Naturex

Naturex Let's make memories!

සොබාදහම කියන්නේ අතීතයේ හුඟක් අමතක වුණු කතා ආරක්ෂිතව හංගලා තියෙන පුදුමාකාර තැනකට.ස්විට්සර්ලන්තයේ හිම කන්දක් අස්සෙන් පසුගි...
26/08/2026

සොබාදහම කියන්නේ අතීතයේ හුඟක් අමතක වුණු කතා ආරක්ෂිතව හංගලා තියෙන පුදුමාකාර තැනකට.ස්විට්සර්ලන්තයේ හිම කන්දක් අස්සෙන් පසුගියදා දෙවන ලෝක යු.ධ සමයේදී ජීවිත බේරාගන්න කටයුතු කරපු, වෛද්‍ය සැපයුම් පවා ළඟ තියාගෙන හිටපු වීර සුනඛයෙක්ගෙ (Rescue Dog) ශරීරයක් හම්බවෙලා තියෙනවා!

වසර ගණනාවක් තිස්සේ හිම තට්ටු අතර ආරක්ෂිතව තිබුණු මේ සොයාගැනීම අතීතයේදී මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න සතුන් කොච්චර ලොකු සේවයක් කරාද කියන එක ආයෙමත් මුළු ලෝකෙටම මතක් කරලා දෙනවා.අපේ කැපවීම සහ කරපු හොඳ වැඩ කවදාවත් කාලයටවත්, හිම තට්ටුවලටවත් හංගන්න බෑ.සොබාදහම නියම වෙලාවට ඒ වීරකම් ආයෙමත් මුළු ලෝකෙටම පෙන්නනවා.අතීතයෙන් ලැබෙන මේ වගේ නිහඬ පාඩම් අනාගතයට ලොකු මඟපෙන්වීමක්!

ඉතින් මිනිසුන්ගේ ජීවිත බේරගන්න සතුන් කරන මේ වගේ අසීමිත කැපවීම් ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද? ඔයාගේ අදහස පහළින් කමෙන්ට් කරගෙන යන්න! 👇 🐾

අම්මා කෙනෙක්ගේ ආදරේට සහ සෙනෙහසට ලෝකයේ සීමාවන් නෑ කියන්න මේ සිදුවීම හොඳම සාක්ෂියක්.ස්පාඤ්ඤයේ ජෝන් සූ එකක ඉන්න නටාලියා කිය...
25/08/2026

අම්මා කෙනෙක්ගේ ආදරේට සහ සෙනෙහසට ලෝකයේ සීමාවන් නෑ කියන්න මේ සිදුවීම හොඳම සාක්ෂියක්.ස්පාඤ්ඤයේ ජෝන් සූ එකක ඉන්න නටාලියා කියන චිම්පන්සි අම්මා, මියගිය තමන්ගේ පුංචි පැටවාව මාස 7ක් තිස්සේ තමන්ගේ අත් දෙකෙන්ම බදාගෙන අරන් ගියා.

Zoo එකේ පාලකයෝ වුණත් ඒ අම්මාගේ ශෝකය තේරුම් අරන් ඒකට බාධා නොකර ඉන්න තීරණය කළා.අලි, ඩොල්ෆින් වගේ සතුන් අතරත් තමන්ගේ සමීපතමයෙක් නැති වුණාම මේ වගේ ලොකු වේදනාවක් සහ ශෝකයක් දැනෙන බව විද්‍යාඥයෝ කියනවා.සතෙක් වුණත් අම්මා කෙනෙක්ගේ හිතේ තියෙන ඒ පිරිසිදු, අසීමිත ආදරේ වෙනස් වෙන්නේ නෑ.ආදරය, සංවේදීකම සහ බැඳීම කියන්නේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි, මේ මුළු සොබාදහමටම පොදු දෙයක් බව මේ කතාවෙන් අපිට මතක් කරලා දෙනවා.

සතෙක් වුණත් මේ අම්මා පෙන්නපු අසීමිත මාතෘ සෙනෙහස ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද? ඔයාගේ අදහස පහළින් කමෙන්ට් කරගෙන යන්න! 👇

උතුරණ උණු වතුරට පණපිටින් ලොබ්ස්ටර්ලාව (Lobsters) දාලා තම්බන එක තහනම් කරන්න එංගලන්තය තීරණය කරලා තියෙනවා.2022දී කරපු පර්යේ...
25/08/2026

උතුරණ උණු වතුරට පණපිටින් ලොබ්ස්ටර්ලාව (Lobsters) දාලා තම්බන එක තහනම් කරන්න එංගලන්තය තීරණය කරලා තියෙනවා.2022දී කරපු පර්යේෂණවලින් හෙළි වුණා මේ සතුන්ටත් අපිට වගේම තදින්ම වේදනාව, බය සහ අසහනය දැනෙනවා කියලා.

