Anu's Kitchen

Anu's Kitchen Online food service. Delicious Lunch and dinner as your choice. Special Menus for kids. Tasty dishes We can supply only orders. You can also Takeaway .

Please order your Lunch before 9.30am and dinner before 3.00pm.

Jelly Pudding වෙනදට මම මේක හදන්නෙ Freshmilk වලින්. වෙනසකට එක්ක අද හැදුවෙ Condensed Milk වලින්. Freshmilk දාලා හදනවට වඩා ...
21/04/2026

Jelly Pudding
වෙනදට මම මේක හදන්නෙ Freshmilk වලින්. වෙනසකට එක්ක අද හැදුවෙ Condensed Milk වලින්. Freshmilk දාලා හදනවට වඩා මෙහෙම රසයි මට නම්.




අවුරුදු කාලෙට සබරගමු පළාතෙ හැම ගෙදරකම වගේ හදන රසවත් වෑංජනයක් තමයි මේ හත් මාලුව. මේක එක එක්කෙනා හදන ක්‍රම සහ එකතු කරන Ing...
20/04/2026

අවුරුදු කාලෙට සබරගමු පළාතෙ හැම ගෙදරකම වගේ හදන රසවත් වෑංජනයක් තමයි මේ හත් මාලුව. මේක එක එක්කෙනා හදන ක්‍රම සහ එකතු කරන Ingredients වෙනස් වෙන්න පුළුවන්. අපි පුංචි කාලෙ අපේ අම්මලා ලොකු අම්මලා පුංචි අම්මා අවුරුදු කැවිලි වලට වගේම මුල් තැන දීපු දෙයක් තමයි මේ හත් මාලුව. නම හත් මාලුව වුණාට දේවල් හතකට වඩා මේකට එකතු කරන්න ඕනි කියලයි අපේ අම්මලාගෙන් මම ඉගෙනගෙන තියෙන්නෙ.මේ තමයි මගේ පවුලෙ අයගෙන් මම ඉගෙන ගත්ත හත් මාලුව හදන විදිය.

අවශ්‍ය ද්‍රව්‍ය :
කොස් ඇට
තිබ්බටු
තලන බටු
වම්බටු
අලුකෙසෙල්
රටල
මෑකරල්
වට්ටක්කා
කජු මද කිහිපයක් (Bake කරපු කජු නැතුව අමු කජු මද හොයා ගන්න තියෙනවා නම් ගොඩක්ම රසයි.Bake කරපු කජු ගන්නවා නම් පැය කිහිපයක් පෙඟෙන්න තියලා ගන්න)
වට්ටක්කා දලු
මෑ දලු
කොට කිඹුලා දළු හෝ ගෙඩි (මේක ඖෂධීය ශාකයක්. මේ photo එකේ තියන හත් මාලුවටත් මම මේ කොළ එකතු කළා.)
මිරිස් කුඩු
තුනපහ
කහ
කුරුඳු
රස අනුව ලුණු
රතු ලූණු
අමුමිරිස්
සුදු ලූණු
රම්පෙ සහ කරපිංචා
දියකිරි
මිටි කිරි


*මේ දේවල් වල ප්‍රමාණ නිශ්චිතව කියන්න බැහැ. තමන්ගේ රස අනුව තමන්ගේ ගෙදරට ප්‍රමාණවත් විදියට Ingredients එකතු කර ගත්තම හරි.

සාදන ක්‍රමය.
🍄පලාවර්ග හැර අනික් සියළුම දේවල් සෝදලා කපා ගන්න තියෙන එළවලු වර්ග කපාගෙන මැටි භාජනයකට එකතු කරගන්න.
🍄කපාගත් අමුමිරිස්,‍රතු ලූණු,සුදු ලූණු සහ රම්පෙ ජරපිංචා එකතු කරන්න.
🍄අවශ්‍ය පමණ මිරිස් කුඩු (වැඩි කරගන්න එපා) ,කහ ,තුනපහ,කුරඳු පොත්තක්,‍ලුණු, සහ දියකිරි එකතු කරලා ලිපේ තියන්න.එළවළු ටික වැහෙන්නම දියකිරි දාන්න එපා. එහෙම වුණාම හොදි ගතිය වැඩි වෙන්න පුළුවන්.
🍄සියළුම දේවල් හොඳින් පිසුණාට පසු මිටි කිරි එකතු කරගන්න.
🍄ඊට පස්සෙ හත් මාලුව උකුවේගෙන එනකොට ලිප නිවලා පොඩියට කපලා තියාගත්ත පලා වර්ග ටික මේකට එකතු කරන්න.
🍄අවසානයේ තෙල් මේස හැන්දක් පමණ රත් කර කපාගත් වියළි මිරිස්, අබ සහ තලාගත් සුදු ලූණු ටිකක් එයට එක්කර සාදාගන්නා තෙම්පරාදුවකුත් එක් කළා නම් මේ හත් මාලුව තවත් රසයි.


කහබත්පරිප්පු හින්දලාChicken Black Curryඅල බැදුමColeslaw Saladකට්ලට්පපඩම්
19/04/2026

කහබත්
පරිප්පු හින්දලා
Chicken Black Curry
අල බැදුම
Coleslaw Salad
කට්ලට්
පපඩම්



17/04/2026
කබලේ බැදලා හදලා ගත්ත පහේ මිශ්‍රණය දාලා මම හදපු chicken Curry එක තමයි මේ.
16/04/2026

කබලේ බැදලා හදලා ගත්ත පහේ මිශ්‍රණය දාලා මම හදපු chicken Curry එක තමයි මේ.



 More than 10 Packs are acceptable
16/04/2026




More than 10 Packs are acceptable

අවුරුදු කෑම මේසෙට නැතුවම බැරි සබරගමුවෙ අපිට ආවේණික හත් මාලුව.
14/04/2026

අවුරුදු කෑම මේසෙට නැතුවම බැරි සබරගමුවෙ අපිට ආවේණික හත් මාලුව.

Address

Ruhunupura
Talawatugoda
10116

Telephone

+94719736363

Website

Alerts

Be the first to know and let us send you an email when Anu's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anu's Kitchen:

Share