come to visit sri lanka

come to visit sri lanka come to visit beautiful sri lanka

සොබා දහමේ අපූරු නිමැවුමක් වන ලංකාවේ එකම "හුණුගල් පොකුණ" 😮⛲️Balangoda 🇱🇰බළන්ගොඩ රජවක රක්ෂිතයේ  තංජන්ගැන්න ගල්ලැල්තොට ප්‍ර...
14/08/2024

සොබා දහමේ අපූරු නිමැවුමක් වන ලංකාවේ එකම "හුණුගල් පොකුණ" 😮⛲️Balangoda 🇱🇰

බළන්ගොඩ රජවක රක්ෂිතයේ තංජන්ගැන්න ගල්ලැල්තොට ප්‍රදේශයේ හමුවී ඇති සුවිශේෂී ස්තානයක් තමයි "හුණුගල් පොකුණ".

මෙයට හුණුගල් පොකුණ කියා හඳුන්වන්නේ ස්වභාවිකවම හුණුගල් ඛාදනය වී පොකුණු මෙන් වටවුණු කුඩා තඩාග බොහෝමයක් නිර්මාණය වී ඇති හෙයිනි.

ඉතා මනස්කාන්ත පරිසරයක පිහිටි බලංගොඩ තන්ජන්තැන්න ප්‍රදේශයේ පිහිටි කූරගල රක්ෂිතය මෙම අපූරු දායාදයන් රැසකින් හෙබි පරිසරයක් වනවා. ස්වභාවික හුණුගල් පොකුණ මෙම දායාදයන් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නවා.

බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ පිහිටි අති සංවේදී පරිසර පද්ධතියක් වන මෙම හුණුගල් පොකුණු විනාශ කරන්න එපා ✋

📷 credit goes to original photographer



පේජ් එකටත් ලයික් කරලා තියාගන්න තවත් මේ වගේ සුන්දර තැන් ගැන දැනගන්න❤️

ලංකාවේ හැංගීලා ඇති පුදුම ලස්සන තැනක්  කවුරුත් වැඩිය නොදන්න ඉදල්ගස්‍හින්න ඇති ලෝකයේ පලවෙනි organic tea estate එකේ බංගලාව ...
16/07/2024

ලංකාවේ හැංගීලා ඇති පුදුම ලස්සන තැනක්

කවුරුත් වැඩිය නොදන්න ඉදල්ගස්‍හින්න ඇති ලෝකයේ පලවෙනි organic tea estate එකේ බංගලාව

Haldummulla Estate Bungalow

📷 credit goes to original photographer



පේජ් එකටත් ලයික් කරලා තියාගන්න තවත් මේ වගේ සුන්දර තැන් ගැන දැනගන්න❤️

Hike එකකට මරු අලගල්ල Alagalla mountain range📷 credit goes to original photographer                පේජ් එකටත් ලයික් කරලා ...
05/07/2024

Hike එකකට මරු අලගල්ල
Alagalla mountain range

📷 credit goes to original photographer



පේජ් එකටත් ලයික් කරලා තියාගන්න තවත් මේ වගේ සුන්දර තැන් ගැන දැනගන්න❤️

දඹුල්ලේ තියෙන ලස්සන Resort එකක් තමයි මේ Raintree Resort Dambulla ❤️ සුන්දර පරිසරයක්, කදු පන්තියකින් වටවූ ජලය මතු පිට පිහ...
29/06/2024

දඹුල්ලේ තියෙන ලස්සන Resort එකක් තමයි මේ
Raintree Resort Dambulla ❤️

සුන්දර පරිසරයක්, කදු පන්තියකින් වටවූ ජලය මතු පිට පිහිටා තිබෙන මෙම Cottage එකක ඔබ දවසක් හරි ඉන්නම ඕනේ. ❤

එහෙනම් Dambulla Kandy පාරෙ පිහිටා තියෙන මේ මනරම් සුන්දර ස්ථානයට අනිවාර්යයෙන්ම ගිහින් බලන්න❤😍

📷 credit goes to original photographer



පේජ් එකටත් ලයික් කරලා තියාගන්න තවත් මේ වගේ සුන්දර තැන් ගැන දැනගන්න❤️

එක දවසින් හයික් එකක් ගිහින් එන්න පුලුවන් ලස්සන කන්දක් 😍පීකොක් හිල්, පුස්සැල්ලාව 📷 credit goes to original photographer  ...
24/06/2024