පණපිටින් තම්බද්දී ඒ සතුන් විනාඩි ගණනාවක් විඳවන වේදනාව නතර කරන්න තමයි මේ මානුෂීය නීතිය ගෙනාවේ.දැන් ඒ වෙනුවට සතුන්ට වේදනාවක් නැති විද්‍යුත් කපනයන් (Stunning) වගේ ක්‍රම භාවිත කරන්න උපදෙස් දීලා තියෙනවා.කතා කරගන්න බැරි, අහිංසක සතෙක්ගේ වුණත් වේදනාව තේරුම් ගන්න එක තමයි නියම මනුස්සකම.

අපේ පුංචි වෙනස්වීමකින් වුණත් තවත් ජීවිතයකට ලොකු සහනයක් දෙන්න පුළුවන් බව මේකෙන් තේරෙනවා නේද? සතුන්ගේ වේදනාව තේරුම් අරන් ගත්ත මේ ආදර්ශමත් තීරණය ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද? ඔයාගේ අදහස පහළින් කමෙන්ට් කරගෙන යන්න!🦞

සමාජ මාධ්‍යයේ පහුගිය දවස්වල එක ෆොටෝ එකක් හුඟක් අයට ලොකු කතාබහක් වුණා.ඒ, තමන්ගේ ළමයට පයින් යන්න දීලා, බල්ලව වඩාගෙන පාරේ ග...
24/08/2026

සමාජ මාධ්‍යයේ පහුගිය දවස්වල එක ෆොටෝ එකක් හුඟක් අයට ලොකු කතාබහක් වුණා.ඒ, තමන්ගේ ළමයට පයින් යන්න දීලා, බල්ලව වඩාගෙන පාරේ ගිය තාත්තා කෙනෙක්ගේ ෆොටෝ එකක්!

මුලින්ම මේක දැකපු අය හිතුවේ මේ තාත්තාට පිස්සුද, ළමයට වඩා බල්ලටද මෙච්චර සැලකිලි කරන්නේ කියලා.හැමෝම බැන බැනල දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා.හැබැයි අන්තිමේදී තාත්තා දුන්න උත්තරය අහලා හැමෝගේම කටවල් වැහුණා!

"අව්වට පාර රත් වෙලා තියෙන්නේ, මගේ පුතාට සපත්තු තියෙනවා හැබැයි මගේ බල්ලාට සපත්තු නෑ" කියලා තමයි එයා කිව්වේ.තද අව්වේදී පාරේ තාර රත්වුණාම සතුන්ගේ කකුල් පිච්චෙන්න යන්නේ තත්පර කිහිපයයි. අපිට සපත්තු දාන්න පුළුවන් වුණාට සතුන්ට ඒක කරන්න බෑ නේද? මුලින් වරදවා වටහාගත්තත්, සතුන් ගැන මේ තරම් මානුෂීයව හිතපු මේ තාත්තාට අන්තිමේදී මුළු ඉන්ටර්නෙට් එකෙන්ම ලොකු පැසසුමක් ලැබුණා.

මුලින් ෆොටෝ එක දැක්කම ඔයාටත් හිතුනේ වෙන දෙයක්ද? මේ තාත්තා කරපු දේ ගැන ඔයාගේ අදහස පහළින් කමෙන්ට් කරන් යන්න! 🐾❤️

පැපුවා නියු ගිනියාවේ ආහාර වෙළඳපොළකට ගිය ඇරන් සහ මාර්ක් කියන යහළුවන් දෙදෙනාට, විකුණන්න තියෙන මුහුදු කැස්බෑවන් දෙන්නෙක් දක...
24/08/2026

පැපුවා නියු ගිනියාවේ ආහාර වෙළඳපොළකට ගිය ඇරන් සහ මාර්ක් කියන යහළුවන් දෙදෙනාට, විකුණන්න තියෙන මුහුදු කැස්බෑවන් දෙන්නෙක් දකින්න ලැබුණා.ඒ අහිංසක සතුන් දෙන්නා මිනිස්සුන්ගෙ කෑම වේලක් වෙනවා බලන් ඉන්න බැරි වුණු ඔවුන්, නිව්සීලන්ත ඩොලර් 50ක් දීලා ඒ දෙන්නව සල්ලිවලට ගත්තා.

ඊටපස්සේ වාහනයෙන් මුහුදු වෙරළට අරන් ගිහින් ඒ කැස්බෑවන් දෙන්නව ආයෙමත් නිදහස් මහ මුහුදට මුදා හැරියා! 2015 ඉඳන් මේ වෙනකම් ඔවුන් මේ විදියට 10 වතාවකට වඩා කැස්බෑවන්ගේ ජීවිත බේරගෙන තියෙනවා.මේ පුංචි හොඳ ක්‍රියාව නිසා අද වෙනකොට සත්ව සංරක්ෂණය ගැන ලෝකය පුරාම ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.අපිට මුළු ලෝකයම වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්, ඒත් අපේ පුංචි හොඳ ක්‍රියාවකින් තවත් ජීවිතයක මුළු ලෝකයම වෙනස් කරන්න පුළුවන්!

