දුම්රිය තොරතුරු

දුම්රිය තොරතුරු දුම්රිය ලෝලීන්ගේ සංගමය ����

06/08/2026
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලුවලට බලධාරීන් කඩිනම් පියවර නොගන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ද...
01/08/2026

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලුවලට බලධාරීන් කඩිනම් පියවර නොගන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේ බරපතළ සංඥා දෝෂ රැසක් පවතින පසුබිමක, බලධාරීන් විසින් තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිත ලෙස ආරම්භ කර ඇති බවය.

පසුගිය සතියේ සිට මෙම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කර තිබුණ ද, මේ දක්වා අදාළ මාර්ග පද්ධතියේ සංඥා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නොමැති බව ද ඔහු පෙන්වා දී තිබේ.

එමෙන්ම දැනට මැදවච්චිය සහ තලෙයිමන්නාරම් තොට දක්වා ඇති තනි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදුවන්නේ 'නියමු ක්‍රමවේදය' යටතේ බව ද සාමාන්‍යයෙන් මෙවැනි නියමු ක්‍රමවේදයක් භාවිත කරනු ලබන්නේ කිසියම් සංඥා දෝෂයක් වැනි සුවිශේෂී හදිසි තත්ත්වයකදී පමණක් වුව ද, බලධාරීන් විසින් මේ වන විට එය ස්ථිර ධාවන ක්‍රමවේදයක් ලෙස දිගින් දිගටම භාවිත කරමින් සිටින බවට ද ඔහු චෝදනා කර සිටී.

තලෙයිමන්නාරම මාර්ගයට අමතරව මහව - අනුරාධපුර කොට්ඨාශයේ ද සංඥා පිළිබඳ පවතින ගැටලු මෙතෙක් විසඳී නොමැති අතර, එහි ද කටයුතු සිදුවන්නේ තාවකාලික සංඥා ක්‍රමවේදයන් යටතේ බව සුමේධ සෝමරත්න මහතා සඳහන් කර සිටී.

කෝටි ගණනක මහජන ධනයක් වියදම් කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද මෙම දුම්රිය මේ වන විට අභාවයට යන තත්ත්වයකට පත්ව ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය

උපුටා ගැනිමක්.... ..

අනුරාධපුර ජාතික පිච්චමල්  පුජාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ගමන් වාර කිහිපයක් ජුලි 24,25 සහ 26 යන තෙදින වල ධාවනයට එක්  ක...
17/07/2026

අනුරාධපුර ජාතික පිච්චමල් පුජාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ගමන් වාර කිහිපයක් ජුලි 24,25 සහ 26 යන තෙදින වල ධාවනයට එක් කර ඇත...

බෙලිඅත්ත හික්කඩුව කොළඹ කොටුව මහව හංදිය සිට අනුරාධපුර දක්වාත් නැවත අනුරාධපුර සිට එම ගමනාන්ත දක්වා එම විශේෂ දුම්රියන් ධාවනය කෙරේ....

කාල සටහන පහළින්...👇👇

781 ජපන් පුසා එයත් ඔන්න  ගමන යන්න සියල්ල සුදානම් ...❤️
08/07/2026

781 ජපන් පුසා එයත් ඔන්න ගමන යන්න සියල්ල සුදානම් ...❤️

දුම්රිය බලවේග කට්ටළ නොමැති වීමේ හේතුවෙන් ඉන්ඩ්‍රසිටිය  දවස් දෙකකට නවති..  කොළඹ  කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා උදෑසන කාලයේ...
08/07/2026

දුම්රිය බලවේග කට්ටළ නොමැති වීමේ හේතුවෙන් ඉන්ඩ්‍රසිටිය දවස් දෙකකට නවති..

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා උදෑසන කාලයේ ධාවනය වු Kks නගරාන්ත සීඝ්‍රගාමි දුම්රිය අගහරුවදා සහ බ්‍රහස්පතින්දා දින හැර අනෙකුත් දවස් වල ට ධාවනය වේ....

එමෙන් ම එම දිනවල කන්කසන්තුරේ දක්වා ධාවනය වන්නේ රාත්‍රී තැපැල් සීඝ්‍රගාමි දුම්රිය පමණයි...

දෙවනි තිරිංග මැදිරියත් පටවා අවසන් , ප්‍රවාහනය ආරම්භ කෙරේ. අද දින මහනුවර සිට පේරාදෙණිය දක්වා රැගෙන යාමට නියමිත M5c 781 එන...
03/07/2026

දෙවනි තිරිංග මැදිරියත් පටවා අවසන් , ප්‍රවාහනය ආරම්භ කෙරේ.
අද දින මහනුවර සිට පේරාදෙණිය දක්වා රැගෙන යාමට නියමිත M5c 781 එන්ජිම සහ තිරිංග මැදිරි දෙකෙන් පලමු තිරිංග මැදිරිය සහ දෙවනි තිරිංග මැදිරියත් ප්‍රවාහනය සදහා කටයුතු සුදානම් කර අවසන් අතර මැදිරි ප්‍රවාහනය ආරම්භ වී ඇත . මෙහිදි මැදිරි වල රෝද කට්ටල වෙනම ගලවා රැගෙන යනු ලැබේ. මෙම මැදි⁣රි දෙක සහ රෝද කට්ටල පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් එහිදි නැවත රේල්පිලි ගත කර ධාවනයට සුදුසු පරිදි එකලැස් කිරිම සිදු වේ.

