Travel Frenzy

  • Home
  • Travel Frenzy

Travel Frenzy Traveling ��

🙏🤍
04/01/2026

🙏🤍

ඇතුගල කන්ද තව ම ....සඳ සිප ගන්න තරම...දැක දැක ඉන්න බැරුව...මගේ හිත ගිණි බැඳුණම...කුරුණෑගල අහසත් දැන්..හඬාවි දුකට රත්තරන්...
29/12/2025

ඇතුගල කන්ද තව ම ....
සඳ සිප ගන්න තරම...
දැක දැක ඉන්න බැරුව...
මගේ හිත ගිණි බැඳුණම...
කුරුණෑගල අහසත් දැන්..
හඬාවි දුකට රත්තරන්...🙏❤️‍🩹

අද මං කියන්නේ ඔයාලා හැමෝම දන්න තැනක් ගැන...😍❤️💐ලක්දිව ඉතිහාසයට අනුව හතරවන රාජධානිය වූයේ ගම්පොලය. ගම්පොළ රාජධානියේ රජවරු...
28/12/2025

අද මං කියන්නේ ඔයාලා හැමෝම දන්න තැනක් ගැන...😍❤️💐

ලක්දිව ඉතිහාසයට අනුව හතරවන රාජධානිය වූයේ ගම්පොලය. ගම්පොළ රාජධානියේ රජවරු සිවිදෙනෙකු රජකමි කළ බවද සදහන්ය. ඒ රජවරුන්ගේ රාජ මාළිගාව පිහිටා තිබුණේ අමිබුළුවාව කදු පාමුල පිහිටි අද ගොඩගම නමින් හඳුන්වන ග්‍රාමයේ බවද ඉතිහාසඥයන් පෙන්වා දී ඇත.මෙි අනුව අම්බුළුවාව කන්ද ගමිපොළ රාජධානියේ ආරක්ෂක මුරපොළ ලෙස එකල භාවිතාවන්නට ඇති බවද විශ්වාස කෙරේ. කෙසේ වුවද 1815 ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කිරීමෙන් පසු ගමිපොල රාජධානියේ පුරාවස්තු සියල්ල විනාශ කර කෝපි වගාව සදහා ඉඩමි යොදා ගෙන තිබේ.අම්බුළුවාව කන්ද හතරෙන් තුනක්ම කළුගලින් යුක්ත වු නිසාදෝ ඊට ඉංග්‍රීසීන් ගෙන් බලපෑමක් සිදු නොවී තිබිණ

මෙි අනුව 1997 වර්ෂයේ එවකට කෘෂිකර්ම ඉඩම් හා වනසමිපත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දී.මු. ජයරත්න ප්‍රදේශයේ තවත් තරුණයින් කීප දෙනෙකු සමඟ අම්බුළුවාව කන්ද තරණය කළේ ඊට ප්‍රවෙිශ විය හැකි මාර්ගයක් සැලසුමි කීරිමටය.1997 මාර්තු මස 21 දින එලෙස අම්බුළුවාව කන්ද තරණය කල දී.මූ.1997 මාර්තු මස 27දා අම්බුළුවාව ප්‍රවේශ මාර්ගය ඉදිකරන්නට පටන් ගත්තේය.එතැන් සිට වසර දහයක ඇවෑමෙන් ලෝකයේම අවධානය අමිබුළුවාවට යොමු කර ගැනීමට දි.මු. සමත් විය.

අම්බුළුවාව කන්ද තරණය කීරීමට අද එහි යන පිරිසට ප්‍රවේශ වු තැන් පටන් සුවිශේෂි වූ නිර්මාණ 65 ක් පමණ නරඹා සතුට විනෝදය ආධ්‍යාත්මික සුවය⁣ මෙන්ම දැනුම වර්ධනය කර ගැනීමටද අවස්ථාව ඇත්තේය. අක්කර 457 ක පමණ භූමිය පුරා ඉදිකර ඇති මෙම සියලු නිර්මාණවල සංකල්පය, සැලැස්ම, තාක්ෂණික දැනුම මෙන්ම ඉංජිනේරුමය කාර්යයන්ද දී.මූ.ජයරත්නයන් ගේ වීම මෙහි ඇති විශේෂත්වයයි.

