Mobility Alliance

Mobility Alliance EV Charging Solutions l EV Workshop
📞 0770 511533
A Social Enterprise, Developing an EV Ecosystem!

Global Technology and Products in synergy with Local Services and Applications 🇱🇰

25/06/2026

ඕෆ් කරන වෙලාවෙ ඉඳං තත්පර 30 ක් තුළ ස්ටාට් වෙනවා ⚡

48 cc හෝ ඉලෙක්ට්‍රික් කියලා ලියාපදිංචි නොකර ධාවනය කරන්න පුළුවන් නීතියක් ලංකාවේ තිබුනෙ නෑ! වික්ක අය ඒ කාලෙත් කරේ අමූලික බ...
22/06/2026

48 cc හෝ ඉලෙක්ට්‍රික් කියලා ලියාපදිංචි නොකර ධාවනය කරන්න පුළුවන් නීතියක් ලංකාවේ තිබුනෙ නෑ!
වික්ක අය ඒ කාලෙත් කරේ අමූලික බොරුවක්!

සමහරු ඕවාට පැඩල් දාලාත් වික්කා පැදගෙන යන්න පුළුවන් කියලා 🤣 එහෙම බෑ. Motor power 250 w වලට හෝ වේගය 25 ට වැඩිය යනවනම් ලියාපදිංචිය සහ driving licence අනිවාර්යයි.

ෆුට් බයිසිකලයක් එනම් eBike උනත් වේගය 25 km/h පනිද්දි මෝටර් cutoff වෙන්නේ නැත්තං ඒවා නීති විරෝධී හෝ ලියාපදිංචි කළ යුතුයි.

දියුණු Bicycle lane තියෙන රටවල ඒවා පාත් එකේ යන්නත් බෑ හෙමින් වත්! Throttle කතන්දරේ නම් ලංකාවේ ග්‍රේ ඒරියා එකක්. යුරෝපෙ නම් බෑ, ඒක 6 k/mh වඩා වේගයක් දෙනවනම් (walk assist).

බල්ලො බලලුන්ටත් වැඩිය මිනිස්සු පාරේ මැරෙන රටක් මේක, ඒ උනාට ලේන් එකේ යන්න දන්නෙත් නෑ මෝටර් සයිකල් ත්‍රීවීල් තියා වාහන වත්!

20/06/2026

ලෝකය සමග ලංකාවේ ප්‍රවාහනය විදුලිකරණය කළ යුතුයි යන මතයේ බලශක්තිය ඇමතිවරයා සිටින බව, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති වෙනස, policy consistency අවශ්‍යතාව තේරුම් ගැනීම සහ infrastructure වෙනුවෙන් කැපවෙන බව ස්ථිර කළා 💚👏🙏

ලංකාවට එන පළමු   tractor head ( ප්‍රයිම් මූවර් ) මේක වෙයි. NCG Express Bus සමාගම Sinotruck Howo ළඟදිම ලෝන්චි කරනවා. මේ ත...
18/06/2026

ලංකාවට එන පළමු tractor head ( ප්‍රයිම් මූවර් ) මේක වෙයි. NCG Express Bus සමාගම Sinotruck Howo ළඟදිම ලෝන්චි කරනවා.
මේ තියෙන්නේ V7 - X මොඩල් එක.

Drive Type: 6x4 configuration
Motor Power: Continuous 240 kW (320 HP);
Peak 360 kW (480 HP)
Torque: 2600 N⋅m
Battery Capacity: 282 kWh to 400 kWh
Driving Range: Approx 250 - 300 km per charge depending on payload and driving conditions.
Charging: Supports dual-gun fast charging, allowing the battery to recharge up to 80% in about 30 minutes.
Load Capacity: Capable of handling GCW between 40 to 50 tons.

ඔය රේන්ජ් කියන්නේ නම් CLTC ක්‍රමයට, දුර නං ඔයිට අඩු වෙයි. හැබැයි පෝට් එකක වැඩ කරන්න හෝ ලංකාව වගේ රටවල කෙටිදුර කන්ටේනර් අදින්න කියාපු බඩුව.

කාබන් විමෝචනය අඩු කිරීම විතරක් නෙමෙයි, මේවා ප්‍රවාහන වියදමත් සෑහෙන්න අඩුකරයි!

ඔක්කොම ආවා හොඳටම ලාභ කරන්න පුළුවන් ඉලෙක්ට්‍රික් බස් තමයි තාම නැත්තේ!!!

අද ඉන්ධන කරන භූමිකාව අනාගතයේ රඟ දක්වන්නේ විදුලිය. මෙය වඩාත් වැදගත් වෙනවා ප්‍රවාහනය සඳහා ලෝකය පුරාම. ලංකාවේ ආර්ථිකයට මේක ...
17/06/2026

අද ඉන්ධන කරන භූමිකාව අනාගතයේ රඟ දක්වන්නේ විදුලිය. මෙය වඩාත් වැදගත් වෙනවා ප්‍රවාහනය සඳහා ලෝකය පුරාම.

