365 Traveler

Call Directions Website

365 Traveler Live life with excuses ,Travel with no regret
(1)

මේ බලහන් අපි වගේම දරුවො ඉන්න කාගෙ හරි තාත්තා කෙනෙක්නෙ අනිවාර්යයෙන්ම. හන්දියෙ කඩේට, පොලට යන ගමනක් නම් නෙමේ වගේ හොඳට ඇදලා ...
17/07/2026

මේ බලහන් අපි වගේම දරුවො ඉන්න කාගෙ හරි තාත්තා කෙනෙක්නෙ අනිවාර්යයෙන්ම. හන්දියෙ කඩේට, පොලට යන ගමනක් නම් නෙමේ වගේ හොඳට ඇදලා නැෂනල් එකත් ග|හලා වැදගත් ගමනක් යන පාටයි. කරලා තියෙන වැඩේ පේනවද? 😡 ඉස්සර නම් ලයිසන් ගන්න ලර්නස් වලට ගියාම විනයත්, ටෙක්නිකල් පැත්තත් පොඩ්ඩක් කියලා දෙනවා. දැන් නම් සල්ලි ගන්න ඕනේ හින්දා ගියර් ටික මාරු කරලා ක්ලච් එක දීලා යන්න පුලුවන් වුනොත් විභාගෙට දාලා ලයිසන් අරන් දෙනවා ඇති. නැත්නම් පාරේ යන තවත් කෙනෙකුට මෙහෙම කරයිද බන්? සමහර වෙලාවට ඔයාලත් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා ඇති 😞. මාර්ග සලකුණු - සංඥා නෙමේ විනය ගැනත් පොඩ්ඩක් ලයිසන් ගන්න අයට ලර්නස් කරන මහත්තුරු කියලා දෙන්න.🙏 නැත්නම් අපිට වෙන්නෙ අන්න වාහනයක් එලවගෙන හ|රකෙක් ගියා කියලා තමා මේ වගේ දේවල් දැක්කහම 😞

රුහුණු රටේ පින්සාර මංගල්‍යය 🤍🥹🙏
17/07/2026

රුහුණු රටේ පින්සාර මංගල්‍යය 🤍🥹🙏

අදයි ඒ අසිරිමත් ගමනේ ආරම්භය… 🙏🐘රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මංගල්‍යය අදින් ආරම්භ වනවා. කඳ සුරිඳුන්ගේ සහ වල්ලි අම්මාගේ දේ...
16/07/2026

අදයි ඒ අසිරිමත් ගමනේ ආරම්භය… 🙏🐘

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මංගල්‍යය අදින් ආරම්භ වනවා. කඳ සුරිඳුන්ගේ සහ වල්ලි අම්මාගේ දේව විවාහ මංගල්‍යය සංකේතවත් කරන දුටුගැමුණු රජ දවස සිට පැවත එන මෙම පුරාණ මංගල්‍යය, ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික උරුමයේ අතිශය වැදගත් අංගයක්.

මෙවර කතරගම මඟුලැතු වාසනා හස්තිරාජයා කෙරෙහිද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ඔහුගේ මඳ සමය අවසන් වීමත් සමඟ, ඔහුගේ ගාම්භීර සම්ප්‍රාප්තියෙන් මෙවර පෙරහැරට තවත් අලංකාරයක් එක් කරන නිසාවෙන්.

දිනෙන් දින විචිත්‍රවත් වන මෙම ඇසල මංගල්‍යය, අවසන් මහා පෙරහැර දක්වා බැතිමතුන්ගේ සිත් ඇදගන්නා අසිරිමත් අත්දැකීමක් වනු නොඅනුමානය.

හරෝ හරා! 🙏

ඡායාරූප මුල් හිමිකරු සතුය. 📸

මේ අඩන නිළධාරිය කවුද කියල දන්නෙ කවුද?ඒ කවුද කියන්න මම හොදට දන්නව.ශාරීරිකව ගත්තොත් ලංකාවේ ඉතා සීමිත පිරිසකට පමනක් හිමි වා...
11/07/2026

මේ අඩන නිළධාරිය කවුද කියල දන්නෙ කවුද?

ඒ කවුද කියන්න මම හොදට දන්නව.

ශාරීරිකව ගත්තොත් ලංකාවේ ඉතා සීමිත පිරිසකට පමනක් හිමි වාර්තා සහිත ක්‍රීඩකයෙක්.

