Amaya Cabs

Call Contact the business

Amaya Cabs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amaya Cabs, Travel and transport, Mawathagama, Mawathagama.

For Hire 🚗🚗🚗
13/09/2026

For Hire 🚗🚗🚗

For Hire 🚘🚘🚘
13/09/2026

For Hire 🚘🚘🚘

For Hire🚗🚗🚗
13/09/2026

For Hire🚗🚗🚗

30/08/2026
20/08/2026

🔴- "ගලන ගඟකි ජීවිතේ" නිහඬ විය😔

🔰 - යුගයකට හඬක් වූ, පීඩිත ජනයාගේ වේදනාවට සහ අරගලයට ස්වරයක් වූ "දේශයේ ස්වර්ණමය හඬ" – විශාරද, ආචාර්ය නන්දා මාලනියන් සිය දිවි ගමනට සමුදී තිබේ.

🔰 - 83 වන විය සපිරීමට මෙපිටින්, 2026 අගෝස්තු 20 වන දින නාවල පිහිටි ඇගේ නිවසේදී එම මහා හඬ සදාකාලිකවම නිහඬ විය.

🔰 - දශක හතකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙරට සංස්කෘතිකාංගයන් හි නොමැකෙන හිස්තැනක් ඉතිරි කරමින් ඇය සමුගන්නේ, අලුත්ගම ලෙව්වන්දූව නමැති පුංචි ගැමි පරිසරයේ සිට ලංකේය සංගීතයේ අභිමානවත්ම කිරුළ දක්වා පැමිණි අසිරිමත් ගමන කෙළවර කරමිනි.

🔰 - වින්සන්ට් පෙරේරා සහ ලියනගේ එමලි පෙරේරා යන මව්පියන්ගේ සිව්වැනි දියණිය ලෙස උපත ලැබූ ඇය, පසුව කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයෙන් සහ ටී. එන්. මාගරට් පෙරේරා, බී. වික්ටර් පෙරේරා වැනි ගුරුතරු යටතේ මූලික සංගීත ශිල්ප හදාරා හේවුඩ් ආයතනයටත්, ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයටත් පියනැගුවාය.

🔰 - 1984 දී ප්‍රථම පන්තියේ සාමාර්ථයක් සහිතව විශාරද උපාධිය ලබමින් සහ 2017 දී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය ("දර්ශන ශූරී") උපාධියෙන් පිදුම් ලබමින්, ලංකේය විශ්වවිද්‍යාලයකින් එවන් අභිමානයක් ලැබූ ප්‍රථම කාන්තා කලාකාරිනිය බවට පත් වූවාය.

🔰 - 1956 දී 'බුදු සාදු' ගීතයෙන් 'ළමා මණ්ඩපය' ඔස්සේ සවන්පත් පිනවූ ඇය, 1961 දී 'රන්මුතු දූව' චිත්‍රපටයේ "ගලන ගඟකි ජීවිතේ" ගීතයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිස, සරසවිය සම්මාන 12 ක් සහ ජනාධිපති සම්මාන 10 කට ආසන්න ප්‍රමාණයක් දිනාගනිමින් සිනමා වංශයේ වැඩිම සම්මානිත ගායිකාව බවට පත්වූවාය.

🔰 - 1973-1979 කාලයේ 'ශ්‍රවණ ආරාධනා' ඇතුළු ඒකපුද්ගල ප්‍රසංග 530 කට අධික සංඛ්‍යාවක් ද, 'සත්‍යයේ ගීතය' ප්‍රසංග 500 ක් ද පැවැත්වූ ඇය, 1987-1988 යුගයේ 'පවන' ප්‍රසංග මාලාව ඔස්සේ සමාජ අසාධාරණය හමුවේ ප්‍රබලම හඬ නැගුවාය.

🔰 - රාජ්‍ය තහංචි, ජීවිත තර්ජන සහ වාරණයන් හමුවේ වුවද පීඩිත පන්තියේ අයිතිය වෙනුවෙන් ගැයූ එම හඬ, කැසට් පට සඟවා තබාගෙන පවා සවන් දීමට තරම් ජනතාව වැළඳගත්තේය.

🔰 - "සන්නාලියනේ", "රන් දහඩිය බිංදු බිංදු", "අම්මාවරුනේ", "පිපුණු මලේ රුව" සහ "සුදු හාමිනේ" වැනි සදාතනික නිර්මාණ හරහා මාතෘ ප්‍රේමය, භක්තිය, ආදරය මෙන්ම විප්ලවීය ආකල්ප ද ඒ හා සමානව ජනහදවත් තුළ තැන්පත් කිරීමට ඇය සමත් වූවාය.