ලංකාවේ ආර්ථිකයට මේක වඩාත් වැදගත් ආනයනික ඉන්ධන වලින් 70% තරම් වන වැඩිම ප්‍රමාණයක් පාරේ පුච්චන රටක් වීම නිසා.

මේ විදියට රටකට සංවර්ධනයට තියා මොනම ඉලක්කයක් වත් ඇචීවු කරන්න බෑ.

ප්‍රවාහනය විදුලිකරණය වීම සමගම energy security පවා අප ළඟා කරගත යුතුයි.

විදුලි වාහන ආරෝපණය මේ ක්‍රියාදාමයේ වැදගත් අංගයක්. ඒ සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ මූලික වටය පැවැත්වුණා.

මේ ප්‍රතිපත්තියේදී පහත කරුණු ඇඩ්රස් වෙනවා.
1. විදුලි රථ ව්‍යාප්තිය සහ බලශක්ති අවශ්‍යතා සඳහා ජාතික ඉලක්ක සැකසීම.
2. විදුලි රථ ආරෝපණ ව්‍යාපාර and electric vehicle charging stations standardisation regulation and certification procedures.
3. ඉන්ධන මූලික ප්‍රවාහනය විදුලි මූලික ප්‍රවාහනය කරා හැරීම හැරවීමට පහසුකම් සැපයීම.
4. Addressing energy supply and tariff anomalies.
5. Facilitating load shift and peak shaving.

ඉහත කරුණු මූලිකව UNDP සහායෙන් ඉතා හොඳ ඵලදායි පළමු සාකච්ඡාවටයක් පැවැත්වීම පිළිබඳව Eng Jayasundara ඇතුළු විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට ස්තූතියි.

එමෙන්ම මේ පිළිබඳව බලශක්ති ඇමතිවරයාගේ සහ නියෝජ්‍ය ඇමැතිවරයාගේ උනන්දුව මෙන්ම දැනුම පැහැදිලි වුනා.

, , නිලධාරින් සහ දේශපාලකයන් infrastructure and standards පිළිබඳව ඉතා හොඳ උනන්දුවක් දක්වන බව දැන ගන්න ලැබුණා

මෙතෙක් මේ ක්ෂේත්‍රය යම් unregulated තත්ත්වයක තිබීමත් අවබෝධ කර ගත හැකියි, ඒ ක්ෂේත්‍රය වර්ධනය සඳහා යම් නිදහසක් අවශ්‍ය වීම. නමුත් regulatory compliance and safety ආදිය කිසිසේත් දෙවැනි තැනට නොදැමිය යුතුයි EV charging infrastructure වල.

රටට අත්‍යවශ්‍ය national transportation policy, EV adaptation policy, energy policy ආදිය සමඟ National EV charging standards policy නිසි ඉලක්ක සහ මං සලකුණු සහිතව මේ වසර තුළම ස්ථාපිත වෙයි කියා අප ප්‍රාර්ථනා කරනවා

විදුලි ත්‍රීවීල් සහ බයික් ජනප්‍රිය වීම ලංකාවට වෙන හොඳම දෙයක්, ආර්ථික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙනුත්.    ,   RE e Tec ,  ...
11/06/2026

විදුලි ත්‍රීවීල් සහ බයික් ජනප්‍රිය වීම ලංකාවට වෙන හොඳම දෙයක්, ආර්ථික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙනුත්. , RE e Tec , e city, වගේ Indian ඒවා වැඩි. chinese ඒවත් එනවා. නම් ගොඩක්.

මේවා පාවිච්චි කරන අයට තියෙන ගැටලුවක් fast charging නැතිවීම. ETX විතරක් Chinese protocol තියෙනවා, 10 kW charging. 20 kW පුළුවන් වුණත් මේ පොඩි බැටරි වලට ඔරොත්තු දෙන්නැති නිසා වේගය අඩු කරලා ඇති.

මේවයේ බැටරි 8 to 12 kWh විතර. කිලෝමීටර් 100, 150 විතර යන්න පුළුවන්. ලංකාව වගේ පොඩි රටක විශේෂයෙන්ම ත්‍රිවිල් වල ප්‍රයෝජනය last mile solution එක වීම නිසා fast charging අවශ්‍ය ද යන්න පවා සිතිය යුතු දෙයක්.

ඇත්තෙන්ම and දිගු දුර ධාවනයට ආරක්ෂිත හෝ සැප පහසු නෑ, විශේෂයෙන්ම ලංකාවේ පාරවල්වල. මේවා අන්තර් පළාත් ධාවනයේදී ආරක්ෂාව අන්තිමයි, ඒ පාරවල වේගය වැඩි නිසා.

