21/05/2026
කටුනායක එයාර්පොට් එකට ආවට පස්සෙ අපෙ ලගේජ් එක නැති වෙලා නමි නැති වුන ලගෙජ් වලට දෙන ගොඩක් අය නොදන්න මොක්කද මෙි වන්දිය 🛅️🛄
අපි ලංකාවේ අය විදිහට සාමාන්‍යයෙන් හරිම නිහතමානී මිනිස්සූ. එයාර්පොට් එකේ බෙල්ට් එක ගාව පැයක් බලන් ඉඳලත් තමන්ගේ Baggage එක නැත්තමි පෙට්ටිය නැති වුණාම, අපිට හිතන්නේ වෙනමම විදිහකට එහෙම නැත්නම් එයාර්ලයින් එකෙන් දෙන රුපියල් 5,000 ක වවුචර් එකකට හිත හදාගෙන අපි ගෙදර එනවා.
හැබැයි ඔයා දන්නවද ඔයා ඒ කරන්නේ ලක්ෂ හයක විතර වන්දියක් බී.අයි.ඒ (BIA) එකේ දාලා එනවා වගේ වැඩක් කියලා ?
ඔව්, ඔබ ගුවන් තොටුපොළෙන් එළියට එන්න කලින් *එකම එක* කොළයක් පුරවන්නේ නැති නිසා, ඔයාට නීතියෙන් හිමි ලොකු මුදලක් ඔයාට නැති වෙනවා. ලංකාවේ බොහොමයක් සංචාරකයෝ නොදන්න, විශේෂයෙන්ම මැදපෙරදිග, ඉතාලි, එංගලන්තේ ඉඳන් එන අපේ පිටරට ඉන්න සහෝදර සහෝදරියෝ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ *Montreal Convention* කියන නීතිය ගැන.
ලෝකේ ඕනෑම ගුවන් සමාගමකට මේ නීතිය බලපානවා. ඔබේ ලගේජ් එක (Luggage) එයාර්ලයින් එකෙන් නැති කරොත්, ඔවුන් ඔබට උපරිම වශයෙන් SDR 1,510 ක මුදලක් ගෙවන්න බැඳී සිටිනවා. 2026 මැයි මාසේ රුපියල් වල වටිනාකම අනුව ඒක හරියටම රුපියල් 604,000 කට වැඩියි.
ඔබේ බඩු වල වටිනාකම ඔප්පු කරන්න පුළුවන් නම්, මේ මුදල ගන්න ඔබට සම්පූර්ණ අයිතිය තියෙනවා. එයාර්ලයින් එකෙන් මේක රහසක් විදිහට තියාගන්න නිසා ගොඩක් අය මේක ගන්න විදිහ දන්නෙ නැහැ
තවත් පුදුම හිතෙන දෙයක් තියෙනවා. ඔබේ බෑග් එක ලැබෙන්න දවස් දෙක තුනක් යනවා නම්, ඒ දවස් වලට ඔයාට අඳින්න ඕනේ කරන ඇඳුම් (Clothes) සහ ටොයිලට්‍රීස් (Toiletries) ගන්න යන වියදම ගෙවන්න ඕනෙත් එයාර්ලයින් එකෙන්.
ඒකට ඔයා කරන්න ඕනේ බඩු ගන්න බිල් ටික (Invoices) පරිස්සම් කරලා තියන එක විතරයි.
ඔයා එන්නේ යුරෝපා රටක ඉඳන් නම් (EU), නැත්නම් ඔයා එන්නේ යුරෝපීය ගුවන් සමාගමක නම් (උදාහරණයක් විදිහට Qatar Airways වගේ යුරෝපයට පියාසර කරන ඒවා) පැය 4කට වඩා ෆ්ලයිට් එක පරක්කු වුණොත් ඔයාට අතටම යුරෝ 600ක් (ලක්ෂ 2.2ක්) ගන්න පුළුවන්.
