Rattota Sri Lanka

  • Home
  • Rattota Sri Lanka

Rattota Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rattota Sri Lanka, Travel Service, .

ලංකාවාසී ඔබ සියලු දෙනාටම ලැබුවාවු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය පිරි අලුත් අවුරුද්දක් වේවා...!!"
14/04/2026

ලංකාවාසී ඔබ සියලු දෙනාටම ලැබුවාවු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය පිරි අලුත් අවුරුද්දක් වේවා...!!"

රත්තොට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නව නිලධාරී මඩුල්ලක් වැඩ අරඹයි! 🏛️          ​රත්තොට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන...
07/04/2026

රත්තොට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නව නිලධාරී මඩුල්ලක් වැඩ අරඹයි! 🏛️

​රත්තොට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන නිලධාරිනිය ලෙස බී.එන්. දමයන්තී මිය සහ නව නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) ලෙස රමණී සුරංගිකා හේරත් මිය සිය ධුරයන්හි රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කළ වගයි.

​ප්‍රදේශයේ සංවර්ධනය සහ ජනතා සේවය උදෙසා ඔබතුමියන්ගේ සේවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු! 🤝

🌸 කෘතවේදී උපහාරයයි! රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුභාශිංසන උත්සවය 🌸         ​රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසර ...
07/04/2026

🌸 කෘතවේදී උපහාරයයි!
රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුභාශිංසන උත්සවය 🌸

​රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසර ගණනාවක් පුරා අමිල සේවයක් ඉටු කර, නව සේවා ස්ථානයන් වෙත ස්ථාන මාරු ලබා යන පරිපාලන නිලධාරිනී දමයන්ති මහත්මිය ඇතුළු අංශ ප්‍රධානීන් සහ විෂය නිලධාරීන්ගේ සේවය ඇගයීමේ සුභාශිංසන උත්සවය පසුගියදා ඉතා සාර්ථකව පැවැත්විණි.

​ඔබ සියලු දෙනා රත්තොට ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මෙන්ම කාර්යාලයේ උන්නතිය වෙනුවෙන් දැක්වූ නොපිරිහුණු කැපවීම, ලබා දුන් මනා නායකත්වය සහ ආදර්ශවත් සේවය අප සැමදා කෘතවේදීව සිහිපත් කරන්නෙමු. 🤝

​දමයන්ති මහත්මිය ඇතුළු ස්ථාන මාරු ලබා යන සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ට සිය නව සේවා ස්ථානවල රාජකාරි කටයුතු ඉතා සාර්ථකව කරගෙන යාමටත්, ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වීමටත් රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අප සැමගේ උණුසුම් සුභාශිංසන එක් කරමු! 💐👏


​ #රත්තොට

05/04/2026
Eid mubarak...
21/03/2026

Eid mubarak...

🌿 "Clean Sri Lanka" දැය නංවන සපිරිගමක් - ප්‍රජා ඵලදායීතා ආදර්ශ ගම්මානය එළිදැක්වීම 🌿        ​"Clean Sri Lanka" ජාතික වැඩප...
17/03/2026

🌿 "Clean Sri Lanka" දැය නංවන සපිරිගමක් - ප්‍රජා ඵලදායීතා ආදර්ශ ගම්මානය එළිදැක්වීම 🌿

​"Clean Sri Lanka" ජාතික වැඩපිළිවෙලට සමගාමීව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද "දැය නංවන සපිරිගමක්" ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන සමාරම්භක උළෙල ඊයේ (2026.03.16) දින සාර්ථකව පැවැත්විණි.

​රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිකවැල්ල ග්‍රාම නිලධාරී වසමට අයත් පොල්වත්ත ග්‍රාමයේ ජනතාවගේ උද්යෝගීමත් සහභාගීත්වයෙන්, නිකවැල්ල ග්‍රාම නිලධාරි කාර්යාල පරිශ්‍රයේදී මෙම අගනා වැඩසටහන ක්‍රියාත්මක විය.

​මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු දීප්ති වාසලගේ මැතිණිය, රත්තොට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් සහ රත්තොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී සුවිශේෂී අංග කිහිපයක්ම සිදු කෙරුණි:

​✅ ආදර්ශ ගම්මාන නාමපුවරුව නිරාවරණය කිරීම

✅ ප්‍රජා ඵලදායීතා සංවර්ධන සැලැස්ම පිළිගැන්වීම: ප්‍රදේශයේ අනාගත සංවර්ධන සැලැස්ම දේශපාලන අධිකාරිය සහ ප්‍රාදේශීය ලේකම්තුමිය වෙත නිල වශයෙන් පිළිගැන්වීම.

✅ සෞන්දර්යාත්මක සැන්දෑවක්: ප්‍රදේශයේ දරු දැරියන්ගේ සහ ප්‍රජාවගේ දායකත්වයෙන් නැටුම්, ගැයුම් සහ වැයුම් වලින් සමන්විත වූ අලංකාර කලා දැක්මක් පැවැත්වීම.