හැබැයි ඉඳ හිට දුර යන්න වුනොත් fast chargingy අත්‍යවශ්‍ය දෙයක්. ඒකට infrastructure හදන එක ලේසි වැඩක් නෙමෙයි. ඒවා හැදෙන එකකුත් නෑ. ආයෝජනයට ගැලපෙන ආදායමක් ගන්න බැරි නිසා මේවා ආරෝපණය කරලා.

ඒ වගේම වාහනයකට DC charging option දෙනවා යනු සැලකිය යුතු වියදමක් ටුක් එකක මුළු වියදමේ ප්‍රතිශතයක් විදියට බැලුවාම.

ඉන්දියාවේ LECCS / type 7 standard තියෙනවා චීනෙ GB/T වගේ. ඒ වගේම battery swapping ජනප්‍රියයි. ලංකාවේ ඒ ක්‍රමය දාන්න දෙතුන් දෙනෙක් ට්‍රයි කරාට හරි ගියේ නෑ.

ලංකාවෙ ටුක් නාගරිකව දුවන දුර 100 - 125 නිසා ලොකු දේවල් නොකලට slow home charging වලින් වුනත් 90% විතර අවශ්‍යතා සපිරෙයි.

ත්‍රීවීල් සහ බයික් විදුලිකරණයට සුභ පැතුම් 💚

අයිතියට වඩා වටින්නේ අත්දැකීම් යන්න පරම සත්‍යයක්. Things are what you own, experiences are what you are 💪🥂වාහන ගන්නවා නම්...
11/06/2026

අයිතියට වඩා වටින්නේ අත්දැකීම් යන්න පරම සත්‍යයක්. Things are what you own, experiences are what you are 💪🥂
වාහන ගන්නවා නම් ඒවායේ ආතල් ගන්නත් ඕනේ. මේ කොනක්, ස්ටෝරිය පස්සෙ 🤩

Location: Kalutara Furniture .

06/06/2026

ආර්ථික සහ ප්‍රායෝගික වාසි, වල නොලැබෙන ⚡

මාර්ගයේ සිටි වන අලි ගැටීමෙන් වැළකීමට ගත් උත්සාහයේදී පෙරළුනු ඉන්ධන බව්සරය. Recovery by   charging   partner Pro Auto Park...
05/06/2026

මාර්ගයේ සිටි වන අලි ගැටීමෙන් වැළකීමට ගත් උත්සාහයේදී පෙරළුනු ඉන්ධන බව්සරය.

Recovery by charging partner Pro Auto Park 🤩
මැයි 04, තලාව අනුරාධපුර පාර!

ටොයෝටා උගුරට හොරා බෙහෙත් බීම නොහොත් චීනෙට විතරක්   දීලා ලෝකෙට තෙල බෙදීම.   කියන්නේ Toyota cash cow, ඕක ඉතිං පුළුවන් තරම්...
05/06/2026

ටොයෝටා උගුරට හොරා බෙහෙත් බීම නොහොත් චීනෙට විතරක් දීලා ලෝකෙට තෙල බෙදීම.

කියන්නේ Toyota cash cow, ඕක ඉතිං පුළුවන් තරම් කල් මොන බොරුව ගහලා හරි විකුණ ගන්න එක තමයි toyota කරන්නේ 🤣

ඒ අතරතුර ඉතින් ලොවෙත් සාර්ථක නොවෙන Mirai, alternative fuel වගේ දේවල් ගැන කතා කරනවා පුළුවන් තරං කල් ඇදගෙන යන්න.

හැබැයි චීනෙට ඒ කතා හරියන්නේ නෑ, චීනයේ මාකට් එකෙන් එළියට විසි වුනොත් ලෝකෙත් එක්ක ඉහ ගහගන්නත් අමාරු වෙනවා. ඒකයි Tesla වුනත් එහේ ෆැක්ටරි දැම්මේ.

GAC එක්ක හදපු Bz7 හොඳට විකිණෙනව චීනෙ, හැබැයි Model S or 5 series එකට වැඩිය ලොකු, මීටර් පහකට වඩා දිග මේක එහේ විකුනන්නෙ Model 3 මිලට.

මෙච්චර ලස්සන කාර් එකක් එක්ක ඒ තත්ත්වයට වැටිය යුතු නෑ. හැබැයි චීනෙට නම හෝ තාක්ෂණය දැන් ලොකු නැතුව ඇති.

දැන්වත් ඉතිං ලැජ්ජාව සහ Hybrid, ආදිය පැත්තකින් තියලා toyota BEV විය යුතුයි 😁 නැත්තං කොච්චර සල්ලි තිබුනත් Nokia Sony Kodak ආදීන් ගිය ගමන යන්න ඉඩ තියෙනවා 🫣

Address

294, Gangarama Road
Boralesgamuwa

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 14:00

Telephone

+94707007139

Alerts

Be the first to know and let us send you an email when Mobility Alliance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mobility Alliance:

Share