Travel With Maari

Travel With Maari 🆁🅾🅰🅼 🆃🅷🅴 🅶🅻🅾🅱🅴, 🅲🆁🅴🅰🆃🅴 🅼🅴🅼🅾🆁🅸🅴🆂
(1)

07/05/2026
මා පෙම් කළ කිසිවෙකුගෙන්, ප්‍රේමය වේදනාවක්  වූ විට පවා ,  වෛර කිරීමට මා ඉගෙන ගත්තේ නැත.තව දුරටත් ප්‍රේම කරනවා හෝ නැත්නම් ...
13/12/2025

මා පෙම් කළ කිසිවෙකුගෙන්,
ප්‍රේමය වේදනාවක් වූ විට පවා ,
වෛර කිරීමට මා ඉගෙන ගත්තේ නැත.
තව දුරටත් ප්‍රේම කරනවා හෝ නැත්නම්
කිසිම හැඟීමකින් තොරව අතහැර දමනවා මිස
වෛර කිරීමට මා උගත්තේ නැත.
වෛරයට වඩා ආදරය කිරීම ඉතා පහසු බව
ඔවුන් මාගෙන් උගත්තේ දැයි මා දන්නේ නැත...🤍

👉ඊලග පොතෙන්

ඔයාට පුළුවන්ද..ඔයාගෙ ඇත්තම ස්වරූපයඔයා ආදරේ කරන කෙනාට පෙන්නන්න..තියෙන ඇදුමක් ඇදගෙනබාටා කෑලි දෙකක් හරි දාගෙන යන්න..ෆර්ෆියු...
05/12/2025

ඔයාට පුළුවන්ද..

ඔයාගෙ ඇත්තම ස්වරූපය
ඔයා ආදරේ කරන කෙනාට පෙන්නන්න..

තියෙන ඇදුමක් ඇදගෙන
බාටා කෑලි දෙකක් හරි දාගෙන යන්න..

ෆර්ෆියුම් නැතුවට
දාඩිය පෙරාගෙන හරි එයාගෙ ලගට යන්න..

අතේ සල්ලි නෑ කියලා බය නැතුව කියන්න..

මැක්ඩොනල්ස් කේෆ්සී නැතත් පෙට්ටි කඩේකින් හරි වඩයක් කාලා ප්ලේන්ටියක් බොන්න..

රෝද හතරක් නැතුවට තියෙන බයික් එකේ නැත්තම් පයින් හරි අතේ එල්ලිලා යන්න...

බයනැතුව ඕනම වෙලාවක
ඔයාගෙ ෆෝන් එක එයාට දෙන්න..

ඔයාගෙ නැති බැරිකම් ලැජ්ජාවක් නැතුව
ඔයාගෙ කෙල්ල කොල්ලා ඉස්සරහා පෙන්නන්න..

මේවගෙන් කීයෙන් කීයක්
ඔයාට කරන්න පුළුවන්ද කියලා හිතන්න..
ඒත් ගොඩක් අයට බෑ. කරන්නෙම රගපෑමක්..

ඔයා ඉන්න තත්ත්වෙ මොකක්ද කියලා හරියට දැනගෙන ඔයා එක්ක ඉන්න කෙනෙක්ට ලංවෙන්න..
ඒ වගේම තව දෙයක්..
කොච්චර බැන්නත් ඔයා මත්තෙම නැහීගෙන ආදරේ කරනවානම්
එතන දෙයක් තියෙනවා නේද මචං..?

ඔයාගෙ එයා ඉස්සරහා ඔයා ඔයාම වෙන්න..
ඔයාගෙ ඇත්ත ස්වරූපය එයාට පෙන්නන්න..

එහෙම එකතුවුණ හිත් දෙකකට හුගක් දුර ගමනක් යන්න පුළුවන්..
ඒ ආදරේ ඇත්තටම හරි ශක්තිමත්..! 🤍
ඉතිං මං හරි ආදරෙයි ලමයෝ💗🫂

ආදරේ එහෙම වෙන්නොන...😇ඇයට තිබුණා ලස්සන කුඩයක්. පළවෙනි වතාවට ඒ කුඩේ ඉහළන්න වුනේ අපේ තෙවන හමුවීමෙදි ආපු ඒ මහ වැස්ස නිසා. මම...
19/09/2025

ආදරේ එහෙම වෙන්නොන...😇
ඇයට තිබුණා ලස්සන කුඩයක්. පළවෙනි වතාවට ඒ කුඩේ ඉහළන්න වුනේ අපේ තෙවන හමුවීමෙදි ආපු ඒ මහ වැස්ස නිසා. මම එක අතකින් කුඩේ ඉහළගෙන අනිත් අතින් ඇයගෙ උරහිස අල්ලගෙන ඉද්දි උරහිස අල්ලගෙන හිටිය අතට වතුර බිංඳු වැටෙන්න ගත්තා. එතකොට මට තේරුනා කුඩේ හිල් තීනවා කියලා. මං කුඩේ කරකවලා හිල් තියෙන පැත්ත මගේ පැත්තට ගත්තා ඇයව ආරක්ෂා වෙන්න.