එක දවසින් හයික් එකක් ගිහින් එන්න පුලුවන් ලස්සන කන්දක් 😍
පීකොක් හිල්, පුස්සැල්ලාව

📷 credit goes to original photographer



පේජ් එකටත් ලයික් කරලා තියාගන්න තවත් මේ වගේ සුන්දර තැන් ගැන දැනගන්න❤️

දෙමෝදර කලු පාලම 🥰🇱🇰💚📸 photo Credit goes to original photographers                පේජ් එකටත් ලයික් කරලා තියාගන්න තවත් මේ ...
18/06/2024

දෙමෝදර කලු පාලම 🥰🇱🇰💚

📸 photo Credit goes to original photographers



පේජ් එකටත් ලයික් කරලා තියාගන්න තවත් මේ වගේ සුන්දර තැන් ගැන දැනගන්න❤️

ඉබ්බන්කටුව වැව ලග ඇති - ආනකටාව පන්සල 🙏 අනිවාර්යෙන්ම දවසක මේ පන්සලට යන්න හරිම ලස්සනයි❤️📸 photo Credit goes to original ph...
08/06/2024

ඉබ්බන්කටුව වැව ලග ඇති - ආනකටාව පන්සල 🙏 අනිවාර්යෙන්ම දවසක මේ පන්සලට යන්න හරිම ලස්සනයි❤️

📸 photo Credit goes to original photographers



පේජ් එකටත් ලයික් කරලා තියාගන්න තවත් මේ වගේ සුන්දර තැන් ගැන දැනගන්න❤️

සුන්දර මන්දාරම් නුවර⭕ ගමන් මගමහනුවර සිට රිකිල්ලගස්‌කඩ හඟුරන්කෙත පසුකොට පදියපැලැල්ට විත් එළමලේ හන්දියෙන් හැරී කිලෝමීටර් 1...
04/06/2024

සුන්දර මන්දාරම් නුවර

⭕ ගමන් මග

මහනුවර සිට රිකිල්ලගස්‌කඩ හඟුරන්කෙත පසුකොට පදියපැලැල්ට විත් එළමලේ හන්දියෙන් හැරී කිලෝමීටර් 11 ක්‌ පමණ දුර ගිය කල මන්දාරම් නුවර මුණගැසේ.

මේ ගමට මන්දාරම් නුවර කියලා කියන්නේ ඇයි කියලා දන්නවද? ඒ තමයි වෙනදට වඩා පරක්කු වෙලා හිරු උදාව වෙනවා වගේම, හිරු බසින්නේ වෙන ගම් වලට වඩා ඉක්මනින්. මේකට හේතුව තමා මන්දාරම් නුවර කියන මේ ගම තිබෙන්නේ
පිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩගබ්බල කඳුවැටි සතරට මැදිව පිහිටි
කඳු වළල්ලක් මැද පතුලේ වීම.

අද ගම්මානයකට සීමාවී ඇති නමුදු මන්දාරම් නුවර යනු විශාල ඉතිහාස කතාන්දරයක්‌ සඟවාගෙන සිටින ගමකි. මන්දාරම්පුර පුවත නමින් කව් 866 කින් යුත් පැරැණි කව් පොත් තිබේ. සීතාවක රාජසිංහ රජුගේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්‌වා රජවරු 8 දෙනෙක්‌ ගැන මේ කව් පොතේ තොරතුරු විස්‌තර වේ. වෙනත් ලෙසකින් කිවහොත් ශත වර්ෂ 2 ක කාලයක්‌ උඩරට රාජධානියේ රජකම් කළ රජවරු ගැන මේ කව් පොතේ සඳහන් වේ.

මන්දාරම් නුවර ඈත ඉතිහාසයේ සිට රජවරුන්ට බොහෝ සේ ප්‍රයෝජනවත් වූ ආරක්‍ෂිත ස්‌ථානයකි. මහනුවර රාජධානියට මැඬලිය නොහැකි ප්‍රහාරයක්‌ එල්ල වූ හැම විටම රජවරු පලාගියේ මන්දාරම්පුරයටය. ඒ තනිවම නොවේ. රජ බිසව ඇතුළු අන්තඃපුර ස්‌ත්‍රීන්ද, රන්, රිදී, මුතු, මැණික්‌ ආදී සියලු ධනයද රැගෙනය.

මහනුවර යුද්ධයක්‌ නම් ඊට මුහුණදී ගත නොහැකි නම් රජවරු අන්ත(පුර බිසවුන් රාජාභරණ රං රිදී මුතු මැණික්‌ ගෙනැවිත් ආරක්‍ෂාවට තැබුවේ මන්දාරම් පුරයේය.