🔰 - ඇයගේ නමින් 'Nanda Malini Ascocenda' නමැති ඔර්කිඩ් මල නම් කෙරුණු අතර, 2025 දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වන මැදිරිය "ආචාර්ය නන්දා මාලනී මැදිරිය" ලෙස නම් කරමින් ඇයට ගෞරව දක්වන ලදී.

🔰 - සුනෙත් ගෝකුල මහතාගේ ආදරණීය බිරිඳ වූත්, වරුණි සරෝජා සහ ආමා සාරදා යන දියණියන්ගේ ආදරණීය මව වූත් ඇය, 'නන්දා මාලනී ආශ්‍රමය' හරහා දහස් සංඛ්‍යාත සිසු පරපුරකට පාරපෙන්නුවාය.

🔰 - කැසට් පට 25 ක් සහ සීඩී තැටි රාශියක් ඔස්සේ තැන්පත් වූ ඒ ස්වර රටාවන්, රටක ආත්මය අවදි කළ මතකයන් ලෙස සදාතනිකවම රැව්පිළිරැව් දෙනු ඇත.

🔰 - දේශයේ ස්වර්ණමය හඬ නංවන ලද අභිමානවත් කලාකාරිනියනි, ඔබට අමාමහ නිවන් සුව!

Disclaimer - This article is a commemorative news feature compiled based on available information regarding the life, artistic journey, and national legacy of the late Dr. Nanda Malini. All biographical details, achievements, and historic references are presented for informational and tribute purposes. The images and media referenced remain the property of their respective copyright owners.

20/08/2026

🇱🇰 ❤️ 🙏
.....................







🇱🇰

📷 credit to respective owner

11/06/2026

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

20/04/2026

ඔබ කවදාහරි ට්‍රැෆික් එකක වාහනේ නවත්වගෙන ඉන්න ගමන්, කම්මැලිකමට වගේ කාර් එකේ ඉස්සරහා කණ්ණාඩිය දිහා බලන් ඉඳලා තියෙනවද? එහෙම බලද්දී වීදුරු​ව වටේට තියෙන කළු පාට තීරුවකුත්, ඒකට ඇලිලා තියෙන කළු පාට පුංචි තිත් රටාවකුත් ඔයා අනිවාර්යයෙන්ම දැකලා ඇති. මේ කළු පාට තිත් වීදුරු​ව අයිනේ ඉඳන් මැදට යන්න යන්න පොඩි වෙලා ගිහින් අන්තිමට නැතිවෙලාම යනවා. 🚗🔍

මේක දැක්කාම ගොඩක් අය හිතන්නේ මේක නිකන්ම නිකන් වාහනේ ලස්සනට දාපු ස්ටිකර් එකක් හරි, වීදුරු​ව අලවපු ගම් එක වහගන්න කරපු බොරුවක් මෝස්තරයක් හරි කියලා. හැබැයි මේ පුංචි කළු තිත් ටික නැත්නම්, ඔයාගේ කාර් එකේ කණ්ණාඩිය ගැලවිලා විසිවෙන්නත්, ඉරිතලලා යන්නත්, පාරේ යන වාහන ඇදවෙලා පේන්නත් පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවාද? 😲

අපි කතා කරමු අපේ ඇස් පනාපිටම තියෙන, හැබැයි අපි කවුරුවත් වැඩිය ගණන් ගන්නේ නැති මේ "කළු තිත්" පිටිපස්සේ හැංගිලා තියෙන මහා ඉංජිනේරු තාක්ෂණය ගැන! 🛠️✨

මේ කළු පාට තීරුවට සහ තිත් වලට ඉංජිනේරුවෝ කියන්නේ "Frit" (ෆ්‍රිට්) කියලා. මේක නිකන්ම නිකන් පේන්ට් එකක්වත්, ස්ටිකර් එකක්වත් නෙවෙයි. මේක සෙරමික් වලින් හදපු විශේෂ ආලේපනයක්. වීදුරු​ව හදන ෆැක්ටරියේදීම, ෆැරන්හයිට් අංශක 1,200කට වඩා වැඩි රස්නයකින් මේ සෙරමික් එක වීදුරු​ව පුළුස්සලා (Baked into the glass) තමයි හදන්නේ. ඒ නිසා මේක කවදාවත් ලේසියෙන් සූරලා යවන්නවත්, ගලවන්නවත් බෑ. මේක වීදුරු​වේ​ම කොටසක්! ⬛