අපි වසර කිහිපයක් හරි ආදරෙන් හිටියා. එහෙම හමුවීම් වුනත් මාසෙකට දෙතුන් වතාවක් මුණගැහුනා. අපි මුණගැහුන දවසට වැස්සක් කඩාගෙන වැටුනොත් මම අර විදියට ඇයගෙ කුඩේ කරකවලා හිල් තියෙන පැත්ත මගේ පැත්තට ගන්න පුරුදු වුනා ඇයව වැස්සෙන් ආරක්ෂා වෙන්න.

අපි යනගමන අතරමැදදි එයා තීරණයක් ගත්තා මේ යන ගමන නවතින්න ඕන කියලා. ඇයගෙ තීරණයට මට විරුද්ධ වෙන්න අයිතියක් නැති නිසා මම ඇයගෙ තීරණය ඉදිරියෙ නිහඬ වුනා. මට ඇයව මා ලඟ රඳව ගන්න උවමනාව තිබුණත් ඇය රැඳෙන්න කැමති නැත්තම් මම සංවේදී වෙලා අඬලා දොඩලා ඇයව රඳව නොගත්තේ එහෙම ළං වීමක සාර්ථකත්වයක් නැහැ කියලා මගෙ හිත දන්න නිසා.

අපි අපෙන් වෙන් වුන වෙලාවෙදි අපි දෙන්නා එකට තෙමි නොතෙමි ගිය කුඩේ මම ඉල්ල ගත්තා. එයා හිතුවේ ඒක මං තියාගන්න හදන්නෙ මතක සටහනක් විදියට කියලා. ඇත්ත හේතුව නොකියා මං එයාට එහෙම හිතන්න ඉඩහැරියා.

ඒත් ඇත්තටම මං කුඩේ ඉල්ල ගත්තේ මතක සටහනක් විදියට නෙවෙයි. මං ඒ හිල් තියෙන කුඩේ ගත්තහම එයා අලුත් කුඩයක් ගන්නවා. එයාගෙ ජිවිතේට තව කවුරු හරි එයි. මං වගේම එයත් එක්ක අලුත් කුඩේ යටින් යයි. මං වගේම එයාගෙ උරහිසට ඔහු අත දාගෙනත් යයි. ඒත් වහින වෙලාවට මං වගේ කුඩේ කරකවලා තමන්ගෙ පැත්තට අරගෙන එයාව ආරක්ෂා කරයිද කියලා සැකයි. ඒ නිසයි මං හිල් තිබුණු කුඩේ එයාගෙන් ඉල්ල ගත්තා. දැං එයාට අලුත් කුඩයක් තියෙනවා. එයා තනියම ගියත් තව කෙනෙක් එක්ක ගියත් එයා දැං පරිස්සම් අලුත් කුඩයක් යටින් යන නිසා.

මගෙ ලඟ තියෙන එයාගෙ කුඩෙ දැං වෙනදටත් වඩා හිල් තියෙනවා. වෙනදටත් වඩා මං තෙමෙනවා. ඒත් තාම මට හිතුනෙ නැහැ අලුත් කුඩයක් ගන්න!

"හුස්ම වැටෙනා තුරු අපි අපේ නිවීම!"දිවුරුමක් නොව,තේමාපාඨය!ඒ අවසන් මොහොතයිනොදැනහැර යන්නද? මඟ ඉන්නද?නොඅසා..........."මං ආදර...
05/09/2025

"හුස්ම වැටෙනා තුරු අපි අපේ නිවීම!"
දිවුරුමක් නොව,
තේමාපාඨය!

ඒ අවසන් මොහොතයි
නොදැන
හැර යන්නද? මඟ ඉන්නද?
නොඅසා...........

"මං ආදරෙයි"
ඔබේ අවසන් පණිවිඩය!
"මමත්"
ඔබ නොදුටු වචනය!

