Tlog සංචාර

Tlog සංචාර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tlog සංචාර, Travel and transport, Colombo.

01/12/2025

ලස්සනම ගමනාන්ත වලට ලස්සන පාරවල් දිගේ සොදුරු මිනිසුන් ජීවත් වෙන ගම්මාන මැදින් ගමන් කරපු අපිට මේ ස්වභාවික ව්‍යසනය නිසා ආයෙත් ඒ වගේ සැහැල්ලුවෙන් ගමනක් යන්න කාලයක් යනකල් බලාගෙන ඉන්න වේවී වගේ...

අපේම අසරණ උන අය වෙනුවෙන් Tlog ceylon family එකේ අපිත් එක් වෙලා යමක් කරමු ... මේ වැඩේට මූලිකත්වය ගන්න අපි සුදානම්, මේ වැඩේට කැමති අය අපිට කතා කරන්න..නැතිනම් පොඩි comment එකක් දාන්න ..

21/11/2025

ලංකාවේ ලස්සනම පරිසර කලාපයකට යන්න Tlog ceylon අපේ ඊලග සංචාරයකට එකතු වෙන්න

19/10/2025
19/10/2025

Tlog ceylon අපි ලංකාවේ ලස්සනම පරිසර කලාප වලට ඔයාලත් සමග ගමන් කරමින් ඒ පරිසර කලාප වල මිහිර විදගන්න සහ අපේ මේ ලස්සන රටේ ලස්සන හැමොටම බලා ගන්න අපිට පුලුවන් උපරිම අයුරින් පහසුකම් සපයමින් ඉන්නවා.

අපි මීට කලින් ගියපු නැති අලුත් සංචාරයක් වන මිරිස්ස whale watching tour එකක් ලග එන පාසල් නිවාඩු කාලේ සුදානම් කරලා ඔයාලව දැනුවත් කලා ඒ සංචාරය තියෙන්නේ නොවැම්බර් 09 නමුත් ඒ post එකෙන් පසුව ගොඩක් දෙනෙක් අපිට කතා කරලා කීවා නොවැම්බර් මාසේ අන්තිම හරියේ යන්න පුලුවන් වෙන්න මේ ගමන නැවත plan කරන්න කියලා. ඉතින් අපි මේ ගමන නැවත නොවැම්බර් 29 සුදානම් කරලා තියෙනවා

මේ සැරේත් අපි යන්න සුදානම් කරලා තියෙන්නේ මිරිස්සට. මිරිස්ස මුහුදේ තල්මසුන් බලන්න යන්න තමයි.

මේ සංචාරය සිදු කරන්නේ නොවැම්බර් මාසේ 29 වැනි සෙනසුරාදා

අපි මේ සංචාරය ආරම්භ කරන්නේ කඩවත ඉඳන්. ඒ වගේම මේ සංචාරයට කඩුවෙල, බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල අවට ඉන්න අයටත් සම්බන්ධ වෙන්න පුලුවන් විදිහට තමයි අපේ බස් රථය කඩවතින් පටන් අරන් කඩුවෙල , රාජගිරිය , බොරැල්ල, නාරාහේන්පිට, කිරුලපන, නුගේගොඩ හරහා කොට්ටාවට එන්නේ.

නොවැම්බර් මාසේ 29 වෙනිදා, අපි පාන්දර 2.30 ට කඩවතින් ආරම්භ කරලා කඩුවෙල, බත්තරමුල්ල, රාජගිරිය හරහා නුගේගොඩට ඇවිත් එතනින් පසුව මහරගම හරහා ගිහින් කොට්ටාවෙන් අධිවේගී මාර්ගයට පිවිසිලා මිරිස්සට යනවා.

මේ ගමනේදි උදෑසන ආහාරය අපිට අපි ගමන් කරන කුඩා නැවෙන්ම ලැබෙන අතරේ දිවා ආහාරය මුහුදු වෙරළේ තියෙන ලස්සනම හෝටලයකින් ලබා ගන්න සුදානම් කරලා තියෙනවා.

මේ ගමනේදි පැය 3ක පමන මුහුදු ගමනක යන්න අපි බලාපොරොත්තු වෙනවා, ඊට අමතරව එතනින් පසුව ,Coconut tree Hill , Parrots Rock, සහ තල්පේ මුහුදු වෙරළේ නාන්නත් අදහස් කරනවා, අපි නැවත එන අතරේ ගාලු කොටුවට යන්නත් බලාපොරොත්තු වෙනවා.