නමුත් මාළිගාතැන්න නමින් හැඳින්වෙන ස්‌ථානයක්‌ හැර රජවරු පදිංචිව සිටියාදැයි දැනගත හැකි කිසිදු පුරාවිද්‍යාත්මක සාක්‍ෂියක්‌ දැන් මන්දාරම් පුරෙහි දකින්නට නැත.

⭕ බලන්න තියෙන තැන්

✅ කොලපතන ඇල්ල.

“රජකාලෙ දි, මල්සරා කියල දේවීයක් ඇල්ල බලන්න කොළපතකට බත් ඔතාගෙන ඇවිත්, කොළපත එතැන දාල ගිහිල්ල. එදා ඉඳන් තමයි කොල පත දාලා ගිය ඇල්ල... කොළපතන ඇල්ල කියල නම වැටිලා තියෙන්නෙ.

* ගමන් මාර්ගය සකසා ඇත.
* රු.100.00 ප්‍රවේශ පත්‍රයක් ගත යුතුය.
* දිය ඇල්ලෙන් නෑම සහ බැසීම තහනම්.
* උදෑසන 8.00 සිට සවස 5 දක්වා ප්‍රවේශ පත්‍රා නිකුත් කරනු ලබයි.

✅ කොඩි ආර ගල

ගම්මානය ආසන්නයේම ඉතාමත් උස් වූ කඳු මුදුනක් තිබෙනවා.ඒකට තමයි කොඩියාකර කන්ද කියලා කියලා කියන්නේ.එහෙම නැත්නම් කොඩියාකර ගල කියලත් එය හඳුන්වනවා. ඔබට එහි යාමට අවැසි නම් ඒ සඳහා අවසර ලබා ගත යුතුයි.

* කූඩැල්ලන් බහුලය.
* බඹර කූඩු ඇති බැවින් ප්‍රවේශම් විය යුතුයි.
* සීග්‍ර නැග්මක් මෙන්ම බැසීමේදී බෑවුම අදිකය.
* ගම් වාසියකුගේ හෝ දන්නා පුද්ගලයකුගේ සහය නැතුව ගමන් කිරීමෙන් වලකින්න
* කන්ද නැගීමට මග පෙන්වීමට යන සමහරක් ගම්වාසීන් රු.2000 -3000 අතර මුදලක් අය කරයි.

✅ බෙර ගහන ඇල්ල.

ගම් වාසීන් පවසන ආකාරයට බෙරයක සද්දයක් මෙම දිය ඇල්ලෙන් අසන්නට ලැබෙන අතර ඈත අතීතයේ පටන් මෙ සදහා බෙර ගහන ඇල්ල ලෙස පවසන බවයි.මගුල් බෙර වාදනයක සද්දයක් මෙම දිය ඇල්ලෙන් නිහඩව කන් දෙන විට අපටද ඇසුනි...

* කොඩි ආර ගල යන මාර්ගයේ මග දුරක් ගමන් කර මගින් හැරී වනය මැදින් අනෙක් පසට ගමන් කල යුතුය.
* මාර්ගයක් නොමැත.කැලය මැදින් යා යුතුය.

✅ කොල්ලන්ගල

ගමට ගිය පසු වට පිට බැලූ විට විශේශයෙන් පෙනෙන පර්වතයකි.කොල්ලන්ගල නමින් එන විශාල ගල් පර්වතයක එක්‌ දිසාවකට අත දිගු කරගෙන සිටින මිනිස්‌ රූපයක්‌ කොටා තිබේ. මන්දාරම් පුරවැසියෝ අදටත් විශ්වාස කරන්නේ කොල්ලන්ගල නමැති මේ පර්වතයේ කොටා තිබෙන මිනිස්‌ රූපය අත දිගු කරගෙන සිටින්නේ නිධානය තිබෙන තැන දෙසටය යනුවෙනි. එහෙත් තවමත් කිසිවෙකුත් නිධානය සොයාගෙන නැත.

⭕ විශේෂ සටහන්

1.නුවර පාරෙන් රිකිල්ලගස්කඩ, හඟුරන්කෙතට ගිහින් මන්දාරම් නුවරට යන එක ලේසි වුණත් නුවරඑළිය, කඳපොළ හරහා මන්දාරම් නුවරට යන පාර තමයි ලස්සනම. නුවර එළියෙ ඉඳන් දුර තියෙන්නෙත් කිලෝමීටර 40ක් විතර නිසා ලොකු අවුලකුත් නෑනෙ.

2.මෙම රක්ෂිතයට අයත් කිසිදු ස්ථානයක විශේෂ අවසරයකින් තොරව camping ගහන්න නම් තහනම්. මේ ගම්මානයේ ජීවත්වන සියලූම දෙනා පානය කරන්නේ ගලාගෙන යන පිරිසිදු ජලය.