ඉතින් ප්‍රේමය,
දරාගෙන මම ඉන්නවා
කොහේ හෝ ඔබ නිවෙන්න.....!!!
මම තවම........ හුස්ම ගන්නවා! 🍃
මං හරි ආදරෙය් ලමයො 🌹💗

නිකමට හිතපන් උඹට හරි හමන් මොකුත් නැති කාලේ...ඔබට සෙට් වෙන love  එක ..උඹත් එක්ක එකතු වෙලා මොන දේ වුණත් කට්ට කාගෙන දෙන්නගේ...
31/08/2025

නිකමට හිතපන් උඹට හරි හමන් මොකුත් නැති කාලේ...
ඔබට සෙට් වෙන love එක ..
උඹත් එක්ක එකතු වෙලා මොන දේ වුණත් කට්ට කාගෙන දෙන්නගේ target වලට ගිහින්.

Life එකේ Real ගේමක් ගහනකල් උඹව විශ්වාස කරලා..ඉන්නවා කියන්නෙම.♥️🫶
උඹ පටිටම වාසනාවන්ත එකෙක් බං..

විශ්වාසය කියන දේ රකින්න හැමෝටම බෑ..ඉතින් ඔයා විශ්වාසය රකින කෙනෙක් වෙන්න ලමයෝ.වරදින්නෑ.....හැමදාම කියනවා වගේ ජීවිතේ සැදෑ සමයක මතක් කර කර හිනාවෙන්න ලස්සන කතා ගොඩක් තියෙයි.
මං හරි ආදරෙයි ලමයො 🌍💗⭐🫂

දෛවය මට තෝරා ගැනීමට බොහෝ විකල්ප මාර්ග ලබා දුන්නෙ නැත. ඉතා සැර කුණාටු මැඳින් ගමන් කර අවසන් වූ පසුවද දරුණුම කුණාටු වලට මා ...
26/08/2025

දෛවය මට තෝරා ගැනීමට බොහෝ විකල්ප මාර්ග ලබා දුන්නෙ නැත.
ඉතා සැර කුණාටු මැඳින් ගමන් කර අවසන් වූ පසුවද දරුණුම කුණාටු වලට මා හසු වූ අවස්තා ඇත.
ජීවිතය ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේදැයි මා නොදැන සිටි වරු හා දින ගණන් තිබුණි.

කිසිවකු සමඟ මගේ අදහස් බෙදා නොගැනීම තුළ මා හැඟීම් නොසලකා හරින බව කියැවෙන්නේ නැත.
නිතර සිනාසීම සහ නොහඬා සිටීම තුළ වේදනාවක් නොමැති බව කියැවෙන්නේ නැත.

ඕනවට වඩා කල්පනා කරමින්, නිදි නොමැතිව වෙහෙසට පත් වූ රාත්‍රීන් කොතෙකුත් මා පසු කර ඇත.
මා විසින් මා සනසවා ගත් දිනයන් තිබුණි.

මා පමණක් දැන සිටි මගේ දරුණුම සටන් ජයගත්තේ කෙසේදැයි කියා පැහැදිලි කිරීමට මා තවම දන්නේ නැත. නමුත් උදා වෙන හැම දිනකම මා මාර්ගයක් සොයා ගත්තෙමි." 🌻🖤

| හෙටත් ඉර පායාවි, ආයෙ අලුතින් පිපෙන්න !

♥️🌸🥰
මං හරි ආදරෙය් ලමයො 💗🌍🫂







ලස්සනට ඇදලා ඉන්න අය දැක්කම "අපෝ විච්චූරණ" කියන් නැතුව ඔයත් ලස්සනට ඇදලා ඉන්න.Make up එකක් දාලා ඉන්න අය දැක්කම " අපෝ මල සම...
22/08/2025

ලස්සනට ඇදලා ඉන්න අය දැක්කම "අපෝ විච්චූරණ" කියන් නැතුව ඔයත් ලස්සනට ඇදලා ඉන්න.

Make up එකක් දාලා ඉන්න අය දැක්කම " අපෝ මල සමයන්" කියන් නැතුව ඔයත් ලස්සනට make up එකක් දාන්න පුරුදු වෙන්න.

Trip එකක් යන අය ලෝකේ වටේ සවාරි යන අය දැක්කම "අපෝ උන්ට නම් ආතල් සවාරි යන්න අපිට කොහෙන්ද ඒවා" කියලා හිතන් නැතුව මාසෙකට පොඩි මුදලක් ඉතුරු කරගෙන ලංකාවේ ලස්සන, ඔයාට ලගපාත තැන් ටිකේවත් යන්න.

කවුරු හරි කාර් එකක් අරන් ගමන් බිමන් යද්දි " උන්ට නම් සැප අපි මේ කට්ට කනවා" කියන් නැතුව හිමිට හිමිට හරි වාහනයක් ගන්න try කරන්න.පයින් යනවා නම් මුලින්ම බයික් එකක් හරි ගන්න try කරන්න.ඊලගට කාර් එකක්.