මේ සම්පුර්ණ ගමන සහ උදෑසන සහ දවල් ආහාරය සහ ටිකට් පත් වියදම් ද ඇතුළත්ව ඔබගේ ආසනය වෙනුවෙන් සම්පුර්ණ මුදල රුපියල් 11,000ක් වන අතර අත්තිකාරම් මුදල විදිහට රුපියල් 3,000ක නැවත ලබා නොදෙන මුදලක් අපිට ගෙවු පසු බස් රථයේ ඔබ කැමැතිම තැනකින් ආසනයක් ( ඒ වන විට ඉතිරි වී ඇති ආසන වලින්) වෙන් කරගන්න පුලුවන්.. ඉතිරි මුදල බස් රථයේදී ලබා දෙන්න පුලුවන්.

මුදල් බැර කල යුතු ගිනුම් තොරතුරු

Name : A.H.M.T.K Herath
Account No: 8024648321
Bank : Commercial Bank
Branch : Boralesgamuwa

මුදල ගෙවු පසු රිසිට් පත 0777755009ට වට්ස්ඇප් කරන්න වැඩි විස්තර දැනගන්නත් ඉහත අංකයට කතා කරන්න.

අපේ පසුගිය ගමන් වලදී වගේම මේ ගමනේදීත් අපි ලස්සන විඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා .

19/10/2025
12/10/2025

Tlog ceylon අපි ලංකාවේ තියෙන ලස්සනම පරිසර කලාප වලට ගමන් කරන චාරිකා සංවිධානය කරන බව ඔයාලා ගොඩාක් දෙනෙක් දන්නවා, පසුගියදා අපි නෙලු මල් බලන්න ලස්සනම ගමනක් ගිහින් ආවා.. ඊට පසුව ඔයාලා ගොඩක් දෙනෙක් අපිට කතා කරලා මේ සංචාරය නැවත සංවිධානය කරන දිනයක් ගැන අපෙන් ඇහුවා ඔන්න නෙලු මල් වාරය අවසන් වෙන්න කලින් අපි දෙවෙනි සංචාරය සූදානම් කරලා තියෙනවා.

මේ ගමන අපි මේ සංචාරය සූදානම් කරලා තියෙන්නේ ඔක්තෝබර් 16 වෙනි බ්‍රහස්පතින්දා, AC බස් රථයකින් තමයි අපි ගමන් කරන්න සුදානම් වෙලා තියෙන්නේ. අපි පාන්දර 12.00 ට කඩවතින් ගමන ආරම්භ කරලා කඩුවෙල, බත්තරමුල්ල, බොරැල්ල , කිරුලපන, නුගේගොඩ, මහරගම හරහා මාකුඹුරට ඇවිත් එතනින් පාන්දර 1.00 ට පිටත් වෙනවා, එතනින් පසුව අවිස්සාවේල්ල, යටියන්තොට, ගිනිගත්හේන හරහා නුවරඑළියට ඇවිත් හෝර්ටන් තැන්නට යනවා.

අපේ සංචාරයේදී අපි හිමිදිරි උදෑසනම තොටුපළකන්ද ආශ්‍රිත කලාපයේ නෙලු මල් බලන්න යන අතර එතැනින් පසුව ලෝකාන්තයට යන්න අදහස් කරනවා. හෝර්ටන් තැන්න පරිසර කලාපයේ දවස ගත කරලා අපි හවස නැවත කොළඹ බලා පිටත් වෙනවා.

මේ සම්පුර්ණ ගමන ප්‍රධාන ආහාර වේල් 2 සමග පිවිසුම් ටිකට් පත් වියදම් ද ඇතුළත්ව ඔබගේ ආසනය වෙනුවෙන් සම්පුර්ණ මුදල රුපියල් 9,500/- ක් වන අතර අත්තිකාරම් මුදල විදිහට රුපියල් 4,500 ක නැවත ලබා නොදෙන මුදලක් අපිට ගෙවු පසු බස් රථයේ ඔබ කැමැතිම තැනකින් ආසනයක් ( ඒ වන විට ඉතිරි වී ඇති ආසන වලින්) වෙන් කරගන්න පුලුවන්, ඉතිරි මුදල බස් රථයේදී ලබා දෙන්න පුලුවන්.

මුදල් බැර කල යුතු ගිනුම් තොරතුරු

Name : H M K Upathissa Herath
Account No: 102653891751
Bank : Sampath bank
Branch : Pandura

මුදල ගෙවු පසු රිසිට් පත 0777755009ට වට්ස්ඇප් කරන්න සහ වැඩි විස්තර දැනගන්නත් ඉහත අංකයට කතා කරන්න.

වෙනදා වගේම මේ ගමනෙත් ඔයාලගේ මතකය හැමදාමත් තියාගන්න පුලුවන් වෙන විදිහේ ලස්සනම video එකකුත් අපි කරලා ඒක අපේ Page එකේ පළකරනවා.

Address

Colombo
01

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Tlog සංචාර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share