26/07/2026
ශ්‍රී ලංකාවෙ වැවු බැදි රාජ්‍ය යේ නොහොත් අනුරාධපුරයේ පිහිටා තිබෙන රුවන්වැලි සැය නොහොත් ස්වර්ණමාලි මහා සෑය දුටුගැමුණු රජු විසින් ක්‍රි.පූ 138 දී ඉදිකිරීම ආරම්භ කරන ලදී
දුටුගැමුණු රජතුමා විසින් නැකත් බලා බිම් කටයුතු ආරම්භ කර රියන් හතක් ගැඹුරට හාරා ගල් අතුරා හම් වලින් වැසූ අලි ඇතුන් ලවා බිම සවිමත් කර ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී ...
මෙම ඉදිකිරීම් වලට පෙර දැන් රුවන්වැලි සෑය ඇති ස්තානයේ විශාල තෙලබු ගසක් තිබී ඇති බවත් එම ගසෙහි ස්වර්මාලී නම් දිව්‍යංගනාවන් සිටි බවත් ,ඉතිහාසයේ කියවේ...මහ සෑය ඉදිකිරීම් කටයුතු නිසා එම විශාල ගස කැපීමට සිදුවූ බවත් ඇයට ගරු කිරීමක් ලෙස මෙම සෑයට ස්වණමාලී සෑය නමද යොදා ඇත..
උසින් (මීටර් 103) සහ අඩි 942ක (මීටර් 287.1) රුවන්වැලි මහා සෑයහි බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ මෙහි නිධන් කර ඇත. සෑයේ වැඩ නිම වීමට ප්‍රථම දුටුගැමුණු රජු අසනීප වී, අභාවයට පත්වූ බැවින්, ඔහුගේ බාල සහෝදර සද්ධාතිස්ස රජු විසින් සෙසු වැඩ කොටස නිම කර මහා සෑය සම්පූර්ණ කරන ලදී.
කාලයත් සමග අනුරාධපුර රාජදානියේ බිදවැටීමත් සමග නාරංවිට සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුන බව පොත්පත් වල සදහන් වේ....
රුවන්වැලි මහාසෑයේ ධාතු ගර්භය නිර්මාණය කෙරෙන්නේ ප්‍රධාන නිර්මාණ ශිල්පියාගේ අදහසකට අනුවයි ජලය පිරවූ පාත්‍රයක මතුපිටට තව ජලය ස්වල්පයක් ගැසූ කළ උඩට මතුවී එන දිය බුබුලක ආකාරයෙන් මෙම සෑය නිර්මාණය කර ඇත...
ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. එසේම මෙය වර්තමානයේ අටමස්ථාන වලට අයත් ප්‍රධානතම දාගැබ වේ.
රුවන්වැලි සෑය වැදපුදා ගැනීමට අනුරාධපුර යට යන ඔබට මේ රුවන්වැලි සෑ වන්දනා ගාථා වද ඉතාමත් වැදගත් වේ..
රුවන්වැලි සෑ රදුන් වන්දනා ගාථා ව
ගාථාව
සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රං සුජ්ජල බුද්ධ රූපං සුවණ්ණ මාලීති පතීත නාමං වන්දාමහං ථූප වරං මහග්ඝං...🙏🙏🙏
゚viralシ