3.දිය නෑමට හැකි ස්ථාන ඇත.ගම් වාසියකුගේන් අසා දැන එම ස්තාන පමනක් දිය නෑමට භාවිතා කරන්න.

4.ආහාර පාන ගැනීමට ස්තාන ඇත. (ලොකු හෝටල් නෙමේ...ඒත් කෑම පට්ට රහයි) කලින් කතා කරන් යන්න පුලුවන් නම් ඒ තැනකට ගොඩක් පහසුවක් වෙයි.

5.ඝෝෂාකාරීව හැසිරීම,දුම් පානය සහ මත් පැන් පානය තහනම්.

බොහෝ පිරිස් මන්දාරමු නුවර ගොස් කොළපතන ඇල්ල පමණක් නරඹා එන වග අපි දනිමු. එහෙත් මන්දාරම්නුවර අවටම පවතින මේ සුන්දර ස්ථාන මගහැර ගනිති. කබරගල ඇල්ල ඇතිනිවල ඇල්ල රන්කොටියාබොක්ක නැරඹුම් ස්ථානය පෙයාර්ස් ගොවිපල,කොඩි ආර ගල,බෙර ගහන ඇල්ල... ඒවත් බළලම එන්න

📸 photo Credit goes to original photographers



පේජ් එකටත් ලයික් කරලා තියාගන්න තවත් මේ වගේ සුන්දර තැන් ගැන දැනගන්න❤️

මැරෙන්න කලින් එක පාරක් හරි යන්නම ඕනි තැනක් ❤️Secret Heaven Haguranketha📸 photo Credit goes to original photographers    ...
03/06/2024

මැරෙන්න කලින් එක පාරක් හරි යන්නම ඕනි තැනක් ❤️
Secret Heaven Haguranketha

📸 photo Credit goes to original photographers



පේජ් එකටත් ලයික් කරලා තියාගන්න තවත් මේ වගේ සුන්දර තැන් ගැන දැනගන්න❤️

රන්තාලිය වැවේ සුන්දරත්වය විදිමුඒ නමින් රන්තාලිය වැවයි..කාගේත් නෙත් සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් අපුරු සොබා සෞන්දර්යෙන් පි...
31/03/2024

රන්තාලිය වැවේ සුන්දරත්වය විදිමු

ඒ නමින් රන්තාලිය වැවයි..

කාගේත් නෙත් සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් අපුරු සොබා සෞන්දර්යෙන් පිරී මේ අවට හරිම ලස්සනයි....

මේ වැවට රන්තාලිය කියන නම වැටිලා තියෙන්නේ මේ වැවේ ඒ කාලේ සෑම දවසකම එක් හෝරාවක රන්තලියක් මතුව තිබෙනවා..

අන්න ඒ නිසා තමා මේ නම ලැබිලා තියෙන්නේ ..

මේ අවදියේ රජකම් කල වත් හිමි කුමාරයකු මේ රන්තාලිය ගන්න උත්සහ කරත් ඒක ව්‍යර්ථ වෙලා තියෙනවා.....

ඉතින් ඒ විතරක් නෙමේ මේ රන්තාලිය අරන්දෙන කෙනෙක්ට ගොඩක් වස්තුව දෙනවා කියලා ප්‍රසිද්ධ කරා...

නමුත් කාටවත් ගන්න නම් ලැබිලා නෑ..
එයින් කෝපයට පත් වත් හිමි කුමරූ ඒ මිනිස්සුන් මරා දමන්න පටන් අරන්...

මේ කුමරුගෙන් ජනතාව බේරා ගන්න ඇතුගල කන්ද මුදුනේ පිරිත් මණ්ඩපයක් හදලා දින 7ක් පිරිත් කියලා අවසන් දිනේ ඒ පිරිත් මණ්ඩපයේ බැමි ලිහිල්කොට කුමරු කදුමුදුනෙන් පහලට හෙලා ඇති බව ජනප්‍රවාදයේ සදහන්...

පස්සේ ජනතාවටත් හොදින් ඉන්න ලැබුනා කියලා ජනප්‍රවාදයේ සදහන් වෙනවා...

කොහොම වුනත්...

අක්කර 150ක විහිදී මේ වැව මුලු කුරුණෑගලටම ආඩම්බරයක්...

නිදහසේ සුවදායී පරිසරයක මොහොතක් ගත කරන්නට කැමැති කවුරුත් පාහේ මෙතැනට පැමිණෙන්නට පුරුදු වෙලා තියෙනවා...