ඉතින් සතුන්ට ආදරේ කරන කෙනෙක් විදියට මේ වගේ ආදර්ශමත් ක්‍රියාව ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද? ඔයාගේ අදහස පහළින් කමෙන්ට් කරන්න! 👇

ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆීනික්ස් නගරයේ පසුගියදා හරිම අමුතු විදියේ සිදුවීමක් වාර්තා වුණා.අවුරුදු 47ක් වයසැති තිමොති ...
23/08/2026

ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆීනික්ස් නගරයේ පසුගියදා හරිම අමුතු විදියේ සිදුවීමක් වාර්තා වුණා.අවුරුදු 47ක් වයසැති තිමොති නැමැති පුද්ගලයෙක් අධික වාහන තදබදය තියෙන වෙලාවක ට්‍රැෆික් ලයිට් කණුවක් උඩට නැගලා, යටින් යන වාහන මතට මුත්‍රා කරලා තියෙනවා.

පාරේ ගිය පදිකයින් සහ රියදුරන් වහාම ක්‍රියාත්මක වෙලා 911 අංකයට කෝල් කරලා පොලිසියට දැනුම් දුන්නා.විනාඩි කිහිපයකින් ස්ථානයට ආපු පොලිස් නිලධාරීන් ඔහුව පල්ලෙහාට අරගෙන අත්අඩංගුවට ගත්තා.

සමාජයේ මෙහෙම අමුතු දේවල් වෙන්නේ මිනිස්සුන්ගේ මානසික පීඩනය සහ ස්ට්‍රෙස් එක වැඩිවුණාමයි.ජීවිතේ මොන තරම් ප්‍රශ්න ආවත්, තමන්ගේ හිත සහ මානසික සෞඛ්‍යය පාලනය කරගන්න එක හරිම වැදගත්.මොකද එක ක්ෂණික නොසැලකිලිමත් තීරණයකින් මුළු ජීවිතේම නාස්ති වෙන්න පුළුවන්!

ඉතින් මෙහෙම අමුතු විදියට හැසිරෙන අය ගැන ඔයාලට හිතෙන්නේ මොකක්ද? පහළින් ඔයාගේ අදහස කමෙන්ට් කරගෙන යන්න! 👇

කැන්සාස් ප්‍රාන්තයේ භයානක ලැව්ගින්නක් ගෙදර පැත්තට වේගයෙන් එද්දී, තමන්ගේ පණ බේරාගන්න ගෙදරින් පිටත් වුණු කාන්තාවක් කරපු පු...
23/08/2026

කැන්සාස් ප්‍රාන්තයේ භයානක ලැව්ගින්නක් ගෙදර පැත්තට වේගයෙන් එද්දී, තමන්ගේ පණ බේරාගන්න ගෙදරින් පිටත් වුණු කාන්තාවක් කරපු පුංචිම පුංචි දෙයක් නිසා මුළු ගෙදරම බේරුණු අදහගන්න බැරි සිදුවීමක් ඇමරිකාවෙන් වාර්තා වෙනව ! 🏡

එයා ගෙදරින් යන ගමන් ගෙවත්තට වතුර දාන ස්ප්‍රින්ක්ලර් (Sprinklers) පද්ධතිය ඔන් කරලා තමයි ගිහින් තියෙන්නේ.ගින්න නිවී ගියාට පස්සේ මේ පවුලේ අය ආපහු ඇවිත් බලද්දී වටපිටාවේ තිබුණු හැමදේම පිච්චිලා කළු වෙලා ගිහින් තිබුණත්, මේ ගෙදර සහ වටේ තිබුණු පුංචි තණකොළ පිටිය විතරක් කිසිම හානියක් නැතුව බේරිලා තිබුණා.

ඉතින් ලැව්ගින්නක් මැද වුණත් මොළය පාවිච්චි කරලා ගෙදර බේරගත්ත මේ අමුතු වැඩේ ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහසත් පහළින් කමෙන්ට් කරගෙන යමු..

සාගරයේ ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා, වතුරට දැමූ සැනින් දියවී යන සහ මුහුදු ජීවීන්ට කිසිදු හානියක් නොවන 'අල පිටි' (Pota...
22/08/2026

සාගරයේ ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා, වතුරට දැමූ සැනින් දියවී යන සහ මුහුදු ජීවීන්ට කිසිදු හානියක් නොවන 'අල පිටි' (Potato Starch) මගින් නිෂ්පාදිත නවතම බෑග් වර්ගයක් හඳුන්වා දීමට ජපානය කටයුතු කර තිබෙනවා!