ඒක ටිකට් එකට ගෙවපු ගාන නෙවෙයි, ඔයාගේ කාලය අපතේ ගියාට ලැබෙන *දඩ මුදලක්*. හැබැයි මේ මුදල් ගන්න ඔයා කරන්න ඕනේ ලොකුම දේ තමයි *Property Irregularity Report* නැත්නම් PIR කියන රතු පාට ලාංඡනය තියෙන කොළය පුරවන එක.
එයාර්පොට් එකේ ඔයාගෙ බඩු නැති වුණාම ඒ බෙල්ට් එක ගාව තියෙන බෑගේජ් කවුන්ටර් එකට ගිහින් මේ PIR කොපිය ගන්නේ නැතුව එළියට ආවට පස්සේ ඔයාගේ නැති වුණ බෑග් එක ගැන කාටවත් ඔප්පු කරන්න බැහැ. එතකොට ඉන්ෂුවරන්ස් එකවත්, එයාර්ලයින් එකවත් ඔයාට ගෙවිමක් කරන්නෙ නැහැ.
හැබැයි මතක තියාගන්න, බෑග් එකට මොකක් හරි හානියක් වෙලා (රෝද කැඩිලා හරි, ලොක් කඩලා) නම් ඔයාට පැමිණිලි කරන්න තියෙන්නේ දවස් 7ක් විතරයි. එතනින් පස්සේ ඔයාගේ අයිතිය ඉවරයි.
පස්සේ කාලෙක වුණත් වැඩක් වෙන නිසා මේ ලීගල් ස්ටෙප්ස් 5 (5 Steps) දැන්ම Save කරලා තියාගන්න.
▪️බෙල්ට් එකෙන් බෑග් එක ආවේ නැත්නම්, වහාම බෑගේජ් සර්විස් කවුන්ටර් එකට යන්න. *එළියට යන්න එපා*
▪️PIR (Property Irregularity Report) පෝරමය පුරවා එහි රිසිට් එක සහ ෆයිල් නම්බර් එක ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගන්න.
▪️බෑග් එක එනකල් අඳින්න ඇඳුම් ගන්නවා නම්, මධ්‍යස්ථ මිලකට බඩු අරන් ඒ හැම එකකම Invoices පරිස්සම් කරගන්න.
▪️දින 21ක් ඇතුළත ලිඛිතව Claim එක එයාර්ලයින් එකට එවන්න. (ශ්‍රී ලංකන් එකේ නම් [email protected]) අවුරුදු 2ක් ඇතුළත උසාවි යන්න වුණත් ඔබට අයිතිය තියෙනවා (MC99 නීතිය යටතේ).
මේක ඔයා මහන්සියෙන් හම්බ කරපු මුදල්. එයාර්ලයින් වලට ඔයාගේ අයිතිය ප්‍රයොජනයක් ගන්නෙ නැතුව එපා. ඔයාගේ පවුලේ හරි, යාළුවන්ගේ හරි ළඟදීම රට යන්න ඉන්න, එහෙම නැත්නම් නිවාඩුවට ලංකාවට එන්න ඉන්න කෙනෙක් ඉන්නවා නමි ඔවුන්ගේ ගමන අතපසු වුණොත් මේ තොරතුරු ඔවුන්ට ලක්ෂ ගණනක වටිනාකමක් වෙයි. ඒ නිසා මේක ඔවුන්ට අනිවාර්යයෙන්ම Share කරන්න.
මේ ගැන ඔයාට මොකද හිතෙන්නේ ?
ඔබේ ලක්ෂයක් වටිනා බෑග් එක නැති වුණොත් ඔබ මොක්කද කරන්නේ
🅰️ රුපියල් 5,000ක *goodwill* දීමනාව අරන් ගෙදර යනවා.
🅱️ Montreal Convention එක යටතේ ලක්ෂ 6ක උපරිම වන්දිය ක්ලේම් කරනවා.
ඔබේ අදහස පහළින් comment කරන්න.
උපදේශකයෙකුගෙන් වැඩිදුර විමසන්න.