මේ Frit එකේ මුල් කතාව තේරුම් ගන්න නම් අපි 1950 ගණන් වලට යන්න ඕනේ. ඒ කාලේ කාර් වල වීදුරු​ව හයි කරන්න ගම් පාවිච්චි කළේ නෑ. ඒ වෙනුවට පාවිච්චි කළේ රබර් ගෑස්කට් සහ ක්‍රෝම් කිය​න යකඩ රාමු. මේ යකඩ රාමුවෙන් වීදුරු​ව තද කරලා අල්ලගෙන හිටියා. හැබැයි මේක බරින් වැඩියි, වියදම් වැඩියි, ඒ වගේම කාලයක් යද්දී හයි කරපු එ​ක බුරුල් වෙලා වතුර ඇතුළට එන්නත් ගත්තා. 🚙🔧

1960 ගණන් වෙද්දී කාර් හදන සමාගම් මේ ක්‍රමය අතෑරලා, වීදුරු​ව කෙලින්ම කාර් එකේ බොඩි එකට අලවන්න විශේෂ ගම් එකක් පාවිච්චි කරන්න ගත්තා. යකඩ රාමු මුකුත් නැති නිසා මේක ගොඩක් ලස්සනයි. හැබැයි මේකෙන් ලොකු ප්‍රශ්න දෙකක් ආවා! 🚨

ලොකුම ප්‍රශ්නය තමයි ඉර එළියෙන් ගම් එක දියවීම! ☀️🫠

මේ අලුත් ගම් එක (Urethane) කොච්චර ශක්තිමත් වුණත්, ඉරෙන් එන පාරජම්බුල කිරණ වලට මේක ඔරොත්තු දුන්නේ නෑ. UV කිරණ වැටෙද්දී මේ ගම් එක දිරාපත් වෙලා කැඩිලා ගියා. අවුරුදු කීපයක් යද්දී වීදුරු​ව නිකන්ම ගැලවිලා වැටෙන තත්ත්වයට​ම ආවා.

මෙන්න මේ ප්‍රශ්නෙට සුපිරිම විසඳුම තමයි අර "Frit Band" (කළු පාට තීරුව)! 🛡️ මේ කළු පාට සෙරමික් තීරුවෙන් කරන්නේ ඒ​ක යෝධ සන්ස්ක්‍රීන් එකක් වගේ වැඩ කරලා, UV කිරණ ගම් එකට වැටෙන එක 100% ක්ම නවත්වන එක. ඒ නිසා ඔයාගේ වීදුරු​ව වාහනේ තියෙනකන්ම ගැලවෙන්නේ නැතුව තියෙනවා.

ඒ වගේම මේ සෙරමික් තීරුවේ මතුපිට ටිකක් රළුයි. සාමාන්‍ය ලිස්සන මතුපිටක් තිය​න වීදුරු​වක​ට වඩා මේ රළු මතුපිටට ගම් එක ගොඩක් හයියෙන් අල්ලගන්නවා. අනික අර කැතට පේන ගම් එක එළියට පේන්නේ නැති වෙන්න වහගන්නත් මේ කළු තීරුව උදව් වෙනවා.

දැන් ඔයාට හිතෙයි ඉති​ං කළු තීරුවක් තිබ්බා නම් ඇතිනේ, ඇයි මේ තිත් රටාවක් මැදට යන්න යන්න පොඩි වෙලා යන විදිහට දාලා තියෙන්නේ කියලා. මේක තමයි කතාවේ ලස්සනම ඉංජිනේරු රහස! 🧐🔮

වීදුරු​වක් වාහනේ හැඩයට නවන්න (Curve කරන්න), ෆැක්ටරියේදී මේ වීදුරු​ව ලොකු අවන් වලට දාලා රත් කරනවා. ඔයා දන්නවනේ කළු පාටට රස්නය ඉක්මනින් උරාගන්නවා කියලා. දැන් හිතන්න වීදුරු​ව අයිනේ ලොකු කළු තීරුවක් තියෙනවා, මැද මුකුත් නෑ. එතකොට අවන් එකේදී අර කළු තීරුව තියෙන හරිය විතරක් ඉක්මනින් රත් වෙනවා, හැබැයි මැද හරිය රත් වෙන්නේ හිමින්.

