02/05/2023
රොමේනියාවට එන්න ඉන්න අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා..😊😊
තමන්ගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් හෝ online job apply කරලා agency හරහා නැතුව මෙහෙට එන්න ඉන්න ඔයාලට පොඩි දේවල් ටිකක් කියලා දෙන්නම්.
work permit එකක් හදන්න romania immigration එකට අවශ්‍යය document
1. ඔයාලාගේ passport එකේ original color printout එකක්
2. passport size color photo 4ක්
3. ඔයාලගේ police report එක..police hed quarters එකෙන් ඔයාලට දෙන police report එක විතරයි romania immigration එකට අවශ්‍යය වෙන්නේ. එතකොට ඔයාලා certified කරන කරන police report එක අවශ්‍යය වෙන්නේ ලංකාවේ romania embassy එකට visa ගහන්න.
මේ තුන තමා ප්‍රධාන වශයෙන් romania immigration එකට ඔයාලාගෙන් අවශ්‍යය වෙන documents ටික.
තව ඔයාලට විශේෂයෙන්ම දෙයක් කියන්න ඕන. මේ සියලුම documents romania වලට DHL කරලා එවන්න ඕන. ඒ නිසා ඔයාලා police report එක DHL කරන්න කලින් අනිවාර්යෙන්ම expire date එක check කරන්න. මොකද ඔයාලාට දීලා තියෙන police report එක මාස 6ක් පමණක් වලංගු වෙන නිසා එහි දින පැන තිබුනොත් work permit එක reject වෙනවා. එහෙම වුනොත් ඔයාලට ආයෙමත් police report එකක් අරන් යවන්න සිදු වෙනවා.
ඒකෙන් වෙන්නේ ඔයාලගේ work permit එක හැදෙන්න යන කාලය වැඩි වෙන එක.
ලංකාවෙන් රොමේනියාවට documents එක්ක DHL කරන්න රු17500ක මුදලක් වැයවන අතර police report එකක් apply කරන්න රු5000ක් වැනි මුදලක් වැය වෙනවා.මොකද ඒක අපිට හදිස්සියේ renew කරන්නත් ඒ මුදලම වැය වෙනවා. ඒකෙන් වෙන්නේ ඔයාලගේ මුදල් නිකරැණේ වැය වෙන එක. ඒකයි මම මෙහෙම පෙඩ්ඩක් හරි දන්න විදියට පැහැදිලි කරේ.
ඒ නිසා ඔයාලා මේ කියලා දුන්න විදියට work permit එකක් apply කරනවානම් මේ කරැණු ගැන සැලකිලිමත් වෙන්න. මං හිතනවා මේ දේවල් ඔයාලට වැදගත් වෙයි කියලා.සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉක්මනින්ම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🇲🇩🇲🇩 —