ලෝකය පුරාම ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා සාගර ජීවීන්ට වෙන අතිවිශාල හානිය නතර කිරීමට මෙවැනි පරිසර හිතකාමී විකල්ප මහඟු පිටුවහලක් වෙනවා.තාක්ෂණය සහ පරිසර හිතකාමී බව එකතු කරමින් ජපානය කළ මේ අපූරු සොයාගැනීම අද මුළු ලෝකයේම ලොකු අවධානයක් දිනාගෙන තිබෙනවා!

ඉතින් ප්ලාස්ටික් වෙනුවට අල පිටිවලින් බෑග් හදපු ජපානයේ මේ අමුතුම සොයාගැනීම ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහසත් පහළින් කමෙන්ට් කරගෙන යමු! 🥔

නිවසක් පවා නොමැති අසරණ පාසල් සිසුවෙකුට පන්තිවලට සහභාගී වීමට සහ කැන්ටින් එකෙන් කෑම ගැනීමට ඉඩ දීම නිසා තමන්ගේ රැකියාවත් අහ...
22/08/2026

නිවසක් පවා නොමැති අසරණ පාසල් සිසුවෙකුට පන්තිවලට සහභාගී වීමට සහ කැන්ටින් එකෙන් කෑම ගැනීමට ඉඩ දීම නිසා තමන්ගේ රැකියාවත් අහිමි උන විදුහල්පතිවරයෙක් ගැන ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයෙන් වාර්තා වෙනව.

කිසිම අද්‍යාපනයක් හදාරන්න බැරි තරම් අසරණ උන මේ ළමයට අද්‍යාපනය වගේම කෑමත් තමන්ගෙ පාසලෙන් ලබා දීපු විදුහල්පතිවරයාට අන්තිමට නීතිමය ප්‍රශ්ණයක් වෙලා තමන්ගෙ ගුරු රැකියාවෙනුත් අයින් වෙන්න උනා.ඊට කාලෙකට පස්සෙ ඒ අසරණ තරුණයාගේ නීතිමය භාරකරුවන් (Legal Guardians) බවට පත් වී ඔහුව තමන්ගේම පුතෙකු ලෙස රැකබලා ගත්තා.ඒත් එක්කම සිසුවාත් සාර්ථකව අධ්‍යාපනය නිමා කර උපාධිය ලබාගන්න අවස්ථාවටද ඒ ආදරණීය විදුහල්පතිවරයා පැමිණ සිටියේ මහත් අභිමානයෙන්!

නීතිරීතිවලට වඩා මනුෂ්‍යත්වයට මුල් තැන දුන් මේ වගේ ගුරුවරුන් සැබවින්ම ලෝකයටම මහඟු ආදර්ශයක්.ඉතින් ඔයාලගෙ ජීවිතෙත් පාසල් කාලයෙදි මේ වගේ උදව් කරපු මේ විදුහල්පතිවරයෙක් ඉන්නවනම් එයා ගැන ඔයාලගේ අදහසත් පහළින් කමෙන්ට් කරගෙන යමු! ❤️

2023 වසරේදී තුර්කියට බලපෑව දරු.ණු භූමිකම්පාවකදිකඩාගෙන වැටුණු දැවැන්ත ගොඩනැගිලි නටබුන් අතරේ මියගොස් සිටි තමන්ගේ 15 හැවිරි...
21/08/2026

2023 වසරේදී තුර්කියට බලපෑව දරු.ණු භූමිකම්පාවකදි
කඩාගෙන වැටුණු දැවැන්ත ගොඩනැගිලි නටබුන් අතරේ මියගොස් සිටි තමන්ගේ 15 හැවිරිදි දියණියගේ අත, දැඩි ශීතල වෙලාවෙදි උනත් අත්නොහැර අල්ලාගෙන සිටි ගොඩක් සංවේදී කතාවක් වාර්තා වෙලා තියෙනව 🇹🇷

ඒ අසරණ පියාගේ රූපය කැමරා කාචයේ සටහන් කරගත්තේ 'Adem Altan' කියන ඡායාරූප ශිල්පියා විසිනුයි.පිය සෙනෙහස, ශෝකය සහ අහිමි වීම මුළු ලෝකයටම මතක් කර දුන්න මේ ඡායාරූපය අදටත් මුලු ලෝකයම සංවේදී කරන මතකයක් වෙලා ඉවරයි.

ඉතින් මේ අතිශය සංවේදී සහ හදවතට තදින්ම දැනෙන පිය සෙනෙහස ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහසත් පහළින් කමෙන්ට් කරගෙන යමු! 💔

Address

Dubai Internet City Tecom
Dubai

Telephone

+94758657129

Website

Alerts

Be the first to know and let us send you an email when Naturex posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share