11/06/2021
“කාර් ගිලින බසය”- මාර්ග තදබදයට චීනයේ අලුත්ම පිළිතුර 🚇🚇
මොහොතකට සිතන්න, ඔබ මෝටර් රථයක ගමන් කරන විට විශාල බස් රථයක් (හරියට පිටසක්වල යානාවක් වගේ) ඉදිරියට පැමිණ ඔබේ මෝටර් රථය ගිලදැමුවොත් කුමන ආකාරයේ ත්‍රාසජනක හැඟීමක් ඔබට ඇති වේවිද? අපි ලියන්නට සැරසෙන්නේ හොලිවුඩ් වල අලුත්ම චිත්‍රපටයක් පිළිබඳවදැයි ඔබට සිතෙන්නටත් පුළුවන්. හැබැයි මේ එහෙම දෙයක්නම් නෙවේ. මේ මාර්ග තදබදයට චීනයේ නවතම පිළිතුර Transit Elevated Bus (TEB) පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න තමයි මේ ලිපිය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ.
⭕ නිර්මාණය වූ අයුරු
මීට වසර 40කට පමණ ඉහතදී ඇමරිකානු ජාතික ව්‍යුහ නිර්මාණ ශිලිපීන් දෙදෙනෙක් වන Craig Hodgetts සහ Lester Walker මෙම සංකල්පය ඉදිරිපත් කළත් ඒ සදහා වැඩි අවධානයක් යොමු වුනේ නෑ. 2010 දී නැවතත් මේ සංකල්පය කරලියට එනවා. නමුත් ඒ තොරතුරු හරියටම අනාවරණය සිදු වුණේ අප්‍රේල්-මැයි මාසයන් හී චීනයේ බෙයිජිං නුවර දහ නව වන වරට පැවැත්වුණු අන්තර්ජාතික හයි ටෙක් එක්ස්පෝ ප්‍රදර්ශනයේදීය. මෙය නිර්මාණය කරන ලද්දේ TEB Technology නාගරික හා ප්‍රවාහන ආයතනයේ අද්විතීය නිර්මාණ ශිල්පියෙක් වන සෝන්ග් යුශෝවු. අගෝස්තු මාසයේදී මෙහි පළමු නියමු ව්‍යාපෘතිය ඇරඹීම සිදුවිය. පරීක්ෂණ ධාවනය සිදු කෙරුනේ උතුරු දිග චීනයේ පිහිටි හෙබෙයි ප්‍රාන්තයේ චින්හුවැන්ග්ඩෝ නගරය තුළයි. අත්හදා බැලීමේ ධාවනයෙන් පසු නව බස් රථ තවදුරටත් වැඩි දියුණු කර මගී ප්‍රවාහනයට එක් කෙරෙන්නට නියමිතයි. නමුත් මෙය චීනයේ පොදු ප්‍රවාහන සේවයට එක කිරීම ලබන වසර මැදදී සිදු වන බවත්, තවත් පවතින අඩුපාඩු ඉවත් කිරීම හා එක වර බස් රථ ඇනවුමක් නිර්මාණය කිරීම එයට හේතු බව නිර්මාණකරුවන් පවසා ඇත.
⭕කොයි වගේද?
TEB Technology නාගරික හා ප්‍රවාහන ආයතනය සමඟ CRRC (China Railway Rolling Stock Corporation), KTK Group, Shanghai Jiao Tong විශ්ව විද්‍යාලය හා Tongji විශ්ව විද්‍යාලය එකට එක් වී කල ව්‍යාපෘතියක ප්‍රතිඵලයක්. අඩි 72 ක් දිග, අඩි 26 පළල, අඩි 16 ක් උසැති මේ TEB රථය තුළ වරකට මගීන් 1200කට පමණ ගමන් කරන්න පුළුවන්. නියමිත පීල්ලක(Guided Way) ගමන් කිරීම සිදුවෙන අතර මෝටර් රථ වලට බසය යටින් ගමන් කිරීම සඳහා අඩි 7ක ඉඩ ප්‍රමාණයක් උසින් වෙන් කර දී තිබෙනවා. උපරිම වේගය පැයට කිලෝමීටර 40ත් 60ත් අතර අගයක්. බස් රථය ධාවන තීරු දෙකක පළලින් යුක්ත වන නිසා ධාවනය සදහා ධාවන තීරු දෙකක ඉඩක් අවශ්‍යයි. ඒ කියන්නේ දෙපසටම ගමන් කරන මෝටර් රථ වලට මේ බසය ඇතුලෙන් ගමන් කරන්න පුළුවන්. මාර්ග විදුලි සංඥා බස් රථය හා සම්බන්ධිකරණය වෙමින් ක්‍රියාත්මක වන තාක්ෂණයක් ඇති බැවින් මෝටර් රථ රියදුරන්ට විදුලි සංඥා ගැටළුවක් බස් රථය ඇතුලතින් ධාවනය කරන අවස්ථාවේදී ඇති වන්නේ නැත. මෝටර් රථවල ගමන් ගන්නා රියදුරන්ට මේ අත්දැකීම දැනෙනු ඇත්තේ ගමන් ගන්නා බිම්ගෙයක් තුළින් තම රථය ධාවනය කළාක් මෙනි.
අවශ්‍යතාව මත රථ දෙකක් හෝ තුනක් දුම්රියක් මෙන් එකට ඈඳීමේ හැකියාවද පවතී. පළමුවෙන් 200 km තුල මේ බස් රථයට අවශ්‍ය යටිතල ව්‍යුහ නිර්මාණය කිරීමට අදහස් කර ඇති අතර එය මිලියන 9ක ජනතාවට භාවිතා කළ හැකි වෙනවා. Tianjin, Nanyang, Shenyang හා Zhoukou නගර වල තමයි මුලික නියමු ව්‍යාපෘති ආරම්භ කිරීමට සුදානම් කර ඇත්තේ. විශාල ඉඩකඩක් බසය තුළ පවතින බැවින් ඒ තුළ ආපනශාලා පුස්තකාල හා ATM යන්ත්‍ර පවා ඇතුලත් කිරීමේ සැලසුමක් ඇත.
⭕ඉදිකිරීමේ වියදමත්, කාලයත් දෙකම අඩුයි
මෙම බස් රථය ගමන් කිරීම සදහා පවතින මාර්ගයේ දෙපසින් වෙනම පීලි(Guided Way) සෑදිය යුතු වෙනවා. ඒ සඳහා යන වියදම කිලෝමීටරයකට ඩොලර් මිලියන 20ක් පමණයි. නමුත් උමන් මාර්ගයක් තනනවානම් ඒ සදහා ඩොලර් මිලියන 100ක් පමණ වැය වන බවත් උමන් මාර්ග වලට වඩා TEB රථ සඳහා වන වියදම 5 ගුණයකින් අඩු වන බවත් TEB Technology ආයතනය පෙන්වා දෙනවා. පළමු රථය නිපදවීමට වසරක කාලයක් ගත වූවත් ඉදිරියේදී එම කාලය අඩු වන බවයි ප්‍රධාන ඉංජිනේරු බායි සිමින්ග් මාධ්‍යට ප්‍රකාශ කර තිබෙන්නේ.
📃TDT bro📷
Fecebook pege
🙏අපහා රැදීසිටින්න🙏