මානසිකව ගත්තොත් කොහොමද?

ඒක කිව්වොත් ඔය හැමෝමත් අඩනව කියල මම දන්නව.

මේ නිළධාරියගෙ දුව මිය යන්නෙ අපි එක්ක රාජකාරියක ඉද්දි.

ඒ මොහොතෙම එයා ඒ ගැන දැනගන්නව.

ඒත් ඒ අසීමිත වේදනාව දරාගෙනත් ඒ වෙලාවෙ රැදවියෙකුගෙ මවක් වෙනුවෙන් කැපවෙනව.

ඒ ඇස්වලින් කදුලක් නොහෙල ඒ අම්මට අවස්‍ය රාජකාරීමය යුතුකම සම්පූර්ණ කරනව.

ඊට පසුවය ඔහු එතනින් නික්මෙන්නෙ.

ඔව් ඊට පස්සෙත් අඩන්න එයාට පුලුවන් කමක් තිබුනෙ නෑ.

තමන්ගෙ නැතිවුන දරුවගෙ අම්ම මේ නිළධාරියගෙ ආදරනීය බිරිදගෙ ජීවිතය වෙනුවෙන් නොහඩාම අසීමිත දරාගැනීමක් සිදු කරනව.ඒත් එයාට රාජකාරියෙන් සම්පූර්ණයෙන් මිදෙන්න හැකියාවක් නෑ.

මේ කියන හැම දේකටම මම වගෙම අපේ ටීම් එකේ දාසය දෙනෙක් ශාක්ෂි.

එහෙම මිනිහෙක් එහෙනම් මෙහෙම ඇඩුවෙ ඇයි?

අපේ කොල්ලො මැරෙන මොහොතෙ ඉදන් ඒ වේදනාව දැක්ක මිනිහෙක් මේ.

ඒ කොල්ලන්ගෙ ඔලු අල්ලද්දි තමන්ගෙ අතේ ඇගිලි වලට මොල කෑලි අහුවුන මිනිහෙක් මේ.

"අනේ මගෙ කෙල්ලො දෙන්න කියල අන්තිම වචනෙ මැරුන නිළධාරියෙක් කියද්දි ඒ අත අල්ලගෙන හිටපු මිනිහෙක් මේ.

ඒ මිනිහ තමයි මේ අඩන්නෙ.

එහෙම මිනිහෙක්ට අඩන්න බැයිද?

ආලේප කරගත්ත අලව ගත්ත ප්‍රදර්ශනාත්මක පිරිමි ඉස්සරහ මේ ඉන්නෙ නියම පෞර්ශයක් තියෙන කොල්ලොක්.

තමන්ගෙ එවුන් වෙනුවෙන් ඕනම යකෙක් එක්ක හැප්පුන එකෙක්.

එකම රැහේ එකා වෙනුවෙන් මේ මනුස්සය අඩන්නෙ නැතුව ඉන්නද කියන්නෙ.

අපේ උන් සේරම අඩනව.

ඒ තමයි අපේ බැදීම අපේ එකමුතුව .

තවත් එකදෙයක් තමයි

අපේ ඒකකයෙ නිළධාරීන් නෑ.

ඔක්කොම ඉන්නෙ සහෝදරයො.

එකම අම්මගෙ සහෝදරයො.

උන් තමන්ගෙ එවුන් වෙනුවෙන් අඩනව විතරක් නෙමෙයි තමන්ගෙ එකා වෙනුවෙන් මරු කටටත් පනිනව.

එකෙක් වෙනුවෙන් හත්දෙනෙක් මේ වෙද්දි මැරුනෙ ඒකයි.

බුදු සරණයි!

මුහුනුපොතෙන් උපුටා ගැනීමකි.

🚨 ඩෙංගු අවදානම ඉහළ යයි!ඔබගේත්, ඔබේ ආදරණීයයන්ගේත් සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා නිවස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගන්න.උණ, ...
05/07/2026

🚨 ඩෙංගු අවදානම ඉහළ යයි!

ඔබගේත්, ඔබේ ආදරණීයයන්ගේත් සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා නිවස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගන්න.

උණ, ශරීර වේදනාව, හිසරදය, ඇස් පිටුපස වේදනාව සහ අධික දුර්වලතාවය වැනි රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා.

නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම්!

10/05/2026

පිටරටක කියලද රැවටුනේ…ලංකාවනම් දැන් Next Level 😍🇱🇰

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when 365 Traveler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category