27/04/2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලැබෙන අලුත් බෝනස් ක්‍රමය මෙන්න - අ.ඩො. 500 සිට අ.ඩො. 150,000ක් දක්වා මුදලක්
සම්පූර්ණ විස්තරේ මෙන්න...
විදේශයකදී අංක 01 ටෙස්ට් කණ්ඩායම පරාජය කළහොත් අ.ඩො. 150,000ක් මෙරටදී අංක 01 ටෙස්ට් කණ්ඩායම පරාජය කළහොත් අ.ඩො. 100,000ක්
විදේශයකදී අංක 01 එක්දින කණ්ඩායම පරාජය කළහොත් අ.ඩො. 150,000ක් මෙරටදී අංක 01 එක්දින කණ්ඩායම පරාජය කළහොත් අ.ඩො. 75,000ක්
දෙස් විදෙස් ඕනෑම ස්ථානයකදී අංක 1 විස්සයි 20 කණ්ඩායම පරාජය කළහොත් අ.ඩො. 75,000ක්
සෑම තරගයක් සඳහාම ක්‍රීඩකයන්ට ටෙස්ට් ජයකට - අ.ඩො. 15,000ක්, ජ.ප.තො - අ.ඩො. 10,000ක් පරාජය/ විසඳුමක් නැති - අ.ඩො. 7,500ක්
එක්දින ජයකට - අ.ඩො. 7,500ක්, පරාජයකට අ.ඩො. 3,500 විසඳුමක් නැති අ.ඩො. 3,000ක්
විස්සයි20 ජයකට - අ.ඩො. 5,000 පරාජයකට - අ.ඩො. 2,500 විසඳුමක් නැති - අ.ඩො. 2,000ක්
නායකත්ව වගකීම අගය කරමින් සෑම තරගයකදීම අතිරේක දීමනාවක් නායකයාට හිමිවන අතර සමස්ත තරගය පුරා රැඳී සිටියහොත් පමණක් එය ලබාදේ.
ටෙස්ට් සහ එක්දින එක් තරගයකට අමතරව අ.ඩො. 1,000ක් සහ විස්සයි 20 එක් තරගයකට අමතරව අ.ඩො. 500ක්.
ICC ශ්‍රේණිගත කිරීම් අනුව ක්‍රීඩකයන් පෞද්ගලිකව ලබාගන්නා දක්ෂතා මතද දිරිගැන්වීම් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා
ඕනෑම ආකෘතියක ලොව අංක 1 ක්‍රීඩකයා වුවහොත් අ.ඩො. 25,000ක් (එක් වරක් පමණි)
ලෝක ශ්‍රේණිගත කිරීම්හි 2 සිට 5 දක්වා ස්ථානයක පසු වුවහොත් අ.ඩො. 20,000ක් (එක් වරක් පමණි)
මීට අමතරව ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත් රඳවා ගැනීමේ ගාස්තු, සංචාරක ගාස්තු, දෛනික දීමනා සහ අනුග්‍රාහක දායකත්වය මතද දීමනා ලබාදීමට තීරණය කර තිබෙනවා.