SL Bus Paradise

SL Bus Paradise ආදරණීය හදවත් එකිනෙක මුණ ගස්සන එකම සන්නාමය 😍

SL Bus Paradise

මේ කියන්නෙ ඇත්තටම අද උන දෙයක්... මන් ගියා කොලබ ... එද්දි කොහොම හරි පර්ස් එකට වැඩේ හරී.. දැන් මොනා කරන්නද කොහොම හරි එන්නත...
16/10/2025

මේ කියන්නෙ ඇත්තටම අද උන දෙයක්... මන් ගියා කොලබ ... එද්දි කොහොම හරි පර්ස් එකට වැඩේ හරී.. දැන් මොනා කරන්නද කොහොම හරි එන්නත් එපැයි... පිටකොටුවෙ CTB ස්ටෑන්ඩ් එකට ගියා ඇහුව කොන්දස්තරගෙන් .. අයියෝ බෑ මල්ලි ඕව නම් කරන්න බෑ... බහින්න බහින්න කියුව... පස්සෙ මන් ගියා ප්‍රයිවට් ස්ටෑන්ඩ් එකට කුරුනෑගල බස් එකට නගින්න ... මන් ඩ්‍රයිවර් අයියට කිඋව විස්තරේ අනේ මට කිසි දෙයක් කියිවෙ නෑ ... නගින්න කියුව ... කාලද ඉන්නෙ ඇහුව ... සල්ලි දෙන්න හැදුව කාල එන්න කියල මොනා හරි... ඉතින් මේ වගේ උදව්වක් කරයි කියල බලාපොරොත්තු උනේ නෑ මන්... ඔයාට ගොඩක් පින් අයියෙ... ඒ වගේම ඔයාගෙ අත් දෙකට තවත් යෝද ශක්තිය ලැබෙන්න ඕන... මේ ෆොටෝ එකෙ ඉන්නෙ ඒ බස් එකේ අයිය ... හොරෙන් ගැහුවෙ ඉතින් .... මේ ඩ්‍රයිව් කරන ගමන් නෙමේ හොදේ... නවත්තන් ඉන්න වෙලාවෙ..
NC-2692 කොලබ - කුරුණෑගල

මුහුණු පොතෙහි උපුටා ගැනිමකි 🙏...

ඊයේ (සැප්තැම්බර් 24 බදාදා) සවස 5.45 ට ගාල්ලෙන් පිටත් වූ ගාල්ල-ඇල්පිටිය (752)  බස් රථයේ ඉදිරිපස අසුනේ භික්ෂූන් වහන්සේ නමක...
25/09/2025

ඊයේ (සැප්තැම්බර් 24 බදාදා) සවස 5.45 ට ගාල්ලෙන් පිටත් වූ ගාල්ල-ඇල්පිටිය (752) බස් රථයේ ඉදිරිපස අසුනේ භික්ෂූන් වහන්සේ නමක් වැඩ සිටිනු දුටුවෙමි.
දොඩන්දූව ප්‍රදේශයේදී (මගේ මතකයට අනුව) භික්ෂූන් වහන්සේ එක්වරම සිහිසුන්ව අනෙක් පස පිරිමි පුද්ගලයාගේ උරහිස මතට වැටෙනු දුටුවෙමි.
කොන්දොස්තර මහතා ඇතුළු පිරිස භික්ෂූන් වහන්සේගේ කම්මුලට තට්ටු දමමින් "හාමුදුරුවනේ.." යැයි පැවසුවත් ප්‍රතිචාරයක් නොදැක්වූ උන් වහන්සේ ට කොන්දොස්තර මහතා විසින් මුහුණට වතුර ඉසූ පසු යලි සිහිය ලැබුණි. නමුත් උන්වහන්සේ දැඩි අපහසුවෙන් පසු වෙන බව දුටුවෙමි.

හාමුදුරුවන් වහන්සේ පපුවේ වම්පස අල්ලමින් ආසනය මත වැතිරෙනු දුටු සියල්ලෝම කලබලයට පත්විය. කොන්දොස්තර මහතා උන්වහන්සේ ව දිරි ගැන්වීය. " හාමුදුරුවනේ..බය වෙන්න එපා අපි හොස්පිට්ල් එකට එක්කගෙන යන්නම්." භික්ෂූන් වහන්සේට පැවතියේ දැඩි වේදනාවක් පමණි.

