Sri Lanka 1st

Sri Lanka 1st It always seems impossible.. until its done..

එය කරනාතුරු නොකල හැ? See beyond the usual. Get rid of old habits which are not supporting you.
(6)

Generally people scared of the Change…. But whole world honor who saw beyond the usual…
World developed this far, because of who saw and acted beyond the Usual….

Facts 😓
25/05/2026

Facts 😓

*ඌව පළාත, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසි...
25/05/2026

*ඌව පළාත, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.*

ඉහත සඳහන් ස්ථානවල පස්වරු 1න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

🤣 ජනතාව දේවිද ?? 🤣
25/05/2026

🤣 ජනතාව දේවිද ?? 🤣

*පවතින ආර්ථික තත්ත්වය සහ රුපියලේ අගය උච්චාවචනය වීම ඇතුළු මූල්‍ය අභියෝගයන්ගෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා විපක්ෂ...
24/05/2026

*පවතින ආර්ථික තත්ත්වය සහ රුපියලේ අගය උච්චාවචනය වීම ඇතුළු මූල්‍ය අභියෝගයන්ගෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා විපක්ෂය විසින් රජයට පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.*

පක්ෂ නායකවරයා විසින් සෘජුවම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් මේ බව දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මාධ්‍ය වෙත අනාවරණය කළේය.

*වත්මන් වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ මෙරට විකිණීමට ඇති ජංගම දුරකථනවල මිල ගණන් සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ජ...
24/05/2026

*වත්මන් වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ මෙරට විකිණීමට ඇති ජංගම දුරකථනවල මිල ගණන් සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.*

මිල ගණන් මෙලෙස සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ජනතාව දුරකථන මිලදී ගැනීම ද සියයට 20 කින් පමණ පහත වැටී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

මිල ගණන් සංසන්දනය කරමින් එම සංගමය සඳහන් කරන්නේ වෙළෙඳපොළේ පවතින මිල අධිකම උපාංගයක් වන නවතම ඇපල් (Apple) වර්ගයේ ජංගම දුරකථනයක මිල රුපියල් 50,000 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම රුපියල් 7,000 ට අඩුවෙන් පැවති සාමාන්‍ය (Budget) ජංගම දුරකථනයක මිල ද රුපියල් 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

ජංගම දුරකථන මිල ඉහළ යාමට ඇමෙරිකානු ඩොලරයේ අගය වෙනස් වීම පමණක් සෘජුව බලපා නොමැති බව “සතිඅග අරුණ” පුවත්පතට අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා ප්‍රකාශ කළේය.

“මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ජනතාව ජංගම දුරකථන මිලදී ගැනීමේ අඩුවක්ද තිබෙනවා. දිනකට ජංගම දුරකථන 100 ක් පමණ අලෙවි කළ වෙළෙඳසලක මේ වන විට දිනකට අලෙවි වන්නේ ජංගම දුරකථන 80ක් පමණයි. ඒ අනුව ජංගම දුරකථන මිලදී ගැනීමද මේ වන විට 20% කින් පමණ අඩු වී තිඛෙනවා ” යැයි ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සෙනරත් වැඩිදුරටත් පැවසීය.

නයි බොරු පත බාපු, ඇන්ටිජන් වලින් හම්බ කරපු මිනිසුන්ට පීඩා දුන්නු ඒ ගමන් තමන් දියුණු වෙච්ච පහත් එවුන්ගෙන් මීට වඩා දේවල් බ...
24/05/2026

නයි බොරු පත බාපු, ඇන්ටිජන් වලින් හම්බ කරපු මිනිසුන්ට පීඩා දුන්නු ඒ ගමන් තමන් දියුණු වෙච්ච පහත් එවුන්ගෙන් මීට වඩා දේවල් බලාපාරොත්තු වෙන්න බැහැ !

විවාහ නැකැත් !
24/05/2026

විවාහ නැකැත් !

විවාහය ජිවිතයේ වැදගත්ම අංග වලින් එකකි. දෙදෙනෙකුගේ එක්වීම, පරපුර පවත්වාගෙන යාම මෙන්ම, නව නෑයන් ලැබීම, එකමුතුකම යනාදි බොහෝ දේ සදහා ඉතා වැදගත්ය.

