ඩැෆඩිල් සිහින Daffodil Dreams

ඩැෆඩිල් සිහින Daffodil Dreams හීන කතන්දර කියවන්න එන්න, ඩැෆඩිල් සිහින වෙත!

23/11/2025

හිම තුහින විසිරෙන සැඳෑවකහිරුත් අවරට යන වෙලාවකමේ‍පල් තුරු සෙවනකට වී හිඳසිහියට නඟමි නොනිමි අතීතය…අතිනත් පටලා හිනැහුණු දව...
18/11/2025

හිම තුහින විසිරෙන සැඳෑවක
හිරුත් අවරට යන වෙලාවක
මේ‍පල් තුරු සෙවනකට වී හිඳ
සිහියට නඟමි නොනිමි අතීතය…

අතිනත් පටලා හිනැහුණු දවසක
පහස ලැබුවෙමි උණුසුම්‍ සුසුමක
උරහිසේ හිස තියා විඳිමි සදහට
ළං වෙනු බැරි බෝ දුරක සිට….

හමු වුණත් හිමි නොමැති ප්‍රේමයක
මතක පොදි බැඳි සුන්දර කතාවක
කඳුළු සිරකර සැඟ වූ රහස් අප
සමුගනිමි කෙලෙස සෙයින් අමතක….

ඉර බසින සුන්දර සැඳෑවක
ආයෙමත් අප හමු වූ දවසක
පෙරුම්‍ පුරන්නෙමි නැවත විඳිනට
බීර සුවඳැති හාදුවක රස….

නුඹේ නමටම ලියූ පෙම්‍ කවක
සැබෑ නොවනා සිහින ලෝකෙක
ආදරේ පපුතුරේ සඟවගෙන
හැර දමා යා යුතු නොවෙද
ආගන්තුක දේශයක සිට…..

-ඩැෆඩිල් සිහින- 🌼🌼🌼

Address

Auckland

Website

Alerts

Be the first to know and let us send you an email when ඩැෆඩිල් සිහින Daffodil Dreams posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share