​ප්‍රදේශයේ සංවර්ධනය සහ ඵලදායිතාවය ඉහළ නැංවීම උදෙසා එක්වූ සියලු දෙනාටම අපගේ ස්තූතිය! 🤝✨

🌸 "පොහොසත් රටක අභිමන ඇය වේ දැයක පෙර මග" 🌸ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල - රත්තොට​ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව රත්...
17/03/2026

🌸 "පොහොසත් රටක අභිමන ඇය වේ දැයක පෙර මග" 🌸
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල - රත්තොට
​ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රත්තොට කාන්තා බල මණ්ඩලය සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ විශේෂ කාන්තා දින සැමරුම් වැඩසටහන පසුගියදා (2026.03.13) ඉතා සාර්ථකව පැවැත්විණි.
​මෙදින වැඩසටහනේ විශේෂාංග කිහිපයක්:
🏆 ව්‍යවසායක කාන්තාවන් ඇගයීම: ප්‍රදේශයේ ආර්ථිකය නංවාලීමට දායක වන දිරිය කාන්තාවන්ගේ සේවය අගයමින් ඔවුන්ව සම්මානයට පාත්‍ර කිරීම.
🎁 සමාජ සත්කාරක වැඩසටහන: පිළිකා රෝගයෙන් පෙලෙන ආදරණීය කාන්තාවන් 09 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය සහ රෙදිපිළි ඇතුළත් බඩුමලු ප්‍රදානය කිරීම.
🎤 විශේෂ දේශනය: අඹන් ගඟ කෝරළයේ වනිතා සංවර්ධන නිලධාරී මේනකා ප්‍රියදර්ශනී මහත්මිය විසින් කාන්තා අභිමානය සහ සවිබල ගැන්වීම පිළිබඳව හරවත් දේශනයක් සිදු කරන ලදී.
​මෙම අගනා අවස්ථාව රත්තොට සහකාර ප්‍රාදේශීය ලේකම් කේ. එන්. එස්. බී. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, පරිපාලන නිලධාරී දමයන්ති කුමාරි මහත්මිය, ගණකාධිකාරී තුමිය, ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනී වේරගම මහත්මිය ඇතුළු මාණ්ඩලික නිලධාරීහු රැසක් මීට එක්වූහ. එමෙන්ම ප්‍රදේශයේ කාන්තා සමිති නියෝජනය කරමින් සාමාජිකාවන් 150කට අධික පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයකි.
​🤝 මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා නොමසුරුව අනුග්‍රහය දැක්වූ:
​රත්තොට ලංකා බැංකුව
​රත්තොට මහජන බැංකුව
​රත්තොට කාන්තා බලමණ්ඩලය
​ප්‍රදේශයේ සියලුම කාන්තා සමිති
වෙත අපගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමු! 🙏

10/03/2026

සිඟිත්තන්ගේ අපූරු ප්‍රදර්ශනය

දිලෙන නෙතු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය

රත්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

💐 සුබ විශ්‍රාම දිවියක් වේවා! 💐           ​රාජ්‍ය සේවයේ සමෘද්ධි අංශයේ වසර 32ක් පුරා සිදුකළ අමිල මෙහෙවරට උපහාර පුදමින්, වි...
18/02/2026

💐 සුබ විශ්‍රාම දිවියක් වේවා! 💐

​රාජ්‍ය සේවයේ සමෘද්ධි අංශයේ වසර 32ක් පුරා සිදුකළ අමිල මෙහෙවරට උපහාර පුදමින්, විශ්‍රාම යන ප්‍රියදර්ශනී තිලකා මහත්මිය වෙනුවෙන් සංවිධානය කළ සමුගැනීමේ උත්සවය අභිමානවත් අයුරින් නිමාවට පත් විය.ඇය විශ්‍රාම යන විට රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලස්ථාන සමෘද්ධි කළමනාකරු වශයෙන් සේවය කලාය.

​ප්‍රාදේශීය ලේකම් අංජලා දිසානායක මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්වුණු අතර, ඒ සඳහා මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

​දශක තුනකට අධික කාලයක් දැයේ උන්නතිය වෙනුවෙන් කැපවූ ප්‍රියදර්ශනී තිලකා මහත්මියට නිදුක් නිරෝගී සුව පිරි, සුබම සුබ විශ්‍රාම දිවියක් වේවා යි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🙏✨

"ඉරක් පායනා දේශය - 2026" දේශාභිමානී ගී ප්‍රසංගය 🇱🇰                 ​78 වන ජාතික නිදහස් දින අභිමානයට සමගාමීව, රත්තොට ප්‍ර...
12/02/2026

"ඉරක් පායනා දේශය - 2026"
දේශාභිමානී ගී ප්‍රසංගය 🇱🇰

​78 වන ජාතික නිදහස් දින අභිමානයට සමගාමීව, රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික නිලධාරී විසින් සංවිධානය කරන ලද "ඉරක් පායනා දේශය - 2026" දේශාභිමානී ගීත වැඩසටහන අද දින (12) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පැවැත්විය.

​රත්තොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා කාර්යාලයීය නිලධාරීන් සහභාගී වූ අතර, අප කාර්යාලයේම නිලධාරීන්ගේ හඬින් ගැයුණු දේශාභිමානී ගීත සහ ගීත විචාරයන්ගෙන් මෙම වැඩසටහන වර්ණවත් විය.

​මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා නායකත්වය ලබා දුන් රත්තොට ප්‍රාදේශීය ලේකම්තුමියටත්, ඊට දායකත්වය දැක්වූ සංස්කෘතික නිලධාරීන් ඇතුළු සියලුම අංශවල නිලධාරීන්ටත් අපගේ විශේෂ ස්තූතිය හිමි වේ.

12/02/2026

78 ජාතික නිදහස් දිනට සමගාමීව සංවිධානය කරනු ලැබූ..
ඉරක් පායනා දේශය
ගීත සමුච්චය

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Rattota Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Transport Service?

Share