ඔයාලත් කුරුණෑගල ගියාම රන්තාලිය වැව ලගට යන්න අමතක කරන්න එපා..

📸 photo Credit goes to original photographers



පේජ් එකටත් ලයික් කරලා තියාගන්න තවත් මේ වගේ සුන්දර තැන් ගැන දැනගන්න❤️

මනස්කාන්ත මන්දාරම්නුවර😍 තුන්වේලම එක්ක 3900= ට😲 camping resort අත්දැකීමක්💚😍Mandaramnuwara Camping Resort Camping කිව්වට ම...
26/03/2024

මනස්කාන්ත මන්දාරම්නුවර😍 තුන්වේලම එක්ක 3900= ට😲 camping resort අත්දැකීමක්💚😍

Mandaramnuwara Camping Resort

Camping කිව්වට මෙක පුන්චි ලස්සන cottage අත්දැකීමක් 🥺😍☘️🌸🍀

පිදුරුතළාගල කදු පාමුල පිහිටා ඇති සුන්දර පරිසරයකට උරුමකම් කියන ලස්සන ගමක් වන මන්දාරම්නුවර,🥺😍

ගොවිතැන ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් සුන්දර ගැමි ජනජීවිත වලින් පිරි ගම්මානයක් 💚🌹

ලස්සන කදු සහ දියඇලි හතරවටේ 😍

නිදහසේ නිස්කලංක පරිසරයක වෙනස්ම අත්දැකීමක් සමගින් යාළුවෝ සෙට් එකට, ෆැමිලි වලට ඇවිත් ලස්සන නිවාඩුවක් ගත කරන්න කියාපු 🌿 Eco friendly resort 🌳🌱🌿එකක් තමයි මේක.

(01) camping
✅රාත්‍රී ආහාරය
✅උදේ තේ
✅උදේ ආහාරය
✅BBQ (extra)
3300/=

(02) 🔥Full Board
✅උදේ තේ
✅උදේ ආහාරය
✅ස්වභාවික නාන තොටුපලක දියනෑම
✅දවල් ආහාරය
✅රාත්‍රී ආහාරය
✅BBQ (extra)
= 3900/- Per person

(03) 🔥Camping with Hike
✅උදේ තේ
✅උදේ ආහාරය
✅දවල් ආහාරය
✅රාත්‍රී ආහාරය
✅BBQ (extra)
✅මග පෙන්වන්නෙකුගෙ සහය
✅ කඳු තරණය
✅ කඳු තරණයට අවශ්‍ය ආහාර පාන.
♾minimum 8 people
= 4900/- Per person

(04) 🔥Camping with safari
✅උදේ තේ
✅උදේ ආහාරය
✅දවල් ආහාරය
✅රාත්‍රී ආහාරය
✅BBQ (extra)
✅ safari jeep
♾minimum 10 people
$ = 5300/- Per person

(05) 🔥camping with safari jeep
දින 02ක් Night 01ක්
✅දවල් ආහාරය
✅හවස තේ
✅රාත්‍රී ආහාරය
✅BBQ (extra)
02වන දිනය
✅උදේ තේ
✅උදේ ආහාරය
✅ safari jeep
✅ දවල් ආහාරය
✅ හවස රොටී සමග තේ
♾minimum 10 people.
= 6600/- Per person

(06)🔥Special Couple package
Camping 🏕 BBQ Night
✅උදේ තේ
✅උදේ ආහාරය
✅ ස්වභාවික නාන තොටුපලක දියනෑම
✅දවල් ආහාරය
✅රාත්‍රී ආහාරය
✅BBQ
12000/= one couple

⭕ (මහනුවර Railway station එක ලග ඉදලම ප්‍රවාහන පහසුකම්ද ලබාගත හැක.)

අදම දිනයක් වෙන්කරවා ගන්න.
Call කරන්න - 0761554185

📸 photo Credit goes to original photographers



පේජ් එකටත් ලයික් කරලා තියාගන්න තවත් මේ වගේ සුන්දර තැන් ගැන දැනගන්න❤️

එතන ලස්සන බලන්නකෝ පිටවල පතන | Pitawala Pathana 📸 photo Credit goes to original photographers                පේජ් එකටත් ල...
19/01/2024

එතන ලස්සන බලන්නකෝ
පිටවල පතන | Pitawala Pathana

📸 photo Credit goes to original photographers



පේජ් එකටත් ලයික් කරලා තියාගන්න තවත් මේ වගේ සුන්දර තැන් ගැන දැනගන්න❤️

Address

Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when come to visit sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share