25/09/2026
හොඳට, නරකට 02ට “බුධ ග්රහයා“
ඥානයට අධිපති බුධ හොඳ තැනක සිටී නම් හොඳ වන අතර නරක තැනක සිටී නම් එතරම් සුභ නැත.
සෞම්ය ගුණයෙන් යුතු ග්රහයෙක් ලෙස බුද හැඳින්වේ. එම සෞම්ය ගුණය බුදගෙන් ලැබෙන්නේ කේන්දර සටහනක තනි කොටුවක බුධ සිටියොත් පමණි. නැතිනම් සිටින ග්රහයන් අනුව ඒ ඒ ග්රහයාගෙ ගති වැඩියෙන් පෙන්වයි.
♢ බුධට හොදම තැන " 12 " වැන්නය.
♢ ගුරු සහ බුධ වෙනස් වන්නෙ ඒනිසාය. ගුරු පාප තැනක පාප ග්රහයන් හා සිටියත් යහපත් ඵල දෙන්නට කටයුතු කලත් බුද එසේ නැත.
♢ බුධ ග්රහයා උච්ච වන්නේ කන්යාවෙදීය. එය “විදුරවි යෝගය“ වේ.
♢ බුධ ග්රහයා ස්වක්ෂෙත්ර වන්නේ මිථුනයේදීය. එය “අත්පෙත් යෝගය“ වේ.
♢ බුධ ග්රහයා උච්ච වීම හෝ ස්වක්ෂෙත්ර වීම කේන්දරස්ථානයක එනම් 01, 04, 07, 10 ස්ථානයක යෙදෙමින් නම්, පංච මහා පුරුෂ යෝගයක් වන ‘භද්රා යෝගය‘ නම් රාජ යෝගය උදාවේ.
♢ බුධ නීච වන්නේ මීනයේදී වන අතර, බුධ නීච වුවොත් කතා කිරීමේ දෝෂ එනම් ගොත ගැසීම් ආදිය ඇතිවිය හැක.
♢ බුධ නීච වීම 05දී වුවොත් බොහෝවිට අධ්යාපන කටයුතු වලට බාධා ඇති කරයි.
එසේම 05 වැන්නට අදාල වන දරුඵල සම්බන්ධ ගැටළු පවා පොදුවේ ඇතිවිමට ඉඩ ඇත.
♢ බුධ සතුරු වන්නේ කටක හා සිංහ රාශි වලදීය.
♢ බුධට කෙලින්ම සතුරුකම් කරන ග්රහයා චන්ද්රයා වේ.
(එනිසාම පොදුවේ කටක ලග්න හිමියන්ට බුදගෙන් එතරම් සුබ නැත )
" පොදු කරුණු පමණි "
-
071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..
#බුධ