ලස්සන ගෙදරක ජීවත් වෙන අය දැක්කම හූල්ලන්නේ නැතුව ඔයත් ලස්සන ගෙයක් හදාගන්න try කරන්න.ඒකට ලොකු ලොකු දේවල් ඕනි නෑ.ඔයා ඉන්න ගෙදර පැලක් උනත් පිරිසිදුවට ලස්සනට මාලිගාවක් වගේ තියාගන්න පුලුවන්.

හොදට ඉගෙන ගන්න පුලුවන් ලමයෙක් දැක්කම තමන්ගේ ලමයා මරාගෙන කන්න හදන් නැතුව ලමයගේ දක්ෂතාවය අදුරගෙන ඒ ලමයට යන්න ඕනී හරි පාර පෙන්නන්න " අර ලමයා නම් හොදට ඉගෙන ගන්නවා උබට තමයි ඒකවත් බැරි" කියලා ඒ ලමයගේ ඔලුව කන් නැතුව.

තමන්ට නැති දෙයක් තව කෙනෙක්ට තියෙද්දි ඊරිසියා කරන් නැතුව සතුටු වෙන්න.තමන්ට ඒ දේ ලැබෙන්න තියන පලමු සුදුසුකම සහ මැජික් එක ඒක.නැත්නම් කවදාවත් ඒ දේවල් ඔයාට ලැබෙන් නෑ.

මං හරි ආදරෙය් ලමයො ⭐💗🌍🫂

තව අවුරුදු සීයක් ගිහිනුත් මං ජීවත් වෙලාහිටියොත්...අද වගේම මං ඔයාට ආදරේ කරනවා...කවදාහරි දවසක මොනවාහරි හේතුවකට ඔයාමට නැති ...
23/05/2025

තව අවුරුදු සීයක් ගිහිනුත් මං ජීවත් වෙලා
හිටියොත්...

අද වගේම මං ඔයාට ආදරේ කරනවා...

කවදාහරි දවසක මොනවාහරි හේතුවකට ඔයා
මට නැති උනත්...

මං එදාටත් ඔයාට ආදරේ කරනවා...

ආදරේ කියන්නේ...

මොන තත්ත්වෙක හිටියත් නැති වෙන්න හොඳ
නැති බැඳීමක් කියලා...

මං දන්නවා...

ඉතින් මං ඔයාට හෙට, අදටත් වඩා
වැඩියෙන්...

ඕනවටත් වඩා ආදරේ කරනවා.....💗
ඉතින් මං හරි ආදරෙය් ලමයො.💗🌍🌹







*"හෙට ජිවත් වෙන්න කලින් අද ජිවත් වෙලා ඉන්න. වළාකුලක් වගේ පා වෙවී ජිවිතේ විඳින්න.**ඔයාට පුලුවන් නම් මේ ඉඩ මුළු හදවතින්ම අ...
07/04/2025

*"හෙට ජිවත් වෙන්න කලින් අද ජිවත් වෙලා ඉන්න. වළාකුලක් වගේ පා වෙවී ජිවිතේ විඳින්න.*

*ඔයාට පුලුවන් නම් මේ ඉඩ මුළු හදවතින්ම අත්විඳින්න, බලන්න මේ වටපිටාවේ පේන දේවල් වලට තමයි ජිවිතේ කියන්නේ.*

*ඉතින් ඔහොම ඉන්න එපා හොඳ හුස්මක් අරන් හිනාවෙන්න..!" 🤍*

මං හරි ආදරෙයි ලමයෝ 🌿🥺❤️






31/03/2025

මං හරි ආසයි සන්සුන් මිනිස්සුන්ට.
ප්‍රශ්න දාහක් ආවත් කිසි කලබලයක් නැති
අමාරුම දේවල් පවා හිනාවකින් බාරගන්න
නිහඬව හරි නිස්කලංකව ජීවිතේ විඳින මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා.

තමන්ට හැකි පමණින්, තමන් කැමති විදියට
තව කෙනෙකුට හානියක් නොකර ජීවත් වෙන්න උත්සහ දරන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා.

උදේ හවස මුණ ගැහෙන්න ඕන
ජීවිත වල රැඳෙන්න ඕන එහෙව් සන්සුන් මිනිස්සු.

මොකද,
හති වැටි වැටී තරඟෙට දුවන
ඩිප්‍රෙෂන් වුණු ලෝකෙක නිහඬ නිස්කලංක හදවතක් ඇති එකම එක මනුස්සයෙක් හෝ ජීවිත වල මුණ ගැහීමම වාසනාවක්.
මං හරි ආදරෙයි ලමයෝ 🌿🥺❤️







Address

Sydney, NSW

Telephone

+94741419918

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Maari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With Maari:

Share