මෙහෙම එක එක තැන් එක එක විදිහට රත් වුණාම වීදුරු​ව ඇදවෙන්න (Thermal stress/Warping) බලනවා. මේකෙන් වීදුරු​ව ලේසියෙන්ම පුපුරලා යන්න පුළුවන්. ඒ වගේම "Lensing effect" කියලා දෙයක් ඇතිවෙලා (හරියට කාචයක් වගේ), ඔයා කාර් එකේ ඇතුළේ ඉඳන් වීදුරුවෙන් එළිය බලද්දී පාරේ යන වාහන, ඉරි ඔක්කොම ඇදවෙලා (Distorted) පේන්න ගන්නවා. එහෙම වුණොත් ඔයාට හරියට වාහනේ එලවගන්න බැරි වෙනවා! 😵‍💫

මෙන්න මේ ප්‍රශ්නේ විසඳන්න තමයි අර කළු තිත් ටික දැම්මේ. ලොකු කළු තීරුවේ ඉඳන් සුදු වීදුරු​ව​ට එකපාරටම යන්නේ නැතුව, තිත් වලින් හිමිහිට ඒ වෙනස කරනවා. එතකොට රස්නය වීදුරු​ව පුරාම එක සමානව බෙදිලා ගිහින්, වීදුරු​ව ඇදවෙන්නේවත්, ඔයාගේ පෙනීම අවුල් වෙන්නේවත් නෑ!

මේ තිත් රටාවෙන් අපේ ඇස් වලටත් ලොකු උදව්වක් වෙනවා. ගොඩක් අව්ව තියෙන දවසක ඔයා වාහනේ යද්දී, අඳුරු කළු තීරුවේ ඉඳන් එකපාරටම ලොකු එළියක් තියෙන සුදු වීදුරු​ව​ට ඇස යද්දී ඇසට ලොකු අපහසුවක් දැනෙනවා. අර තිත් රටාව නිසා ඒ එළිය හිමිහිට පාලනය වෙලා ඇසට ලොකු සහනයක් දෙනවා. 😎🌤️

ඒ වගේම ඔයා දැකලා ඇති සමහර වාහන වල ඇතුලෙ මැද කණ්ණාඩිය තියෙන හරියේ උඩ ඉඳන් පල්ලෙහාටත් කළු තිත් ගොඩක් තියෙනවා. මේකට කියන්නේ "Third visor frit" කියලා. ඉර නගිනකොට හරි බහිනකොට හරි ඉරේ එළිය කෙලින්ම ඔයාගේ ඇසට වැටෙන්න පුළුවන්. ඔයාට Sun visors පල්ලෙහාට දැම්මත්, ඒ දෙක මැද තියෙන හිඩැසෙන් ඉර එළිය එනවා. අන්න ඒ හිඩැස වහලා ඔයාගේ ඇස් බේරගන්න තමයි අර වීදුරු​ව මැද කළු තිත් දාලා තියෙන්නේ! 🌞🛡️

ලිපියට පුංචි තත්පර 10ක් වැය කරලා Comment එකක් දාගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා!

බැලූ බැල්මට නිකන්ම නිකන් පේන්ට් පාරක් වගේ පෙනුණට, ඔයාගේ කාර් එකේ වීදුරු​ව වටේ තියෙන ඒ කළු තිත් ටික කියන්නේ වාහන ඉතිහාසයේ බිහිවුණ සුපිරිම සොයාගැනීමක්. වීදුරු​ව වාහනෙන් ගැලවෙන්නේ නැතුව තියාගන්න, ඉර එළියෙන් ගම් එක දියවෙන එක නවත්වන්න, වීදුරු​ව ඇදවෙන එක නවත්වන්න වගේම ඔයාගේ ඇස් දෙක අව්වෙන් බේරගන්නත් මේ පුංචි තිත් ටික මහා ලොකු සේවයක් කරනවා. 🌟

ඊළඟ වතාවේ ට්‍රැෆික් එකේ ඉද්දී හරි, කාර් එකට නගිද්දී හරි මේ කළු තිත් ටික දැක්කාම මේ හැංගුණු රහස් ටික මතක් කරගන්න. මේ ලිපියෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තාද? මේ වගේ එදිනෙදා දකින දේවල් පිටිපස්සේ හැංගිලා තියෙන විද්‍යාත්මක කතා ගැන තව දැනගන්න ඔයා කැමතිද? ඔයාගේ අදහස පල්ලෙහායින් Comment කරන්න. ඒ වගේම මේ වටිනා ලිපියට Like එකක් දාලා, වාහන වලට ආස ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න අමතක කරන්න එපා! 🚗👍💬🗣️

Written By : Sulochana Dissanayake
Source : Internet

Address

Mawathagama
Mawathagama

Telephone

+94770524525

Website

Alerts

Be the first to know and let us send you an email when Amaya Cabs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amaya Cabs:

Shortcuts

Share