තන්ත්‍රි සමාගමේ සහ Dutch Lanka Trailers සතු Low Bed Trailer මගින් මැදිරි රැගෙන යනු ලබන අතර , DP Jayasinghe සමාගම සතු ටොන් 200 ක් එසවිය හැකි රථය මගින් මෙම මැදිරි එසවීම සිදු විය

මීලගට සුදානම්ව සිටින්නේ M5C 781 එන්ජිම ප්‍රවාහනය සදහා පැටවීමයි. නමුත් සැලසුමේ වෙනසක් සිදුව ඇති නිසා M5 781 එන්ජිම ප්‍රවාහනය ජුලි 6 වෙනිදා සිදුකිරිමට කටුයුතු යොද ඇත.

උපුටා ගැනිමක් මුල් අයිතිය..Theekshana Lankara

ජායාරුප අයිතිය - I Love Kandy පිටුව සතුයි.

පලමු තිරිංග මැදිරිය පටවා අවසන් !!අද දින මහනුවර සිට පේරාදෙණිය දක්වා රැගෙන යාමට නියමිත M5c 781 එන්ජිම සහ තිරිංග මැදිරි දෙක...
03/07/2026

පලමු තිරිංග මැදිරිය පටවා අවසන් !!

අද දින මහනුවර සිට පේරාදෙණිය දක්වා රැගෙන යාමට නියමිත M5c 781 එන්ජිම සහ තිරිංග මැදිරි දෙකෙන් පලමු තිරිංග මැදිරිය ප්‍රවාහනය සදහා කටයුතු සුදානම් කර අවසන්. මෙහිදි මැදිරියේ රෝද කට්ටල වෙනම ගලවා රැගෙන යනු ලැබේ.

තන්ත්‍රි සමාගමේ Low Bed Trailer මගින් මැදිරිය රැගෙන යනු ලබන අතර , DP Jayasinghe සමාගම සතු ටොන් 200 ක් එසවිය හැකි රථය මගින් මෙම මැදිරි එසවීම සිදු වේ.

උපුටා ගැනුමක්...

ජායාරුප අයිතිය - Indika Weerakoon මහතා සතුයි.

ධාවනය සඳහා බලවේග කට්ටලයක් (Power Set) නොමැති වීම හේතුවෙන් කැළණිවැළි දුම්රිය මාර්ගයේ ප්‍රධාන ගමන් වාර දෙකක් නැවත දැනුම් ද...
02/07/2026

ධාවනය සඳහා බලවේග කට්ටලයක් (Power Set) නොමැති වීම හේතුවෙන් කැළණිවැළි දුම්රිය මාර්ගයේ ප්‍රධාන ගමන් වාර දෙකක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇත.

අවලංගු කර ඇති ගමන් වාර

පස්වරු 04.00: කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වන දුම්රිය.

උදෑසන 05.55: අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය.

මෙම දුම්රිය ගමන් වාර දෙකම අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ..
Aruna. lk

උපුටා ගැනුමක්...

මඩකළපුවේ සිට කොළඹ කොටුව  බලා ධාවනය වන උදේ දේවී සීඝ්‍රගාමී දුම්රිය  පලුගස්වැවට මදක් දුරින්  පීලි පැනීකමට ලක් වී ඇත.2026 /...
02/07/2026

මඩකළපුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන උදේ දේවී සීඝ්‍රගාමී දුම්රිය පලුගස්වැවට මදක් දුරින් පීලි පැනීකමට ලක් වී ඇත.
2026 / 07 / 02

උපුටා ගැනුමක් ...

දුම්රිය ඉතිහාසය අලුත් කරන සුවිශේෂී මෙහෙයුම! 🛤️✨🛣️​781 දුම්රිය එංජිම දුම්රිය මාර්ගයෙන් නොව මහාමාර්ගය ඔස්සේ පේරාදෙණියට ගමන...
02/07/2026

දුම්රිය ඉතිහාසය අලුත් කරන සුවිශේෂී මෙහෙයුම! 🛤️✨🛣️

​781 දුම්රිය එංජිම දුම්රිය මාර්ගයෙන් නොව මහාමාර්ගය ඔස්සේ පේරාදෙණියට ගමන් කරන මෙම ඓතිහාසික, අභියෝගාත්මක මෙහෙයුම සාර්ථකව නිම කිරීමට කැපවන සියලු දෙනාටම අපගේ උණුසුම් සුබපැතුම්!🙏💪🚨

උපුටා ගැනුමක්...

Address

Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when දුම්රිය තොරතුරු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to දුම්රිය තොරතුරු:

Shortcuts

Share