26/06/2025
Travel කරන්න කැමති අයට, විශේෂයෙන් පයින් යන්න, ජන ජීවිතය, පරිසර දර්ශන සමීපව විදින්න කැමති අයට, දේශගුණය, කාළගුණය අත් විඳින්න කැමති අයට, ලොකු වියදමක් නැතුව උනත් ට්‍රිප් එකක රසය ගන්න කැමති අයටයි මේ ඔත්තුව.
2023 අවුරුද්දෙ අවසාන කාලෙ අදුන්වලා දීපු සහ 2024 සංචාරකයන් අතරෙ ජනප්‍රිය උන Pekoe Trail (පෙකෝ මාර්ගය) ගැන තමා මේ.
මේක ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් හරහා යන කිලෝමීටර 300 දිග ගමන් මාර්ගයක් එහෙම නැත්නම් Long-distance trail එකක්. යන්න වෙන්නෙ නම් පයින්.
මේකෙ තියෙන කිලෝමීටර් 300 කොටස් විසි දෙකකින් සම්පූර්ණ කරන්න ඔයාලට පුලුවන්. එක කොටසක් ආසන්න වශයෙන් 10-15 KM වගේ දුරයි. මුල ඉඳල පටන් ගන්න කියල එකක් නෑ. තමන් කැමති කොටසක් හරි කීපයක් හරි තෝරගෙන යන්නත් පුළුවන්.
එක දවසක් ඇතුලත කොටස් එකක් හෝ දෙකක් සම්පූර්ණ කරන එක තමා හොදම.
මොකද කඳුකරය හරහා තියෙන අඩි පාරවල්, දිය ඇලි , වනාන්තර බොහොමයක් මේකෙන් ආවරණය වෙන නිසා ඒ අත්දැකීම් රස විඳින්න වෙලාව අවශ්‍යයි.
මේ තියෙන්නෙ pekoe එකේ පළවෙනි කොටස් දහය ගැන විස්තරයක් 👇
1. Kandy to Hanthana
මහ නුවර නගරයේ සිට හන්තාන කඳු වැටිය (11 Km)
(නගර දර්ශන, තේ වතු, හන්තාන කඳු පෙළ )
2. Hantana to Galaha
හන්තාන සිට ගලහ (12 km)
(ගංඟා, කුඹුරු, ගම්බද ජීවිතය)
3. Galaha to Pussellaw
ගලහ සිට පුස්සැල්ලාව දක්වා (14 Km)
(තෙත් කලාපීය කැලෑ සහ ගම්මාන)
4. Pussellawa to Kandapola
පුස්සැල්ලාව සිට කඳපොල දක්වා (10 Km)
(යුකලිප්ටස් වනාන්තර එක්ක සීතල කාලගුණ අත්දැකීම්)
5. Kadapola to Nuwara Eliya
කන්දපොල සිට නුවරඑළිය (8 Km)
(තේ වතු කර්මාන්ත ශාලා සහ ගංඟා)
6. Nuwara Eliya to Ambewela
නුවරඑළිය සිට අඹේවෙල දක්වා (15 Km)
(තණ බිම්, කිරි සහ අනෙකුත් ගොවිපලවල්)
7. Ambewela to Pattipola
අඹේවෙල සිට පට්ටිපොල දක්වා (12 Km)
(මනරම් කඳුකර දර්ශන)
8. Pattipola to Ohiya
පට්ටිපොල සිට ඔහිය දක්වා (14Km)
වලාකුළු, වනාන්තර, මීදුම කදු දුර්ග මාර්ග
9. Ohiya to Dayagama
ඔහිය සිට ඩයගම දක්වා (18 Km)
ජල පහරවල් , සීතල, දුර්ග සහ කඳු
10. Dayagama to Bogawantalawa
ඩයගම සිට බොගවන්තලාව (16 km)
තේ වතු දර්ශන
කොහොම උනත් මේක අලුත් trail එකක් නිසා ගමනාන්ත වල පොඩි පොඩි මත වාද සහ වෙනස් කම් දකින්න තියෙනවා.
Trail එක හදුන්වලා දුන්නෙ යුරෝපා සංගමය එක්ක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය එකතුවෙන්.
ගමන් මාර්ග සලකුණු කරලා තියෙන නිසා මාර්ග, දුශ්කර පළාත්වලදි වනාන්තර වලදි උනත් පහසුවෙන් සොයාගන්න පුළුවන්.
මම ඔහිය කොටස සම්පූර්ණ කරද්දි ගත්තු video එකක් තමා මේ.
මාර්ගය සලකුණු කරලා තියෙන විදිය (මං සලකුණු) අඳුනගන්න. වගේම අදහසක් ගන්න මේක වැදගත් වෙයි.
මේක හරිම ලස්සන, ගමන් වෙහෙස නොදැනෙන ගමනක්. ගමනෙ සමහර කොටස් වතු මැදින්, ජල පහරවල් හරහා, දිය ඇලි ඉදිරියෙන්, ඒවාට උඩින්, ගම්මාන මැදින් වගේම ගෙවල් මිදුල් වලින් ගෙවල් පිටිපස්සෙන් පවා යනවා.
මේ ලිපියෙ මම විස්තර කලේ කොටස් දහයක් විතරයි.
ඉතිරි කොටස් ඊලඟ ලිපියෙන් දෙන්නම්.
කෝච්චියේ , බස් එකේ උනත් ගිහින් මේ trail එක කරන්න පුළුවන්. ඒ නිසා පුලුවන් අය ඒ අත්දැකීම ගන්න.
ඉදිරි කොටස් ගැන වගේම travelling ගැන උනන්දු අය Sameera Tharindu Bopage follow කරලා තියාගන්න.
ලඟදිම තව කොටසක වීඩියෝ එකකින් හමුවෙමු. 👍