Sachi on Route

Sachi on Route 🌍 හැම ගමනකම ලස්සන කතාවක් තියෙනවා.
📸 Travel stories, guides & unforgettable moments

🎥 New adventures on YouTube – Sachi On Route

01/09/2026

🚆🌿
ගමනාන්තයට වඩා ලස්සන වෙන්නේ,
ඒ ගමනේදී හමුවෙන දසුන්…
හමුවෙන මිනිසුන්…
මතකයන්… 🤍✨

සමහර ගමන්, ජීවිතේ ලස්සනම මතක වෙනවා. 🥹🚆

🌊 Trinco Vlog Episode 02 | Sampur Adventure 🇱🇰ට්‍රින්කෝමලී නගරයෙන් ටිකක් ඈතට ගියොත් හමුවෙන, තවමත් බොහෝ දෙනා නොදන්නා සුන්...
05/08/2026

🌊 Trinco Vlog Episode 02 | Sampur Adventure 🇱🇰

ට්‍රින්කෝමලී නගරයෙන් ටිකක් ඈතට ගියොත් හමුවෙන, තවමත් බොහෝ දෙනා නොදන්නා සුන්දර තැනක් තමයි සාම්පූර්. 🌿

මේ vlog එකෙන් අපි යන්නෙ ඉතිහාසයක්, නිස්කලංක මුහුදු දර්ශන, ස්වභාවික සුන්දරත්වය සහ සැඟවුණු මාර්ග එකට ගැලපෙන අපූරු ගමනකට. ✨

ඔයත් Trincomalee යන්න අදහසක් තියෙනවා නම්, මේ video එක අනිවාර්යයෙන්ම බලන්න. ❤️

🎥 Full Vlog 👇
Like 👍 | Comment 💬 | Share 🔄 කරන්න අමතක කරන්න එපා.



🛵 Trincomalee Vlog Series | Sampur Adventure 🇱🇰In this vlog, we e...

04/08/2026

Trinco season එක miss කර ගන්න එපා 😉😉

28/07/2026
26/07/2026

යමුද sampur lighthouse එක බලන්න 😍

2023දී අපි නුවර ගියපු වෙලාවේ හන්තාන Bird Park එකටත් ගියා. 🦜💚 ඒක අදටත් මතකයේ තියෙන හරිම ලස්සන අත්දැකීමක්.එතන හිටපු එක කුර...
23/07/2026

2023දී අපි නුවර ගියපු වෙලාවේ හන්තාන Bird Park එකටත් ගියා. 🦜💚 ඒක අදටත් මතකයේ තියෙන හරිම ලස්සන අත්දැකීමක්.

එතන හිටපු එක කුරුල්ලෙක් අපි හිනා වෙනකොට එයත් මා හයියෙන් කෑගහගෙන හිනාඋනා. 😄 ටිකක් පයින් ඇවිදින්න තිබුණත්, ඒ වටපිටාවයි, කුරුල්ලෝයි, දැනුණු නිදහස් හැඟීමයි ඒ හැම මහන්සියක්ම අමතක කරවපු තැනක්. 🥹

ඒ ගමනේ සියලුම විස්තර එක්ක vlog එකක් මගේ Sachi On Route YouTube channel එකේ තියෙනවා. 🎥✨

ආයෙත් යන්න ඕනේ කියලා හිතාගෙන හිටියත් තාම ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ඒත් මේ පාර Pet Expo එකේ hanthana bird park එකේ stall එක දැක්කහම, ඒ මතක ඔක්කොම ආයෙත් අලුත් වුණා. ❤️

Bird Park එකේදී දැනෙන ඒ විශේෂ හැඟීම නම් මෙතන තිබුණේ නැහැ. ඒත් ඒ සුන්දර මතක ටික නැවත මතක් කරගන්න ලැබුණු එකත් මට ගොඩක් වටින අත්දැකීමක්. 🫶

Hanthana International Bird Park & Recreation Center

2nd part Pet Expo 2026🐶
21/07/2026

2nd part Pet Expo 2026🐶

අයිති මගේ නොවුණත්… මේ හැම තෙත හොම්බෙක්ම ටික වෙලාවකට හරි මගේ හිත සම්පූර්ණයෙන්ම හොරකම් කළා. 🥹🐾❤️Pet Expo 2026 එකේ මතක අතරි...
21/07/2026

අයිති මගේ නොවුණත්… මේ හැම තෙත හොම්බෙක්ම ටික වෙලාවකට හරි මගේ හිත සම්පූර්ණයෙන්ම හොරකම් කළා. 🥹🐾❤️

Pet Expo 2026 එකේ මතක අතරින් ආදරණීය moments ටිකක්. ✨

හැම photo එකක්ම හිනාවක්… හැම හමුවීමක්ම මතකයක්. ✨

මම අවුරුද්දක් තිස්සේ බලාගෙන හිටිය දවසක් තමයි මේ! 😍🐶❤️ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2025 තිබුණු Dog Festival එක මට මඟ ඇරුණා. ම...
21/07/2026

මම අවුරුද්දක් තිස්සේ බලාගෙන හිටිය දවසක් තමයි මේ! 😍🐶❤️

ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2025 තිබුණු Dog Festival එක මට මඟ ඇරුණා. මට මතක විදියට ඒක තිබුණේ විහාරමහාදේවී පාර්ක් එකේ. හැබැයි date එක වෙනස් වෙලා තිබුණු නිසා මට යන්න බැරි වුණා. එදාම හිතාගත්තා, කොහොමහරි 2026 event එකට නම් අනිවාර්යයෙන්ම යනවා කියලා.

ඊට පස්සේ page එක follow කරගෙන, date එක announce කරනකල් පුදුම ආසාවකින් බලාගෙන හිටියේ. අද ඒ බලාපොරොත්තුව ඉටු වුණා. 😍✨

Pet Expo 2026 සංවිධානය කළ හැමෝටම ගොඩක් ස්තූතියි. අපි වගේ සුරතල් සතුන්ට ආදරේ කරන අයට මේ වගේ ලස්සන experience එකක් ලබා දුන්නට. ❤️

ඒ වගේම තමන්ගේ ආදරණීය සුරතලුන් අපිට හුරතල් කරන්න, අතගාන්න, වඩාගන්න අවස්ථාව දුන්න හැමෝටමත් හදවතින්ම ස්තූතියි. 🥹🐾

මගේ අන්තිම ආදරණීය තෙත හොම්බා 2025 ජනවාරි මාසයේ අපිව දාලා ගියා. 😞💔 ඒ දුකෙන් පස්සේ තව කෙනෙක් හදන්න තාමත් මගේ හිත හදාගන්න බැරි වෙලා ඉන්නේ.

හැබැයි මෙහෙම සුදු බෝල ටිකක් එක්ක දවසක් ගත කරන්න නම්, නොකා නොබී වුණත් මට පුළුවන්. 🥹❤️ ජානවලින්ම ඇවිත් තියෙන මේ පිස්සුව නිසා, අද දවස මගේ හිතට ලොකු සතුටක් ගෙනාවා. 🐶💕

Thank you amma & my ❤️ දවස් 2කම මාව එක්කගෙන ගියාට 😘

13/07/2026

One step closer to paradise. 💙🏝️

Address

Ruwanweli Seya
Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Sachi on Route posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share