බස් රථයේ ඒ වන විටත් බොහෝ දෙනා සිටී. ( මේ කාල වේලාවෙ බස් රථවල මගීන් කොපමණ සිටීදැයි දන්නෝ දනිති.) කුමාරකන්ද බස් නැවතුමේ බොහෝ දෙනා බසයට ගොඩවීමට බලාසිටිනු දුටුවෙමි. ඒ කිසිවක් නොතැකූ තරුණ රියදුරු මහතා නොනවත්වා බසය රෝහල වෙත ධාවනය කලේ භික්ෂූන් වහන්සේගේ ජීවිතය බේරා ගැනීමටය.
කොන්දොස්තර මහතා මගීන්ව ආමන්ත්‍රණය කළේ යටහත් පහත්වයි " සමාවෙන්න ඕන..අපිට හොස්පිට්ල් යන්න වෙනවා..කලබල කරන්න එපා. ඉස්සරහ හෝල්ට් වලින් බහින්න ඉන්න අය ඉක්මනින් බැහැගන්න බලන්න.. හාමුදුරුවන් ට අමාරුයි."

අපි රියදුරු මහතාට පැවසුවේ බසය නතර කර ත්‍රීරෝද රථයක හෝ ගිලන් රථයක උන්වහසේ රෝහලට ගෙනියන ලෙසයි. නමුත් ඒවා පැමිණීමට ප්‍රමාද වෙනවා යැයි පවසමින් වේගයෙන් ඉදිරියට ඇදුනේ මගී ආරක්ෂාව හා හාමුදුරුවන් වහන්සේගේ ජීවිත ආරක්ෂා ව පිලිබද සැලකිල්ලෙනි.

මගීන්ගේද උපරිම සහයෝගය රියදුරු මහතාට සහ කොන්දොස්තර මහතාට ලැබුණි.
අවසානයේ ආරච්චිකන්ද රෝහල වෙත කඩිනමින් ලගා වූ පසු ස්වාමීන් වහන්සේ ඔසවාගෙනම රෝහල තුලට යාමට රියදුරු මහතා ඇතුළු පිරිස කටයුතු කළහ. සිතට ඇති වූයේ පුදුමාකාර සතුටකි. ජීවිතයක් බේරාගැනීමේ සතුට මුල්වරට ලැබූ බොහෝදෙනා බසයේ විය. ඒ කල කැපවීමට බස් රථයේ රියදුරු මහතාට හා කොන්දොස්තර මහතාට අපි ස්තූතීවන්ත විය යුතුමය.
තමන්ට පැවරුණු රාජකාරිය වත් හරි හැටි ඉටු නොකරන රියදුරු - කොන්දොස්තරවරු අතර මේ දෙපළ ඇගයීමට ලක් විය යුතුමය. මුදල් ඉපයීම ප්‍රථම රාජකාරිය කර නොගත් මේ දෙදෙනා මගී ආරක්ෂාවට මුල් තැන ලබා දුන්නහ.

රෝගී භික්ෂූන් වහන්සේ කුමන විහාරස්ථානයේ දැයි නොදනිමි. උන්වහන්සේ ට ඉක්මන් සුවය පතමු.🙏

කොන්දොස්තර මහතාව ඡායාරූපය ට හසු කර ගත නොහැකි උන නමුත් ඒ වෙලාවෙ රියදුරු මහතාගේ ඡායාරූපයක් ලබා ගැනීමට හැකි විය. කළ මෙහෙවරට බොහොම ස්තූතී. 🙏

උපුටා ගැනිමකි

රැකියාවට එහා ගිය මනුෂ්‍යත්වය 🙏

බුකි ඔස්තාර්ලා ටික 😂
08/01/2025

බුකි ඔස්තාර්ලා ටික 😂

30/08/2024

අයියාගෙ බැල්ම 😉

Unmada chittra super line-උන්මාදනි".

Thank you  10k subscribers 💕
21/08/2024

Thank you 10k subscribers 💕

Just Now😌  කාවන් Kawan - කාවන් Global Seal  අද අතුරුගිරියෙ සිට මහනුවර අවට 💕කසියා එක්ක ❤️Kasiya Bro
03/08/2024

Just Now😌 කාවන්
Kawan - කාවන් Global Seal අද අතුරුගිරියෙ සිට මහනුවර අවට 💕කසියා එක්ක ❤️
Kasiya Bro

Address

Colombo
10150

Alerts

Be the first to know and let us send you an email when SL Bus Paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share