♥ විවාහයට ගැලපීම දෙදෙනාගේම මනාව සිදුකරාට පසුව විවාහය සිදුවන බව ස්ථිර වීමෙන් පසුව, නැවත කේන්දර 2ම ගැඹුරින් පරික්ෂා කල යුතුය. එ සේ කරන්නේ විවාහයට සුදුසු දිනයක් බැලීමටය. මෙම දිනය මනමාලයාට සහ මනමාලිය යන දෙදෙනාටම සුභ දිනයක් විය යුතුය. දෙදෙනාටම අනුව සුභ නැකැත් තිබිය යුතුමය.

♥ සාම්ප්‍රදායක් ලෙස නැකැත් සාදවනු ලබන්නේ “ මනමාලයාගේ පාර්ශවයෙනි”.
ඊටපසුව එම නැකැත් මනමාලිගේ පාර්ශවයට ලබාදෙනු ලබයි.
නිවරදි ආකාරයට මංගල නැකැත්, නැකැත් දවසක මනමාලිගේ පාර්ශවයට කියනු ලබයි. එය කියනු ලබන්නේද නිසි සුභ නැකතකට අනුවය.
♥ ඉන්පසුව දෙපාර්ශවය එක්දිනක රැස්වී, එදින මනාව කෑමබීම යනාදියෙන් සංග්‍රහ ගරු කටයුතු සිදු කරනු ලබයි. මනමාලියගෙ පාර්ශවයෙන් මනමාල පාර්ශවයට පොරොන්දු වූ දෑවෑද්දෙන් බාගයක් හෝ යම් ප්‍රමාණයක් දීම සිරිතකි. ‍

මේ කාලයේ පොදුවේ “ විවාහ නැකැත් පත්‍රය “ ලෙස ලබාදෙන්නේ මංගල දිනයේ සිට සුභ නැකැත්ය.

1- මනමාලියට නිවසෙන් පිටවීමට නැකැතක් ලබාදීම
2- මනාමාලයාට නිවසෙන් පිටවීමට නැකතක් ලබාදීම
3- රූපලාවන්‍ය කටයුතු සිදු කරන තැනින් මනමාලියට විවාහ මංගල්‍යය පැවැත්වෙන ස්ථානයට ඒමට නැකතක් ලබාදීම.
4 - රූපලාවන්‍ය කටයුතු සිදු කරන තැනින් මනමාලයාට විවාහ මංගල්‍යය පැවැත්වෙන ස්ථානයට ඒමට නැකතක් ලබාදීම.‍

5 - පෝරුවේ චාරිත්‍ර

6 - මනමාලයාට සහ මනමාලියට පෝරුවට නැගීමට නැකත ලබාදීම.

7 - මනමාලයාට සහ මනමාලියට පෝරුවෙන් බැසීමට නැකත ලබාදීම

( ♦ පෝරුවේ චාරිත්‍ර අතර නැකැත් සාදනු ලබන්නේ අෂ්ටක කියන තැනැත්තාය)

8 - විවාහය ලියාපදිංචි කිරීමේ නැකත.

9 - සව්දිය පිරිමේ නැකත.
( තියෙනවා නම් ලබාදෙනු ලබයි)

10 - ආහාර අනුභව නැකත

11 - විවාහය පවත්වන ස්ථානයෙන් පිටවීමේ නැකත.

12 - රාත්‍රි යේ මංගල හෙවත් රති නැකත.

13 - පහුවෙනිදා ( හෝ වෙනත් දිනයක්), මනමාලයාගේ නිවසට පැමිණීමේ නැකත.

මෙම නැකැත් සියල්ල ගැන මනමාලයා, මනමාලිය සහ දෙපාර්ශවයේ නෑයන් සමග සාකච්ඡා කර මැනවින් සැකසිය යුතුය. අවශ්‍යතාවයේ පරිදි මෙන්ම මානුෂීය වීමද ජෝතිර්වේදින් විසින් කල යුතුය.