අම්බුළුවාව කදු ඉස්මත්ත නිර්මාණය කර ඇත්තේ ආධ්‍යාත්මික සුවය සඳහාය.එහි ඇති අඩි 223ක් උසැති ගොවිජන චෛත්‍ය මෙරට ගොවි ජනතාවට උපහාරයක් ලෙස ඉදිකර ඇති බව දි.මු.සදහන් කර ඇත.එම චෛත්‍යයේ මුල් කොටස වී බිස්සාකාරය. එමඟින් වී ගොවියන් සංකේතවත් කරන බවද, චෛත්‍යයේ දෙවන කොටස වටිටක්කා ගෙඩියක ස්වරෑපයෙන් නිමවා ඇත්තේ එළවළු ගොවියන් සංකේතවත් කීරිම සඳහා බවද දී.මූ. සඳහන් කර ඇත. මෙරට පළතුරු ගොවියන් සංකේතවත් කීරීම සඳහා චෛත්‍යයේ තුන්වන කොටස කොකෝ ගෙඩියක හැඩයෙන් නිර්මාණය කර ඇත.චෛත්‍යයේ හතරවන කොටසේ සර්වඥ ධාතු තැන්පත් කර ඊට ඉහළින් කරඞුව පිහිටුවා තිබේ.⁣ මෙම චෛත්‍යය ඇතුළතින් චෛත්‍යයේ ඉහළට ගමන් කීරීමට පඩි පෙළක්ද ඉදිකර ඇත. චෛත්‍යය ඉදිරිපස ඇති බෝධිය අනුරාධපුර පිහිටි ශ්‍රී මහ බෝධියෙන් ලබා ගත් අංකුරයකි.බෝධියත් චෛත්‍යයත් අතර දකුණු පසින් ඉදි කර ඇත්තේ කතෝලික, හින්දු, හා ඉස්ලාමීය ආගමික මධ්‍යස්ථානයන්ය.ඊට වමි පසින් තාරකා මන්දිරය ඉදිකර ඇත්තේ රාත්‍රි කාලයේ අහස නීරීක්ෂණය කරන පාසැල් සිසුන් මෙන්ම විශ්ව විද්‍යල සිසුන්ට පහසුකමක් ලෙසිනි.චෛත්‍යයට මදක් ඔබ්බෙන් ශ්‍රීපාදස්ථානය නිර්මාණය කර ඇත.

ඒ ආසන්නයෙන් අවට කදු පන්ති නිරීක්ෂණය කළහැකි නැරඹුම් මැදිරියකි. අම්බුළුවාව ශ්‍රී මහ බෝධිය ආසන්නයෙන්ම තනි කළුගලෙන් නෙළන ලද හිටි පිළිමයක් තැන්පත් කර ඇති අතර එම පිළිමය තැන්පත් කර ඇති ගොඩනැගිල්ලේ යට කොටස භාවනානුයෝගීන් සදහා සකසා තිබෙි.මෙි සියලු ඉදිකීරීමි යට උමං මාර්ගයක්ද ඉදි කර තිබෙි.

copied 🙏💛

28/12/2025

මං හරි ආසාවෙන් යන්න මඟ බලන් ඉඳපු තැනක්...❤️‍🩹
ඉතිම් මං වගේ ම නොගියපු අය ඇති ඇත්තටම ගිහිම් බලන්න එතනට ගියා ම දැනෙන feeling එක මරු.... ゚viralvideo

next trip😍
27/12/2025

next trip😍

මේ තැන බලන්න ගියපු නැති අය ගිහිම් බලන්න.අද මම කියන්න හදන්නේ වැඩිය ප්‍රසිද්ධ නැති තැනක් ගැන...🙄🤫මේක තියෙන්නේ කුරුණෑගල දිස...
25/12/2025

මේ තැන බලන්න ගියපු නැති අය ගිහිම් බලන්න.

