනා.. පැය 2 කට ආසන්න කාලයක් ගත කරලා එයින් පිටවෙලා වටපිට බල බල පයින්ම ගියා තලාතුඔය බස්ටැන්ඩ් එකට. එවෙලෙ වෙන පාරකින් ආවා සිටීබ් බස් එකක නැගලා රු.60 ටිකට් අරන් නුවර බැස්සා. ඊට පස්සේ පයින්ම දළදා මාළිගාව වදින්න ගියා. ඇතුලට ගිහින් වැන්දා. එලියට ඇවිත් දළදා වීදියෙන් දවල්ට කාලා, බෝගම්බර පැත්තට ගිහින් බස් ටෑන්ඩ් ගියා. එවෙලෙම එලියට යමින් සිටි කොළඹ යන ප්‍රයිවෙට් බස් එකට නැග්ගා රු.372 ටිකට් ගත්තා. හවස 5.30 ට විතර කිරිබත්ගොඩ බැස්සා. 356 බස් එකේ ඇවිත් ගෙදර ආවා...වෙනදා වගේ බස් එකේදිම මේ සටහන ලිව්වා...
* මේ ගමනේ විනාඩි 14 ක කෙටි වීඩියෝව බලන්න.. : https://youtu.be/BsOF-9PV_7I
POV Video
• කිරිබත්ගොඩ - මහනුවර සීටීබී බස් : රු.372/- | පැය 03 යි.
• මහනුවර - තලාතුඔය බස් : රු.60 යි | විනාඩි 35
• මහනුවර - කිරිබත්ගොඩ ප්‍රයිවෙට් බස් : රු.372/- | පැය 03 යි. විනාඩි 15
වෝටර් වල්ඩ් ටිකට් :
# ෆුල් පැකේජය රු. 1200 යි.| වයස අවුරුදු 3-11 ළම‍යින්ට රු.700 යි. (ඒකට මාලුන්ට, කුරුල්ලන්ට කැම දෙන්න හා වායු රයිෆල් වෙඩි තැබීම අමතර දේවල් දෙනවා.)
# හාෆ් පැකේජ් එක රු.850 යි.| වයස අවුරුදු 3-11 ළම‍යින්ට රු.500 යි.
# විදේශිකයන්ට : රු.3250 යි. | රු.1800 යි
• වියදම : රු.2750/-.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
පසුගිය සියලුම සංචාරයන් Index : https://www.facebook.com/share/1CXR2dx6ZD/
* යාලුවන්ටත් බලන්න Share කරන්න... තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න. මේ Page එක බලන්න. Follow කරන්න.. 51,000+ Followers
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Water World – Kandy

Serena River Park | ගාල්ල හෝලුවාගොඩ උද්‍යානය | 2024-04-03 බදාදාඅද කොහෙ හරි යන්න හිතුනා. හරියට ට්‍රිප් ප්ලෑන් එකක් තිබ්බෙ...
28/07/2026