“ ස්වස්ථි සිද්ධම් “

-
කේන්දරයේ සම්පූර්ණ විස්තරය, දෝෂ ආදියට කල යුතු පින්කම්,
යන්ත්‍ර - ආභරණ, නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව
ඇතුළු සියලුම සේවාවන්…

[email protected]
071 383 5369
(WhatsApp)

UPDATE 3 - 2026/05/23 - 09.35AM _ රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට තවමත් රතු නිවේදන | ඉවත් වන්න 🔴නායයාමේ පූර්ව අනතුරු ඇඟවී...
23/05/2026

UPDATE 3 - 2026/05/23 - 09.35AM _ රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට තවමත් රතු නිවේදන | ඉවත් වන්න 🔴

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

වලංගුභාවය: 2026.05.23 දින පෙ.ව 9.00 සිට 2026.05.24 දින පෙ.ව. 9.00 දක්වා

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 3- ඉවත්වන්න (රතු)
------------------------------- *

කෑගල්ල දිස්ත්‍රික්කය:
* දෙහිඕවිට
* ⁠දැරණියගල
* ⁠රුවන්වැල්ල

රත්නපුර දිස්ත්‍රික්කය:
* රත්නපුර
* ⁠අයගම
* ⁠කුරුවිට
* ⁠ඇහැලියගොඩ

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *

කොළඹ දිස්ත්‍රික්කය:
* සීතාවක
* ⁠පාදුක්ක

ගම්පහ දිස්ත්‍රික්කය:
* අත්තනගල්ල

කළුතර දිස්ත්‍රික්කය:
* ඉංගිරිය
* ⁠බුලත්සිංහල
* ⁠හොරණ
* ⁠පාලින්දනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
* යටියන්තොට

රත්නපුර දිස්ත්‍රික්කය:
* පැල්මඩුල්ල
* ⁠කිරිඇල්ල
* ⁠ඇලපාත
* ⁠කලවාන
* ⁠නිවිතිගල

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ------------------------------- *

ගම්පහ දිස්ත්‍රික්කය:
* මීරිගම
* ⁠දිවුලපිටිය

කලුතර දිස්ත්‍රික්කය:
* අගලවත්ත
* ⁠මතුගම

කෑගල්ල දිස්ත්‍රික්කය:
* බුලත්කොහුපිටිය

නුවර එළිය දිස්ත්‍රික්කය:
- අඹගමුව

*දුෂ්කර පළාත්වල ඕනේ තරම් ගෑනු ළමයි දූෂනේ වෙනවා!*සමාජයේ විශාල විරෝධයක් නෑනේ.අටමස්ථානාධිපති හිමියන්ට  ඇප ගත් නීතිඥ ලොක්කා ...
23/05/2026

*දුෂ්කර පළාත්වල ඕනේ තරම් ගෑනු ළමයි දූෂනේ වෙනවා!*
සමාජයේ විශාල විරෝධයක් නෑනේ.

අටමස්ථානාධිපති හිමියන්ට ඇප ගත් නීතිඥ ලොක්කා එලියට ඇවිත් සද්දෙ දායි..

බාලවයස්කාර දැරියක් බරපතළ අපයෝජනයකට ලක් කළ බවට චෝදනා එල්ල වූ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහරින ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයකටය.

📢 ඇප කොන්දේසි කඩකලොත් / සාක්ෂිකරුවන්ට බලපෑම් කලොත් ඇප අවලංගු වෙයි. විදෙස්ගමන් තහනමක්ද පනවා ඇත.

නීතිපතිවරයාගේ ඉදිරි උපදෙස් මත, ජාතික ළමාරක්ෂක අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම නඩුවේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකළ යුතු බවට මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කරනු ලැබුවා.

ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්.1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.2. ඇයත් සම...
23/05/2026

ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්.

1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.

මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.

නිදහස් තැන්වලදී . . .
11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා.

ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.

ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.

ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා
26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.

ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි

ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.
37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.

ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න....\

ඔබ කවදා හරි දැන ගනිවි ඇයට අවශ්‍යය වු විට ආදරයක්

මිතුරන් සමග කර 'SHARE' කරගන්න

Address

No 13 Upper Dickson Road
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka 1st posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka 1st:

Share