අද මම කියන්න හදන්නේ වැඩිය ප්‍රසිද්ධ නැති තැනක් ගැන...🙄🤫

මේක තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රීදිගම... මමත් ඇත්තටම මේ තැන ගැන අහලා තිබ්බේ නෑ එදා අහම්බෙන් වගේ කුරුණෑගල ඇවිදින්න තැනක් බලන කොට තමා මේ තැන හම්බ වුණේ....

අනේ ඉතිම් ඒ හෑලිවලින් වැඩක් නෑ කතාව කියන්නම්...😁

මං අද ගියේ පහන්ගල බලන්න...
පහන්ගලට යන්න තියෙන්නේ රිදී විහාරය ගාවින්. පහන්ගලට යන්නේ තියෙන්නේ කෑලෑ පාරකින්... පහන්ගලට යන්න තියෙන මුල් අඩිතාලමේ පඩිපෙල් තිබුණත් මඟක් යනකොට තියෙන්නේ අඩිපාරකි විතරයි... පහන්ගල කන්නදක් වුණාට කන්දක් තරණය කරනවා කියලා නම් චුට්ටක්වත් දැණුනේ නෑ...

දන්නවද මේ 'පහන්ගල' ඉස්සර කාලේ රීදි විහාරයේ වැඩ වාසය කළ රහතන් වහන්සේලා භාවනා කිරීමට ගත් ස්ථානයක් කියලා පැරණි පොත්වල සඳහන් වෙලා තියෙනවා.. ඒ වගේ ම කන්දෙන් පල්ලෙහාට වෙන්න ලෙන් තැනින් තැන තියෙනවා..

තව දෙයක් තමා මෙතැනට රිදී ගම ලේකම් සීමාවේ අඩක් පඹණ පේනවා. ඒ වගේ ම කුරුණෑගල , මාතලේ මෙන්ම මහනුවර යන දිස්ත්‍රික්ක වෙන්වන කඳුවැටියන් බලාගන්න පුළුවන් වෙනවා...
තවද පහන්ගලේ සිට පහළ බලන අයෙකුට ජලාශයක් පේනවා.එය නමින් බතලගොඩ වැවයි.

තව ඔයාලට කියන්න වැදගත් විස්තරයක් තියෙනවා ඒ තමා මේ ලෙන් වලින් පිරුණු කන්දට *පහන්ගල* කියලා නම හැදුනේ කොහොමද කියලා.මං ඔයාලට කිව්වානේ බතලගොඩ වැවක් තියෙනවා කියලා ඒ වැව හදලා තියෙන්නේ යොධයෙක්ලු. මේ යෝධයා පහන්ගල කඳු මුඳුනේ ලොකු පහනක් පත්තු කරලා ඒකේ එළියෙන්ලු වැවේ වැඩ එක රැයකින් නිම කළ බවයි සඳහන් වෙන්නේ. ඒ නිසා මේ කන්දට 'පහන්ගල' කියලා නම ලැබුණා කියලා තමා ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ...

ඉතිම් මං පහන්ගල ගැන දන්න දේවල් ඔයාලත් එක්ක බෙදාගත්තා. තවත් කෙනෙක්ට පහන්ගල ගැන දැනගන්න මේ postඑක share කරන්න. තව දෙයක් මං දන්නේ නැති සහා මං ලියලා තියෙන තොරතුරු වැරදි නම් comment එකක් දාන්න.

අනිවාරෙන් ඔයත් travel කරන්න ආස කෙනෙක් නම් මෙතනට ගිහිම් බලන්න...

මේ මගේ ගමන

Travel Frenzy 🧸💐

My frenzy 🐻
23/12/2025

My frenzy 🐻

To feel alive, you have to enjoy life.
22/12/2025

To feel alive, you have to enjoy life.

❤️😍😘
10/08/2025

❤️😍😘

කුඹල්වෙල මහමෙව්නා අසපුව.. 🌼🙏
29/01/2025

කුඹල්වෙල මහමෙව්නා අසපුව.. 🌼🙏

29/11/2024

Habibi Come to Sri Lanka 🇱🇰 Travel Frenzy

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel Frenzy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Transport Service?

Share