Serena River Park | ගාල්ල හෝලුවාගොඩ උද්‍යානය | 2024-04-03 බදාදා
අද කොහෙ හරි යන්න හිතුනා. හරියට ට්‍රිප් ප්ලෑන් එකක් තිබ්බෙත් නෑ. ඔෆිස් නිවාඩුවක් දාලා තිබ්බා අද. ඉතින් පහුගිය මාසේ [ 2024 ] විවෘත කරපු ගාල්ලෙ , හොලුවාගොඩ Serena River Park එක පැත්තෙවත් යනවා කියලා හිතලා. අද උදේ ගෙදරින් ඇවිත් බස් එකක ඇවිත් උදේ 6.10 ට කොටුව ස්ටේශම ලගින් බැහැලා ස්ටේශමට ගිහින්, ටිකට් කවුන්ටරෙන් ගාල්ලට 2 පංති ටිකට් එකක් ගත්තා. රු.500 යි. ස්ටේශම ඇතුලට ගිහින් කැන්ටිමෙන් උදේට කැවා. උදේ 6.35 ට විතර බෙලිඅත්ත යන ට්‍රේන් එක 5 වෙනි වේදිකාවට ආවා. නැගලා මුහුද පේන පැත්තක අයිනක වාඩි උනා. (අද සතියේ දිනයක් නිසා කෝච්චියේ වැඩිය සෙනග නෑ.. හිස් සීට් තිබ්බා. මම ඒකනේ ගොඩක් වෙලාවට සතියේ දිනවල ඇවිදින්න යන්නෙ..) උදේ 6.55 ට කෝච්චිය කොටුවෙන් පිටත් වුනා. 8.20 ට අලුත්ගම ටික වේලාවක්, මාතර පැත්තේ ඉදලා එන කෝච්චිය එනකන් නවතන් හිද 8.30 ට ගියා. උදේ 9.25 ට ගාල්ලට ආවා. බැහැලා පාරට ඇවිත් බස් ටැන්ඩ් එකට ගිහින් Serena River Park එකට යන බස් ගැන එතන කෙනෙක් ගෙන් අහ ගත්තා. බස් ටැන්ඩ් කෙලවර ගාල්ල ක්‍රිකට් පිටිය ඉස්සරහ බස්ටැන්ඩ් එකේ නවතා තිබුන 370- බද්දේගම බස් එකට නැගලා හිටියා. බස් එක 9.52 ට ගියා. රු.70 [ 2024 ] ටිකට් ගත්තා. හොලුවාගොඩ සෙරින් පාක් ලගට. බස් එක හරි ස්ලොව් ගියෙ. සමහර හොල්ට් වල ගොඩක් වෙලා නවතන් හිටියා. වෙනදා වගේම ගූගල් මැප් බලලා බහින තැන කිට්ටු වෙද්දි නැගිටලා, උදේ 10.35 ට පාක් එක ලගින් බැස්සා. ඇතුලට ගියා. මුලු පාක් එක පුරාම ඇවිද්දා. ගොඩක් වෙලා වාඩි වෙලාත් හිටියා. කෙටි කෑම, බීම අරන් බිව්වා.. පාක් එක ලස්සනයි. තවත් හදා ගෙන යනවා. බොට්ටු සේවයකුත් තියනවා. වෙළද කුටිත් තියනවා. ළමයින්ට සෙල්ලම් කරන්න ගොඩක් දේවල් තියනවා.... කපල් වලටත් හොදයි... පැය 2 ක් එහි ගත කරලා පාරට ඇවිත් බස් හෝල්ට් එකේ හිටියා. 12.30 ට ගාල්ල යන්න බස් එකට නැග්ගා. රු.70 [ 2024 ] ටිකට් ගත්තා. 12.55 ට ගාල්ල බස් ටෑන්ඩ් එකෙන් බැස්සා. බැහැලා ගාල්ල කොටුව පැත්තට පයින් ගියා, ගාල්ල කොටුවේ Art Gallery එකක ඉන්න මගේ යාලුවෙකුත් හමු වෙන්න, එත් එයා අද හිටිය නැති නිසා, ගාල්ල ආවම කවදත් යන ගාල්ල කොටුව පැත්තට ගියා. කොටුවේ ඔරලෝසු කනුවේ ඉදලා අනෙක් කෙලවර ප්‍රදීපාගාරය ලගටම ටික ටික පයින් ගියා. ඊට පස්සෙ ගාල්ල බස්ටෑන්ඩ් ලගට ඇවිත් කඩේකින් දවල්ට කැම කැවා. කාලා හයිවේ බස් නවතලා තියන තැනට ගියා.. 2.30 ට කඩවත යන බස් එක යද්දිම නවතන් නැග්ගා. රු.980 [ 2024 ] ටිකට් ගත්තා. බස්‍ එක 4.10 ට කඩවතට ආවා. බැහැලා කිරිබත්ගොඩට ඇවිත් පොඩි ශොපින් එකකුත් කරලා බස් එකක නැගලා 5 වෙනකොට ගෙදර ආවා. මේ සටහන වෙනදා වගේම සංචාරය ඉවර වෙලා බස් එකේ එද්දිම ලිව්වෙ...
* කෙටි වීඩියෝවත් බලන්න : https://youtu.be/XOg-FZlDz_8
* කොළඹ කොටුව - ගාල්ල කෝච්චිය : පැය 02 යි විනාඩි 30 (2 nd Class රු.500/-; 3 rd Class රු.240/- ) [ 2024 ]
* ගාල්ල - Serena River Park : විනාඩි 30 - 45 (රු.70/-) [ 2024 ]
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
පසුගිය සියලුම සංචාරයන් Index : https://www.facebook.com/share/1CXR2dx6ZD/
* යාලුවන්ටත් බලන්න Share කරන්න... තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න. මේ Page එක බලන්න. Follow කරන්න.. 51,000+ Followers
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Serena River Park - Holuwagoda- Galle

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Solo Travel King posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Solo Travel King:

Shortcuts

Share